සාහිත්‍ය කළා විචාර

අන්තරේට කඳුළු ගෑස් – රාජකීයට ටැබ් – ඇත්තටම රනිල්ට පිස්සුද

Off

අන්තරේ ගුටි කන්න පෙළපාලි යාම වැරදි බවත්, අරගල ක්‍රම වෙනස් කල යුතු බවත් කියා කට ගත්තා විතරය. රනිල් සිසුන්ට කඳුළු ගෑස් දීමට අමතරව තවත් අංඤ කොරොස් කතාවක් ද කියා තිබේ. ඒ පාසල් සිසුන් සඳහා ටැබ් ලබා දෙන බවත් මුල් අදියරේදී රාජකීය විදුහලට ටැබ් 1000ක් දෙන බවත්ය. (යොමුව ලංකා ඩේලි ).
එක්කෝ රනිල්ට පිස්සුය. එහෙම නැත්නම් රනිල්ට උපදෙස් දෙන අයට පිස්සුය.

මා උගත්තේත් රාජකීය විදුහලේය. උගත් විදුහල් මාතාවට ගරු කිරීමේත් එයට නොයෙකුත් පහසුකම් හැකි ආකාරයෙන් ලබා දීමේත් ගැටලුවක් මට නැත. එය සතුටට කාරණයකි. බොහෝ අය පෞද්ගලිකවද තමන් උගත් විදුහල් වලට හා එහි නවක සිසුන්ට උදව් කරති. රාජකීය විදුහලේ නොයකුත් වසර වල උගත් කණ්ඩායම් 82, 83, 84 ආදී වශයෙන් මේ උදව් කරති.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අමතක කරන්නේ ඔහු අගමැති වුයේ රාජකීය විදුහලට හෝ කොළඹට පමණක් නොව මුළු රටටම බවය. අන්තරේ සිසුන් කපා ඇති මහපොළ සහනාධාර ඉල්ලා පෙළපාලි යද්දී එයට කඳුළු ගෑස් ගැසුවේ රනිල්ගේ උවමනාවට විය හැකිය. සිසුන් රජයේ හෝ පුද්ගලික දේපලට හානි නොකරන තාක් කල් පොලිසියට ඔවුන්ට කඳුළු ගෑස් ගැසීමට හෝ බැටන් චාර්ජ් කිරීමට හේතුවක් නැත. සිසු ඉල්ලීම් මොනවාද යන්න ගැන පසන් ජයතිලක ලංකානිව්ස්වෙබ් හි ලියු ලිපියක දක්වා ඇත.


එසේ වුවත් රනිල් සිසුන් ඉල්ලා සිටින සහන වලින් කිහිපයක් හෝ ලබා නොදී ටැබ් ලබා දීමට කතා කරයි. ඇත්තෙන්ම අප විසින් බ්ලොග් හා පුරවැසි ජන මාධ්‍ය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන අවධියක ටැබ් ලබා දීම පැසසිය යුත්තකි. නමුත් රාජකීය විද්‍යාලයටම නොවේ. එසේ නම් තෝරාගත් විදුහල් කිහිපයකට එය ප්‍රදානය කල හැකිය. නො එසේ නම් තෝරාගත් විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකුට ප්‍රදානය කල හැකිය. එසේත් නැතිනම් මහජන පුස්තකාලය, හා අනෙකුත් විශ්ව විද්‍යාල වල පුස්තකාලවල තබා පොදු ප්‍රයෝජනය සඳහා භාවිතයාට ගැනීමට පුළුවන.
රනිල්ට ඔහු දෙනවා යයි කියන මේ ටැබ් රාජකීය විදුහලට මුලින් දීමට පොරොන්දු වීම සම්බන්ධයෙන් කිසිම සාධාරණ හේතුවක් මට නොපෙනේ.
1977 ජේ ආර් ජයවර්ධන මහතා චන්දය දිනු පසු රාජකීය විදුහලට පැමිණියේය. එතැන රනිල්ද තරුණ ඇමතිවරයෙකු වශයෙන් සිටියා මතකය. ලලිත් ඇතුලත්මුදලිද සිටියේය. ජේ ආර් කලේ අපට (රාජකීය විදුහලට ) දින තුනක් නිවාඩු දීමයි. එය ඔහුගේ අතින් පයින් වත් රටේ ජනතාවගේ බදු මුදලින් යන්නක් වත් නොවේ. ලලිත් ඇතුලත්මුදලි නමැති ආදී රාජකියයා මහපොළ ඇති කර දිළිඳු සිසුන්ට උදව් කළේය. දැන් මේ රජය එය කප්පාදු කරනවා යැයි චෝදනාවක් පවතී.
රනිල්ට චන්ද අවශ්‍ය නම්, ජනතා සහයෝගය අවශ්‍යනම් කල යුතුව තිබුනේ ආදී රාජකීයයෙකු ඇති කල මහපොළ ශිෂ්‍යත්වය වැඩි කරනවා යයි කීමය. නැතිව මිනිසුන්ගේ බදු මුදලින් තමන් උගත් පාසලට ටැබ් ලබා දීම නොවේ.
රාජකීය විදුහල් ශිෂ්‍යන්ට ටැබ් දුන්නා කියා ඔවුන්ගේ දෙමාපියන්වත් රනිල්ට චන්දයේ දේ යයි සැක සහිතය.

-අජිත් ධර්මකීර්ති

http://kolambagamaya.blogspot.co.uk/2015/04/blog-post_8.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල