සාහිත්‍ය කළා විචාර

මංගල සමරවීර නම් ඩීල් කරු… – Managala Samaraweera. The Dealer

Off

ලාංකීය දේශපාළණය බොහෝ දුරට රඳා පවතිනුයේ, ප්‍රතිපත්තීන් මත නොවේ. එහි රැඳී සිටීමට නම්, නූල් සූත්තර හා ඉවසීම මනා ලෙස ප්‍රගුණ කළ යුතු වන්නේය. මේ දෙකම ජයගෙන, රටේ නායකත්වය දක්වා පැමිණි දෙදෙනකු අප ජීවීත කාළය තුලදී අප දැක ඇත. ඒ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂයි. මේ දෙදෙනාටම පක්ෂය තුල විවිධ අවස්ථාවන්වලදි තිබූ, කැපිලි කෙටිලි, නොපනත්කම් හා නොසලකා හැරීම්, ලාංකීය දේශපාළණයේ ඉතිහාසය පිළිබඳ අල්පමාත්‍ර දැණීමක් ඇති අය පවා, දන්නාවූ කරුණකි.

ඔවුනට තිබූ ඔරොත්තු දීමේ ශක්තිය, හික්මීම හා ඉවසීම, අද සිටිනා බොහෝ දේශපාළකයන්ට නැත. නීතිය බල්ලාට දමා, බල්ලා උසාවියේ දමා ගිය අගවිනිසුරුවකු මගින් ලද පන්නරය ඔස්සේ, අද පහලම මට්ටමේ සිටින දේශපාළඥයාගේ සිට, පාර්ලිමේන්තුවේ සිටින එකා දක්වා දත කනුයේ, රටට ජනතාවට සේවය කිරීම නොව, කාමසුඛල්ලිඛාණූයෝගයෙන් පිරි ජීවන රටාවක්, තමාටද, තම ඥාති වර්ගයාටද, හිතවතුනටද ලබා ගැනීමටයි. පාළකයන්ට විරුද්ධව ප්‍රකාෂ කළ මනාපවල පිහිටෙන් ව්‍යවස්ථාදායකයේ අහු මුලු වලට පැන ගන්නා සෑම එකාම, ආන්ඩු පක්ෂය තුල කිසිම හිරිකිතයකින් තොරව එක පෙලට සිට ගනුයේ, එම පරම වූත් පවිත්‍ර වූත් අපේක්ෂාව නිසාමය.

බොහෝ විට මෙසේ තම ජනතාවගේ මනාපයට පිටුපා නිවන් මග සොයා යන්නවුන් අවසානයේ නවතිනුයේ දේශපාළණ වශයෙන් අනාථ භාවයට පත්වීමෙනි. මෑත දේශපාළණය තුල ගත්තද, ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි හොඳම උදාහරණයන්ය. ඔවුන්ට තම පක්ෂය තුලින් හා නායකත්වය තුලින් වූ නොපනත්කම් ඉවසා දරාගැනීමේ ශක්තියක් තිබුනේ නම්, ලාංකීය දේශපාළණ ඉතිහාසයේ ලියවනුයේ, ඉන් පසු සිඳු වූ සිද්දිදාමයන්ට, හාත්පසින්ම වෙනස්වූ සිද්දීන් වනවාට කිසිම සැකයක් නැත.

මාතලන් දකිනා ආකාරයට, මංගල පින්සිරි සමරවීර කළේද එවන්ම වූ ගොන්කමකි. ඔහු මහින්ද සමග එක පෙලට සිට ගත්තේ වී නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වැඩිවනවා පමණක් නොව, අප වෙත එල්ලවන ජාත්‍යන්තර බලපෑම් වල තත්වයද, මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිනි. මංගල ප්‍රසිද්ධ, දේශපාලන ඩීල් කරුවකු ලෙස හා කුප්‍රකට ප්‍රොපගැන්ඩා කරුවකු ලෙසයි. 2005 ජනාධිපතිවරණයේ ප්‍රධාන නියමුවා වන්නේ මංගලයි. එමෙන්ම ඔහු 94 දීද ප්‍රධාන බූමිකාවක් රඟ දක්වයි.

එපමණක් නොව, 2002 දී බලයට පත්වන, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙදර යැවීමේ කාර්යයේ මූලිකත්වය ගෙන කටයුතු කරනුයේද, මංගල සමරවීරයි. එවන් පුදගලයකුගේ වටිනාකමට සරිලන ගෙවීමක් මහින්ද රාජපක්ෂ තුලින් නොලැබුනු කළ, ඇතිවන කළකිරීම සාධාරනය. එහෙත් ඔහු නොදැන උන් පාඩම නම්, මහින්ද රාජපක්ෂ යනු, ඔහුට වඩා බොහෝ සෙයින් තෙම්පරාදු වූ, නොම්මර එකේ නූල් සූත්තර කරුවකු බවයි. චන්ද්‍රිකා හා කළ ගණුදෙණු, මහින්ද සමඟ කිසි ලෙසකින්වත් කළ නොහැකි බව අවබෝධ වීම නවතිනුයේ, කළක් මිස්ටර් බීන් ලෙස බවුතීස්ම කළ, රනිල් වික්‍රමසිංහගේ දෙපතුල අසලය.

නන්නාත්තාර වී, හතේ හත වැදි සිටිනා අලියාට, නැවුම් පනක් ගෙන එනුයේ වෙන කිසිවකුත් නොව මංගල සමරවීරයි. 2010 දී මහින්ද රාජපක්ෂට එරෙහිව ගෙන ආ හැකි හොඳම විකල්පය රැගෙන ඒමේ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාව රඟ දක්වනුයේද ඔහුයි. ඉන් පසු මෑත කාළයේ, ආන්ඩුවේ පිරිසක් විපක්ෂය වෙත කැඳවා ගෙන ඒමේ ඩීල් එක මෙන්ම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ ඩීල් එකද, සියළු පාර්ෂව හා සම්බන්ධීකරණය කරනු ලබන්නේත් ඔහුමය. බොහෝ විට එය සාර්ථක වීමට තිබූ අවස්ථාවකි. එසේ පවසනුයේ, එම ක්‍රියාවලිය හරහා ආන්ඩුව බොහෝ සෙයින් බියට පත් වූ නිසාවෙන්මය.

එහෙත් අවසානයේ සිඳු වූයේ කුමක්ද? පක්ෂයට හෝ පක්ෂයේ පැවැත්මට කිසිවක් නොකරන, එජාපය තම උරුමයක් යැයි සිතාගෙන අධික මාන්නයකින් පෙලෙන. තමන් ජනපතියයි සිතින් සිතාගෙන සිටින, එම් එන්ටර්ටේන්ට්මන්ට් (සිරස) මගින් නටවන රූකඩයකට, පක්ෂයේ නියෝජ්‍ය නායක කම පුදා, බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කලයට, ගොම තලියක් එකතු කිරීමයි. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදි එකාට, අවසානයේ චන්ද පොල ක්‍රියාකාරීන් වෙනුවෙන්, කතාවක් හෝ නොමැත. සජිත් ප්‍රේමදාස යනු කවුදැයි, දැන්වත් එම පක්ෂයේ මට්ට ගොන් බූරුවන්ට තේරෙන්නේ නම්, එය එම පක්ෂයේ යහපත සඳහාම වන්නේය. (ජනපතිවරණයට ඉදිරිපත් වීම, ඔහු ප්‍රතික්ෂේප කර ඇත.)

ඉදින් ආන්ඩුවේ සියළු පාර්ෂවයන් මුන ගැසී, ඩීල් දමා, සිංගප්පුරුව බලා ගිය පින්වත් මංගල පින්සිරි සමරවීර මැති තුමා නවතින තැන, අලුතෙන් සාකඡ්චා කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඔහු විසින් එජාපයට පනවා ඇති කොන්දේසි යනු, අලියාගේ සිරුර පුරා පුපුරණ ද්‍රව්‍ය දමා කරනා, මහා පිපිරුමක් පමණි. ඉන් පසු රනිල්ගේ කෙසේ වතුදු, අලියාගේ මයිල් ගසක්වත් සොයා ගැනීමට හැකි වන්නේ නම් නැත. වං හුං ලැබෙනා ආකාරයට, මංගල සමරවීර මීළඟ විදේශ ඇමතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක පවති. එජාපයට සම්මා සම්බුදු සරණ හා අතුරලියේ රතන සරණ පතනවා හැර, අපට කළ හැකි වෙන කිසිවක් නැත.

ඒ වගත් මෙසේය….

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල