කාලීන සංවාද

පරාක්‍රමභාහූ කොළඹ ඇවිත්. – King Para in Colombo

2

හලෝ…. හලෝ… මාතලන්ද…?

ඔව් ඔව් එයා තමයි..

මචං මාතේ මම පරා…

ඉතින් කොහොමද පැරා.. ?එදා කතා කරන්නත් බැරි උනා..

කොහේදීද පොළොන්නරුවෙදිද…? ඇයි බං එදා මම උඹ එක්ක විතරය…, සුද්දයි සුද්දියි එක්කත් කතා කලේ..

මොකා.. කව්ද මේ..?

මම පරා මචං…., පරාක්‍රමභාහූ..

හුකා…, මම හිතුවා මේ අපේ බොග දාන පැරකුම් ජයසිංහයා කියලා.. ඉතින් කොහොමෙයි…? මොකෝ මේ හදිසියේ කෝල් කලේ….?

මම මාතේ කොළඹ ආවා.. කොටුව ස්ටේෂන් එක ළඟ ඉන්නේ..

එතකොට අර උපවාසේ කරන්නේ ඔබ තුමාද..?

නෑ… නෑ…, ඒ වෙන කොහේද යන පිස්සෙක්.. ඉක්මනට වරෙන් බං.. උඹ කිව්වේ කොළඹ ආවොත් කෝල් එකක් දෙන්නය කියලා..

හරි හරි මං සුරුස් ගාලා එන්නම්..

විනාඩි 10 කට පසු..

අම්මට හුඩු ඩෙනිමක් ගහලා අඳුනනත් බෑ… හල්ක් හෝගන් කට් එක නැත්නම් අඳුනන්නම බෑ…. කෝ ගස්ලබු පලුව..?

ඒක කාක්කෝ කන නිසා පොත් ගුල් විහාරේ අස්සේ හංගලා ආවා.. ආයේ ගිහින් උස්සගෙන ඉන්න එපාය..

ඒක හොඳයි… මෙතන කතා කර කර ඉන්න බෑ… අපි යමු ඩච් හොස්පිටල් පැත්තේ..

එතන ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන්ද…?

එතන නම් බෑ…

එහෙනම් වෙන කොහේ හරි යං…

මොනවද ගහන්නේ…?

මොනවා හරි කමක් නෑ ෆොරින් එකක්.. ලෝකල් ගහලම එපා වෙලා ඉන්නේ මාතේ..

ඉතින් පින්වත්නි…, පරයි මාතලනුයි, මාතලන්ගේ ෆේවරිට් ඉස්පොට් එකක සෙට් උනා..

කොහොමද මාතේ අපේ පොර.. වැඩේ හොඳට කරගෙන යනවද…?

අනේ මන්දා…., පත් කරපු උනුත් කියන්නේ මෙළෝ රහක් නෑ කියලා.. අර ඔබ තුමාගෙන් පස්සෙ ආවේ නිශ්ශංක මල්ල කියලා බුවෙක්… ආන් එයා වගේ, මෙයා කලින් එක්කෙනා ෆිනිෂ් කරපුවා ඕපන් කරනවා… ෆොරින් ටුවර් යනවා… ඇවිල්ලා සද්දේ වහලා මීයා වගේ ඉන්නවා… ඇතුලේ උන් මරා ගන්නවා…

මාත් දැක්කා ඒක නම්…, මරාව ගන්න ආයේ හෙන ගේම් එකක් යනවා නේ.?

මරා ගන්නවා කිව්වේ ඒක නෙමෙයි රජෝ.. ඇතුලේ එකසිය ගානට කචල්..

එකසිය ගානට කචල් යන්නේ අර දින එකසීයේ කේස් එකට වෙන්ටෑ.. ඒකේ තත්වේ කොහොමෙයි මාතේ..?

ඒකත් මේළෝ රහක් නෑ රජෝ..

දින 100 න් කොහෙද රටක් හදන්නේ.. මටත් අවුරුඩු 33 ක් කරලා හදන්න බැරි උන එක..

ඒකනේ රජෝ…, මෙයාලා ඉල්ලගෙන කෑවේ ඔය සීන් එක නිසාම තමයි.. මොකෝ මෙහේ උන් ටාගට් වලට වෙලාවට වැඩ කරන උන් නේ.. උන් කැමති නෑ කියපු වෙලාවට ගේම දුන්නේ නැත්නම්.. අදිනවා ලෙඩේ..

අපේ පැත්තේ පොර නිසා අනාගන්න කොට මගෙත් හිතට අමාරුයි.. මොකෝ මාතේ උනේ ඇත්තට..?

උනේ මක්කත් නෙමෙයි.. කියපු එකක්වත් කරේ නැති එක.. පැස්ටෝල් අඩු කරා තමයි.. ඒත් ඉතින් පැස්ටෝල් බොන්න කියලය.. තුන් වේලට බත් කන හර්ක්ට, ඇමරිකන් පිටි අඩු කරලා පාප්ප කන්නය.. තුන් වේලට රොටි කන උන් නම් මනාප ඇති.. ඒත් ඉතින් බහුතර බුද්ධිමත් ඡන්ද දායකයෝ ඒවලින් අන්දන්න බෑ…

බිලියන 400 ක් හිඟා කන්න ගිය එකත් අවුල් නේද මාතේ.. බටහිරින් ඩොනේෂොන් හම්බ වෙනවා කිව්වෙත් ඔය ඉකොනොමික් උස්තාද්ලා නේද..?

මෙහෙමනේ රජෝ.. රනිල් උන්නැහේගේ කට්ටිය පොත් කාරයෝ..

ඉතින් කලින් හිටපු උනුත් එහෙමනේ..?

නෑ නෑ ඒ ජාතියේ පොත් මෙයාලා දන්නේ නෑ.. ඒකත් එක හේතුවක්.. පොත් කාරයෝ කිව්වේ මෙයාලා ඇවිල්ලා ඔය සුද්දෝ ලියපු ඉකෝන් පොත් කට පාඩම් කරලා ඒ රටවල් වල අවුරුදු 300 -400 ක කාලය්ක් තිස්සේ ඩිවෙලොප් කරපු මෙතඩ් මෙහේට් එක පාර ඇප්ලයි කොරන්න යනවා. ඉතින් නානවා…

එහෙනම් මොකක්ද මාතේ වෙන්න තිබුනේ..?

මෙහෙමනේ රජෝ…, ඔය රෙජීම් තිබුන රටවල් වල රෙජීම් එක හොඳින් හෝ නරකින් විසි උන ගමන්, ඒ රටවල් ඔක්කෝම කඩා ගෙන වැටුනා. මෙහේ උනෙත් ඒකයි.

ඒ කොහොමද එහෙම වෙන්නේ..?

මේකනේ රජෝ. ඔය රටවල් වල රෙජීමයයි රෙජීමයට සම්බන්ධ උනුයි ඔක්කොම එකතු වෙලා කරන්නේ බ්ලැක් මනී වයිට් වොෂ් කරන එක… මෙහේ ඉකොනොමි එකෙන් 50% කටත් වඩා තිබුනේ බ්ලැක් මනී..

ඒ මොන මල හත්තිලව්වක්ද ඒ..? බ්ලැක් මනී…, මම දන්නේ ඉතින් ගෝල්ඩ් මනීනේ.. තා චයිනීස් මනී, ඇරබ් මනී ගැන දන්නවා උනාට බ්ලැක් මනී අහලා තිබුනේ නෑ.. කොහෙද ඒ ඇෆ්‍රිකාවල සල්ලිද..?

ඊටත් වඩා කළුයි.. ඔය වෙලේ සුදාලගේ ඉන්ටර්නැසොනල් බිස්නස් වලින් එන එවා වගේ ඒවට තමයි බ්ලැක් මනී කියන්නේ..

අම්මපා වෙලේ සුදාට මොකෑ උනේ.. ?

මොකුත් නෑ කේ පී වගේ ආතල් එකේ ඉන්නවා… බලාගෙන ගියාම ඌ මුකුත් කරලා නෑ…. හිටපු පොලිස්පත්හොරු, ඇමතිහොරු, මන්ත්‍රිහොරු, නිලියෝ තමයි ගේම දීලා තියෙන්නේ..

මම හිතුවේ නිලියෝ කියන්නේ රඟපාන අයට කියලා.. බලාගෙන ගියාම එයාලා කුඩුත් විකුනනවනේ..

අපෝ ඒක මොකක්ද…? ඊට වඩා ගේම් දෙන අය ඒ ගොල්ලෝ..

ඒ කිව්වේ..?

දත් ගලවන්න හරිම සූරියෝ..

ඩෙන්ටිස්ලද..?

ඒ වගේ තමා.. ගොඩක් උන්ට ලක්සිරි එපාට්මන්ස් තියෙනවා.. එකක් කෝටි තුනයි හතරයි..උන් සල්ලි දීලා ගත්ත ඒවා නෙමෙයි.. ස්ත්‍රී නිමිත්තේ ඇස්චර්යේ අයිබෝං.. රජවරු, කුමාරවරු, නිලමෙවරු, ඇමතිවරු, තෑගී දීපුවා…

ඒක ඒ තරම් වටිනවද මාතේ..? මගේ ගාවත් හිටියේ ඕන තරම්

ඒ… ඒ කාලෙනේ.., දැන් එහෙම තගරියෙන් තියාගෙන ඉන්න බෑ…

එහෙනම් අර 16 කෑල්ලක් තගරියෙන් අරගෙන ගියා කියලා අම්මයි තාත්තයි අඬන්නේ එකසිය ගානට..

ඒ උනාට කෑල්ල කියනවනේ, එයා කැමැත්තෙන්ය ආවේ කියලා.

හරි හරි කීයද ඕකේ වැලියු එක..

ඒක ඩිපෙන්ඩ් වෙනවා රජෝ.. කුමාරයෙක් ගාව හිටපු එකකට…, මාසෙකට රන් කහවනු ලක්ෂ 45 ක්ම දීලා තියෙනවලු..

අම්මට හුඩු….!!! එච්චර ගානක් අරක රත්තරන්ද දන්නේ නෑ…!!!

ඒකනම් අහගන්න වෙන්නේ වැලිඅමුනගෙන් තමයි.. මම අහලා කියන්නම්..

ඉතිරි කොටස පසුවට..

-http://maathalan.blogspot.co.uk/2015/04/king-para-in-colombo.html

Related Posts

2 Comments

    • editor April 8, 2015 at 10:18 am - 

      ස්තුතියි. වෙනස් කලා

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල