සාහිත්‍ය කළා විචාර

වචනෙ තේරුම

Off

වචනෙ තේරුම

 

ඇමරිකන් ගොල්ෆ් ක්‍රීඩකයෙක් ගියාලු චීනෙට, ගොල්ෆ් තරගාවලියකට. මෙයා හොඳ සුපිරි ක්‍රීඩකයෙක්ලු. අර කටුගේ කඩු හොරකම් කරපු හාදය වගේ. ඔන්න චීනෙට ගොඩබැහැපු වෙලාවෙ ඉඳල උසස්ම තත්වෙ සැලකිලිලු. ගුවන් තොටුපොලේදි මල් මාලයක් එහෙම දාලලු පිලිගත්තෙ. ඊට පස්සෙ කෙලින්ම හෝටලයට එක්කරගෙන ගියාලු. පහුවදා තමයි තරගය. ඔන්න කාමරේ ඉන්නකොට ඉටිකිරිස් කෙල්ලක් ආවලු කාමරේට. චීන්නුන්ගෙ සැලකිල්ල කොච්චරද කියනව නං අහවල් අවශ්‍යතාවය ගැන පවා හිතල තියනව. පොඩි අවුලකට තිබුනෙ කෙල්ලට ඉංග්‍රීසි බැරිඑක විතරයි. ඒක ඉතිං මොකද්ද කියල දෙන්න ඔන්න රෑ කෑමෙන් පස්සෙ ඇඳට ගියාලු. කරුවගේ ජරමරේ අස්සෙ කෙල්ල කෑගහනවලු “චොන්ග් හොයි….චොන්ග් හොයි….” කියකියා. ආතල් එක වැඩිකමට වෙන්න අැති කියල ගොල්ෆ්කාරය ඒ ගැන වැඩිය හිතල නෑ.
ඔන්න පහුවදා ගොල්ෆ් ගහන්න ගිහිල්ල චීන්නු එක්ක. චීන්නු ප්‍රැක්ටිස් කරනවලු. ගොල්ෆ් බෝලෙ වලකට වැටිච්ච සමහර වෙලාවට චීන ක්‍රීඩකයන් “චොන්ග් හොයි” කියල නලලට ගහගන්නවලු. ඇමරිකන් කාරය ඇහුවලු මොකද්ද ඒකෙ තේරුම කියල. “wrong hole!” චීන උත්තර දුන්නලු.

♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋

ආච්චිගෙ සෝකෙ
අනූ හයේ ලෝක කුසලානය දිනපු දවස්වල ක්‍රිකට් ප්‍රබෝධයක් අැතිවුනා නෙව. ක්‍රිකට් නොබලපු එවුනුත් ක්‍රිකට් බලන්න පටන් ගත්ත. ගමක හිටිය වයසක ‍ජෝඩුවකුත් ඔන්න ක්‍රිකට් ප්‍රේමීන් උනා. මේ අතරෙ සීය මැරුන. ආච්චි දැං මලගෙදර අඬාගත්තු ගමන්. හරියටම එදා මැච් එකකුත් තිබුන. මල ගෙදර ඉන්න කොල්ලොත් මේ ගැන උනන්දුයි. මලගෙවල් වල තියන සිරිතක් තමයි ඔය දුර ඉඳල එන නෑයෙක් ගෙට ගොඩවැදුන ගමන් ගෙදර එකා සද්දෙට අඬන්න ගන්න එක. අඬල ටිකකින් නවත්තනව. ආයෙ කවුරුහරි ආවම ආයෙ අඬනව. කාන්තා පාර්සවේ තමයි මේ වැඩේ කරන්නෙ.
අර ආච්චිත් මේ විදියට අඬමින් ඉන්නකොට එයාගෙ නංගි කෙනෙක් ආව. මේ අතරෙ කොල්ලෙකුගෙ කටින් පිටවෙච්ච ජයසූරිය අවුට් කියන එකත් ඇහිලයි තිබුනෙ.

“අනේ නංගියේ දැං ඉතිං මං ඉඳල මොකට……..ද……….. ජයසූරියත් අවුට්වුනා………” කියල අඬනවලු.

☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻

අසමත් ක්‍රීඩකයා
මේක ඇත්තම කතාවක්. අපි කට්ටියක් අනුමත වෙන දවසක දවසක් ලෝක කුසලාන පාපන්දු තරගයක් ටීවී එකේ යනව. අපිත් වැඩේ කරන අතරෙ ටීවී එකට ඇහැ දාගෙන හිටිය. පාපන්දු ගහද්දි නිතර නිතර ක්‍රීඩක ආදේශ වෙනවනේ. මේ වෙලාවට අර එලියට එන ක්‍රීඩකයගෙ අංකය රතු පාටිනුත් ඇතුලට යන කෙනාගෙ අංකෙ කොලපාටිනුත් පෙන්නන බෝඩ් එකක් උස්සනව දැකල ඇතිනෙ. ඔන්න ඔය වෙලාවෙ හොඳ ගානට අනුමත වෙච්ච අපේ එ‍කෙක් කියනව මෙහෙම,

“අඩෝ බලපංකො හැම තිස්සෙම එලියට යන්නෙ මේ හබ්ලොට් කියන එකාමයි, ඌ එලියෙ තිව්වනං ඉවරයිනෙ!”

 

☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

කරපු විදිය
මේක සිද්ධවුනේ ඊයෙ ඔපීසියෙදි. අපි කතා කරද්දි නිරායාසයෙන් එන වචන වලට වෙනත් භයානක තේරුම් එන්න පුළුවන්. හාමුදුරු කෙනෙක් ළමා අපචාරයක් කරල ඇතුලට ගිහිල්ල කියල ආරංචියක් ආව. මේ ගැන අපි කතාවුනා. එක එක්කෙනා අදහස් දක්වද්දි එක නෝන කෙනෙක් කියනව මෙහෙම,

“හාමුදුරුවො සිවුර ගලවල ඔයවැඩේ කලානං ඉවරයිනෙ නේද?” එයා අදහස් කලේ සිව්රුහැරල ඕන මගුලක් නටාගත්ත නං හරිනේ කියල. නමුත් මම ඇහුව මෙහෙම,

“හැබෑට මිස්, සිව්ර ගලවල වෙන්නඇති නේද ඔයවැඩේ කරන්න ඇත්තෙ? ඔයා කෙහොමද කියන්නෙ ඒ වෙලාවෙ සිව්ර තිබුන කියල? දැක්කද?…..” ඊට පස්සෙ වෙච්ච දේ කියන්න ඕන නෑනෙ.
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

බ්ලොග් අඩවිය – රාජ්ගේ නවාතැන

 

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල