කාලීන සංවාද

කම්මුල

Off

බැඳපු ජෝඩුවක් දවසක් – ගමනක් යන අතරතුරේ
ගමන්කරපු රථය හැපුනි – තවත් රථයක

සැමියට සුලු තුවාල මුත් – බිරිඳගෙ මුහුණට මේකෙන්
ඉතා භයානක විලසින් – හානි වුණාලූ

සැත්කමකට ලක් කරලා – මුහුණ නැවත සකසන්නට
සමක් බද්ධ කරන්නටයි – සිදුවී ඇත්තේ

එනමුත් ඇය කෙට්ටු නිසා – කිසිසේත්ම ඇගේ ඇඟේ
කිසි තැනකින් සමක් ගන්න – නොහැකි වුණාලූ

සැමියා හට දුක සිතිලා – ඔහුගෙ ඇඟේ යම් තැනකින්
සමක් ගන්න පුලුවන්දැයි – බලන්න කිව්වේ

දොස්තර ඔහු පිරික්සලා – අන් තැන්වල සමට වඩා
තට්ටම් වල සම සුදුසුය – කියා දැනගතී

සැත්කම ගැන සියලු කරුණු – සැමියා සහ බිරින්දැ හැර
දොස්තර මහතා පමණයි – දැනගෙන සිටියේ

එය නිසිලෙස අවසන් වී – දෙමාසයක් කල් ගතවී
වෙලුම් ලෙහා බැලූ කලට – පුදුමයකි අනේ

බිරිඳගෙ මුහුණේ තිබුනේ – කිසිකලකත් නොවූ විරූ
කඩාහැලෙන ලස්සනකිය – සැම සිත් බඳිනා

නෑදෑයින් යාලුවන්ද – දකින දකින සියලු දෙනා
ඇයගෙ අලුත් රූ සිරියයි – නිතර ඇගයුවේ

ටික කලකට පසු දවසක් – රෑ යහනේ සිටිනාතර
ඇය සැමියා අමතාලා – මහත් ආදරෙන්

“රත්තරනේ මා වෙනුවෙන් – ඔබ කලදෑ සියල්ල ගැන
ජීවිතේට මට බැරිවෙයි – ණය ගෙවන්නට

මා කුමක්ද කල යුත්තේ – ඔබ කල ඒ කැපවීමට
කළගුණ සැලකීමට හැකි – අයුරු කියන්න”

“අනේ සුදූ ඇයි ඒ ගැන – හිතමින් ඔබ ලතවෙන්නේ
නැවත නැවත එපා යලිත් – සිතා තැවෙන්න

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල