සාහිත්‍ය කළා විචාර

නිර්මාල් ඔබ නිවැරදියි – Nirmal, you are not wrong…

Off

මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන තර්කයන් තුල අපට දැක ගැනීමට පුළුවන.

මේ එම සටහනයි “මර්වින් සිල්වා මෛත්‍රී පිළට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සදහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුදගගයා මර්වින් නොවුනද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත්‍රෙය් පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය.”

කෙනෙක් එය නිෂ්ප්‍රභා කරණුයේ, මේ අවස්ථාවෙදී යක්ෂයා සමග හෝ එකතුව, මහින්ද රාජපක්ෂ ගෙදර යැවිය යුතුය යන තර්කනයේ සිටය. එය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ විය හැකි වූවද, නිර්මාල්ලාගෙන් පැත්තෙන් එය කිසි සේත්ම සාධාරණීකරණය කළ නොහැක. සෝභිත හිමියන් හා නිර්මාල් වැනි සිවිල් සමාජය නියෝජනය කළ පිරිස බලාපොරොත්තු වූයේ මෙය නොවේ. ඔවුනට මෙම සම්පූර්ණ ක්‍රමය පිළිබඳවම විවේචනයක් තිබුන අතර. ආන්ඩුවේ කිසිවකුගේ සහයෝගයක් ඔවුන් බලාපොරොත්තු වූයේද නැත.

මහින්ද රාජපක්ෂ මෙන්ම, ආන්ඩුවේ සියළු දෙනාම සොරකම දූෂණය හා නාස්තිය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරනා පිරිසක් බව, ඔවුන්ගේ මතය විය. ඔවුනගේ සතුරා වූයේ සමස්ත පොදු ජන එක්සත් පෙරමුණ මිස. එක පුද්ගලයකු නොවේ. එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන්, රතන හිමියන් පැමිණිමේන් පසු, එම සටන සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන්, පැහැර ගන්නා ලදි.

ඉන් පසුව, පොදුජන එකසත් පෙරමුණ තුලින්ම පොදු අපේක්ෂයා සම්ප්‍රාප්ත වීමත් සමඟ, එම සටන, නිර්මාණය කළ වුන්ගෙන් තනිකරම පැහැර ගන්නා ලදි. අද ඔවුන්ගේ වේදිකාවේ සෝභිත හිමියන්වත්, නිර්මාල්වත් නැත. මේ මජර පාළණ ක්‍රමය තුලින්ම බිහිවූ චෞර රාජිණියන් හා අවුරුදු දහයක් තිස්සේ ආන්ඩුව තුල සිට, සියළුම සැප සම්පත් විඳිමින්, එයට ආවැඩිමෙන් පමණක් නොනැවති, දිවි හිමියෙන් එය ආරක්ෂා කල වුන්, සියළු අසුන් අරා වැජඹෙති. එබැවින් පැත්තකට විසිවූ නිර්මාල්ලාට, තම ෆේස්බුක් අඩවිය තුලින් හෝ එවැනි අදහසක් නැගිය හැකි අතර. එය 100% නිවැරදිය.

මර්වින් සිල්වා වෙනුවෙන් පෙනි සිටින මාතලන්, මෙවන් තර්කයක් නගන්නේ කෙසේද යන්න සම හරක්ට විශාළ ගැටළුවක් විය හැක. මාතලන් මර්වින් වෙනුවෙන් පෙනි සිටින්නේ ඔහුගේ අවංක භාවය වෙනුවෙනි. මාතලන්ට අනුව දේශපාළණයේ සිටිනා සියල්ලන්ම අඩු වැඩි වශයෙන් මර්වින්ලාමය. එහෙත් මර්වින්ගේ මා දකිනා යහපත් ලක්ෂණය නම්, අනෙක් උන් මෙන් හොර රහසේ මදාවිකම් නොකොට, ප්‍රසිද්දියේ, වීඩියෝ කැමරා ඉදිරිපිටදීම සියල්ල සිඳු කිරීමයි.

අනෙක් උන් ගෝල බාලයන් ලවා කරනා වැඩ, මර්වින් කෙලින්ම තමන් ඉදිරිපත්ව කරයි. අනෙක් උන් ජනයාට හොඳ මුහුණු පෙන්වා, අනෙක් අවස්ථාවල කුණුහරුප වපුරද්දි, මර්වින් ප්‍රසිද්ධියේම කුණුහබ්බ කියයි. අනෙක් උන් හොර රහසෙ හොරකම් කරද්දි, මර්වින් තමන්ට රටවල් පහක නිවෙස් ඇති බව ප්‍රසිද්දියේම පවසයි. තමන්ගේ වාහන පිළිබඳව පමණක් නොව, තම ආදරණිය පුත්‍ර රත්නයේ වාහනය පිළිබඳව, නිවැරදි කරුණු ප්‍රසිද්ධියේ පවසයි. එබැවින් මර්වින් සිල්වා වැනි කෙනෙකුගේ වත්කම් බැරකම් ඉල්ලිමේ අවශ්‍යතාවයක්, මැතිවරණ කොමසාරිස්ට හෝ ඇතයි කියා මාතලන් සිතන්නේ නෑත

සොරුන් අතරත් හොඳ සොරුන් අතීතයේද සිට ඇත, රොබින් හුඩ් මෙන්ම සූර වීර සරදියෙල්ද, එවන් වූ හිත හොඳ සොරුන්ය. කැළණියේ ජනතාව මර්වින් සිල්වා ඉහලින්ම ඔසවා තබන්නේ එහෙයිනි. සම හරක්ට එය විශාල ප්‍රශ්ණයක් වූවද, මාතලන්ට එය විශාල ගැටළුවක් නොවන්නේ එහෙයිනි. මන්ද අන් පළාත් තුලද, බොහෝ විට මනාප වලින් ඉදිරියෙන් සිටින්නේ මර්වින් සිල්වලාමය

මෛත්‍රිපාළ පිළේ කෙනකුගේ කෝණයෙන් බැලුවද, මර්වින් සිල්වා, පමණක් නොව, චන්ද්‍රකා වැනි පට්ට ෆේල් නායිකාවන්ද, සෝමරතනලා වැනි අවස්ථාවාදියෝද, ඔවුන් වටා එක්වීමෙන්, ඔවුනට ලැබෙනා වාසියක් නැත. සිඳුවන්නේ අවාසියකි. ඔවුන් මතක තබා ගත යුතු කාරණය නම්, ඔවුන් ඉලක්ක කරනුයේ පාවෙන චන්ද දායකයන් නොව, එජාපයේ චන්ද කුට්ටිය බවයි. එහි ලක්ෂ 25 ක පමණ චන්ද ගොඩක් පවති.

මේ ක්‍රියාදාමයන් තුලින් සිඳුවන්නේ, එම පිරිසගේ මනාපය ඔවුනට අහිමිව යාමයි. ඔවුන්ගෙන් බහුතරයක් චන්දය ප්‍රතික්ෂේප කිරීමේ කන්ඩායමට එක් වුවහොත්, එහි අවාසිය සිඳු වන්නේ මෛත්‍රී පිලට මිස වෙන කිසිවකුටත් නොවේ. එබැවින් දේශපාළණයේ කට්ට කයිරාටික නායකයකු වන මහින්ද, ආන්ඩුවේ ජන අප්‍රිය චරිත බලෙන් හෝ මෛත්‍රි පිලට එක් කිර්‍රිමේ අවදානමක්ද ඇත.

ඒ අතර කටකතා තුලින් කියවෙනා පරිදි, බුද්ධික, ජෝන් හා හරීන් මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට එකතු වුවහොත්. යූ ඇන් පී ඡන්ද සුළි කුණාටුවකට අසූ වූවාක් මෙන් හතර අතේ පාවී යාමේ අවදානමක්ද ඇත. එබැවින්, මෛත්‍රිපාල සිරිසේන තම දෑත පමනක් පිරිසිඳු යයි කීමෙන් පලක් නැත.

සමාජය විසින් කළු බැටළුවන් ලෙස නම් කල පිරිස්, තම පිලට එකතු වූවද, ඔවුන් පෙරහරේ ඉදිරෙයෙන්ම ගෙනයාම විශාල අවදානමක් පවතින බව නොකියා සිටිය නොහැක. ඔවුන් ගමන් කල යුත්තේ, පෙරහර පිටුපසින් එන පොලීසිය හා මහජනතාවටත් පිටු පසිනි. වෙනසක් සිඳු වුවහොත්, මොවුන්ටද එම ආන්ඩුවේ මැති ඇමති කම් ලබා දෙනවාද යන්නත්, කලින්ම සඳහන් කරන්නේ නම්, එය මහජනතාව වෙනුවෙන් කරන්නා වූ යුතු කමකි.

මන්ද මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවනවා මෙන්, දෙශපාලුවෝ පිල් මාරු කරන්නේ රජුන් තැනීමට පමණක් නොව, තම හත්මුතු පරම්පරාවම ගොඩ දා ගැනීමට බව අප වන් ගොන් හරක් ජනතාව මෙන්ම, මේ රටේ අති මහත් බහුතර බුද්ධිමත් ජනතාවද හොඳින්ම දන්නා නිසාය.

එහෙත් නිර්මාල්ලා බලාපොරොත්තු වූයේ එවන් පිරිසක් නොවේ, ඔවුන් පෙනි උන්නේ යහ පාළණයක් වෙනුවෙනි. එම නිසා නැවතත් කිව යුතුව ඇත්තේ නිර්මාල්ගේ සටහන 100% නිවැරදි බවයි. නිර්මාල් ඔබට එය ප්‍රශ්ණ කිරීමේ සම්පූර්ණ හිමිකමක් ඇත. මේ සුළු කාළය තුල ඔවුනට ඔබව අමතක වූයේ නම්. බලයට පැමිණියහොත් සිඳුවනා දේ අප වන් හරකුන්ට දැන් සිටම “හරි පැහැදිලිය”.
– http://maathalan.blogspot.co.uk/ –

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල