සාහිත්‍ය කළා විචාර

පොදු අපේක්ෂක, අල් ජසීරා, ඩොලර් හා රුපියල් – Common Candidate, Al Jaseera, $ and Rs.

Off

මහින්ද රාජපක්ෂ මහත්තයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන්නේ, අපිට ආදරේට නෙමේය. මෛත්‍රිපාල මහත්තයා රජ සැප හැරදා පැමිණ සිටින්නේත්, අපට ආදරේට නෙමේය. මහින්ද මහත්තයාට ඕනා, බලේ තවත් වැඩි කර ගන්නය. මහින්ද මහත්තයා මේ සැරෙත් දින්නොත්, ඒකේ ඉන්න උන්ට වෙන්නේ, දැන් ඉන්නවාටත් වඩා බලු කුක්කන් වෙන්නය. දැන් වෙලා තියෙන්නේ දෙන දේ කා වෙන දේ බලාගෙන ඉන්නය. හැබයි ඡන්දෙන් පස්සේ වෙන්නේ කන්නත් නැතිව බකං නිලාගෙන ඉන්නටය. එයා හිතන්නේ රාජ පක්ෂයට ඕනම දෙයක් කොර ගන්න පුළුවන් කියලාය. දින්නොත් වෙන්නේ ඒ මතය තහවුරු වීමය.

මෛත්‍රිපාල මහත්තයාට ඕනා රටේ රජ්ජුරුවෝ වෙන්නය. ඔය ජනපතිකම් අහෝසි කිරීම්, දින්නාට පස්සේ හැම එකාටම අමතක වෙනවාය. එහෙම උන් අය අදටත් ජීවත් වෙලා ඉන්න නිසා, එකෙක්ටවත් බොරුය කියලා කියන්න බැරිය. එයා රනිල්ට ඇගමැති කම දෙනවා කියන්නේ දැනටමත් ඇක්සෙකටිව් පවර් හිතට අරගෙන ඉන්න නිසාය.

ඔය මොකා ආවත්, සාමාන්‍ය ජනතාවට ලැබෙන ලබ්බක් නැතිය. ජීවන මට්ටම උසස් කියා බැලූ බැල්මට පේනවාය. හැබයි ඒවා ඔක්කෝම, අර ඉස්සර, ගමට නයිස් බොම්බයි මුටයි අරන් එන, බොරු කකුල් කාරයා වාගේය. පොර බොහෝම අමාරුවෙන් යන්නේ බොරු කකුල් දෙකකින්ය. මේක මහා පුදුම වේදනාවක්ය. ඒකේ අමාරුව දන්නේ ගමේ පන්සලේ කඨින පෙරහරේ හරි, බොරු කකුල් දෙකක් දාගෙන ගිය එකාය. පොර සෙනඟ ඉන්න තැන්වල පොඩි ඩාන්ස් එකකුත් දානවාය. ඊට පස්සේ, නයිස් ටිකයි බොම්බයි මොටයි ටිකයි විකුණා ගන්න පට්ට ගේමක් දෙනවාය. ඩාන්ස් බලපු හැම එකාම බොම්බයි මොටයි කන්නේත් නැතිය. ඒ කාළේ, බොම්බයි මොටයි තියා, බත් ඩිංගක් කෑවේත් බොහෝම අමාරුවෙන්ය.

අද ඉන්න කොල්ලෝ ,කෙල්ලෝ ඩෙනිම් ටී ෂර්ට් ගහලා, ජෙල් දාලා, පුක ළොකු වෙන්න වොලට් දාගෙන ගියාට, අත්තම්මා පොලේ ගෙනිච්ච වේවැල් කූඩෙටත් වඩා ළොකු හෑන්ඩ් බෑග් කරේ දාගෙන ගියාට, ඒවායේ ඇති හුල්ලියක් නැත. කන්න හොයන්නේ අඩුම ගානට තියෙන තැනක්ය. ෆෝන් එකෙන් පෝන් කරාට. ඇපල් පෝන් වගේ පෙනුනාට, ඕවා ඔක්කෝම චීනාගේ දෙකයි පණහේ සෙල්ලම් බඩුය. උපරිම මාස දෙකයි තුනනයි. ඉතින් අතේ තියෙන සබ්බ සකල මනාවමයි, ලෝනුයි බෝනුයි ඔක්කෝම ගහලා තව එකක් ගන්නවාය.

ඉතින් සෙල්ලම් බඩු විකුණන උන්ටත් පට්ටම ආතල්ය. ණය උන උන්ටත් ආතල්ය. අජිත් නෙවාඩ් කබ්‍රාල්ටත් මාරම ආතල්ය. තියෙන්නේ පට්ට ආර්ථිකයක් කියා. මහා බැංකු වාර්ථවා කියා, පච කන්දරාවක් ලියා, ජනාධිපති තුමාට දීලා, රස්සාව බේරා ගන්නවාය. රජතුමා හිතන්නේත් ජනතාව සුඛිත මුදිත වෙලා, තව්තිසා දිවිය ළෝකේ, අම්මට සිරි ලංකාවේ පහළ වෙලා කියලාය. සපත්තු, සෙරෙප්පු, ඩෙනිම්, ටී ෂර්ට් වල තත්වයත් එහෙමය. නියම බොරු කකුල් කාරයෝය. දකින එකා හිතන්නේ, අම්මට බොල රටකට ගිය කළ කියලාය. ඉතින් නාකී ලොන්ත බඩු එක්ක බෙඩ් රගර් ගහන, සරත් අමුණුගමලාත් මේවා දැකලා අමන කතා කියනවාය.

මෛත්‍රීපාල උන්නැහේ එක්ක එනවාය කියපු සම හරක් උන්, ඊයේ ලොක්කා එක්ක ධාතු නිදන් කොරන්නයි, පාරවල් ඕපන් කොරන්නයි, මෙහෙයුම් කාර්යාල ඕපන් කොරන්නයි, ගිහිල්ලා ඉන්නවා දැක්කේය. මුන් බම්බු ගහනවාද යකෝ කියා අපිට හිතෙන්නේ, ඒ වෙලාවටය. 20 ක් එනවාය කිව්වාට ආවේ 9 ක්ය. 9 නපුරුය. කොහොම හරි, ඔය ආපු සෙට් එකත් එක්ක ගේමක් දෙන එකනම් අමාරුය. අනික තව ආවේ නැත්නම්. සිරිසේන, අයියෝ සිරිසේනම වෙනවාය.

මොකෝ…, අර පවර් එක එන්නේ නැති නිසාය. හරි නම් කොරන්න තිබුනේ, සප්‍රයිස් පෙන්නිල්ල පැත්තකින් තියලා, එන උන් රොත්ත බුරුත්තම අරගෙන ඇවිල්ලා, රජ්ජුරුවෝ සප්‍රයිස් කොරනා එකය. දැන් වෙලා තියෙන්නේ බාලගිරි යකාට වෙච්ච වැඩේය. අද බජට් එකේ එහෙම මොකක්ද ගේමක් දෙනවා කියා ගොසිප් එකකුත් යනවාය. හැබයි පුතේ, අද මුකුත් උනේ නැත්නම් වෙන්නේ, බම්බු ගහගන්නමය. මොකෝ ලොක්කාගේ සප්‍රයිස් එන්නේ ඩොලර් වලින් නිසාය.

ඔතන ඉන්න කැම එකාම ඔතන ඉන්නේ, රටට ආදරේටවත් අපිට ආදරේටවත් නෙමය. හැම එකාම ඉන්නේ හම්බ කොර ගන්නය. එහෙම කෙලින්ම කියන උන් ග්‍රේට් පොරවල්ය. ඉතින් රට හදනවා කියන එවා ඔක්කෝම වැල් බයිලාය. ආන්ඩුවේ උන් කියන්නේ, තානාපති කාර්යාලවල ඩොලර් නිසා, මෛත්‍රිපලලා මහ රජ්ජුරුවන්ට ගේම දෙන්න යනවා කියලාය.

අනික් උන් කියන්නේ, අපිට කෝටි 500 දීලා ඒ පැත්තට ගන්න යනවා කියලාය. අපි ඉතින් මුන් මාකට් වෙන ගනන් දැකලා, හූල්ල හූල්ල ටැලිවිසොන් දිහා බලාගෙන ඉන්නවාය. කෝටී 500 කියන්නේ, ඇමතිකම් කොරලාත් හම්බ කොරන්න බැරි ගානක්ය. ඒ නිසා අපිට දැන් බලාගෙන ඉන්න වෙන්නේ, දිනන්නේ කෝටී 500 ද, මෛත්‍රිපාල උන්නෑහේද කියලාය. මොකෝ ඕන එකෙක් විකිනෙන ගානක් තියෙන නිසාය.

අපි හිතාගෙන උන්නේ රජීව විජේසිංහ, හර්ෂ ද සිල්වායි කියන්නේ මොළේ තියෙන උන් කියලාය. බලාගෙන ගියාම උන් දෙන්නාටම, ආචාර්ය මර්වින් සිල්වාට තියෙන තරම් වත් මොළයක් නැති උන්ය. දෙන්නා එක්ක “අල් ජසීරා” එකේ ඉන්ටවීව් එකකට ගියේ, එන අනිත් එකා මොකාද කියලා නොදැන වෙන්න බැරිය. මහින්ද මහත්තයා හා සෙට් එක යුද්දේ විකුනන් කන බව දැන දැනත්, මේ වාගේ ඉන්ටවීව් වලට යන්නේ දේශපාළණේ කියන දේ අබ මල් රෙණුවක් වත් නොදන්නා නිසාය.

අනික මේ තීරණාත්මක ඡන්දයක් කටේ තියාගෙන, කොටියෙක් එන සාකඡ්චාවකට යන්න දෙසරයක් කල්පනා කරන්නම ඕනාය. දැන් මහින්ද මහත්තයා සහ එයාගේ වාචාලයෝ සෙට් එකටයි, මාළු වට්ටි අම්මාටයි, ඡන්දේ දිනන්න ඔය ඉන්ටර්වීව් එක ඇතිය. මොකෝ, ආන්ඩුව ඉන්ටර්වීව් එකේ උන ඇත්ත කතාව රූපවාහිනියේ වත්, නයි ටී ඇන් එකේවත් කියන්නේ නැතිය. උන් කියන්නේ හර්ෂයි රජීවී දෙන්නා කොටිත් එක්ක එකතු වෙලා, මහින්ද මහත්තයා, “හේග්” වලදි ,එල්ලා මරන්න යනවා කියලාය. ඡන්දේ දිනන්න ඕය කතාව හොඳටෝම ඇතිය.

කොටියා එහෙම කතාවක් කිව්ව එක ඇත්තය. ඒත්, රජීව කොටියාට බඩ යන්නම දුන්නේය. ඒක දන්නේ ඉන්ටවීව් එක බලපු එකෙක් විතරය. අපේ රටේ සාමාන්‍ය ජනතාව, “අල් ජසීරා” බලන්නේ නැතිය. උන් බලන්නේ රූපවාහිණියයි, නයි ටී ඇන් එකයිය. අල් ජසීරා අයිති කටාර් වල ඉන්න අරාබි කාරයන්ට උනත්, දැන් වැඩේ යන්නේ, බටහිර කුමන්ත්‍රණ කියාය. මොකෝ ඉන්ටවීව් එක කලේ සුද්දියෙක් නිසාය.

මෙහෙම එක එක තැනින් අහුලා ගත් ගෙම්බෝ දාගෙන කරන ඡන්ද කෙරුවාව කොහෙන් නවතියිද කියලා බලා ගන්න වෙන්නේ, ජනවාරි 8 වෙනිදාටය. විපක්ෂේ උන්ව එක තැනකින් මෙහෙයවා ගන්න හම්බ උනේ නැත්නම්, අපේ අහිංසක මෛත්‍රිපාලටත් වෙන්නේ, අර සරත් ෆොන්සේකා කියපු දේමය. මොකෝ අර නැගෙනහිර පලා බබාවත් දිනාගන්න බැරි, සීනී පැක්ටරියට කෙල උන වෙලාවේ, හොටු පෙරාගෙන අඬාපු දයා ගමගේ කියන බිස්නස් කරයාත්, පොදු අපේක්ෂකයා විදියට එයා එනවා කියා කියලා තියෙන නිසාය. ඒ බයිලා ඇහෙනකොට අපිට හිතෙන්නේ, මේක නියම මළ විකාරයක්ය කියලාය. කෙසේ වෙතත් අනාවැකි කියන්නට තවම කල් වැඩිය..

ඒ වගත් මෙසේය…

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල