කාලීන සංවාද

ෆුල් ෆේස් ෆුල් ෆේක් | Full Face Full Fake

Off

දිනෙන් දින දික් ගැස්සෙන
නිතරෝම මගෙ හිතට වද දෙන
මල හත්තිලව්වකි මේ මගුල්
ෆුල් ෆේස් හෙල්මට් තහනම

විටෙක බළ ගන්වන්නටම යන
කාටත් පොදුවේ ඇඟටම දැනෙන
කිසි විටක පණ නොලත්
යකාගේ නීතියකි මෙය අපේ මුළු රටටම

පොලිසියත් ෆුල් සීරියස් පිට
කියයි නිසැකෙටම පණ ගැන්වෙන බව
නමුත් ලෙසටම කිච වෙයි ඊට පසු දින
ගෙනා විට නියෝගය අධිකරණෙන් මුළු රටටම

යත්න දැරුවත් ගෙනෙන්නට මේ තහනම
මෙතෙක් බැරි විය කරන්නට එය එකදු බලධරයෙකුටවත් කිසි දින
එතරම්ම බලවත්ය මේ ෆුල් ෆේස් හෙල්මට් කුලකය
ඉතින් කිසිවිටෙක දමන්නට එපා ඒ කුලකය නම් පහළට

දන්නවද මේ තහනම
හැම විටම කල් යන්නට හේතුව
අවසන ඇඩ්රස් නැති වෙන්නටම මනාපය
ලැබෙන බව දනී කවුරුත් ගෙනාවොත් මේ මල මගුල් නීතිය

~~~මනා~~~

http://managepintharuwa.blogspot.co.uk/2015/04/full-face-full-fake.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල