කාලීන සංවාද

මඤ්ඤං සමාජවාදය

Off

ලියන්නට තියා අදහසක්වත් දමන්නේ නැති යැයි හිතන මොහොතක, නිහඬව සිටීම වරදක් යැයි සිතු නිසා මේ සටහන ලියමි. පැහැදිලිවම මේ ඇතිවී තිබින්නේ ද්වන්ධ සටනකි. මේ සටන 1948 සිට මේ දක්වා පැවතුනු බව රහසක් නොවේ. මේ මැතිවරන ක්‍රියාකලාපය තුල (1948 සිට ) පෙනෙන්නට ඇත්තේ පක්ෂය සහ පක්ෂ නායකයා මූලික කරගත් මැතිවරන ව්‍යාපාර බව, මැතිවරන ඉතිහාසය දන්නෝ දණී.

වාමාංශික මූල බීජයන් සහිත පරිසරයක හැදි වැඩුණු මා වැන්නන්, වඩාත් ලිබරල් මානසික සිතුවිලි තුල යම් යම් අදහස් පලකරන්නේ, කන්නාඩි දෑසින් නොවන බවවත් හිතා ගත හැකිනම්, අප සියල්ලටම , නිවැරදි සංවාදයකට ගොඩ විය හැක. කන්නාඩි වෙනුවට, ඈත බලන උපකරන වඩාත් වැදගත් බව මම පෞද්ගලිකව හිතමි.

සමාජවාදය මඤ්ඤං යැයි හිතන්නට වැඩ සැලසුවේ කවුරුන්ද…..මෙය නිරන්තරයෙන් හිතට වද දෙන ගැටලුවකි. එදා යුරෝපයේ අධ්‍යාපනය ලත් උගත්, බුද්ධිමත් ලාංකික වාමංශික නායකයින් , ‘උපාධියත්’ සමග කොළඹට රැගෙන ආවේ, ලන්ඩනයේ එදා වඩාත් පහසුවෙන් ශිෂ්‍ය ප්‍රජාව වැලඳගත් මාක්ස්වාදි අදහස් සහිත චින්තනයන්ය. ඒ ඒදා තිබු පරිසරය සහ දේශපාලන වටපිටාවය. එය වැරදියයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් 1948න් පසු ඒ හා බැඳුනු සමාජවාදි චින්තනයන්ගේ, අතුරුපල , 2015 බැලට් පේපර් එක දිහා බැලූවිට , සමාජවාදය ගොඩ නගන්නට, බොක්කෙන් සහ බොක්කට යටින් ඇති අරමුදල් ගැන හිතන ,මඤ්ඤං වාමංශිකයන්ගේ කෙරුවාවල් දෙස නිරීක්ෂනය කෙරුවීට පැහැදිලිවේ. මම සමාජවාදය පිලුකුල් කරන්නෙක් නොවේ. නමත් සමාජවාදය ගැන ලියන්නට පෙර, ඒකාධිපතිත්වය එක් පොරෝ පහරඉන් කපා දැමිය යුතු යැයි සිතන කුඩා මිනිසෙකි.

මේ වනවිට එක්සත් සමාජවාදි පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරියත්, පෙරටුගාමින් වෙනුවෙන් දුමින්ද නාගමුවත්, නව සමසමාජ පක්ෂය වෙනුවෙන් සුන්දරම් මහේන්ද්‍රනුත්, සමාජවාදි සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිරිවර්ධනත් නාමයෝජනා බාරදි අවසන්ය. තවත් නාමික සමාජවාදින් ඔය තුල ඇති යැයි සිතමි. මේ දියාරු සමාජවාදය තවදුරටත් පවත්වාගත හැක්කේ කෙලෙසෙද? නොයෙකුත් න්‍යායික මත ගැටුම් තුලින් පොදු වමක් ගොඩ නගා ගැනීමට බැරි මෙවන් මිනිසුන්, හුදු පොතේ ගුරු අවස්ථාවාදි ප්‍රචාරක සටන් ගෙනයමින් පවති. එකෙක් පොදු වමේ අපේක්ෂකයා යැයි කියනාවිට, තවකෙක් තව න්‍යායික කාරනයක් මත ඔහු පොදු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි. රටක හෝ සමාජයක පොදු යැයි කිවහැක්කේ, එක් නිශ්චිත කාරනයකට ගොනු වීම තුල පමනි. මා දකිනා ‘පොදු’ අරමුන වන්නේ, ඒකාධිපතිත්වය සහ රජ මානසිකත්වය පැරදවීම යන අරමුණ මිස අන් කිසිවක් නොවේ. පරාජය කල යුත්තේ සහ බිය නොවිය යුත්තේ ඒ අරමුන වෙනුවෙනි.

ලියන්නට සහ කියන්නට බොහෝ දේ ඇත. අද දවසේ ප්‍රවෘත්ති තුලින්, හෙට දවසේ බ්ලොග් ලියනවානම්, එය වාර්තාකරනයක් මිස, බ්ලොග් ලිවීමක් යැයි මම නොසිතමි. මගේ අදහස වැරදි විය හැක. නමුත් බ්ලොග්කරුවා, වාර්තාකරුවකු නොවිය යුතු බව, මගේ අදහසයි. අප මතු කරග යුතු වන්නේ, තම තමන්ගේ මතයන්, නිවැරදි ස්ථානයන් තුලට ගොනු කර , එකතුකර, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඉඩ සලසා ගැනීම හැර, මා නිවැරදියි, නුඹ වැරදියි යන පටු චේතනාවන්හී කොටස් කාරයන් වීම නොවන බව, ආධුනික බ්ලොග් කරුවෙක් ලෙස මම හිතන්නෙමි. ආධුනිකවූ පමනින් , මගේ මතය ඉදිරිපත් කිරීමට මම කිසිවිටෙක පසුබට නොවන්නෙමි.

පටන් ගත් ලෙසම අවසන් කල යුතු නිසා, නැවතත් කිවයුතුව ඇත්තේ, මූලික අවශ්‍යතාවය පිලිබඳවය. ඒ නම් නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදයක, මූලික අවශ්‍යතාවයවූ නිදහසේ හුස්ම ගැනීමය. ඒ හුස්ම යනු, යුද්ධය අවසන් කිරීම පමනක් නොවේ. හුස්ම ගැනීම පමනක්, ජීවිතය යැයි සලකන්නේ,වායු ගෝලයේ ඉතිරිව ඇත්තේ ඔක්සිජන් පමනක් ඉතුරුව ඇතැයි හිතන අවස්ථාවාදි මිනිසුන් පමනය. කාබන්ඩයොක්සයිඩ් යනු හුස්ම ගන්නා මිනිසුන් නැවතත් පිට කරනා ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් එක් වායුවක් බව මතක තබා ගත යුතුවේ. ලියන්නට ගත්තේ මඤ්ඤං සමාජවාදය ගැනය. අවසන් කරන්නේ මඤ්ඤං ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. ඒකාධිපතිත්වය තුල දිවිහිමියෙන් හෝ පලමුව ගොඩා නගා ගත හැක්කේ , ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අගයන් මිස, සමාජවාදයේ උස් අරමුනු නොවන බව මගේ ලපටි මතයයි. මේ වියරු පාලකයින්ගේ අඥාන මානසිකත්වයට අභියෝග කරමු. ඒ අන් කිසිවක් නිසා නොව, මඤ්ඤං නොවන මහජනයාගේ අයිතිය එය නිසා බැවින්ය.

අකුරු දෝෂ බොහොමයි. ගණන් ගන්න එපා. හකුරු වගේ තමයි, රස වැඩි අපි වගේ අකුරු නොදත් උදවිය, පොකුරු පිටින් ලියන්න එකතු වෙනකොට. අකුරුත් හකුරු වෙනවා. ඒ තමයි පුරවැසියා අකුරු ලියන දවස!!!!

උපුටා ගැනීම – https://arugeadaviya.wordpress.com

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල