කාලීන සංවාද

වැලි රාජුගේ මරණයට රජය වග කිව යුතුය (23+) – Government is responsible for the death of Priyantha Siriseana

Off

අම්මට සිරි ලංකාවේ ආතල්ප්‍රිය ජනතාව මේ දවස්වල ආතල් ගන්නේ මරණයක් නිසාය. බුකියේ, මරණවලටත් ලයික් දාන රටේ, මරණෙකින් ආතල් ගන්නා එකත් මහ දෙයක් නෙමේය. මට පුදුමේ අයිස්චර්යේ උන්, පාර පුරා කිරිබත් උයා දන්සල් නොදුන්න එකටය. මොකෝ ප්‍රේමදාස උන්නැහේ ආමර් වීදියෙන් නිවන් ගිය වේලෙත්, පිරිබාහරන් උන්නැහේ නන්දිකඩාල් වලින් නිවන් දැකපු වේලෙත්, එහෙම ආතල් ගත්ත උන් නිසාය. පිරිබාහරන් නිවන් ගිය වෙලාවේ කිරිබත් කාපු උන්, ඊට පස්සේ පරිප්පු කන කොට නම් කිව්වේ, මැරෙන්න ඕනා උන් ජීවත් වෙද්දි, මළේ ඕනම එකා කියලාය.

වැලි රාජුගේ මරණය ගැන වැඩිපුරම විවේචන එල්ල වන්නේ, එයාගේ අයියා කෙනෙක් වන අපේ ජනාධිපති ලොක්කාටය. මාතලන්ටත් හිතෙන්නේ එහෙමය. ජනපති තුමාට තිබුනේ සම්ප්‍රදාය ගරු කරමින්, තම සහෝදරවරු සියල්ලන්ටම, සුපිරි රැකියා සහ ඩිෆෙන්ඩර් 10-15 සලසා පවුලේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

ප්‍රජාචන්ච්‍රවාදයට ගරු කිරීමක් ලෙස, සමාජයේ විවිධ තරාතිරම් වල අය සමඟ කළ සම්මුඛ සාකඡ්චා වලින් උපුටා ගත් කොටස් මගින් මේ ලිපිය සම්පූර්න කෙරුවේය.

මාතලන්ගේ තාත්තා..

මම ඔහේට කියනවා නේද ඒ කාළේ ඉඳන්.. දැන් පේනවනේ වෙන දේවල්… හොඳ වෙලාවට පැනපු ගෙවල් වල පොරෝ තිබුනේ නෑ…

මාතලන්ගේ පොඩි කාළේ බොක්කක්..

උබට මතකෙයි මාතේ.. මිස්ට සිලවලගේ ගෙදර කොටු පැනලා වෙච්චි සීන් එක… ———— ———– ———- ————— ————– ———- ———– ———- ——– ———- ————– —————– ————— —– —- (මාතලන් විසින් කපා හරින ලදී)

එහා ගෙදර අයියා..

අම්මට හුඩු මල්ලියා…, හුකා නේන්නම්…., කෙලලම ඇරලලු නේද පොරොවකින්. ඔය පොරෝ පාර තියෙන තැන අනම් මනම් සෙල්ලම් දාන එක ආතල් සීන් එක උනාට…., සීන් එක චාටර් කර ගන්නේ නැතුව තමයි මල්ලි වැඩේට ඇන්ටර් වෙන්න ඕන. දැන් ඉතින් පුල් චාටර් නේ. නෝ රැෂ්පොට්…

හිටපු ජඩමාදිදිය ඇමති, හතර වටේ කෙලිය රඹුක්වැල්ල මහත්තයා..

පොරොවෙන් ගහලද මැරිලා තියෙන්නේ….? ඔය වැඩෙත් ලේසී නෑ මාතේ…. මතකෙයි මං තුමාත්, ඔස්ට්‍රේලියා වලදි කොටුවක් පනින්න ගිහින්, ජනාධිපති අරමුදලෙනුත් මිලියනයකට වැඩිය ගියා.

හිටපු ප්‍රවාහන ඇමති වල්ගම මහතා..

පිස්සු පොරක් නේ මාතේ, මේ තරම් ටෙලි කෑලී ලාබෙට ඉඳිද්දි, යාළුවගෙ එකට කෙලින්න යන්නේ. මට කිව්වා නම් අරයගෙ යාළුවෙක් සෙට් කරලා දෙනවනේ..

හිටපු සංස්කෘතික ඇමති ඒක නා යකා මැති තුමා..

ගොනෙක් නේ…. ඩඩිලිගෙන් ඇහුවා නම් කියයි ජීනා මැඩම්ගෙ පොට් එක. නැත්නම් ජුලියානා යන්න තිබුනා. කොහෙද වැලි ඇද්දට, වැලි අරන් දාන ආට් එක මේ යකා දන්නේ නැතිව ඇති..

කඩේ මුදලාලි…

පිස්සු නේ ලොක්කා… කොළඹ ඉනටර්නැෂනල් කෑලී ඕන තරම් ඉන්දැද්දි ගමේ කුණු කෑලි වලට කෙලින්නේ. සුමානෙකට සැරයක් අයියට කියලා හෙලිකොප්ටරයක් ගෙන්න ගත්තා, ගෝල්ෆේස් බැස්සා, ඩුප්ලිකේසොන් රෝඩ් පැත්තේ ගියා, ආතල් එකක් ගත්තා, එදාම ආයේ ගමේ ගියා..

ඒ උනාට පොරට ඩේලී ඕනලූ නේ.. ඩේලී…, බෝතලේකුයි කෑල්ලකුයි ඕනලු..

එහෙනම් හරියන්නේ නෑ නේ ලොක්කා… යහපාලනේ කොරන්න වෙන්නේ නෑ උන් එක්ක.. ඩේලී හෙලික්ප්ටරයක් දුන්නොත් වැඩේ නෝන්ඩි වෙනවා.. ඊට හොඳයි මල එක…

ජවිපේ නායක අනුර දිසානායක මැතිතුමා…

විවෘත ආර්ථිකය හඳුන්වාදීම මඟින් මේ රට තුල ඇතිවූ සමාජ හා සංස්කෘතික විපර්යාසයන් තුල සිඳු වූ මෙම ඛේදවාචකය තුල මානවයාගේ අදීන චර්යාවන්වල පැතිකඩක් පැහැදිලව පේනවා. මෙවන් දේ සිඳු නොවෙන්න නම් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන ක්‍රමයක් ගේන්න වෙනවා…

ඒ කිව්වේ පොල් ලෙලි ගහනවා වගේ එකක්ද සහෝදරයා… ඒ උනත්, අරූ නැගිටිනකන් ඉඳලා පොරෝ පාර දෙන්න පුළුවන් නේද…?

දේසපාලන විස්ලේසොක දයාන් ජයතිලක මයා…

මාතලන් අපි මේක සැහැල්ලුවෙන් බලන්න නරකයි. මේ අපිට එරෙහිව දියත්වන ජාත්‍යන්තර කුමන්ත්‍රණ උච්ච අවස්ථාවකට පැමිණ තියෙන අවස්ථාවක්. අපි බලන්න ඕන ගෝලීය දේශපාලණ දාරාව මේ අවස්තාවේ ක්‍රියා කරන්නේ කොහොමද කියන එක. ජිනීවා වල අපට විරුද්ධව ගේන්න ගිය යෝජනාව කල් ගිය එක මේ රජයේ පරාජයක්. සිරිසේන චීනයට යනවා. ඔහු එතනදි ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අමතන්න නම් වෙලා තියෙනවා. මේ සම්මේලනය ඇමතීම තුලින් යූක්‍රේනය තුල උදාවෙලා තිබෙන වාර්ගිග ගැටුම් වලට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම ගෝලීය උශ්ණත්වය වැඩි වෙලා හිම කඳු දියවෙන්න ඉඩ තියෙනවා. ඕසොන් ස්තරයට උනත් බලපෑම් එන්න පුළුවන්.

පැහැදිලිවම… මම කෝට් කරලා කියනවා.. පැහැදිලිවම මේ ඝාතනය පිටු පස ඉන්දියාවේ රෝ සංවිධානය හා ඇමරිකානූ සී අයි ඒ සංවිධානය ඉන්නවා.. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරනය, මෝදී මේකට සම්බන්ධ නෑ කියන එක.. බොහොම පැහැදිලියි මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා.. ඔවුන්ට අවශ්‍ය මේ රටේ ඒකීය භාවය නැති කරන්න.. මහින්ද රාජපක්ෂ පාළණය තුල චීනය තමයි මේ රටේ ඒකීය බාවය රැක්කේ.. ඒ නිසා සිරිසේනත් ඒ මාර්ගයේම ගමන් කරයි කියනා සැකට.. ඔහුට එල්ල කල අනතුරු ඇඟවීමක පළමු පියවර ලෙස මේ ඝාතනය හඳුවන්න කැමතියි..

ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රන එන්නේ දවල්ද දයාන් මහත්මයා..?

බොහෝම වැදගත් ප්‍රශ්ණයක් මාතලන්…, මෙහේ ඕවා වෙන්නේ දවාලට නේ…, ඒ වගේම එහේ මේ දෙවල් කරන්නෙත් දවල්ට.. මොකෝ එතකොට අපිට රෑ වෙලානේ.. රෑට තමයි හොරු ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් මේ කුමන්ත්‍රණයේම එක අවස්ථාවක්.. අපි උත්සාහ කරන්න ඕන.. එහෙට දවල් නම් මෙහටත් දවල් වෙන සිස්ටම් එකකට යන්න..

ගරු අගමැති රනිල් විකුම්සිහ මැති තුමා..

මම කිව්වා අයිසේ මෛත්‍රිට අර ටෙලි කොම් එකේ මල්ලිට වගේ මෙයාලටත් මොන මොනවා හරි දෙන්න කියලා.. කොහෙද කැමති උනේම නෑ නේ.. හොඳ වෙලාවට රටේ හිටියේ නැති නිසා…, අපේ යුතුකම් අපිට ඕන විදියට කරන්න පුළුවන්… රාජ්‍ය ගෞරව සහිතව වැඩේ කරන්න ඕන…අන්න ඒකට මහින්දලා.. නියම සහෝදරවරු…

ඈස්චැර්යේ බයියෙක්..

මොනවද මාතේ මේ ගොන් වැඩ. මේ අයියලද. එක්කෙනෙක්ට ආරක්ෂක අමාත්‍යංශය දුන්නා.. තව එක්කෙනෙකුට ආර්ථිකේ දුන්නා ඕන රෙද්දක් කරන්න.. රජවරු වගේ හිටියේ.. කබ්බා බඩු ගැහුවේ නෑ.. නම්බර් වන් නිලියෝ තියාගෙන හිටියේ.. උන්ටත් රජ සැප.. මැස්සෙකුටවත් කිට්ටු වෙන්න බෑ…. ඩිෆෙන්ඩර්, බැකප් වෙහිකල්, ඇස් ටී ඇෆ් ගාඩ් එක, පී එස් ඩී වෙනම….., යනකොට පාර වහනවා…. පොරොවෙන් ගහන්න නෙමෙයි, ඉඳිකට්ටකින් අනින්නවත් බෑ…., ඇට දෙකත් මිරිකලා…, කක්කා පුචෙත් ඇඟිල්ල ගහලා…, චෙක් කරලා ළඟට යවන්නේ…ඒවටයි සහෝදර ප්‍රේමය කියන්නේ..

ඒ උනාට බං එකෙක් පැන්නා නේද.., ඌය කියනවා නේද මහින්ද මහත්තයා නැති කලේ…?

පිස්සුද බං… පොඩි පොඩි මැඩිකල් චැකප් එකකට ගිහින් තියෙන්නේ…. හෙට අනිද්දට එනවා..

එහෙනම් අවුලක් නෑ..

යහ පාලනයේ ටොයියෙක්..

දැන් බලහන් මාතේ…, අපි නිකමට හිතමු, ඒ කාළේ මෙහෙම දෙයක් උනා කියලා… එහෙනම් ඉතින් පොලිස්පති අරලිය දන්සැලේ කාමරේක අම්බානක කනවා…, පොළොන්නරුවේ පොලිස් ඉස්තානාදිපති සේවයෙන් නෙරපනවා…. මුළු පොලීසියම මාරු කරනවා… පොරෝ පාර දීපූ එකාගෙයි, හත්මුතු පරම්පරාවෙමයි නිවාස, ප්‍රකෝප වූ ගම් වාසින් විසින් ගිනි තියනවා…. පොරවෙන් ගහලා මැලේසියාවට පැනපු එකා, පැය 48 ක් යන්න කලින් මෙහේට ගේනවා…. ඌ පොරව පෙන්නන්න එක්ක යන ගමන් කොස්තාපල්වරු දෙන්නෙකුට ගහලා පරාක්‍රම සමුද්‍රයට පැනලා මැරෙනව…. මහේස්ත්‍රාත්තුමා ඒක සිය දිවි නසා ගැනීමක් කියලා තීරණය කරනවා.

හත් දොහේ දානේ දෙනකොට මලයා වෙනුවෙන් පළවෙනි මුද්දර කවරය නිකුත් කරනවා… මිය ගිය ස්ථානයේ විශල ප්‍රතිමාවක් හදනවා…. තුන් මාසේ දානෙට සියළුම මැති අමතිවරු, මල් වඩම්, මල් මාල අරගෙන, පොලොන්නරු යනවා. ජැකා උපහාර සංදර්සොනයක් තියනවා… ඒකේ ඉවෙන්ට් මැනේජ්මන්ට් එක භාතියටයි සන්තුෂ්ටයි දෙනවා… චන්න වැලි අදින නැටුමක් ඉදිරිපත් කරනවා… ජැකා වැලි ගොඩ දැමීම බුදු හාමුදුරුවෝ කල හැටී, අපූරුවට දේශනයක් මගින් විග්‍රහ කරනවා… කව්දෝ එකෙක් ලියපු උපහාර ගීයට රෝහණ වීරසිංහ මියුසික් දානවා.. වෙහෙරේ ලියද්දයි, නීලයි, චරිතයි, එඩ්වඩුයි ඔක්කෝම එකතු වෙලා ඒක ගායනා කරනවා…. වැලි ගොඩ දැමීම, ජාතික ව්‍යාපාරයක් කරනවා… රූපවාහිනියෙයි, නයි ටී ඇන් එකෙයි.. උදේ ඉඳන් හැන්දෑ වෙනකන්…, මහ වැලි… මහ වැලි… මහ වැලී… ගීතය ප්‍රචාරය වෙනවා..

නොදොකින් මේ යහ පාලනේ…

බඩු ගසා කුඩු වූ හුලා මහතා…

අනේ මාතේ…, මට උනේ ඔහොම සීන් එකක් නෙමෙයි… ගාඩ් දාගෙන ගහපු බඩුව, වෙන එකෙක් එක්ක ගිහින්, මට බූට් එක තිබ්බනේ.. ඌට තිබුනේ මටත් මේ වැඩේ කරන්න.. එහෙනම් ස්ලීපින් ටැබ්ලට් බොන්න වෙන්නේ නෑ නේ.. ඌත් ඉවරයි.. මාත් ඉවරයි..
ගරු දිනේස් ගුණයක් නැති මර්ධණ මහතා..

(යටි ගිරියෙන් කෑ ගසමින්) මේවා අපේ රටේ අවුරුදු 2500 ක් තිස්සේ රැකගත්ත සංස්කුරුතිය, සබ්බත්තය බවුමික අන්ඩවාතය, ගව්රවය ඔක්කෝම නැති කරන වැඩ.. මොනවද මේ ලැජ්ජා නැති වැඩ…

දිනේස් මහත්තයා 2500 න් 10 ක් අඩු කරන්න වෙයි නේද…?

(යටි ගිරියෙන් කෑ ගසමින්) ඒ… මොකටද….?

අන්තිම 10

බයිලා චක්‍රවර්ථි මෙල්ලාවල ඒධානන්ද මහා නා හිමි..

මෙහෙමයි මාතේ, රජ කෙනෙක් බඩුවක් ගැහුවට, මත් වතුර ටිකක් බිව්වට, කාමයේ වැරදියට හැසිරුනාට අවුලක් නෑ..

මෙයා සජ්ජුරුවන්ගේ මල්ලි නේද…? එතකොට මෙයා ඒවා කළොත් අවුල්ද…?

මෙහෙමයි මාතේ, දැන් මේ සජ්ජුරුවොත්, ඉස්සර සජ්ජුරුවෝ වගේ අපට සැලකුවා නම් පව් නෑ.. නැත්නම් ඉතින් මේවා හරි පව් වැඩ..

හිටපු නිවාස පේන්ට් කල ඇමති පචවංශ මහතා..

අයියෝ සිරිසේන.. මේකද යහපාලනේ සිරිසේන… කොහොමද ටොයියන්ගේ වැඩ සිරිසේන… යහපාලන ටොයියෝ කිව්වට ගහන්නේ බයියා බඩු වලට නේද සිරිසේන…, යාලුවොත් බයියෝ නේද සිරිසේන…, නැත්නම් පොරවෙන් ගහන්නේ නෑ නේද සිරිසේන… 9 MM එකකින් තියනවා මිසක් නේද සිරිසේන….. මුන්ට කොටු පනින හැටිත්, අපිට උගන්වන්න වෙලා තියෙන්නේ නේද සිරිසේන… රට පුරා අපරාධ නේද සිරිසේන… උතුර කොටියට දෙනවා නේද සිරිසේන…

මව්බිම අනතුරේ … බේර ගන්න වරෝ…

අතිගරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා..

බලහන් මාතේ…, මගේ එකෙක්ට කලා නම් මම දනී කරන දේ…. මේකද යහපාලනේ කියන්නේ.., අරෙහේ රටක් වටින රජ්ජම ප්‍රාදේශීයේ සභාපති මරලා දැම්මා… දවසක රටේ නායකයෝ වෙන්න ඉන්න මල් වගේ දරුවෝ…. මේකද ප්‍රජාචන්ච්‍රවාදය කියන්නේ…? මට දීලා තියෙන්නෙත් වාහන තුනයි.., ඒවට පැස්ටෝල් නෑ…, ඩැයිවර්ලා නෑ…., ලයිට් නෑ…, ටයර් නෑ…, රටේ ජනාධිපතිලා වැහි වැහලා.. ඒත් නීතිය සජාචාරේ බල්ලට ගිහිල්ලා.. බල්ලා ජිනීවා යන්න කලින්…, මම යනවා ජිනීවා මාතේ…

හරි සෑර්…, එහෙනම් සෑර්…, හෑව් ඒ නයිස් ප්ලයිට්, පුළුවන් නම් අර වාසිදේව මුත්තත් එක්කම ගියා නම් හරි…. මොකෝ සෑර්ව එහේ නවත්ත ගත්තොත්…., මක්කැයි උනේ කියලා වත් අහගන්න බැරිය… අනික ඉතින් සෑර් වියදම් කරගෙන යන්න ඕනත් නෑ…. සම හරක් විට සැප්තැම්බර් වල විතර…, “ෆ්‍රී” වන් වේ ටිකට් එකක් හම්බ වෙන්නත් ඉඩ තියෙනවා. අනික ඉතින් ප්‍රභාට ඇහැකුත් දන් දුන්න සැටලයිට් නෝනට ඔබ තුමා දුන්නෙත් තුනයි නේද.. අනික මක්කටෙයි ඔච්චර වාහන.. ඔහේලා ත්‍රස්තවාදේ තුරන් කල එකේ…

අපේ හාමිනා..

කව්ද අනේ මැරිලා තියෙන්නේ සිරිසේනද…?

නෑ අනේ අර පොරෝ පාර කාපු වැලි රාජූ.. එයාගේ බාලම මල්ලි නේ…

අනේ ඇත්තද…? මම හිතුවා සිරිසේන කියලා… එතකොට මහින්ද ජනාධිපති වෙනවා නේ..?

මහින්ද නෙමෙයි අනේ එතකොට ජනාධිපති…, රනිල්.

 

http://maathalan.blogspot.co.uk/2015/03/23-government-is-responsible-for-death.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල