විද්‍යා හා තාක්ෂණ

මීරියබැද්ද සහ පොම්පේ

Off

ක්‍රිස්තු වර්ෂ 79 දී , ඉතාලියේ කැම්පෙනියා ( Campania ) ප්‍රාන්තයට අයත් නූතන නේපල්ස් (Naples) ආසන්නයේ වූ පුරාණ රෝම නගරයක් වන පොම්පේ නගරය ,විසූවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා ගැලු ලාවා වලින් සහමුලින්ම අඩි 15 ක් පමණ වැළලී යනවා .

අද වන විට ලංකා ඉතිහාසයේ දෙවැනි දරුනුතම ස්වභාවික විපත සටහන කරමින් ,වතු නිවාස 80 ත් 120 ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් ජීවිත 400 කට ආසන්න ප්‍රමාණයක් ආගිය් අතක් නැති කරමින්, හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශය නායයාමකට ලක්වෙනවා .

දැනට මේ පැවතුනු නිවාස වලට ඉහලින් අඩි 12ක් පමණ උසට පස්කඳු කඩාවැටී ඇති බවයි පැවසෙන්නේ. අතුරුදහන් වූ 400කට ආසන්න පිරිස ජීවතුන් අතර සිටීමේ ඉඩකඩ ඉතාම අල්ප බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා .

හල්දුම්මුල්ල – බෙරගල සිට කොස්ලන්ද දක්වා නායයාම් අවදානම් කලාපයක් පවතින බව “භූ විද්‍යා හා පතල් කාර්යාංශය” සහ “ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය” හඳුනා ගන්නේ වසර 2000 තරම් ඈත අවධියේදී , වසර 2005 දී මේ ප්‍රදේශය ස්ථිර නායයාම් අවදානම් කලාපයක් ලෙස නම් කරනවා .

ස්ථිර නායයාම් අවදානම් කලාපයක් ලෙස හඳුනාගත් පසු ඒ වෙනුවෙන් බලධාරීන් , නිලධාරීන් මෙන්ම අදාළ ආයතන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූවාද , නැත්නම් සියල්ල සැලසුම් වලට පමණක් සීමා වූවාද යන්න දන්නේ ඔවුන්ම පමණි.

මන්දයත් නායයාමේ අවධානමක් ඇති කලාපයක ගත යුතු කිසිදු සංවර්ධන කටයුත්තක් ඒ නොදියුණු පළාත තුල මේ වනතෙක් සිදුවී නොමැති බැවිනි. මේ ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර සියලුම නිවාස , කාර්යාල ,පාසල්, සහ අනෙකුත් සියලුම ගොඩනැගිලි බොහෝ වශයෙන් පවතින්නේ මේ බෑවුම් වලය.

මෑත කාලීනව සිදුවූ මාර්ග සංවර්ධනයේදී බදුල්ල -කොළඹ ප්‍රධාන මාර්ගය සංවර්ධනය විය . සංවර්ධනය ගමට ගිය බවට උදම් ඇනීම් අතර තම පළාතේ දියුණුව දකිමින් ජනතාවද සතුටු විය. නමුත් අධික බැවුම් සහිත ප්‍රදේශයේ මාර්ගය පලල් කිරීමේදී නියමිත ප්‍රමිතීන්ට අනුව බෑවුම් සංරක්ෂණය (slope stability) සිදු නොවූ බව පැහැදිලි කරුණකි. මේ සඳහා බොහෝවිට සඟවන එහෙත් සැබෑ හේතුව වන්නේ භුමිය අයත් කරගැනීමේදී ඇතිවන ගැටලුය. මන්ද මේ කඳු වල මාර්ගයට ආසන්නයේ බෑවුමේ මාධ්‍ය කොටස අයත් වන්නේ පෞද්ගලික අයිති කරුවන්ටයි, ඉහලම කොටස් රජයට අයත් සංරක්ෂණ කලාප වේ .

මාර්ගය පලල් කිරීමේදී නියමිත ආනතියට (angle) සැකසීමේදී මේ ඉඩම් බොහොමයකට වන්දි ගෙවීමට සිදුවේ , මාර්ග සංවර්ධන අධිකාරියට ව්‍යාපෘතිය සඳහා අනුමත වන මුදලින් මේ ගෙවීම් සියල්ල සිදු කිරීමට අපහසු වේ . ඒ නිසා සරල විසඳුමක් වන්නේ නියමිත අන්තියට වඩා වැඩි ආනතියක් රඳවා වන්දි ගෙවීම් අවම කිරීමයි.

1

2

 

3

Figure 11.1 හි b රූපසටහනට අනුව සාමාන්‍ය පස් කන්දක රඳවාගත යුතු වැඩි ආනතිය නිසා පාරෙන් ඉහල කොටස් වල අහිමි වන භුමි ප්‍රමාණය වැඩිවේ , ඒ අනුව ගෙවිය යුතු වන්දි ප්‍රමාණය ඉහිල යයි. ඒ නිසා බොහෝ විට සිදුවන්නේ නුසුදුසු ආනතියක් රඳවාගැනීමෙන් වන්දි ලබාදීම් හැකිතරම් සීමා කිරීමයි. සැබවින්ම මෙය කාගේවත් වරදක් සෙවීමට වඩා ඉදිකිරීමට පමණක් වෙන්වෙන සොච්චම් මුදලෙන් ව්‍යාපෘතිය නිමකිරීමට සිදුවීමේ අභාග්‍යයයි (20% ට හෙන වදියිද -20% කිව්වට ඇත්තටම් කීයද ?)

අවසානයේ සිදුවන්නේ මේ සඳහා වන්දි ගෙවීමට අසරණයට සිදුවීමයි . පහත රූපය බලන්න .

4
අවසානයේ ගහපු පදයකුත් බෙරේ පලුවකුත් දෙකම නැති තැනකට පත්වේ. නමුත් අවසානයේ නැවත නියමිත ආනතිය රඳවා ගැනීමට හෝ විකල්ප පස් සංරක්ෂණ ක්‍රම භාවිතා කිරීමට සිදු වේ. (එතකොට ඒකෙනුත් තව 20% සාක්කුවේ)


5 (1)
සැබවින්ම මේ අවශ්‍ය ආනතීන් රඳවා ගැනීමට අපහසු ස්ථාන සඳහා බොහෝ විකල්ප සංරක්ෂණ ක්‍රම පවතින නුත් ඒවා බොහෝ සෙයින් වියදම් අධිකය

උදාහරණ – Soil Nailing

6

– Geo grids

main-thmb

මේ ක්‍රම සඳහා වන යන්ත්‍ර සූත්‍ර , තාක්ෂණය මෙන්ම අමුද්‍රව්‍ය පවා අධික වියදම් සහිතය . නමුත් මේ තරම් ඉහල මට්ටමේ තාක්ෂණයකින් තොරව අඩුවියදම් තාක්ෂණය යොදාගෙන බොහෝ දුරට මේ කාර්යයන් කල හැක, පහතින් දැක්වෙන ගේබියන් වෝල් සහ තෘණ වැවීම වැනි සරල ක්‍රම යොදාගෙන මේ සඳහා යම් තරමක සහනයක් බලාපොරොත්තු විය හැක .

7

8
නමුත් මෙවැනි සරල ක්‍රම වෙනුවෙන් වුවද නිසි ප්‍රමිතියක් පවත්වා ගත යුතුය, නමුත් ඒ සඳහාද අවසානයේ හරස්වන්නේ කාලකණ්නි දේශපාලනයමය.

” මේ මිස්ටර් *******ද කතා කරන්නේ , ආ මම මේ ***** මන්ත්‍රී තුමා කතා කරන්නේ , ඔය පාර දෙපැත්තේ තණකොළ ටික ගහන්න අපේ එකෙක් ඉන්නවා ඌට ඕක දෙන්න මොකෝ මැලේසියාවෙන් තනකොල ගේන්නේ නෑනේ, ..ඈ මතක් ඇතුව ඌට ඇඩ්වාන්ස් එකක් දෙන්න සතියකින් වැඩේ කරෙයි ..” ඉන්පසුව වැඩේට වෙන දේ ගැන මෙතන විස්තර කිරීමට අවශ්‍ය නැත. හැම විටම නොවුනත් බොහෝ අවස්ථාවල මෙවැනි බලපෑම් මගින් ප්‍රමිතියට කරන අසාධාරණය සුළුපටු නැත.

මීරියබැද්ද නාය යාමත් සමග මේ විස්තරය මතක් වුයේ සංවර්ධනය නිසි ප්‍රමිතියකින් තොරව සිදුවීම සිටියාටත් වැඩ අන්ත තත්වයකට අපව පත් කරන බව සිහිවූ නිසයි,

එමෙන්ම කාලයක් මේ ප්‍රදේශයේ කඳු මුදුන්වල ව්‍යාප්ත කල ෆයිනස් සහ යුකැලිප්ටස් වගාව නිසා මේ බෑවුම් වල යටිරෝපනය සම්පුර්ණයෙන්ම විනාශ විය .ඒ මගින් සිදුවූයේ පාංශු ඛාදනය සීග්‍රයෙන් වැඩිවීමයි .

කෙසේවෙතත් දැන් බොහෝ දේ සිදුවී හමාරය . අපට සමාලෝචනය කිරීමට බොහෝ දේ ඉතිරිවී තිබේ, නායාමේ අවදානමක් ඇති නිසා අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබියදී මේ ජනතාව ඉවත් නොවීම මීට හේතුව බව කියනු ඇත. නමුත් …………

ඔවුන් යන්නේ කොතනටද? ඒ තැන්වලට ඔවුන් යොමු කරන්නේ කවුරුන්ද? වැඩපිළිවෙලක් නැත. ඔවුන්ව මේ ප්‍රදේශයේ පදිංචියෙන් ඉවත් කිරීමට මේ දක්වා ආරම්භ කර ඇති වැඩපිළිවෙල කුමක්ද ? මෙතනින් පලයන් කියුපමනින් පරම්පරා ගණනක් පදිචිව සිටි සියල්ල අතහැර ඔවුන් යන්නේ කොහිද?

දැන් බොහෝ දේ සිදුවී හමාරය , නමුත් මේ කලාපයේ සිටින අනෙක් ජනතාවද අනතුරේය, අඩුම ගනනේ ඔවුන්ව බේරාගැනීමේ වැඩපිළිවෙලක් දැන්ම පටන් සකස් විය යුතුය.

ආදරණීය සොයුරනේ ඔබ සැමට මතු උපදින් ආතම්යක මෙවන් විපතක් නොවේවා, පොම්පේ ජනතාවට හිමිවූ ගෞරවය ඔබට කිසිදා හිමි නොවනු ඇත, තව සති දෙකකින් සියල්ල අමතකව යාවි ,නැවත මෙවැන්නක් සිදුවනතුරු.
උපුටා ගැනීම – http://iwanpaulooshaa.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල