සඳැස් / නිසඳැස්

අවුරුදු උල්

Off

ul-sapaththuඅළුත උපන් එකා
ඉර එක්ක තරහට
ගිරියේ සයිරන් එක
ඩීජේ එක පරාදයි..
අහළ පහළ කට්ටියම
කර දික් කරකර බලයි…
‘පිස්සුද මන්දා පොඩි උනුත් ගෙනත්’
තුනී සංස්ථා ලෑල්ලක
රතු පාට කටක්..!
තරහා ගන්නත් බැරි තරම්
මට බොහොම වෙහෙසයි..
ඒ ඔක්කොමත් අස්සේ..!
ඒසීයේ ගොරොද්දය
බඩු ලැයිස්තුවත් උදුරන්..!
අම්මාට, තාත්තාට,
මාමණ්ඩීට, නැන්දම්මාට,
අරූට මූට, මූට අරූට
උල් සපත්තුවක ඇමිණිලා
රාක්කයක් ලඟ නතරවෙන..
‘අනේ ඒයි අර ලිස්ට් එක’
පුළුවන් තරම් වෙට්ටු දමාන
සපත්තුව පස්සෙන්
දුවන පෙම්බරාට,
‘මේ මොන සමයමක්’ද
සපත්තුව රවන..
‘මිස්, මගේ ලිස්ට් එක
පයට පෑගිලා නේද?’
‘ආහ්..සොරි, ගන්න’
වැදුණ උල් පහරට
දෙකඩ වුන කොළය
‘ඔය ඇති සුදූ අපි යමු
පොඩි එකාගේ කිරිපිටිත්
ඉවරයිනේ අද රෑට..’

පසු සටහන:
කවිය සාර්ථක නැතුවා ඇත.ප්‍රස්තුතයක් ලද නිසා ලිවීමි.

http://tharuwehi.blogspot.co.uk/2015/04/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල