කාලීන සංවාද

Three Idiots & Runaway Brides

Off

කාළෙකට කලින් මාතලන් පට්ට ඉන්ගිරිසි සෝ එකක් බැලුවා මතකය. සෝ එකේ නම “රනවේ බ්‍රයිඩ්ය” (Runaway Bride). මේකේ කෙල්ලයි කොල්ලයි දෙන්නම, මාතලන්ගේ පට්ට ෆේවරිට් නළු නිලියෝය. කොල්ලාට ඉන්නේ රිචඩ් ගියර්ය (Richard Gere). මාතලන්ට රිචඩ් ගියර් සෙට් උනේ An Officer and The Gentleman හම්බ වෙන්න ගිය වෙලාවේය.

ඒ.., ඒ ලෙවල් කරපු කාලයේය. ඒ ලේවල් පේපර ලියපු හැම දවසේම, බජාර් එකම ලිබර්ටි එකට රිංගුවේ, ඒ කිට්ටුව උන්න හජ්ජියාර්ගේ අම්මා විසින් පිලියෙල කරනා, දිවිය ළෝක රස, බුරියානි සප්පායම් වීමෙන් පස්සේය. සෝ එක බලන්න ගියේ, පබ්ලික් ලයිබ්බරියේ පාඩම් කොරන්න යනවා කියලාය. ඒ සෝ එක, ඇඩම්ස් ඔන්ලි නිසා. හැම එකාම බෑග් එකක, ඒ කාළේ තිබුන එකම එක ඩෙනිම් කලසං පඩංගුවකුයි, ටී ෂර්ට් කෑල්ලකුත් දාගෙන ආවේ, ලිබර්ටි එකේ පාඩම් කොරන්න යන නිසාය.

MV5BOTcx

ඔය සෝ එකේ මාතලන් අදටත් රස විඳින, පට්ට සින්දුවකුත් තිබුනේය. පහළ තියෙන්නේ ඒ සින්දුවය. “ජෝ කොකර්” (Joe Cocker) කියන්නේ, මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් එක්කෙනෙක්ය. සින්දු කියන්නේ, හරියට අපේ අමරදේව මාස්ටර් වගේය.

“රනවේ බ්‍රයිඩ්” එකේ ඉන්න කෑල්ල, ජූලීයා රොබර්ට්ස් (Julia Roberts) මාතලන්ට සෙට් උනේ, Pretty Woman බලන්න ගිය වෙලාවේය. ඒ කාලේ, එයා අකමැති උනත්, මම එයාට හදවතින්ම ආදරේ කොලේය. එකේ ඉන්නෙත් “රිචඩ් ගියර්” එක්කමය. ඔය, “රනවේ බ්‍රයිඩ්” එකේ තියෙන්නේ, මගුල් ගේ දවසේ මාරුවෙලා යන මනමාලිගේ ඉස්ටෝරි එකක්ය. මෙයා පැනලා යන්නේ, එකකින් නෙමේය. මඟුල් තුනකින්ම පැනලා දුවනවාය. මේවා බොරු නොවන්නේ, අපේ රටෙත් එහෙම පැනලා යන මනමාලිලා ඉන්නවා කියලා, භූත පත්තරවල, ඉඳලා හිටලා පලවන නිසාය.

ඉස්සර අපිත්, ගෙදර එක්ක මළ පැන්නාම ගෙදරින් යනවා කියලා කියනවාය. එහෙම පැනලා ගිය උනුත් අනන්ත ඉන්නවාය. ඒ කාළේ, එහෙම පැනලා ගියාම අද වාගේ ෆෝන් වලින් හොයන්නත් බැරිය. ඉතින් දන්න දන්න ගෙවල්වල, රට වටේම හොයන්න යන්න වෙනවාය. මාතලනුත් මරු මූස් නිසා, මේ වාගේ වෝනීන් දීපු වෙලාවල් කීපයක්ම තියෙනවාය. ඒ උනාට, මාතලන් යනවා කිව්වාට යන්නේ නැතිය. ඒක ගෙදර අය දන්න නිසා, ඉල්ලීම් ලැබෙන්නේත් නැතිය. ඒ නිසා අර පැනලා ගිය උන් තරම්, මාතලන් වීරයෙක් උනේ නැතිය. ලැබුන ලබ්බකුත් නැතිය. තාත්තා කිව්වේ, යනවා නම් යන්නෙයි කියලාය.

මේ පරණ නොස්ටැලජියානු කතන්දර මතක් උනේ, අම්මට සිරි ලංකාව කියන රටෙත්, මේ වාගේ කේස් එකක් ළඟදි ගිය නිසාය. රජ ගෙදර රිලවාත්, මේ කෑම කන්න බැරිය, මට, මේන් මේ කෑම ජාති ඕනෑ කියා. කෑම 12 ක ලිස්ට් එකක් මහරජතුමාට දුන්නේය. රජතුමා ලිස්ට් එක අරගෙන මීතොටමුල්ලේ කුණු කන්දට විසි කලේ, මූට වෙන කැලෑවකට යන්න බෑ කියා, හොඳින්ම දන්නා නිසාය. ඒ වගේම රජතුමාගේ කහ පාට කිට් ගහන එකෙක් කිව්වේ, මෙනූ එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනා, නැත්නම් ගෙදරින් පැනලා යනවා විතරක් නොව, රජතුමා සිංහාසෙනුත් එලවනවා කියලාය.

ඒ මොකෝ, උන්නාන්සෙට අවුරුදු නමයක්ම එකම මෙනු එක කාළා, සමාවන්න වළඳලා, එපා වෙලා තිබුන නිසාය. උන්නාන්සෙගේ මෙනූ කාඩ් එක, පැනලා යන්න ඉන්න ගෙවල් වලටත් බෙදුවේය, ඒ පාර උන්නාන්සෙට සපෝට් එක දෙන, ඇමති මණ්ඩලේ උසම ඇමතියාත්. ප්‍රාදේශීය වාසලක රුපියල් සීයක් ඉල්ලන හිඟන්නෙකුත් කිව්වේ, අවුරුදු නමයක්ම කාලා කාලා, මෙනු එක එපා වෙලා තියෙන්නේ, ඒ නිසා මෙනු එක වෙනස් කොරන්නෙයි කියලාය.

ඒ උනාට රජතුමා මල පැනලා කිව්වේ, මෙනූ එක මාසෙන් මාසෙට වෙනස් කරන්න, මම මාස්ටර් චෙප් නෙමෙයි යකෝ. කන්න පුළුවන් නම් කාපිය, නැතිනම් හු*** කියලාය. එහෙම කිව්වේ මුන් යනවා කිව්වාට, යන්නේ නෑ කියලා හොඳටෝම දන්න නිසාය. කිව්වා වාගේ, අම්මට සිරි ලංකාවෙම අණ බෙර ගසා, යනවා යනවා කිව්වාට යන්න ගියේ නැතිය. තාමත් වාසලට වෙලා හූල්ල හූල්ල ඉන්නවාය.

දැන් මුන් පැනලා ගියේ නැති උනාට, කෑම කන්නේ නැතිය. කාපු, සමාවෙන්න… වළඳපු කෑමත් වමාරනවාය. ඒත් සමහර කෑම, විරේක් බේත් දුන්නත් එළියට දාන්නේ නෑ කියනවාය. රජතුමාගේ යුව රජානෝ, අර පරණ කෑම කාපන් බං කියලා, අරුන්ව ෂේප් කොර ගන්න බලනවාය. රජ්ජුරුවෝ නම් පයිසෙකට ගනන් ගන්නේ නැතිය. බලාගෙන ගියාම වීරයෙක් වෙන්න බොහෝම අමාරුය. මේ තුන් දෙනා ත්‍රී හීරෝස්ද, ත්‍රී ඊඩියට්ස්ද කියලා බලාගන්න, දවස් දෙක තුනක් ඉන්න වෙනවාය.
උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල