කාලීන සංවාද

Toastmasters ලාගේ පබ්ලික් ස්පිකින්

Off

වේදිකාවක් උඩ නැගල කතාවක් කරන්න කොච්චර පුරුෂ මෙව්වා එකක් (ගෑනු අයට නම් මොනවා තියෙන්න ඕනේ ද කියල මම දන්නේ නෑ) ඕනේ ද කියල ඔය බැරි වෙලා හරි එහෙම කතා කරපු අය දන්නවා ඇති.
ඔන්න කතාවක් කරන්න ඕනේ කියල සෙට් වෙද්දී මුලින් ම හිතෙනවා ආ ඕක මොකක් ද … ඔය දන්න ටික කියල දාන එක නේ කියල පොර වගේ ලැස්ති වෙලා, විස්තර හොයාගෙන ඇට්ටි හැලෙන්න දෙන්නම් කියල ඉන්නවා. සුපුරුදු පරිදි ඉතින් ඕනෙම දෙක අන්තිම මොහොත එනකම් ආතල් එකේ ඉඳල ඔන්න ටිකෙන් ටික උඩට නගින්න වෙලාව එනකොට හාට් එකේ ලබ් ඩබ් සද්දේ එළියටත් ඇහෙන්න පටන් අරන් හීනියට දාඩිය දාගෙන එනවා. මේ අපුරුවට තිබ්බ කකුල් දෙක හීනියට මෙව්වා වෙන්න පටන් ගන්නවා. තව ටිකක් වෙලා යනකොට කලිසමත් හෙල්ලෙනවද කියල ෂුවර් නැති තරමට අර කකුල් දෙකේ මෙව්වා එක වැඩි වෙන්න ගන්නවා. හදිස්සියට කෙල පොඩ්ඩක් හොයා ගන්න බැරි තරමට උගුර කට වේලෙන්න පටන් ගන්නවා. “මොන මගුලකට මේක බාර ගත්තද, යකෝ අපුරුවට අර පුටුවක වාඩි වෙලා කියන දෙයක් අහගෙන ඉන්න තිබුනනේ, අනිත් එක මේවා මේ එහෙම කියන්න පුළුවන් දේවල් නෙවෙයි, හරියට ලැස්ති වෙන්නත් බැරි වුනා, මේකද යකෝ යහපාලනේ කියල හිතෙන්න පටන් ගන්නවා .”

public_speaking2_xlarge
තව ටිකක් ලං වෙනකොට වටේ පිටේ වෙන්නේ මොකද කියලවත් සිහියක් නැති තරමට අර හීනියට වගේ පටන් ගත්ත මෙව්වා ඔක්කොම ටික උපරිමේටම ආපු ගමන් අපිට ස්ටේජ් එකට නගින්න වෙනවා…. අඩුම තරමේ ඉඳන් ඉන්න පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන්න වෙනවා …

ඔය ස්ටේජ් එකට නැගල මයික් එක ගාවට යන ටික හරි පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන ටික හරි 90% ක් විතර වෙලාවට සිද්ද වෙන්නේ ෆුල් ඔටෝමැටික්. ඒ කියන්නේ නින්දෙන් ඇවිදිනවා වගේ තමයි. එකපාරටම ඉස්සරහ වාඩි වෙලා ඉන්න උන් ටික දැක්ක ගමන් තමයි අම්මට හුඩු කියල සිහිය එන්නේ …

කොහොමින් හරි අටවාගෙන අවසර ගත්ත කියමුකෝ. ප්ලෑන් කරපු වචන ටික දාල වාක්‍යක් දෙකක් කියාගන්නත් පුළුවන්. ඊට පස්සේ ටික ටික එකින් එක මඤ්ඤං වෙන්න පටන් ගන්නවා. අන්තිමට කියන්න හිටපුව මුලින් කියවෙනවා. හුටා දැන් කමක් නෑ කියල කියාගෙන යද්දී කියන්න හිතපුවත් නැති කෑලි අතර මැද්දෙන් කියවෙනවා. එතකොට තමයි ආතල් මොකද කතාව ට්‍රැක් පැනගෙන යනවා නේද කියල හීනියට දැනෙන්න පටන් ගන්නවා. ආයෙත් ට්‍රැක් එකට අරගෙන මාතෘකාවට අදාළව කතා කරන්න කියල මොනවා හරි කියන්න ගියාම මුලින් කිව්වේ මොකක් ද කියල මතක නෑ. ටිකෙන් ටික ආ…ආ … ම්ම්ම් .. හ්ම් ..වගේ සද්ද , පොඩි පොඩි කැස්ස.. ආදිය එන්න පටන් ගන්නවා …

වාඩි වෙලා ඉන්න උන් එකා දෙන්න මුනට මුණ බලාගෙන හීනියට හිනා වෙද්දී වැඩේ ජෝන් බාස් ට ගිහින් කියල ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. අර පුරුෂ මෙව්වා එකේ ඉතිරි වෙලා තියෙන ප්‍රමානේ හැටියට ඔය අවස්ථාව වෙද්දී ඉරණම තීරණය වෙනවා. පුරුෂ මෙව්වා රින මට්ටමට ඉවර වෙච්ච උන් කෙලින් ම ගිහින් ඉඳ ගන්නවා. (සභාවේ සිනා සැපයි කියල හිතාගෙන ). බින්දුව මට්ටමට වගේ තියෙන උන් බොහොම ස්තුතියි වගේ එකක් කියල හිනාවක් දාල යනවා … මුලින් අනාගෙන පස්සේ හතර වටේ ගාගෙන යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වගේ හරි කතාව කරලා පිළිවෙලකට ගැලපෙන්න අවසානයක් දාල එන්න තරමින් පුරුෂ මෙව්වා ඉතිරි වුනා කියන්නේ ඉතින් ඌ සිරා පොරක් තමයි .. ඔය අතින් ගත්තම ඔය දේශපාලකයෝ කියන්නෙත් සිරාම පොරවල් … මොකද ඉතින් වගේ වගක් නැතුව ගල් බොරු කියල ජාතික වීරයෝ වගේ අපුරුවට බැහැල යනවනේ.

මම කිව්වේ මේ අපි වගේ හුදී ජනයට ඔය හිටපු ගමන් කට්ටියක් ඉස්සරහ කතා කරන්න සිද්ද වුනොත් මුණ දෙන්න වෙන සන්තැසිය ගැන .. හැබැයි උපතින් ම ඔය හැකියාවල් තියෙන අය ඉන්නවා. එයාලට ඕව සිම්පල් වැඩ ..

මට ඔය පබ්ලික් ස්පිකින් කියන එක ටිකක් පුළුවන් .. මම හිතන්නේ අපේ තාත්තාගෙන් ආපු හැකියාවක්. හැබැයි ඔය මම කියපු ලක්ෂණ ඔක්කොම පහලවෙනවා කතාව කරන්න කලින්. යන්නේ කොහෙද මල්ලේ පොල් සින් එහෙමත් වෙලා තියෙනවා. හැබැයි පිළිවෙලකට අවසානයක් කරලා ඇවිල්ල ජාමේ බේරගන්න පුළුවන්

(කතාවේ හරය / ගත යුතු දේවල් වගේ ඒවා ගැන මට අදාළ නෑ. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ ඒකනේ ..හෙහ් හෙහ් )

මම මුලින් ම කතාවක් කලේ දහම් පාසලේ. මම හිතන්නේ ඔය උදේ රැස්වීමේ ද කොහෙද ඒ ගැන නම් ඒ හැටි මතකයක් නෑ. ඉස්කෝලේ කාලේදී ඒ හැටි ඕවට උනන්දු වුනේ නෑ. ඒත් ඔය කථික තරඟ වලට ද කොහෙද හිටිය.මට හැබැයි එච්චර අල්ලලා ගියේ නෑ ඔය කථික තරඟ වල දෙන හෙන පොර ටෝක් සහ අතපය විසි කරන විදිය මට එච්චර දිරවන්නේ නෑ.

ඉතින් පිරිසක් ඉදිරියේ ටිකක් වැදගත් විදියේ කතාවක් ස්ටේජ් එකක් උඩ නැගල මුලින් ම කලේ ඔය මගේ අර පොත එලි දක්වපු දවසේ ස්කොලේ මේන් හෝල් එකේ. එකත් ඉතින් සැහෙන්න නා ගත්තා . ගෙදරින් හොඳට පුරුදු වෙලා මෙහෙමයි අවසර ගන්නේ , මේ ටික තමයි කියන්නේ , මේ විදියට ඉවර කරන්නේ ආදී වශයෙන් ඔය මහතා ,මහත්මිය , මැතිතුමා යන වචන එහෙම හරියට කියල ඇවිල්ල ඉන්න අයට උදව් කරපු අයට ස්තුති කරන්න ඕනේ ආදී දේවල් ගැන හෙන අවවාද රැසක් එහෙම හම්බවුණා උත්සවේ දවසේ සහ ඊට කලින් ඉඳන් ම.
හැබැයි ඉතින් සිද්ද වුනේ මෙහෙමයි. මම අර පෝඩියම් එක ගාවට ගියා පිළිවෙලකට අවසර නම් ගත්තා. ලෑස්ති වෙච්ච කතාවකියන්න පටන් ගත්තට ප්ලෑන් කරපු පිළිවෙලට හරියට මතක් වෙන්නේ නෑ .. හැබැයි ඉතින් කොහොම කිව්වත් කියන්න ඕනේ මේවනෙ කියල ඔලුවේ තිබ්බ නිසා මම මට පුළුවන් විදියට කතාව කළා .ටික වෙලාවක් යද්දී මෙන්න හෝ ගාල ඇඩෙනවා .. ඒ ඉතින් ඔය අම්ම, තාත්තා උදව් කරපු පවුලේ අය ගැන කියද්දී .. කොහොම හරි ටික වෙලාවකින් හෝල් එකේ හිටපු සැහෙන කට්ටියක් ඇඬුව. හෙහ් හෙහ් .. ඊට පස්සේ ඉතින් මහතා මැතිතුමා කෑලි නෑ. අවසානය නම් කොහොම වුනාද කියලත් මතක නෑ දැන්. හැබැයි ඒ හැටිම චාටර් නම් වුණේ නැද්ද කොහෙද . කට්ටියම අනුකම්පා කරලා සද්ද නැතුව ඉන්න ඇති .. 🙂

හරි ඊළඟට කරපු කතාව නම් ඉතින් ඔන්න පබ්ලික් කියන්න පුළුවන්. එකත් ඔය පොතේ සින් එකක් ම තමයි . ඔය පොතේ සින් එක කලේ මම උසස් පෙළ කරන කාලේ නේ. උසස් පෙළ කරන කාලේ වැඩිපුරම කරන්නේ රටේ ඉන්න ටියුෂන් මාස්ටර් ල ගාවට දුවන එකනේ . අපිත් ඉතින් ගම්පහ ටවුමේ තියෙන හැම පන්තියක් ම වගේ ඒ දවස් වල වන්දනා කළා . ඉතින් ඔය ගිය ප්‍රසිද්ධ පන්ති වල අවසන් දවසේ තියෙනවනේ පොඩි පාටි සීන් එකක් . මම ගිය එක ෆිසික්ස් පන්තියකත් දැන් ඔන්න ඔහොම පොඩි පහේ පාටි සීන් එකක් තිබුන . සර් ළමයින්ට දෙන්න ඕනේ අවසන් උපදෙස් දීල සුභ පතල අනම් මනම් කරලා එහෙම ඔය ඉතින් කට්ටිය ස්ටේජ් එකට් නැගල ඔය සින්දු කියල ආතල් ගන්න අවස්තාව ආව.

දැන් ඉතින් වැඩේ නැගලම යනවා අපිත් ඉතින් ඔහේ සිංදු අහගෙන ආතල් එකේ ඉන්නවා . දැන් ඔය කට්ටිය එක එක්කෙනාව ස්ටේජ් එකට නග්ගන්නේ සර් ට තුන්ඩු කෑලි යවලනේ .

සරුත් ඉතින් ඕව කියවල “ආ මෙන්න මෙයාට සින්දු කියන්න පුළුවන් ලු .. ආ කෝ එයා එන්න බලන්න” කියල කතා කරනවා .

කොල්ලො කෙල්ලෝ ඉතින් ආතල් එකටත් එක්ක නවා. හැබැයි ඉතින් ලස්සනට සිංදු කියන්න පුළුවන් ළමයි ගොඩක් ඔය පන්තිවල ඉන්නවා . වැඩේ ඔහොම නැගල යන අතරෙදි අපිත් ඉතින් දන්න දන්න උන්ගේ නම් ලියල සර්ට යවනවා .

ටික වෙලාවක් යනකොට මෙන්න සර් කාරය මගේ නම කියල කතා කරනව .. .කවුරු හරි එකෙක් හරි එකියක් හරි මගේ නමත් ලියල සර්ට යවල මට සිංදු කියන්න පුළුවන් කියල . අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු . මේ මොන මගුලක් ද කියල මම උඩ බිම බලනවා .. මට එහා පැත්තේ හිටපු එකා .. බක බක ගගා හිනා වේවි මාව තල්ලු කරනවා පලයන් පලයන් කියල .. හෙහ් හෙහ් ..

මම ඉතින් ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල නැගිටලා දැන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට යනවා . ඔය පොතේ සීන් එක ගැන මම සර් ට කලින් දවසක කියල තිබ්බ නිසා සර්ට මාව මතකයි . මම පස්සේ ඉඳන් ඉස්සරහට යන ටිකට දැන් සර් ඔය පොතේ සීන් එක ගැන එහෙමත් කියල “අහ් මම දැනගෙන හිටියේ නෑනේ ඔයාට සිංදු කියන්නත් පුළුවන් කියල ” වගේ පොඩි පොඩි චාටර් ටෝක් දෙනවා ..

ඔය විදියට ක්ලාස් එකේ බංකු මැද්දෙන් යනකොට දැන් අර උඩ හරියේ කියපු විදියට කකුල් මෙව්වා වෙන එක , හාට් බීට් වැඩි වෙන එක , තොල කට වේලෙන එක ආදී දේවල් සියල්ල එකවිට වෙනවා .. මොකද මම ඔය නානකොට බාත්රුම් එකේදී සිංදු කැල්ලක් කිව්වට මලාට සිංදු නම් කියන්න පුළුවන් එකෙක් නෙවෙයි නේ .. මම හිතන්නේ ජීවිතේටම සිංදුවක් මුල ඉඳන් අගට කියල නැතිව ඇති .. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ වගේ ෆුල් කොර වෙලා ඉතින් ඔටෝමැටික් වගේ යැවෙනවා.

ඕනේ එකක් කියල ස්ටේජ් එකට නැග්ගා … බොක්ක කූල් වේලා ගියා හෝල් එක දිහා බැලුවහම ඔය ටියුෂන් ක්ලාස් එකක අඩුම තරමේ 500ක් වත් ඉන්නවනේ .. අන්තිම දවස නිසා හවුස් ෆුල් .. සර් ඉතින් පිටට තට්ටුවකුත් දාල මයික් එක අතට දුන්න .. ඔය වගේ ඒවායේ ඉතින් ඔය අවසර ගැනිලි , ෆෝමල් කතන්දර නෑනේ .. කොල්ලෝ ඉතින් මයික් එක ගත්ත සිංදු කිව්වානේ .

මම ඉතින් හොඳට හුස්මක් එහෙම අරන් “අනේ මට සිංදු නම් කියන්න බෑ. මම මේ සර් දැන් කියපු , මම ලියපු පොතේ තියෙන කතාවක් කියන්නම් කියල අර පොතේ තිබ්බ පලවෙනි කතාව කියාගෙන කියාගෙන ගියා .. මොකද ඒ දවස් වල මගේ ඔලුවේ තිබුනේ ඕක නේ .. ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනේ නෑ ..

කතන්දරේ කිව්වා .. හීනියට හූ පාරවල් එහෙමත් ඇහුනද මන්ද .. දැන් නම් මතකත් නෑ .. කොහොම හරි ඉතින් විනාඩි 10ක් විතර ඕක කිව්වා … ටික වෙලාවක් යද්දී ඉතින් අර කකුල් මෙව්වා වෙන එක එහෙම හරි ගියාට කොච්චර වුනත් ෂුවර් එකක් තිබුනේ නෑ කලින් නිකං එන්ජිම ස්ටාර්ට් කළා වගේ හෙල්ලිච්ච හැටි ඔය ඉස්සරහ පේලි වල හිටපු ගෑනු ළමයි එහෙම දැක්ක ද කියල .. හෙහ් හෙහ්

ඉතිරි ටික බලන්න

http://biththiya.blogspot.co.uk/2015/03/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+virtualbiththiya+%28%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල