සාහිත්‍ය කළා විචාර

අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? – Change is the only permanent thing!

Off

ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරිය.

ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු උපදෙස් මාලාවක් සති දෙකකට පමණ ඉහත දී මා මේ බ්ලොගයේ පළ කළෙමි.

වික්ටෝරියානු ප්‍රාත්තයේ මැතිවරණය අළලා ඕස්ට්‍රේලියාවේ ඡන්ද කෙරෙන හැටි ගැන කෙටි සටහනක් ද ලියූවෙමි.

ඊලඟට පලවූයේ ලංකාවේ ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයින්ගෙන් කෙරුණු ඉල්ලීමකි.

ඉතින් පෙර කීවා සේ “ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරි” බව අමුතුවෙන් කිව යුතු නැත.

ඡන්දය ගැන මුල් ආරංචිය ආ දා සිට අද දක්වා විවිධ මාධ්‍ය මගින් පළවූ දේ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට පනින අය ගැන පිළිබඳ පුවත් ය.

මේ සම්බන්ධයෙන් ලැබුණු එක් අළුත් පුවතක් වූයේ සිඩ්නි නගරයේ කලක් විසූවෙක් මෙන්ම අද ද විටින් විට මෙහි පැමිණෙන, ඒ සමගම සිඩ්නි නගරය අවට වෙසෙන සිංහල ජනකොටසේ සංස්කෘතිකමය අවශ්‍යතාවයන් සඳහා පුරෝගාමී මෙහෙයක් කළ සිනමාවේදී සෝමරත්න දිසානායක ගේ පිල් මාරුවයි.

කුප්‍රකට මැර දේශපාලකයෙකු වෙන මර්වින් සිල්වා ද පිල් මාරු කරන්නට යන්නේ යැයිද ආරංචියක් ඊයේ පෙරේදා පැතිරිණි. පොදු අපේක්‍ෂක දේශපාලනයේ යහපත උදෙසා එය වැලැක්විය යුතුය යනුවෙන් මතයක්ද ඒ සමගම පැන නැගී ඇත.

මගේ අදහස මෙයයි.

දේශපාලන අදහස් දැරීම යනු මානව හිමිකමකි. එසේම තම දේශපාලන අදහස් වෙනස් කිරීමද ඒ හා සමාන අයිතිවාසිකමකි.

මේ ඡන්දය පොදු අපේක්‍ෂකයා දිනන්නට නම් ලංකාව පුරා ලක්‍ෂ ගණනක් ඡන්දදායකයින් තම දේශපාලන මතය වෙනස් කළ යුතුමය. සත්‍යය එයයි.

ප්‍රශ්ණය වන්නේ ඊයේ ආණ්ඩුවේ දුෂණයට කරදුන් දේශපාලකයින්, ආණ්ඩුවට කත් ඇදි යම්කිසි මට්ටමක සිවිල් බලයක් හිමි අය, අද අදහස් වෙනස් කිරීමෙන් නොනැවතී කරන පිල් මාරුවලින් පසු ඔවුන්ට තමන් මේ දක්වා කර ඇති, දායක වී ඇති, හොරමැරකම් යටපත් කරගැනීමට හැකිවේද යන්නයි.

පසුගිය සමයේ දෑත් ශක්තිමත් කරන්නට ගිය සෑම අයෙකුම වාගේ මේ ආකාරයේ “ඩීල්” කාරයෝ බව කියවිණි.

මේ සම්බන්දයෙන් අපේ ස්ථාවරය පහත සටන් පාඨ දෙකෙන් කැටිකර දක්වමි.
අහෝසි කම්ම අහෝසි කරනු!
අංගුලිමාලලා නිවන් යන්නට පෙර මුලින් නඩු අසා හිරේ යවනු!
පැහැදිලියි නේද?

-රසිකොලොජිස්ට්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල