විශේෂ

නෙලුම් යායේ ප්‍රථම ප්‍රකාශනය

Off

නෙළුම් යාය සහ ශ්‍රී ලංකා බ්ලොග් සංසදය විසින් ඉදිරිපත් කරන ප්‍රථම ප්‍රකාශනය  ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියන ලද පල නොවූ නිසඳැස් සහ කවි ග්‍රන්ථයක් ලෙස පල කිරීමට තෝරා ගෙන තිබේ. ප්‍රේමකීර්ති  ද අල්විස් 1947 ජුනි 3 වන දින  උපත ලද අතර මරදාන මහා විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනීම ලැබුවෙකි.

1967 වසරේ එවකට රේඩියෝ සිලෝන් හි නිදහස් නිවේදකයකු වශයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් ලද ඔහුට එම ආයතනයේම ස්ථිර නිවේදකයකු වශයෙන් 1971 වසරේ ජුනි මස පත්වීම ලැබුණි. ඉන් පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේත් රුපවාහිනී  සංස්ථාවේත් නිවේදකයෙකු මෙන්ම ජනප්‍රිය වැඩ සටහන් නිෂ්පාදකයෙකු  ලෙස කටයුතු කල ඔහු ඉතා ජනප්‍රිය වුයේ ගීත රචකයෙකු වශයෙනි.

1989 අවුරුද්දේ ජුලි 31ද හතලිස් දෙවැනි වියේ දී කිසියම් කණ්ඩායමක් අතින් ඔහු ඝාතනයට ලක් විය.

නෙළුම්  යායේ මෙම ප්‍රථම ප්‍රකාශනය ඔහුගේ 26 වන ගුණානුස්මරණය යෙදෙන ජුලි 31 වැනි දින ඔහු ඝාතනයට ලක් වූ හෝමාගම  කටුවන ප්‍රදේශයේ එළි දැක්වීමට නියමිතය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල