කාලීන සංවාද

රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් – A mathematical analysis of Rajapaksites

Off

මුලින්ම මා ලංකාවට දුරකතනයෙන් කතා කළ වෙලාවක මගේ ඥාතියෙක් කියූ කතාවක් මෙන්න.

වසර හත අටක් තිස්සේ විශ්‍රාමික සුවයෙන් පසුවෙන ඇය ගමේ තවත් පිරිසක් සමග මෑතදී වන්දනා ගමනක් ගොස් ඇත. මට මතක විදියට සේරුවාවිල ප්‍රදේශය හරහා ගිය ගමණකි.

එහි දී ඔවුන් වැඳ පුදා ගත් යම් නටඹුමක් හෝ සිද්ධස්ථානයක් අසලදී ගමනට එක් වී සිටි තවත් පැන්ෂන් නෝනා කෙනෙක් මෙසේ පැවසුවේ ලු.

“අනේ ඉතිං දැන් දැන් ම මේවා වන්දනාමාන කර ගත්ත තරමක් තමයි. තව ටික දවසකින්ම මේවා අපිට අහිමි වෙනවානේ!”

“ඇයි ඒ?” මගේ ඥාතියා විමසා ඇත.

“නෑ, ඉතිං, දැන් ඉතිං මේවා ආයේ කොටින්ට දෙන්න නේ යනවා කියන්නේ!” පැන්ෂන් නෝනා ගේ පිළිතුර එසේ වී ඇත.

මේ කියන පැන්ෂන් නෝනා සේරුවාවිල බුදු පිළිමය පමණක් නොව මහින්ද රාජපක්ස නම් බොල් පිළිමය ද වන්දනා කරන්නියකි. ඇය මේ ඉදිරියට ගෙන යන්නේ ජනාධිපති ඡන්දයෙන් පැරදී ගෙදරට පල්ලම් බැස ගිය මහින්ද රාජපක්ස මෙගා ෆෝන්වලින් ගෙන ගිය ජාතිභ්‍රෂ්ඨ ප්‍රචාරයේ ම දිගුවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

* * *

දැන් මෙන්න අද ප්‍රස්තුත කතාව.

PointingFingersපසුගිය දිනයක මා වත්පොතේ සංසරණය වෙමින් තිබූ පහත කාටූනය මගේ කාලරේඛාව හරහා ද බෙදා හැරියෙමි.

මෙය හිටපු ජනාධිපති විසින් කරන ලද, වැරදි කළා යැයි මට ඇඟිල්ල දික් කරන්න බෑ යන ප්‍රකාශයට පිළිතුරක් ලෙස සාදන ලද කාටූනයක් බව එක්වරම පෙනේ.

කලින් දෙතුන් වතාවක දී ම සිදුවුණාක් මෙන් මෙවරද, අප මා මුලින් සඳහන් කළ ආකාරයේ බොල් පිළිම වන්දනාමාන කරන ඇන්ටිලා සහ අංකල්ලා කීප දෙනෙකුගෙන් මට විරෝධතා මතුවිය.

මා ඒ අයට කියා සිටියේ මෙයයි.
“ඔබ රැල කුමන මිත්‍යාවක ඇලී ගැලී සිටියද, මට නම් ම.රා. යනු ලංකාවේ සිටි දුර්දාන්තම පාලකයා ය. ඔහුගෙන් සදහටම මිදීමට ලැබීම මෑත ඉතිහාසයේ ලංකාවට සිදුවූ හොඳම දෙයයි.”
මෙයට පිළිතුරු ලෙස එක් ඇන්ටී කෙනෙක් උපහාසයට කියා තිබුනේ – “ඔව් මා ඔබ හා එකඟයි, ඔබ වැනි රටින් බැහැරව දිගු කලක් වෙසෙන අය ගැන එය සත්‍යයකි” – කියායි.

මා ඇයට මෙලෙස පිළිතුරු දුනිමි.
ඇන්ටී,

මා මෙවර ඡන්දය දුන්නේ ද නැත.

නමුත් මිලියන 6.2 ක ජනතාවක් ම.රා. එළවීමට ඡන්දය දුන්නෝය.

ඔබේ සැනසිල්ල පිණිස කියනවා නම්, පිටරට වෙසෙන්නන් අතර ද ඔබ වැනි ඒක න්‍යායේ පටු චින්තනයෙන් යුත් අය ඇති බව සඳහන් කරමි.

යුද්ධය මිස අන් කිසිවක් ගැන නොසිතන ඔබ වැන්නන්ට ම.රා. සදකාලික වීරයෙකි. වාසනාවක මෙන් මට නම් ඉන් ඔබ්බට ලෝකය පෙනේ.
මෙතැනට පැමිණි අංකල් කෙනෙක් මෙලෙස කීවේය.
“සමහර පුළුල් ලෙස හිතන්නන්ට ප්‍රභාකරන් මහතා ද වීරයෙකි. කන්න ඕනැ වෙනකොට කබරගොයාත් තලගොයා වීම යහපාලනය නම් වේ!”
මගේ පිළිතුර වූයේ මෙයයි.
“ප්‍රභාකරන් වීරයෙක් වන්නේ ද මා මුලින් කී ආකාරයේ ඒක න්‍යායේ පටු චින්තනයෙන් යුත් පිරිසකටමය. ඔවුන්ගෙන් සමහරු ප්‍රභාකරන් මළා යැයි විශ්වාස කරන්නේ ද නැත. හරියට ම.රා. නැවත එනතුරු බලා සිටින අය වගේ ම ය.”
අපේ විවාදයට යම් කිසි වැදගත්කමක් ලැබුණේ ඉන් අනතුරුව සබයට පැමිණි උගත් ඇන්ටී කෙනෙකු ගේ මේ කතාවෙනි.
අපි දන්නා කාලේ හිටං ලංකාවේ දේශපාලනය කොයිතරම් පහත් මට්ටමක තිබුනේ කියල ඔක්කොමල දන්නවනේ. අසුවේ හා අනුවේ දශකයන්ට සාපේක්ෂව මෑත ඉතිහාසය දිහා බලන්න වෙනවා. රසික ම.රා. ගැන විතරක් ඔය තරම් අකමැත්තක් තියන්නේ ඇයි කියල හිතාගන්න අමාරුයි.

මල්ටිපල් චොයිස් ප්‍රශ්නයක් අහල තියෙනවා, තෝරාගන්න උත්තර 4 ක් තියෙනවා.

රනිල් ද, චන්ද්‍රිකා ද, සිරිසේන වගේ මනුස්සයෙක් ද, රාජපක්ෂ ද?

2DGraphප්‍රශ්නය හදල තියෙන කිට්ටුවටවත් යන්නේ නැතුව, උත්තර වෙනස් කරන්න ශක්තියකුත් නැතිව, උත්තර දෙන්න නිල අයිතියක් (පුරවැසි කම) වත් නැතුව, අපි මෙහෙ හිටං බොරුවට තර්ක කලාට වැඩක් වෙන්නේ නෑ නේද? වෙස්ට් වල ඉන්න නායකයන්ටත් ඕනේ ඔය ඕනේ උත්තරයක්, රාජපක්ෂ ඇරෙන්න, මට නම් එකම ඇති හරි උත්තරේ තෝරාගන්න. මම දන්නා දේශපාලනේකුත් නෑ.
මෙන්න එයට මා දුන් පිළිතුර
මගේ බහුවරණ ප්‍රශ්ණ පත්තරේ දැනට පස් වෙනි විකල්පයක් තියෙනවා.

5. ඉහත එකක්වත් නොවේ

පසුව මෙය හයවැන්නට යවමින් පස්වැන්නට නමකුත් එනු ඇත.

අවංකවම කියනවා නම් මං රටේ ලොක්කාට කැමති වෙලා හිටියේ 1977-1980 සහ 1994-1999 යන සුළු කාලවල පමණයි.

අපි බොහෝ දෙනෙක් නොදැනුවත්වම ප්‍රශස්තය යැයි සිතන්නේ local optimum එකකුයි. මරා 2005 දී ඒ local optimum එකයි. ඔහු සැමදා සිටියේ global optimum එකට ඉතා දුරින්. පසුව, 2009 දී ඔහු තනිකරම ඍණ (negative) පැත්තට ගියා.

මරාවාදීන් ගේ මෝඩකම තමයි තව දුරටත් local optimum එකක්වත් නොවෙන ඔහුට global optimum යැයි දිගින් දිගටම රැවටීම.

පිලිම වැඳීම මට නම් කොහොමටත් අරහං. ඒ මදිවට මේ බොල් පිලිමයක්.

අවදිවන්න.
මගේ පිළිතුරේ දී මා උත්සාහ කළේ ගණිතයේ එන ප්‍රශස්තිකරණය නම් විෂයයේ ඇති න්‍යායයක් උපයෝගී කරගෙන ඇය ඉදිරිපත් කළ තර්කයට පිළිතුරක් දීමයි.

අප අවකලනයේ දී ද ඉගෙන ඇති ආකාරයට ද්වි විචල්‍ය ශ්‍රිතයක පවා උපරිමයන් කිහිපයක් තිබිය හැක. එනම්, පළමු අවකලන සංගුණකය ශුණ්‍යයට සමානවන සහ දෙවන අවකලන සංගුණකය ධන සිට ඍණ දක්වා වෙනස් වෙන ලක්‍ෂයන් කීපයක් තිබිය හැක. නමුත් සමස්ත උපරිමය බොහෝ විට ඉන් එකක් පමණි.

මා කියූ පරිදි ඉහත එකක්වත් නොවේ යන පිළිතුරක් ද තිබිය හැකි බව නොසිතා දී ඇති බහුවරණ පිළිතුරුවලින් එකක් තෝරා ගන්නා අය ඒ කරන්නේ අත ලඟ ඇති උපරිමයක් අල්ලා ගැනීමයි. එහිම ඇලී ගැලී වන්දනාමාන කරමින් සිටිනා කල් ඔවුන්ට සමස්ත උපරිමය කිසිදා සාක්ෂාත් කරගත නොහැකි ය.

අප කළ යුත්තේ දී ඇති බහුවරණ පිළිතුරු කිහිපයට ඔබ්බට ගොස් සමස්ත ප්‍රශස්තය ලඟා කර ගැනීමට උත්සාහ කිරීමයි.

ජයවේවා.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල