හයිකු හා කෙටි කවි

රොසෙට්ටාවේ අභාග්‍යය

Off

මා මිට කලින් ලිපියක රෝසේට්ටා යානය 67P චෙරුමොව් -ගෙරසිමෙන්කෝ ධුම කේතුවට අවුරුදු දහයකට පසු ලඟා වෙන බව සහ මෙහි වැදගත්කම පැහැදිලි කලා.

එම ලිපියට මෙතනින් යා හැකියි.
http://kolambagamaya.blogspot.co.uk/2014/08/blog-post_7.html

දැන් සිදුව ඇත්තේ යානය ගුහාවක් තුලට වැටීම නිසා එහි සුර්ය කෝෂ දින දෙකකට පසු ක්‍රියා විරහිත වීමයි. යානය ධුමකෙතුවේ පොලොවට බස්සන lander නැත්නම් ගොඩබිම් යානය නම් කර ඇත්තේ ෆිලයේ (Philae) ලෙසයි. Philae යනු ඊජිප්තුවේ, නසර් නමැති වැවෙහි ඇති දූපතකි. ගොඩබිම් යානයේ පින්තුරයක් ඉහත දැක් වේ.

දැනට බලාපොරොත්තුව යානයේ බැටරි නිම වන්නට කලින් එවූ දත්ත වලින් සොයා ගැනීමට අදහස් කල ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණාද යන්නයි.

විශ්වයේ උපත, සෞරග්‍රහ මණ්ඩලයේ උපත මෙන්ම ජීවයේ උපත පිළිබඳවද දැනට ඇති නිගමන හා මොඩලයන් (උදා: bigbang මොඩලය ) වඩාත් තහවුරු කිරීමටත් මේ දත්ත වැදගත්. මෙම මිෂන් එක 2015 දෙසැම්බර් 15 වනදා දක්වා දිව යන්නක්. ගොඩබිම් යානයට අමතරව රොසෙට්ටා ඕර්බිටර් (කේතුව වටේ කැරකෙන මව් යානය) ද පරීක්ෂණ සිදු කරන්නට නියමිතයි.

මේ පිලිබඳව ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් ප්ලේන් පවසන්නේ මෙහෙම දෙයක්. “අපි දන්නවා ධුම කේතු වල ඇමිනෝ ඇසිඩ් හා පෙප්ටයිඩ්ස් වැනි කාබනික මොලේකියුල සැදෙන බව. දැනට අපි දන්නේ නැත්තේ මෙය කේතුවේ න්‍යෂ්ටියේ හැදිලා වාෂ්ප වී යනවද නැතිනම් කේතු වල්ගයේ ඇති දුහුවිලි වල ෆොටෝරසායනික photochemical ක්‍රියාවලියකින් හැදෙනවාද කියා. එතකොට න්‍යෂ්ටියේ සැදුන නම් මෙම දුර්වල මොලේකියුල පොලොවට පතිත වීමේ ඉඩකඩ වැඩියි. හැදුනේ කේතුවේකෙළවර දුවිලි වලින් නම් පොලොවට ඒමට ප්‍රථම ඒවා විනාශ වී (උල්කාපාත වගේ) යනවා. ගොඩබිම් යානයට ( Philae ) chiral amino acid – අසමමිතික (කයිරල්) ඇමිනෝ ඇසිඩ් සොයා ගන්න පුළුවන් නම් එක අතිශයින් වැදගත්.- අසමමිතික (කයිරල්) ඇමිනෝ ඇසිඩ් කියන්නේ එකම වගේ නිමවුමක් ඇති ඇමිනෝ ඇසිඩ් නමුත් එකිනෙකාගේ ප්‍රතිබිම්බයක් වගේ (mirror image). මෙහි වැදගත්කම නම් පෘතුවියේ ඇති ජිව වර්ගවල ඇත්තේ මින් එකම එක chiral කාබනිකයක් පමණයි. ”

දැන් ඔබ දන්නවා ඇති පෑන්ස්පර්මියා (Panspermia) යන උපකල්පනය ගැන. ඒ කියන්නේ විශ්වයේ හැම තැනම ජිවය ඇති බවට උපකල්පනය කිරීම. මෙහි ප්‍රභේද තුනක් තිබේ.

1. ලිතනො පෑන්ස්පර්මියා (interstellar panspermia) – ග්‍රහලෝකවලින් විසිරුණු ගල් (rocks ) වලින් ජිවය ඇතිවීමට අවශ්‍ය මොලේකියුල පැතිරීම

2. බැලිස්ටික් පෑන්ස්පර්මියා (interplanetary panspermia) ඉහත ආකාරයටම නමුත් ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට ජිවය පැතිරීම

3. මගපෙන්වන පෑන්ස්පර්මියා (Directed panspermia) වෙනත් වඩා දියුණු ජීවින් විශේෂයක් මගින් ඕනෑ කමින් මෙය පැතිරවීම

බකිංහැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඉහත උපකල්පනය සඳහා දත්ත සොයන ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්.

ඉතින් මම ගොඩබිම් යානයේ දත්ත කොතරම් වැදගත්ද කියා හිතෙනවා නේද?

මේ ධුම කේතු ගැන සොයන යානයට අමතරව ඇස්ටරෝයිඩ හෙවත් උල්කාපාත ගැනත් සොයන්න යානා යවා තිබෙන අතර ඉදිරියටත් යවන්න සැලසුම් කරලා තිබෙන්නේ. 2007 දී යැවු ඩොව්න් (Dawn ) වෙස්ටා හා සිරෙස් නමැති protoplanet (මුලික ග්‍රහ ලෝක – කුඩා පර්වත දෙකක් වැනි) ගැන හොයන්න යවා තිබෙනවා. එහි ආයු කාලය 2015 දී අවසන්.

මේ ධුම කේතු වලට යානා යැවීම හා උල්කාපාත (ඇස්ටරොයිඩ් ) වලට යානා බැස්සවීම හා පරීක්ෂණ ප්‍රධාන හේතු දෙකක් නිසා කෙරෙන්නක්.

එකක් නම් ඒවා වල ඇති මුලද්‍රව්‍ය (ලෝහ) පොලොවට ගෙන ඒමයි. දෙවැන්න ඒවා විනාශ කිරීමට ඇති හැකියාව සොයා බැලීමයි.

ලෝකය දෙසට ඇති විශාල උල්කාපාත (ඇස්ටරොයිඩ් ) කඩා වැටෙන්නට හැකි බවත් එයින් ලෝක විනාශය අපි හිතනවට වඩා කළින් ඇති විය හැකි බවත් සුප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥ ස්ටීවන් හොව්කින්ස් පවසා තිබුණා. ඔහුගේ අදහස නම් මිනිස් වර්ගයාගෙන් කොටසක් හෝ වෙන ග්‍රහ ලෝකයකට රැගෙන යා යුතු බවයි.

මේ අදහස ක්‍රියාත්මක කිරීමට හෝ ඇස්ටරොයිඩ් විනාශ කිරීමට හෝ ඒවා හාරා දුර්ලභ ලෝහ සෙවීමට පර්යේෂණ යානාවන් යැවීම අනිවාර්යයි

රිචර්ඩ් බ්‍රැන්සන් ගේ ගැලක්ටික් යානය කඩ වැටීම තවත් රෝසේට්ටවේ ගොඩබිම් යානය නැවතීම වගේම තවත් පසු බෑමක්.

නමුත් ඉන්දියාව, චීනය මේ අභ්‍යවකාශ තරඟයට එක්වී තිබෙන අතර, ඇමෙරිකන් ආණ්ඩුව සමග තිබෙන ප්‍රශ්න නිසා ජාත්‍යන්තර අභ්‍යාවකාශ නැවතුම් පොලට එක්වීම ඉදිරියේදී අත හැර රුසියාව තමන්ගේම නැවතුම් පොලක් සැදීමට සැලසුම් කරනවා. රුසියාවට මීර් නමින් අවුරුදු ගානක් අභ්‍යාවකාශයේ නැවතුම් පලක් තුබූ අතර ඔවුන්ට මේ ගැන තිබෙන අත්දැකීම් සන්කයව අනිත් රටවලට වඩා වැඩියි. ඊට අමතරව බර බදු ගෙනයන හොඳම රොකට්ටුව ඇත්තෙත් ඔවුන්ට. මේ නිසා ලෝකය නැවතත් 1960 ගණන් වල වගේ අභ්‍යාවකාශ තරඟයකට පෙළ ගැස්වෙන බවක් පෙනී යනවා.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.

ඉදිරි අවුරුදු පනහ තුල ජිවත් වීමම ඉතාමත් උනන්දුව හා කුතුහලය වඩවන එකක් විය හැකියි.

මුලාශ්‍ර:
1. http://www.leeds.ac.uk/news/article/3624/esas_rosetta_mission__what_is_the_comet_lander_looking_for
2. http://www.panspermia-theory.com/
3. http://sci.esa.int/rosetta/54342-missions-to-asteroids/

උපුටා ගැනීම – http://kolambagamaya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල