කෙටි කථා

හොරාට සවන්දුන් දුරකතන සංවාද කිහිපයක්! [කතාවක ඇතුල්පැත්ත]

Off

මට ලැබුන දුරකතන සංවාද වලට සවන් දෙන්න පුළුවන් ගැජට්ටුවක්. අනුන්ගෙ සංවාද ඇහීම හොඳ නැතත් ඒ දේ කලා. එක එක සංවාද අස්සෙ තිබුන සංවාද කිහිපයක් එකිනෙක සම්බන්ධයි වගේ හිතුන නිසා ඒක දාන්න හිතුව. අනුංගෙ ලියුං බලල මේකෙත් දාපු එකේ ඔන්නොහෙ දානව.

1. ට්‍රීං ට්‍රීං………ට්‍රීං ට්‍රීං……..ට්‍රීං ට්‍රීං……..

“හෙලෝ…..ආ මචං….”

“අපි නං හොඳිං….කොහොමද මචං උඹලට?….”

“පුක ඉරාගෙන ගේමට ලෑස්ති වෙනව බං මේ දවස්වල….”

“හහ් හහ් හහ්…. මට ආරංචියි….මට ආරංචියි…. [ඒයි සිං…. කවුද අර ගේට්ටුව ගාව කානුවෙ රෙන එකා….? මුන්ට රෙන්නත් මෙතෙන්ට එන්න ඕනද?]”

“ඇයි මචං…. උඹලගෙ කක්කුස්සි ප්‍රශ්නෙ විසඳිලා නෑ නේද? ඔහොම හිටපංකො මම ඊලඟ පාර ආවම උඹලට”

“නෑ නෑ ඒකෙ අවුලක් නෑ මම කතා කලේ වෙන කේස් එකකට”

“මොකද්ද?”

“අපේ කොල්ලන්ට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න ඕනලු!”

“ඕකටද තෙපර බෑවේ? ඉතිං එවන්න මෙහේ! අපේ කොල්ලොත් එක්ක සෙල්ලං කරන්නෙ නැතෑ!”

“නෑ නෑ ඔහේගෙ කොල්ලො ටික මෙහේ එවන්න…. අතටත් කීයක් හරි දෙන්නං…..”

“හරි හරි ඕක මොකද්ද?”

“එහෙනං තියන්නං….නමස්තේ”

“නමස්‍ෙතේ”

2. ට්‍රීං ට්‍රීං………ට්‍රීං ට්‍රීං……..ට්‍රීං ට්‍රීං……..

“සර් ඇයි මේ හදිස්සියෙ…. නින්ද යන්නෙ නැද්ද?…. එවන්නද….”

“නෑ නෑ ඕයි…. අන්න මෝඩි කතාකරල කිව්ව කොල්ලො ටික එහෙට එවන්න කියල”

“යර්ස් සර්…. නෝ ප්‍රොබ්ලම්….මේ මේ….”

[දඩාස්]

3. ට්‍රීං ට්‍රීං………ට්‍රීං ට්‍රීං……..ට්‍රීං ට්‍රීං……..

“හෙලෝ…..”

“අන්න ලොක්ක කියනව කොල්ලො ටික ඉන්දියාවට යවන්න කියල!”

“ඇයි? දඹදිව වත් පෙන්නන්නද?”

“නෑ නෑ බං…. වන්ඩේ සීරීස් එකකට”

“මේ හදිස්සියෙ? මේක කොහොමද කොල්ලන්ට කියන්නෙ? අ‍නික උං ප්‍රැක්ටිස් කරලත් නෑ හරියට…..”

“ඕයි මේව උඩිං එන ඕඩර්! තමුසෙ කොල්ලො ටික යවනවකො! සෙල්ලං ටික උං පෙන්නයි”

“ඕකේ සර්”

4. ට්‍රීං ට්‍රීං………ට්‍රීං ට්‍රීං……..ට්‍රීං ට්‍රීං……..

“ඇන්ජි….. අපිට ඉන්දියාවට යන්න වෙලා කොල්ලෝ….. ඕඩීඅයිස් පහක් දීල”

“^%$*%*% මේ වෙලාවෙ?”

“මේක උඩිං ආපු ඕඩර් එකක් බං…..”

“ඇයි යකෝ අපිත් දරුපවුල් කාරයො!”

“මට තේරෙනව බං…. කොහොම හරි ගහමු!”

“[%$$*&^ තමයි ගහන්න වෙන්නෙ]”

5. ට්‍රීං ට්‍රීං………ට්‍රීං ට්‍රීං……..ට්‍රීං ට්‍රීං……..

“අැයි බං මේ මහරෑ?”

“මාර අවුලක් අයියේ…. ඉන්දියාවෙ යන්න වෙලා…..පහක්”

“මොන &^&^$&ද බං? එහෙම කියන කියන වෙලාවට සෙල්ලං කරන්න අපි ඇන්ලීන් බොනව කියලද මුං හිතං ඉන්නෙ? මට නං බෑ මම සික් ලීව් දානව”

“අනේ අයියේ එහෙම කරන්න එපා බං…..මාත් අමාරුවෙ”

“ඔහොම හිටපං බලන්න”

6.ට්‍රීං ට්‍රීං………ට්‍රීං ට්‍රීං……..ට්‍රීං ට්‍රීං……..

“මචං…?”

“මේ…….මාර කේස් එකක්….ඉන්දියාවට යන්න වෙලා ඕඩිඅයි පහකට!”

“මොන %$$$$ද! මේ හදිස්සියෙ?”

“ඔව් බං &*%(^()^()^&^%$පුතාලා ඔක්කෝටම හා කියල, දැං මටත් කිව්වෙ!”

“හරි! එහෙනං අපි දෙමු හොඳ ගේමක්! ඕකුං හැඳිගෑවිලා යන්න….”

“එහෙම කොහොමද බං….. මේ හදිස්සියෙ……”

“ඔහොම හිටපංකො කියන්න…. අපි පහම උන්ට දෙමු!”

“ඉතිං…..?”

“මේකෙං පුල් අවුලක් හැදෙනව!”

“ඒ කොහොමද බං…..”

“දෝනිය ඊයෙ කතා කලා…. ඌ ලෙඩිං…. දැං කෝලිය තමයි කැපා වෙන්නෙ…. මේ පහම උන්ට දුන්නොත් කෝලියගෙං ආයෙ ඕක ගන්න බැරි වෙනව…. වර්ල්ඩ් කප් ගහන්න බෑ දෝනිය නැතුව!”

“එච්චරද?”

“නෑ නෑ…. මුන්ට ගහන්න දෙන්න ඕන තුන්සීය පැනල…. අවුට් කරන්න හොඳ නෑ….. හොඳට බෝල් කරන්න ඕනත් නෑ…. උන්ට ප්‍රැක්ටිස් දෙන්නෙ මොකටද අපි?”

“ඒකත් හරි…..හැබැයි….”

“ඔහොම ඉඳිංකො…. මුල් තුන දින්න ගමං මුං ටීම් එක වෙනස් කරනව….. ඔන්න අපි හිතමු ඔපනින් එන රහනෙයි ධාවනුයි හොඳට‍ ගැහුවත් හතරෙදි වගේ රෝහිත් එන්න ඉඩ තියනව…. ඌටත් ගහන්න දෙනව හොඳට….”

“ඉතිං….?”

“ඉතිං වර්ල්ඩ් කප් එකට ටීම් එක තෝරන්න ගිහිල්ල මුන්ටික අනාගන්නව…. ටීම් එකට විස්සක් වත් දාල තමයි වලි බේරන්න වෙන්නෙ…. හහ් හහ් හා……”

“වැඩේ නං හොඳයි තමයි…. එහෙනං දෙමු ගේම කට්ටියට වර්ල්ඩ් කප් තෝරන්න ගියාම ඇ‍ඬෙන්නම…..”
උපුටා ගැනීම – http://raj1st.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල