සාහිත්‍ය කළා විචාර

රජතුමාගේ බෝල දෙක – King’s Balls

Off

ගොඩක් වෙලාවට පොදු අපේක්ෂකයා වෙන්නේ, අපේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාලු. හැබයි ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයට වගේම, මෙයාටත් සහෝදර පරම්පරාවක් ඉන්නවා. කොන්ෆර්ම් කරයින් පස්සෙ දාමුකෝ කොම්පැරිසොන් එකක්. ඔය හැම එකාම හිතාගෙන උන්නට, මහින්ද මහත්තයා තමයි රට පාළණේ කොරන්නේ කියලා, ඒවා පට්ට පල් බොරු. රට පාළණය කොරන දෙන්නෙක් ඉන්නවා.

එක්කෙනෙක් තමයි, රාජකීය දෛවඥ තැන්පත්, සිල්වත්, උගත්, නැනවත්, සුමනදාස උන්නෑහේ. අනික් කෙනා තමයි නින්දෙන් නැගිටලා ආපු රාවණා රජ්ජුරුවෝ. කවුරුත් දන්නේ නැති උනාට ඔය මහින්ද මහත්තය්ගෙ අතේ තියෙන රත්තරන් බෝලේ ඇතුලේ තමයි එයා ඉන්නේ.

විභීෂණ ඉන්නේ, නාමල් බේබිගේ පොඩි බෝලේ. සමාවෙන්න පොඩි රත්තරන් බෝලේ ඇතුලේ. ඉතින් සිරිසේන තියා, රනිල් තියා, සෝභිත තියා, ඔබාමා ආවත් වැඩක් නෑ, බෝල දෙක උස්සන්නේ නැතිව. බෝල දෙකක් තියෙන පොර තමයි, රට පාළණේ කොරන්නේ. හරි හරි සිරිසේන මහත්තයටත් බෝල දෙකක්ම තියෙනවා. ඒක මම දන්නවා මම කියන්නේ ඔය රත්තරන් බෝල දෙක..

මේ ගීය නන්දා මාලිනියගේ “යනවා නම් අනේ මං අරන්…” ගීයේ තාලයට ගයා සැනසෙන්න…

siri_21

එනවා නම් මෙහෙට රත්තරන්…
බෝලේ අරන් වරෙන් රත්තරන්..
එහෙම නැතුව රොත්ත එක්කරන්….
ආවට නෝ චෑන්ස් රත්තරන්…

අවුරුදු විස්සක්ම ඉඳලා.
බඩ පැලෙන්න කාලා බීලා.
නුවර එලියේ හෝටලයක් හදපු රත්තරන්….
මහවැලියේ වැලි ටික ගොඩ දාපු රත්තරන්…

එනවානම් මෙහෙට රත්තරන්…
20 ක්වත් ගෙනෙන් රත්තරන්..
බයියෝ නැතිව ටොයියෝ රෙඩි කරන්
පනිනවා නම් පනිමු රත්තරන්

බෝලේ නැතිව බලේ ගන්න.
ලේසි වෙන්නේ නෑනෙ ඔන්න.
ඒ හින්දා බෝලේ අරන් වරෙන් රත්තරන්…..
ඊට පස්සේ සුමනෙ එක්ක නටමු රත්තරන්….
– http://maathalan.blogspot.co.uk/ –

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල