හයිකු හා කෙටි කවි

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 1

Off

සුභ දවසක් ඔයාල හැමදෙනාටම. මනා අද ගේන පෝස්ට් එකත් සංගීතය හා සම්බන්ධ එකක්. මේ ලියන පෝස්ට් එක මීට කලින් ලියන ලද සංගීතය සම්බන්ධ පෝස්ටුව සමග තරමක් සම්බන්ධයි. ඒ පෝස්ට් දෙක මෙතනින් සහ මෙතනින් ගිහින් බලන්න. අද මම කියන්න යන්නෙ ගිටාරය (Guitar) වාදනය කිරීමට ඉගෙන ගන්නා අකාරය ගැනයි.මේ පෝස්ටුවේ කියන සියලුම කරුණු ඉතා හොඳින් මතක තබා ගැනීම වැදගත් යැයි මනාට හිතෙනවා. ගිටාරය ඉගෙන ගැනීම සම්බන්ධ සියලුම කරුණු මෙම තනි ලිපියෙන් විස්තරකිරිම කල නොහැකි දෙයක්. ගිටාරය සම්බන්ධ සියලු කරුණු මුල සිටම පොස්ට් කිහිපයක් මගින් ඔයාලට ගෙන්න තමයි මනා අදහස් කරගෙන ඉන්නෙ. අපි දැන් එහි මුලික කරුණු ගැන දැන ගනිමු.

මුලින්ම ගිටාරය යන සංගීත භාණ්ඩය ගැන කරුණු ටිකක් දැන ගැනීම වැදගත්. මෙය තත් භාණ්ඩයක්. ඒ කියන්නේ ගිටාරයක හඬ නිපදවෙන්නේ තත් කම්පනය කිරීම මගින්. තතක් කියල කියන්නෙ ගිටාරයේ තිබෙන ස්ට්රින්ග් (String) එහෙම නැත්තම් වයර් එහෙමත් නැත්තම් කම්බියකට කියල මතක තියාගන්නකො. සාමාන්‍යයෙන් ගිටාරයට තත් එහෙම නැතිනම් Strings හයක් තිබෙනවා. ඊට අමතරව තත් දොළහක් සහිත ගිටාරයන් ද ඇත. ගිටාරය කියල අපි පොදුවේ කිව්වට ගිටාර් වර්ග කිහිපයක් තියෙනවා.

1) විද්යුත් පරිපථයක් ආධාරයෙන් තත් කම්පනය කර හඬ නිපදවෙන ගිටාර්(Electric Guitar)
2) ස්වභාවිකව තත් කම්පනය මගින් හඬ නිපදවෙන ගිටාර්(Acoustic Guitar).

මෙහිදී Electric Guitar තවත් වර්ග කිහිපයකට මුලිකව බෙදන්න පුළුවන්.
1) Rhythm Guitar (රිදම් ගිටාර්)
2) Bass Guitar (බේස් ගිටාර්) (බේස් ගිටාරයට තත් හතර(4) , පහ(5) සහ හය(6) වශයෙන් තිබේ)
3) Lead Guitar (ලීඩ් ගිටාර්)

Acoustic Guitar අපි මුලිකව බොක්ස් ගිටාරය (Box Guitar) එහෙම නැතිනම් ක්ලැසිකල් ගිටාරය (Classical Guitar) ලෙස හඳුන්වනවා. සාමාන්යයෙන් ගිටාරයක් වාදනය කිරීමට ඉගෙන ගැනීමේදී මනාට අනුව නම් Classical Guitar (ක්ලැසිකල් ගිටාරය) මුලින්ම ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබ Rhythm Guitar (රිදම් ගිටාර්), Bass Guitar (බේස් ගිටාර්) හෝ Lead Guitar (ලීඩ් ගිටාර්) වාදනයට ඇල්මක් දැක්වුවත් ඒ සෑම දෙයකටම කලින් ඔබට box ගිටාරය වාදනය පිළිබඳව මුලික අවබෝධයක් තිබිය යුතුයි. එමගින් ඔබට ඉතා පහසුවෙන් මුලින් සඳහන් කල ගිටාර් වර්ග වාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇත.

සාමාන්යයෙන් ගිටරයන් වාදනය කරන ශයිලින් කිහිපයක් තියෙනවා. ෆ්ලෙමින්කෝ (Flamenco), ජෑස් (Jazz), බ්ලූස් (Blues) රොක් (Rock), පන්ක් (Punk), රෙගේ (Reggae) යන ශයිලින් මේ අතරින් විශේෂයි. ඒ ශයිලින් සම්බන්ධව අපි වෙනම පොස්ටු කිහිපයකින් කතා කරමු.

ගිටාරයක් වාදනය කිරීමට පෙර එහි තිබෙන කොටස් හඳුනාගැනීම ඉතාමත්ම වැදගත්.මුලින්ම අපි ගිටාරයේ තිබෙන කොටස් මොනවද කියල දැනගෙන ඉමු. පහත තිබෙන රූපය මගින් එම කොටස් හඳුනාගන්න.

1

ගිටාරය වාදනය ඉගෙන ගැනීමේදී එහි ස්වර පුවරුව (Fret board) ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ස්වර පුවරුවේ ෆ්රෙට්ස් (Frets) සහ පොසිෂන් මාක්ස් (Position Marks) ඇත. සාමාන්‍යයෙන් Acoustic ගිටාරයක පොසිෂන් මාර්කස් ස්වර පුවරුව මත ලකුණු කරන්නේ නැත. සාමාන්‍යයෙන් ගිටාරයේ ස්වර පුවරුවට ෆ්රෙට්ස් (Frets) 15ක් ඇත.ඊට වඩා ෆ්රෙට්ස් සංඛ්‍යාවක් ඇති ගිටරයන්ද තිබේ. පහත රුපය මගින් ඔබට මම කියන දෙය වැටහේවි.

2

3

ඒ වගේම ගිටාරයේ ඇති තත් හය තිබෙන පිළිවෙළ දැනගැනීමත් වැදගත්. එය පහත රුපය මගින් ඔබට ඉගෙන ගන්න පුළුවන්.

33

ලෝකයේ බොහෝ දෙනෙකුගේ හුරු අත දකුණත බැවින් මෙම පොස්ට් එක මගින් කියා දෙන කරුණු දකුණත් කරුවන් සඳහා වඩාත් යෝග්‍ය වේ. වමත හුරුඅත වුනු කෙනෙකු හට ගිටාරය වාදනය කිරීමේදී දකුනත්කරුවන් වාදනය කරන ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ක්‍රමයට ඉගෙන ගත යුතු වේ.

ගිටාරයේ ස්වර පුවරුව මත තබා ගන්නා අත වම් අතයි. මෙහිදී වම් අතේ ඇඟිලි අංක කිරීම දැනගැනීම ඉතා වැදගත් දෙයක්.ඇඟිලි අංක කරන්නේ මෙසේයි.

2345

ගිටාරය සුසර (Tune) කරන්නේ කෙසේද?

ගිටාරයේ ඇති තත් හය සංගීතයේ ඇති ස්වර දොළහේ ඇති ශුද්ධ ස්වර කිහිපයකට සකසා ගැනීම සුසර(Tune) කිරීම ලෙස හඳුන්වනු ලබයි.ගිටාරය සුසර කරන්නේ එහි ඇති තත් හය නිදහසේ ඇති අවස්ථාව(එනම් බින්දු වෙනි ෆ්‍රෙට් එක) සලකා බව මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්(එනම් තත් හය වම අතේ ඇඟිලි මගින් අල්ලන්නෙ නැති අවස්ථාවයි). ගිටාරය සුසර කිරීම සඳහා ගිටාර් ටියුනරයක් (Guitar Tuner) හෝ වෙනත් සංගීත භාණ්ඩයක්(විදුලි ඕගනය,තවත් සුසර කරන ලද ගිටාරයක් …) යොදා ගත හැකිය.

ගිටාරය සුසර කරන්නේ මෙහෙමයි.

34r01
මෙසේ ඉහත පරිදි ගිටාරය සුසර කරගත් පසු ස්වර පුවරුවේ ඇති දොළොස්වන(12) ෆ්රෙට්(Fret) එකේදී නැවතත් අපි ගිටාරය සුසර කරගත් බින්දු වෙනි ෆ්රෙට් එකේ තිබුණු ස්වර වලම උච්ච ස්වර ලැබෙන බවත් මතක තබා ගැනීම වැදගත්. ගිටාරය සුසර කරගත් පසු එහි තත් හය(6) මගින් ෆ්රෙට්(Frets) දොළහ පුරා ස්වර සැකසෙන ආකාරය ගැන අපි දැන් කතා කරමු.

ගිටාරයේ පළමු තත (1st String) සහ හයවන තත (6th String) සංගීතයේ “ග” (E) ස්වරයට සුසර කරගනු ලබන බව ඔබ දැන් දන්නවා. සංගීතයේ ඇති ස්වර පිලිබඳ අවබෝධයෙන් එම “ග” ස්වරයේ සිට දොළොස් වන ෆ්රෙට් එක දක්වා ඉදිරියට ස්වර විහිදී යන ආකාරය ඔබට දැන් තේරුම් ගැනීමට හැකියාවක් ඇත.
එලෙසම ඉතිරි තත් හතරත් එලෙසම දොළොස් වන ෆ්රෙට් එක දක්වා ඉදිරියට විහිදී යනු ලබයි. එය පහත රුපයෙන් ඔබට තේරුම් ගැනීමට පුළුවන් වෙයි.මෙහි 0 සිට 12 දක්වා ලා නිල් පැහැයෙන් පෙන්වා ඇත්තේ ෆ්රෙට් වල අංක පිළිවෙලයි.

7ghdy5

ඉහත රුපය මගින් පෙන්වනු ලබන ස්වර සියල්ලෙන්ම ශුද්ධ ස්වර පමණක් පහත රුපය පරිදි පෙන්විය හැකිය.

8

මෙම රුපය බැලුවම ඔයාලට සංගීතයේ ස්වර ස්වප්තකය තැන් කිහිපයකින් හොයා ගන්න ඔයාල ටිකක් උත්සහ කලොත් පුළුවන් වේවි. උදාහරණයක් විදිහට මේ පහත රුපය බලන්න.මෙහි කොළ පැහැයෙන් පෙන්වා දී ඇත්තේ ස්වර ස්වප්තකය ඇති පළමු ස්ථානයයි.

9fgtty7

දැන් ගිටාරය හා සම්බන්ධ මුලික කරුණු රැසක් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඇති කියල මනා හිතනවා. ගිටාරය යොදා ගනිමින් කෝඩ්ස්(Chords) වාදනය කරන නිවැරදි ක්‍රම ගැන අපි ඉදිරි පෝස්ට් කිහිපයකින් කතා කරමු. එතකන් මේ පෝස්ට් එකේ කියල තියෙන මුලික කරුණු හොඳින් අවබෝධ කරගන්න. ඒ වගේම මේ පෝස්ට් එකේ නොතේරෙන තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් පෝස්ට් එකකින් හමුවෙමු.ජය වේවා!!!
උපුටා ගැනීම – http://managepintharuwa.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල