කාලීන සංවාද

ධවල ශෝධනය හෙවත් බඩ යන්න කෑම… (23+) – Humilating Defeat (White Wash)

Off

ඉන්ගිරිසියෙන් මේකට කියන්නේ, වයිට් වොෂ් කියලාය. හින්ගලෙන් කියන්නේ, බඩ යන්න වදිනවා කියලාය. අළුත් ජැනරේසොන් එකේ උන් කියන්නේ, ඇට්ටි හැලෙන්න කනවා කියලාය. කොහොමත් අපි ඉන්දියාවේදි කනවාය. අද වෙනකන් එකම සීරීස් එකක් වත් දිනලා නැතිය. ඒත් මේ විදියට නම්, සංසාරේදි තියා අම්පාරේදීවත් පැරදුනාද කියා, මට නම් ම්තක නැතිය. කන එක ජීවීත කාලේදි මතක හිටින්න කෑවේය. අනික කෑවේත් කජු කිරි කොල්ලන්ගෙන්ය. කෝලී, රයිනා, රොහිට් ෂර්මා, ජඩේජා වගේ කීප දෙනෙක් ඇර අනික් උන් ඔක්කෝම වගේ පොඩි කොල්ලෝය, ඒ ක්‍රිකට් වලින් බැලුවොත්ය, වයසෙන් බැලුවොත් උන් තුන් හතර දෙනාත් පොඩි කොල්ලෝය.

ක්‍රිකට් ගැන දන්නෙ නැති ගොබ්බ හරක් කියන්නේ, මේකට වග කියන්න ඕනේ ක්‍රිකට් පාලක මණ්ඩලේ කියලාය. සම හරක් නම් කියන්නේ, අපේ ජනාධිපති තුමාත් මේවාට වග කියන්න ඕන කියලාය. පාළක මණ්ඩලේ සුද්ද කොරන්න අපිට ඕනා කමක් නැතිය. ඒක හොර ගුහාවක් කියලා ඕන එකෙක් දන්නවාය. හැබයි ඒකේ ඉන්න කම්බ හොරු කරන්නේ ක්‍රිකට් කළමණාකරනයය. එහෙම නැතුව ක්‍රිකට් ගහන එක නෙමේය. උන් ගහන්නේ වෙන ගැහිල්ලක්ය. ඒත්, ක්‍රිකට් ගහන්නේ ප්ලේයර්ස්ලා නොහොත්, ක්‍රිකට් ක්‍රීඩකයෝය.

අපේ මණ්ඩලේ කචල් වෙලාත්, කම්බ හොරු රජ කලාට. ඉන්දියාවේ උන් ඔක්කෝම මැච් දිනලාත්, එහේ සභාපති “සිරිනිවාසන්” එලවලා දාලාය. ඒත් ඉතින් ඒ ඉන්දියාවය. මේ අම්මට සිරි ලංකාවය. ලැජ්ජාවෙන් බේරෙන්න ඇදලා අරින ලොකුම පචේ ඒක නෙමේය. ටීම් එක රෙඩි වෙලා උන්නේ නැතෙයි කියනා අම්බ පචේය. ඒ කියන්නේ මෙයාලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරලා නැතෙයි කියනා එකය. ඒවා පච වෙලා යන්නේ, මාස දෙකක් ක්‍රිකට් නොගහපු එකා ඇවිල්ලා, ගහන පළමු මැච් එකේම, වර්ල්ඩ් රැකෝඩ් තියනා නිසාය. ඒකට ෆුල් බැක් එක දෙන්නේ, ගෙම්බෝ අල්ලන ෆීල්ඩර්ස්ලාය. අපේ ටීම් එකේ ෆීල්ඩින්ග් තිබුනේ, ඉහළම මට්ටමේය. ඒත් අද ඉන්නේ මඩ කරි අල්ලන උන්ය.

ඔය ක්‍රිකට් ගැහුවේ නෑ කියන්නේ අමූලික බොරුය. තුන් හතර දෙනෙක් ඇර, අනික් ඔක්කෝම මර්කන්ටයිල් ටූනමන්ට් එක ප්ලේ කරා කියලා දන්නේ ක්‍රිකට් ගැන දන්නා උන් විතරය. දන්නේ නැති උන් හිතන්නේ, මුන් කියන්නේ සහතික ඇත්තෙයි කියලාය. රජගෙදර රිලාවාගේ දිරච්ච කඹ, රහ කර කර ගිලිනා උන් මේ ලණු කන්නේ කජු කනවා වගේය. එක්කෝ සද්ද නැතිව ඉන්නවා නම් ඒත් අවුලක් නැතිය. ඒවා ගැන කප්පරක් ටී වී චැනල් වලට වොයිස් කට් හිටන් දෙනවාය. ඒවා දැක්කාම අපිට පුකෙන් හිනා යනවාය. සෙන්චරියක් අරෙහෙ මෙහේ වනාගෙන, කලර්ස් ටිකක් පෙන්නුවේ, ඇත්තටම ක්‍රිකට් ගහපු නැති ඩේට් එක්ස්පයර්ඩ් සෙට් එකය.

සංගාගේ රිප්ලේස්මන්ට් එකට එවන්නේ මරු බඩුවක්ය. මූ ටීම් එකේ ඉන්නේ රණතුංගලාගේ ගෙදර හිටපු පිනෙන්ය. කාලයක් එලවලා හිටපු එකා, කොහොම හරි ආයෙත් රිංගවලා තියෙන්නේ, රණතුංගලාගේ පවර් එක යූස් කරලාය. මොකෝ දැන් ඉන්න නැෂනල් කෝචුත්, නිශාන්ත රණතුංගගේ මස්සිනා නිසාය. මූට ක්‍රිකට් ගහන්න බැරිය. එහෙම ගෙදර තියාගෙන කන්න දුන්නා නම්, ඔය ගෙදර වැඩ ටිකක් කර ගත්තාට අපිට අවුලක් නැතිය. එහෙම කොර ගන්නම ලැජ්ජ නම්, මූ ටීම් එකත් එක්ක යවන්න ඕනා නම්, කරන්න තියෙන්නේ, “පර්සි”ත් නාකි නිසා, නැෂනල් ෆ්ලෑග් එකක් අතට දීලා, ගල් බාගයක් පොවා, ග්‍රවුන්ඩ් එක වටේ යනවා එකය. දිනේෂ් චන්දිමාල්… පින් සිද්ද වෙයි… ක්‍රිකට් ගහන්නේ නැතිව, ගහන්නම ඕනා නම්, ගෙදරට වෙලා අතේ පාරක් ගහගෙන උන්නාට අපේ අහිතක් ඇත්තේ නැතිය.

අනිත් හාල්පාරුවා, කුසල් ජනිත් පෙරේරා කියන ගොයියාය. ඔය ගහන විදියට ක්‍රිකට් ගහන්න නම් අවුරුදු පනහක් උනත්, “මාතලන්” ටීම් එකට දැම්මත් කිසි අවුලක් නැතිය. අදටත් බෝල දෙක තුනකට ගහගන්න බැරි කමක් අපිටත් නැත්තේ නැතිය. එයා ඕපනින් එව්වා හොඳටෝම ඇතිය. එලවන්න දුකම් නම්, පොඩ්ඩක් පල්ලෙහායින් චාන්ස් එකක් දුන්නාට අවුලක් නැතිය. හැබයි ඌට විස්සයි විස්සෙයි, ෆිෆ්ටි ඕවර් වලයි වෙනස කියලා දෙන්න ඕනාය. අනික හැම බෝලෙටම හයේ ඒවා ගහන්න බෑ කියලාත් කියලා දෙන්න ඕනාය. ඒත් මම නම් කියන්නේ ඌත් එලවලාම දාන්නෙයි කියලාය. ඔය දුන්න චෑන්ස් ඕනාවටත් වඩා වැඩිය.

ඉන්දියාවේ ඩෙබුටාන්ට්ලා හිටන් වැඩ පෙන්නුවේය. ඒකට කියන්නේ කබ්බෝ ෆෝම් කරනවා කියලාය. මුන්, “යාදාව්” හීරෝ කෙනෙක් කළේය. අන්තීමට ඌ පොරක් වෙලා, අන්තීම මැච් එකට දැම්මේත් නැතිය. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ, හොඳම ආච්චි ක්‍රිස් ගේල් ගේ ආච්චි කියලාය. බලාගෙන ගියාම රොහිත් ෂර්මාගේ ආච්චි ඊට වඩා පවර්ෆුල්ය. රොහිත්ගේ ආච්චි වැහෙන එක, නියමෙටම වැහුනේය. ඒ ආච්චි අපේ බෝලස්ලා, ගමේ ටැනිස් බෝල දාන බෝලර්ස්ලාගෙනුත් පහලට දාලා කඳුරු බෝල යවන උන් බවට පත් කලේය. ඇඳුනුත් ගලවලා එන්න වෙන විලි ලැජ්ජාව නැවතුනේ, අන්තිම මැච් එකේදී ඇන්ජලෝට වැහුන ඇන්ජලෝගේ ආච්චිට පින් සිද්ද වෙන්නටය.

ඒත් ඉතින් කැප්ටන් තනියෙන් රජ වෙලා හරියන්නේ නැතිය. ඒකත් මහින්ද රාජපස්සගේ ආන්ඩුව වගේය. මහින්ද ඇර අනික් ඔක්කෝම හාල් පාරුවෝය. මේ ඩේට් එකස්පයර්ඩ් සෙට් එක ගියායින් පස්සේ අපේ ක්‍රිකට් වලට අබ සරණය. මහේල, සංඝා, ඩිල්ෂාන් තුන් දෙනාම මේ වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ගෙදර යනවාය. උන් තවත් ගහනවා නම් උන්ට හෙන ගහනවාය. මාලිංගත් ලෙඩාය. රංගන හේරතුත් නාකිය. ඒ කියන්නේ අළුත් ටීම් එකක් හදන්නම වෙනවාය.

මේ සීරිස් එකේ පරාජය බාර ගත යුත්තේ වෙනින් එකෙක් වත් නොව, මාවන් හා චමින්ද වාස්ය. අනික මම හිතන්නේ, අපිට මෝටිවේටර් කෙනෙක් නැතෙයි කියලාය. ක්‍රිකට් කියන්නේ ෆිසිකල් ගේමක් විතරක් නෙමේය. තරඟයක් පැරදුනා කියා, ඊළඟ තරඟයටත් මූණූ එල්ලාගෙන එන්න ඕනා නැතිය. අනික උන් ග්‍රවුන්ඩ් එකට එන්නේ, කලින්දා රාතියේ මහසෝනා දැක්කා වගේ බය වෙලාය. කෝලිලා ලෙජන්ට්ලා කියා, උන්ට බය වෙන්න ඕනා නැතිය. හැම එකාගේම වීක් පොයින්ට් එකක් තියෙනවාය. ෆාස්ට් බෝලස්ලා ගිනිකසයා වගේ පුක ඉරාගෙන, දත් කාගෙන බෝල දැම්මේ ඉස්සරය. දැන් බෝල හය දාන්නේ හය විදියකටය.

අනෙක් පෙනුන ළොකුම වැරද්ද නම්, නායකයා හා ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අළුත් උන්ට කිසිම දිරිගැන්වීමක් තිබුනේ නැති එකය. කෝලීලා හතරක් ගහපු ගමන් ෆීල්ඩ් එක චේන්ජ් කරලා, බෝල දාපු එකා ළඟට ගිහින් කතා කරලා, උගේ හිත හැදුවාම, ඌ ඊළඟ බෝලේ දාන්නේ විකට් එකක් ගන්නය. අපේ උන් අම්බානක වදින එකාටම බෝලේ දුන්නේ, තොට කෙල වෙලාම පල කියලා වගේය.

ලංකාවේ ක්‍රීඩාවක් කියා තියෙන්නේ, ක්‍රිකට් විතරය. අනික් ක්‍රීඩා, හාල්පාරු ඇමති කෙනෙක් දා විනාශ කරලා ඉවරය. ඒ යකාට ඒසියන් ගේම් වලදිවත් මෙඩල් එකක් ගන්න බැරි තරමට, බංකොලොත් වෙලාය. එහෙව් හාල්පාරුවන් තියන්නේ ඕන, කොළඹ හතේ රේස් කෝස් වල නෙමේය. නාවලපිටියේ තේ වත්තක ලයින් කාමරකය. එයයි, එයාගේ බලි කටක් තියෙන ලේඛමුයි, තේ වත්තක දළු කැඩීමේ ක්‍රීඩාව වගේ එකකට දාන එකත් පාඩුය. දෙන්නා එක්ක පරණ කෝට් එක්කාසු කරන වැඩකට දැම්මා නම්, පංකාදු පහය. ඒ යකා ලංකාවේ ක්‍රීඩාව කුඩු කරලාම දැම්මේය.

දැන් ක්‍රිකට් ගහන්න එන උන්, නැෂනල් ටීම් එකට ආවයින් පස්සේ, ක්‍රිකට් ගහන්නේ නැතිය. උන් මයිලෝ බොනවාය. යට ඇඳුම් විකුනනවාය. රෙසර්, මෝටර් සයිකල්, ක්‍රෙඩිට් කාඩ් විකුණනවාය. කෑල්ලත් එක්ක සුපර් මාර්කට් යනවාය. රස ගුණ පිරි, වස විස පිරි, කිරි පිටි විකුනනවාය. බඩු ගහනවාය. ටෙලි නාට්ටි කෑලි එක්ක බෙඩ් රගර් ගහනවාය. ජූලියාන එකේ ඇට මිරික ගන්න යනවාය. නයිට් ක්ලබ් වල ටිකීලා බොන්න යනවාය. ඒ වගේ කප්පරක් වැඩ තියෙන නිසා, උන්ට ක්‍රිකට් ගහගන්න වේලාවක් නැතිය.

උන් නැෂනල් ටීම් එකට ආපු ගමන්, සිලෙක්ටර්ස්ලාත් එක්ක එකතු වෙලා කරන්නේ බිස්නස් එකක්ය. සල්ලි නැතුව ණයට ක්‍රිකට් ගහන්නේත්, කොහෙන් හෝ කුට්ටිය හම්බ උන ගමන්, තමන්ගේ ගතමනාව, සාකුවට වැටෙන නිසාය. ගානක් සිලෙක්ටර්ස්ලාටත් යනවාය. එයාලාගේ ආශීර්වාදය ගන්න කතරගම දෙයියන්ට වගේ පඬුරු තියන්න ඕනාය. මැච් දින්නත් පැරදුනත් උන්ට අවුලක් නැතිය. අවුරුද්දකට ඇග්‍රිමන්ට් ගහලා නිසා, හම්බ වෙන ගාන කොහොමත් හම්බ වෙනවාය.

මම නම් කියන්නේ ඔය ඇග්‍රිමන්ට් ගැහිල්ල නවත්තලා. සීනීයොරොටි අනුව මාසෙකට පොල් රොටි කීයක් හරි බෙදුවා නම් ඉවරයි කියලාය. (මාසික වැටුපක්) ඊළඟට… සීරිස් එකක් දින්නොත්, වෙනම බෝනස් එමවුන්ට් එකක් දුන්නාම හරිය. පර්ෆෝමන්ස් අනුව, ඉන්සෙන්ටිව් එකක් දුන්නාම කාටත් සාධාරණය. ඒ වගේම ඩ්‍රොප් කරන කැච් වලට, තාර බිත්තර වලට. අම්බානක කන ඕවර් වලට ඩිඩක්සොන් එකකුත් දාන්න ඕනාය. එහෙම නැතුව මේ විදියට ගියොත් නම් වෙන්නේ, ක්‍රීකට් ක්‍රීඩාවත් නැත්තටම නැති වෙලා යන එකය. ලයනල් මෙන්ඩිස්ලා, ක්‍රිකට් ගහන උන් හැදුවේ එහෙමය. බින්දුවට අවුට් වෙලා ආවා නම්, කෑවේ බැට් එකෙන්ය. අනික මැච් හතරක් පහක් ෆේල් නම්, වෙන එකෙකුට චෑන්ස් එක දෙන්නම ඕනාය. මොකෝ අද පඳුරකට ගැහුවොත් කිරිකැට් කාරයෝ දුසින් ගනන් විසි වෙන නිසාය.

එහෙම නැත්නම් කොරන්න තියෙන්නේ, ඔය ගොයම් කපන්න ඉන්දියාවේ කල්ලතෝනි ගෙන්නනවා වාගේ, ඉන්දියාවේ චූ කොල්ලෝ ටිකක් ගෙනල්ලා, සම්මාන පුරවැසිභාවය දීලා, සිරි ලංකා ටීම් එකට දාලා, ළෝකෙටම ගහනා එකය. අපේ උන්ට ගොයම් කැපීම, මාළු බෑම වගේම, ක්‍රිකට් ගහන්නත් බැරි නිසා, ඒ වාගේ අන්තර්ජාතික බිස්නස් එකක් කෙරේ හිත යොමු කරන්නට, කාළේ ඇවිල්ලා තියෙනවාය.

වර්ල්ඩ් කප් දිණුවාට වැඩක් නැතිය. ඒවා මේන්ටේන් කරන්නත් ඉගෙන ගත යුතුය. නැත්නම් පරිප්පු කන්නේ. ටීම් එක නෙමේය. මැද පෙරදිග, ඉන්දියාවේ උන් එක්ක ජීවත් වෙන, අපේ අහිංසක කිරිකැට් ලෝලියෝය.

ප: ලි:
දැන් අහන්න එපා, මේක 23+ දාලා තියෙන්නේ ඇයි කියලා.. අපේ ගොබ්බයන්ට, අතේ ගහනවා කියන එකත් මාර කුණුහබ්බයක්. අපේ අවුරුදු 2500 ක බවුමික අන්ඩවාතේද මක්කද එකේ, කවුරුවත්ම එහෙම ගහලම නෑ. අද ගහන්නෙත් නෑ… ඒකයි…

මේන් මේ කෑම අපේ රාජ් දකින විදිය…

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල