සංචාරක හා ඡායාරුප

රජගලතැන්න Rajagalathenna – ආරාම සංකීර්ණය, බුදු පිළිමය සහ ගල් පාත්‍රය

Off

දැනට මතක ගබඩාවට දාගෙන ඉන්න කතන්දර ගොඩේ වැදගත්මය කියල හිතෙන කන්දර දෙකක් තියෙනව.. එයින් එකක් අද කොහොම හරි ලියලා දානව කියල හිතාගත්තා…

අපේ කට්ටිය.. ඒ කිව්වෙ අපේ අම්මගෙ අයියල මල්ලිලා නංගිල ටික එක්ක ට්‍රිප් එකක් යන්න අවුරදු දෙකක් තුනක් විතර ලෑස්ති උනාට ඒක කෙරෙන්නෙ නැති වෙලා කිබ්බ හින්ද.. මෙදා පාර නං කොහොම හරි යනව කියල ලෑස්ති වෙලා බස් එකක් එහෙම ලෑස්ති කරගෙන ගමන ගියෙ ජනවාරි 31…. පළවෙනි දවසෙ පාසිකුඩා ගිහින් මුහුදෙ නාලා, දෙවනි දවසේ රජගල නැගලා, තුන්වෙනි දවසේ දීඝවාපී, මුහුදු මහා විහාරයෙ ගිහින්, රසම රස කට්ටකුත් පැය දෙකතුනක් කාලා, ආරුගම්‌ෙබ් ගිහින් මුහුද බලල ගෙදර ආපි… හි හි… මොකද එදා මුහුද සැරයි.. සර්ෆර්ස්ලට ඇරෙන්න සාමාන්‍ය අයට මුහුදට බහින්න දෙන්නෙ නෑ…

මං මේ ලියන්න ගත්තෙ ඕකෙන් රජගල ගමන ගැන..

ඇත්තටම රජගලතැන්න කියන තැන ගැන මම නං මේ ලෝකෙ දෙයක් දැනගෙන හිටියෙ නෑ… අපේ මාමා තමයි මේ ගමනට මේ තැනත් එකතු කරගෙන තිබ්බෙ… ( කොහොමත් මම නං ඉතිං ඔය යන්නං වාලෙ ගියා මිසක් යන තැන් ගැන එච්චර හොයන්න ගියෙ නෑ… අපි ඉතිං තාම පොඩි උන්නෙ… හි හි)

ගිහින් ආවට පස්සෙ පොඩිඩක් සර්ච් කරල බැලුවම මේ ගැන ලියවිච්ච තැන් කීපයක් තියෙනව දැක්ක.. ඒක නිසා වැඩි විස්තර නැතුව මගෙ අත්දැකීම විතරක් ලියනව කියල හිතාගත්ත…

Picture-1

ඔන්න යන පාර…

අපි කට්ටිය ටිකක් දවල් වෙලා, ඒ කිව්වෙ 9ට විතර තමයි රජගලට ආවෙ.. අම්පාර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 12ක් විතර තියෙනව… අපි නවාතැන් ගත්තෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වැඩකරන, අපිට මාර්ගෝපදේශක උන උපුල් විසින්ම ඉදිකරල තිබුන නවාතැනේ… ලයිට්, වතුර තියෙන හෝටල් මට්ටමට නැති උනත් ආරක්ෂිතව දවසක් දෙකක් ඉන්න පුළුවන් තැනක්…

අම්පාර ටවුන් එකේ රෙස්ට්හවුස් සහ හෝටල් ගැන තියෙන්නෙ ටිකක් අපකීර්තිමත් ප්‍රසිද්ධියක්… ටෙලිකොම් එකේ වැඩකරන අපේ එක මාම කෙනෙක්, යුද්ධෙන් පස්සෙ ඔය පැත්තෙ සංවර්ධන කටයුතු එක්ක වැඩිපුර හිටිය නිසා පැහැදිලිවම කිව්ව දෙයක් තමයි, අම්පාර ටවුන් එකේ ගණිකා වෘත්තිය ඉතාම සරුවට කෙරෙනව කියන එක… හෝටල් කාමරයක් අරගෙන අපේ බඩු ඒකෙ තියලා යන එක එච්චර සුභදායක නැති බව එයා පැහැදිලිවම කිව්ව.. එයා කිව්ව තවත් දෙයක් තමයි මේ ගණිකා වෙළදාමෙ 100% ක්ම වගේ යෙදෙන්නෙ සිංහල මිනිස්සු බව… අනිත් එක දුර ටිකක් වැඩියි.. අපි හිටියෙ හරියටම රජගල පාමුල…

කොහොම උනත් අපි නතර උනේ නං ජීවිතේටම හම්බුවුන හොඳම හොඳ මිනිස්සු කීපදෙනෙක් එක්ක….

( ඒ කට්ටිය හදලා දුන්න රසම රස ආහාර වේල් කීපය ගැනත් ඉස්සරහට ලියන්නං.. ෆොටෝ නං නැතුව.. කෑම දැක්කම ෆොටෝ අමතක වෙන කට්ටියක් තමයි ට්‍රිප් එක ගියෙ.. හි හි)

මං නිකම්ම පින්තූර කතාවක් වගේ මේක දාලා දානව… අතරින් පතර එකතු කරන්න දෙයක් තිබ්බොත් ඒ හරියෙම ලියන්නං.. කො‌හොමත් පෝස්ට් දෙකකට වත් දාන්න වෙයි මේක…

ඉතිරි ටික බලන්න

http://hirunethihorawa.blogspot.co.uk/2015/03/rajagalathenna.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල