සාහිත්‍ය කළා විචාර

පොදු අපේක්ෂක, ලාල්කාන්ත..? – Lal Kaantha, The Common Candidate

Off

නන්දන ගුණතිලක බස් එකෙන් බැහලාය. චම්පිකයි රතනෙයි ඉන්නෙත්, පුට් බෝඩ් එකේය. ඇතුලට නගියිද, බැහැලා යයිද, පුට් බෝඩ් එකෙන් පැනලා, කොන්ද කඩාගනීද කියලා කියන්න, අපිට බැරිය. දවස් පහෙන් රිසාල්ට් එක දෙනවා කිව්වාට. තව දවස් තුනක් ආයෙත් ඉල්ලලා ඇත. මෛත්‍රිපාලත් හිනාවෙන්නේ බොක්කෙන් නෙමේය. ඒක මවාගත්තු හිනාවක් කියා ඕන එකෙකුට තේරෙනවාය. ඒ අස්සේ අව කැපෙන් කතාත් කියනවාය. මංගල යන එකත් ටැම්පරරි නැවතිලාය. ඒ කියන්නේ ඒ ගේමෙන් චන්දිකා දිණුම්ය. ආන්ඩුව පරාදය.

මේ නිසා ජනාධිපති තුමා ඉන්නෙත් අප්ෂෙට් එකේය. කතාවේ ටෝන් එකත් වෙනස්ය. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස් කරන්න, 1970 දී, අවුරුදු දෙකක් ගියාය කියා, එතුමා කියනවාය. දෙකක් නෙමෙයි දැන් නමයක්ම ගිහිල්ලාය. ඒත්, වෙනස් කිරිල්ල කෙසේ වෙතත්, විවස්තාවට අයිසින් දමා, ඉටි පන්දමකුත් ගැහුවේ එතුමාය. මොකෝ, එයා කිව්වේ, පළමු පීරියඩ් එකෙන් පස්සේ, මේක වෙනස් කොරනවා කියලාය. ඒ 2005 දීය.

ජනාධිපති තුමගේ රිලවාත්, මඩකරියෝත්, බහුභූතයෝත්, කවටයෝත්, ඔක්කෝම ඉන්නේ, හොල්මන්ද බේරේ පොල් කොල කාපු, පිස්සු හරක් වගේය. පොද්දා කව්ද කියා හිතා ගන්න බැරුව පිස්සු හැදිලාය. ඒ නිසා එන්නේ පොද්දෙක් නොව, බූතයෙක් කියා සම හරක් කියනවාය. තව එකෙක් කියන්නේ, හොල්මනක් කියලාය, තව සම හරක් කියන්නේ, මොකා ආවත් දිනන්නේ අපේ ලොක්කා කියලාය. ඔක්කෝම ඉන්නේ මොළේ අවුල් වෙලාය. කව් ද කව් ද කියා ඇහුවාට, විපස්සේ උනුත් රහස් එලියට දාන්නේ නැතිය. ඒකත් හරියට අර බාලගිරි දෝසේ වගේය. ඉස්කෑනින් එන්න කලින්, හම්බ වෙන එකා, සරමද කම්බායද කියන්න දන්නේ නෑ වගේය.

මොන තරම් බ්‍රේක් ඩවුන් වැඩ කලත්, සමගි සංධානේ ඇග්‍රීමන්ට් එක සයින් කරනවා කියා සෝභිත හාන්දුරුවෝ කියලා තියෙනවාය. එහෙම ඔක්කෝම එකට එකතු වෙනවා නම්, හොඳ ගේමක් බලා ගන්න අපිටත් පුළුවන් වෙනවාය. ආන්ඩුවට විකුනන්න තියෙන්නේ යුද්ධයම විතරය. මොකෝ විශාල සංවර්ධණයක් කළත්, හුදී ජනයාගේ ඉකොනොමි එක පුල් අප්ෂට්ය. බඩ පණුවෝත් බඩට වැටෙන දේවල් ගැන සැටිස් නැතිය. මොළේ බඩ කොන්ට්‍රෝල් කරනවාද, බඩ මොළේ කොන්ට්‍රෝල් කරනවාද කියා, බලා ගන්න වෙන්නේ, ජනපතිවරණේ රිසාල්ට් එක කියන දවසටය.

පොද්දා කව්ද කියා කියන, ප්‍රෙඩික්සොන් කාරයන් අතරේ, කලින්ම ප්‍රෙඩිකෂන් එකක් කියපු එකෙක් කීවේ, එන්නේ කරූ කියලාය. හැබයි කරූ එනවා නම්, කරූ පරද්දන්නේ පබාය කියලා, එයා කියලා තියෙනවාය. හැබයි ඉතින්, ඒ කතාවේත් ඇත්තක් නැත්තේ නැතිය. මොකෝ ගම්පහ දිස්තිරික්කේ බුද්ධිමත් ජනතාව, වැඩිම මනාප දුන්නේ පබාට නිසාය. ඒ වගේ තව එක්කෙනෙක් ගාල්ලෙනුත් දාලා ඉන්නවාය. ඒ නදීශා හේමමාලීය. එයත් ඉදින් දින්නයින් පස්සේ, එක එකාගේ එවා කෙලින් කරන්නයි, ශක්තිමත් කොරන්නයි යයිද කියලා දන්නේ, උඩ ඉන්නා දෙයියෝම විතරය.

ඊට පස්සේ, ඌවෙන් ෆෝම් වෙච්චි පාර රනිල් කිව්වේ, එයා එජාපයෙන් ඉල්ලනවාය, අනික් උන් ඔක්කෝම එයා පොද්දා කියා සලකන්නෙයි කියලාය. එහෙම චෑන්ස් එකක් තිබුනා නම්, ඒකට කෙලවෙලා ගියේ, අලි පාටියේ කොඩිවිනේට නියෝජ්‍ය නායක කම් දෙන්න ගිහිල්ලාය. අන්තීමට උනේ චූන් වෙච්ච පස්ස පැත්තේ, සිද්ධාලේප ගෑවා වගේ වැඩක්ය. සම හරක් නම් කියන්නේ, කොඩිවිනේ පොද්දා කලොත් ගේම් එකක් තියෙනවා කියලාය. මමත් කියන්නේ එයාගේ තරම පෙන්නන්න, කොඩිවිනේටම දෙනවා නම් හරි අගේ කියලාය.

මැඩම් නම් එන්නේ නෑ කියා, ඇම්බසි වලටත් කියලා තිබුනාය. ඒ ඇම්බසි, බටහිර ඇම්බසිද, පෙරදිග ඇම්බසිද කියා අහගන්න වෙන්නේත්, මැඩම්ගෙන්ය. රජගෙදර රිලවා නම්, ආවේස උනා වගේ කියවන්නේ පොද්දා හෙවීමත්, බටහිර කුමන්ත්‍රණ කාරයන්ගේ වැඩ කියලාය. අම්මපා මේ වගේ හාල්පාරු විපක්ෂයකට වඩා, එහෙම බටහිර එකෙක් හරි එනවා නම් හොදයිය කියන උනුත්, දැන් දැන් ඉන්නවාය.

සොභිත, ශිරාණි, සරත්, අනෝමා, අර්ජුණ කියන නම් අස්සේ, සුනේත්‍රා හා මෛත්‍රීගේ නමත් පොද්දාට යෝජනා වෙලා තිබුනේය.. මේ මෛත්‍රි කව්ද කියලා බැලුවාම, මෛත්‍රිපාල සිරිසේන ලොක්කා නෙමේය. මෛත්‍රි වික්‍රමසිංහ නොහොත්, අපේ රනිල් ලොක්කාගේ හාමිනේය. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ රතනසිරි වික්‍රමනායක් උන්නැහේගේ නමය.

මාතලන් නම්, ඔය ඔක්කෝටම වඩා, වෙනම ලකුණක් යටතේ පොද්දා ලාල්කාන්ත වෙනවා නම්, ගේමක් තියෙනවාය කියා හිතනවාය. මොකෝ අද ජෙප්පන් ගාව ඉන්න හොඳම කතිකයා, ලාල්කාන්ත නිසාය. අනික, එයා පොඩ්ඩක් අනික් උන්ට වඩා වෙනස් නිසාය. ලොක්කාගෙත්, පොලිට්‍රික්ස් කරන හැම එකාගේත් හිතවතා නිසාය.

පොද්දා මොකාද කියා බලාගන්න ඉවසීමක් නැතුව ඉන්න හැම එකාටම, පොද්දා කව්ද කියා තව පැය 72 කින් බලා ගන්න පුළුවන් වෙනවාය. ඒ මොකෝ ඩලස් උන්නැහේ කියලා තියෙන්නේ, ජනපතිවරණේ තියන්න කියා මැකෝට දෙන නියෝගේ, තව පැය 72 ක් ඇතුලත දෙනවා කියලාය. අපි හිතුවේ මේවා සුමනදාස අබේගුණවර්ධන ගුරුන්නාන්සේගේ වැඩයි කියාය. බලාගෙන ගියාම ඩලස් ලොක්කා පත්තර රස්සවට අමතර, දැන් සාස්තර කියන වැඩත් කොරනවාය. කොහොම උනත් මාතර පැත්තේ ඉන්න උන්, ඔය අනවින කොඩිවින වලට බොහෝම දස්සයෝය. පොද්දා කව්ද කිව්වායින් පස්සේ ගේම මොන වගේ වෙයිද කියලා, අපි වගේ පිස්සු හරක් සෙට් එකත් මග බලා ගෙන ඉන්නවාය..

ඒ වගත් මෙසේය..

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල