කෙටි කථා

~~~~මංගල සීනු~~~~

1

“මේං පුන්චි නෝනා පොටෝ එක.. ඇස්වහක් කටවහක් නැහැ හෝදලා බොන්න පුළුවන් ලස්සනේ බැහැ…”
මං ළඟටම ඇවිත් දුන්නා.
කාර් එකක් ළඟ දෙන්නෙක් හිටගෙන ඉන්නවා ෆොටෝ එකේ..” කාර් එක නම් එලස් “කියන්න හිතුනත් මම කටවහ ගත්තා..
රැළි කොන්ඩේ තියෙන සුදු කෙට්ටු කෙනයි..කූරු කොන්ඩෙ තියෙන කළු කෙනයි..කළුමත් නැහැ ඉතින් ..
මම ඒක ආපහු දුන්නා…
“ඕව ඉතින් බඹා කෙටූ හැටියටනේ සිද්ධවෙන්නේ නෝනේ.පුන්චි නෝනව ඉස්කෝලේ යන කාළෙත් දැකලා තියෙනවා කිව්වේ..හරි ගුණ යහපත් දරුවෙක් නෝනෙ”
“එන්ඩ කියල බලනවා/ පස්සෙන් පහු බැරිය ඉතින්… සුදුසු දෙයක් කරන්ඩ”
සහරාවෙත් ඉර එළිය විකුණයි මෙයා ඉතින්.. කියල මට හිතුනේ කපු ඇන්ටි ගැන
“හොඳයි මම කේන්දර බලවල කියන්නම්කෝ” අම්ම කීවා.මගේ ඔළුව අංශක 90 කැරකුනේ කම්මුළට ගැහුව වගේ..
අම්ම මා දිහ බැළුවෙ නැහැ..
“අම්මේ?” මගේ හිත කෙඳිරුවා..
“මේ දවස් වල ගෙදර ඇවිත් ඉන්නේ..ඕවා කල්දාන වැඩ නෙවිනේ? මේ සෙනසුරාදාට එන්න කියමු.”
“ම්.ම්.ම්.ම්.ම්.ම්. හවසට මම කෝල් එකක් දෙන්නම්.. කේන්දර බලවල”
“හොඳයි නෝනේ මම ගිහින් එන්නම්.. පුන්චි නෝනාගෙ පින තමයි ඉතිං”
…….හෙ හෙ පින් පෙට්ටියක්ද පින් පෙට්ටි හොරකම් කරන කෙනෙක්ද මන්ද……… මම මටම කියා ගත්තා
කපු ඇන්ටි ගිහින් ටික වේලාවකින් අම්මා ඇඳගෙන ගියා.
“මං මේක බල්වං එන්නම්කෝ”
එළියට බහින්න කම්මැලි අම්මා අද මෙච්චර උනන්දුවකින්? ඉරණම් කාරයද මන්දා… මම පුන්චී හිනාවකුත් එක්ක හිතුවේ..
නංගියි මල්ලියි ස්කෝලෙ ගිහින් එනකම් මම හිටියේ නොඉවසිල්ලෙන්…
“දන්නවද වැඩක්? හරි වැඩේනේ අද උනේ.. “මම එයාල දැක්ක හැටියෙම පටන්ගත්තා..
“හරි වැඩක් නම් කමක් නැහැ..වැරදි වැඩක් නම් නේ ප්‍රශ්නේ” නංගිගෙ මුඛරි කට ඉස්සර වුනේ…
“කෝ අම්ම?” කොහෙද ගියේ?” මට බොන්න වතුර එකක් ගේනවද?”මල්ලි ඇහුවෙ…
“අම්ම කේන්දර බලන්න ගියා.. කේන්දර ගැලපුනොත් එයාලා සෙනසුරාදා එයි” මම බෝම්බෙ අතෑරියා..
“අම්මටද?”
“නැහැ අනේ මට” මම හිනාවෙලා කීවා..
“ඔන්න දෙවෙනි මනමාලි මම හොඳේ”
“ඕක මොකද්ද… බඳින දවසෙ මම පැනලා ගියාම ඔයාට වෙයි එයාව බඳින්න..”
“අය්යෝ එහෙම කරන්න ඕනිද? ඔයා පැනල යනවද ඉතින්?”
‘ඒක නෙවෙයි මගේ ප්‍රශ්නෙ…ඇලඩින්ව හම්බවෙන්නෙ කොහොමද කියලා”මල්ලි කීවේ
“ඇලඩින්? මොන?”
“දන්නෙ නැද්ද අර ඇලඩින් අර පහන තියෙන පොර”
“මොකටද?” මම එහුවෙ හිනාවෙලාම
‘අපේ ගේ පහලට අරන් යන්න”
“ඒ මොකටද?”
“අර පොට්ටයට කන්ද නගින්න අමාරුය්නෙ?” මල්ලි ආයෙම කීව
“පොට්ටය?” නන්ගි සප්ත්තු ගලවන ගමන් ඇහුවා
“ඇයි ඉතින් අක්කිට කැමති වෙන්න ඌ පොට්ටයෙක්ම වෙන්න ඕනිනේ?”
“තැන්ක්යූ මම පොට්ට බබාලා 10 ක් හදලා ඔයාට දෙනවා වඩා ගන්න… මේං චූටි මාමා කියලා..
“උන් ටික ඔක්කොම මම කාමරේකට දාලා දොර වහලා…අල්ලන්න එන්න කියනවා පුළුවන් නම්..ඇස් බඳින්නත් ඕනි නැහැනේ?”
“මම මේ කල්පනා කරන්නේ ඒක නෙවෙයි.. අනිද්දට වෙඩින් එකක් ගන්නේ කොහොමද කියලා?” නංගි බත් බෙදන ගමන් ඇහුවේ..
“ශා ඔයාටත් කල්පනා කරන්න පුළුවනිද?.. ඇය් අනිද්දා?” මල්ලි ඇහුවෙ පපඩමක් කටේ ඔබාගන්න කළින්..
“නෑ ඉතින් අද කේන්දරේ එවලා.. හෙට බලන්න එන්න අහන කෙනා “අනිද්දා බඳිමු” කියයි..” නංගි හිනාවෙලා මා දිහා බලන ගමන් කීවා..
“හැබැයි ඉතින් මගෙ ලොකු මස්සිනාට ‘සොරි ඩොට් කොම්’ තමා
“ඒ මොකෝ?ඌට බෑ කියයි අපෙ අක්කි බඳින්න…”
” ඇයි ඉතින් මෙයාගේ නීති ටික..
‘අත හෝදලද ඉන්නේ, බඩගිනිද? තේ දෙන්නද? කටේ බත් තියාගෙන කතා කරන්න එපා..පුටුවෙ හරියට වාඩිවෙන්න’ “අක්කිගෙ නීති ලෝකයයි නෙ?
“අනේ මේ මම නැති දවසක් තේරෙයි”
“ඒක නම් ඇත්ත අක්කි.. අපි කාලත් ඉවරයි.. මේ බෝනික්කිට මුකුත්ම බැහැනේ? “මල්ලි ඔළුව හොල්ල හොල්ල කීවේ හරි පණ්ඩිතයෙක් වගෙයි
“එනවකෝ මගෙන් තේ එකක් ඉල්ලන්න.. අක්කි ගියාම” නංගි කට ඉස්සර කරගත්තා..
“අප්පෝ ඔයාගෙ තේ එකක් බොනවට වඩා හොඳයි වැහි දවසක ගඟේ වතුර ටිකක් බොනවා” මල්ලි කීවා
” ඇයි ඉතින් ගඟේ වතුර එදාට පැනි රහද?” මම ඇහුවෙ හිනස්සන්න හිතා ගෙන.
“නැහැ අක්කි.. අඩුම ගානේ තේ එකේ පාටවත් තියෙයි නෙ? ” මල්ලි කීවා.
“අන්න අම්මා එනවා දෙන්නම දැන් නවත්තගන්න”
මම අනතුරු ඇඟෙව්වෙ කෑම මේසේදි විහිළුවටවත් එකට එක කියාගන්නවට අම්මා කැමති නැති වග දන්න නිසා…
අම්ම ඇවිත් වාඩිවෙනකම් අපි සද්ද නැතිව හිටියා..
“කේන්දර හොඳට ගැලපෙනව.. මම තව ටිකකින් කෝල් එකක් දෙනවා.. තුන් දෙනත් එක්ක එකතු වෙලා ගේයි මිදුලයි ටිකක් අස් කරන්න” අම්ම එක හුස්මට කියල කාමරයට ගියා..
” අය්යෝ මට ගනන් හදන්නත් තියෙනවා. අනික අක්කි හිටියේ ගෙදරනේ? අපි ඉස්කෝලෙත් ගිහින් ආවේ.අම්ම නම් හරිම අසාධාරණයි” නංගිගෙ ඇඬියාව පටන්ගත්තා..
“අනේ මේ කුණු කුණුව නවත්තගන්නවා. දැන් අක්කි ගියාම ඔයාටනේ ඕවා කරන්න වෙන්නේ කොහොමත්” මල්ලි හොට දැම්ම
“අනේ මේ මම නම් කරයි..ඇයි ඔයා ඉන්නේ?” නංගි
“ඒකනෙ අපි වගේ පිං කරන්න කියන්නේ… කොල්ලෙක් වෙලා ඉපදුනා නම් ඔය මුකුත් නැහැ”
මම හිමින් නැගිටලා කාමරයට ගියා.. මට දුකම දුක හිතුනෙ ඇයි කියන්න මමවත් දන්නේ නැහැ… හෙට මොන රත්තරන් බඩුද දාන්නේ කියල මට ඒ දුක අස්සෙන්ම හිතුනා.. මම ඒවා ඇඳ උඩ තියලා වලළු අරන් අතේ දාගත්තා.. මට මතක් උනේ අප්පච්චිව… නොදැනිම උණන කඳුළැලි කම්මුල් දිගේ ගලාගෙන ගියත් මට ඒවා පිහිදන්නවත් ඕනි උනේ නැහැ..
මම කොච්චර වෙලවක් එහෙම හිටියද කියන්න මම ඇත්තටම දන්නේ නැහැ..
අම්මා ඇවිත් මගේ ළඟින් ඇඟේ ගෑවී නොගෑවී වාඩි උනා..
“දුව, හෙමින් කල්පනා කරලා පස්සේ අපිට තීරනයක් ගන්න පුළුවනිනේ? ඒ අය හෙට ආපුදෙන් .අකමැති නම් බැහැ කියන්න පුළුවනිනේ නේද? ගෙදරටම පණිවිඩේ එවලා තිබ්බ නිසයි.. පොඩි කාලේ ඉඳන් කැමැත්තෙන් හිටියා කීව නිසයි.. කෙන්දරත් ගැලපෙන නිසයි.. එන්න කිවේ..
දැන් ඔයා පොඩි ළමයෙක් නෙවිනෙ? ඕවා කැරකිල එන කොට අවුරුදු තුන හතරක් යයි..
අපි හෙමින් හොයලා බලමු.. ඔයා අකමැති දෙයක් කරවලා දෙන්නේ නැහැ දුවේ මම..
ආදරෙන් අවබෝධයෙන් කී ඒ වචන මගෙ හිත සැහැල්ලු කළා..
දැන් හෙට මොනවද අඳින්න ඉන්නේ? “අම්ම නැවතිල්ලේ කීවා.
“අර සුදු චූටි මල් තියෙන දම් පාට සාරිය?” මම කීවා.
“හ්ම්.. ඔයා ඇඳගන්න උදේ අටහාමාර වගේ වෙනකොට… මම අඩුපාඩු හදන්න එන්නම්”
“එතකොට කොන්ඩේ?” අම්ම ඇහුවා..
“සාරිය ඇඳල තනි කරලට ගොතනවා.. එයා කොළොඹ උනාට මම ගමේනේ?”
“හ්ම් දැන් ඉතින් හිනාවෙන්න චුට්ටක්… ‘”
“කෝ ඉතින් තව ටිකක් ලස්සනට ඇස් වල හිනාව පේනකම්”
මම අම්මට තුරුළු වෙලා හිනාවුනා..
“ඕනිම දේකදි අම්ම ඔයත් එක්ක ඉන්න විත්තිය.. කොයිම වෙලාවකවත් අමතක කරන්නේ එහෙම නැහැ හොඳද? මාව තුරුළු කරගන්න ගමන් අම්මා ඇහුවා
සුදුමල් වැටිච්ච ලා දම් පාට සාරිය ඇඳගෙන තනි කරලට කොන්ඩෙ ගොතා ගත්තා… හීන් චූටි වලලු දෙකයි මාලෙයි හැම දාම දාන කරාබු දෙකයි.. හොඳටම ඇති කියලයි මට හිතුනේ.. එත්…..මං චුට්ටක් වෙලා කණාඩියෙන් බලන් හිටියා… පුංචිම පුංචි වෙලාවක් මගෙම ලෝකෙ
හ්ම්ම්ම් හ්ම්ම්ම් නංගි දොර ළඟ ඉඳන් හිනැහෙනවා…. ඒ දඟකාර ඇස් ත්ව චුට්ටකින් මොනා හරි කට කැඩිච්ච කතාවක් කියන විත්තිය මම දන්නවා..
“නංගි මෙහෙ එන්නකො ටිකක්… මම හෙමින් මිමුණුවා.. මෙන්න දොර රෙද්ද අස්සේ හැංගිලා හිටිය මල්ලි කඩා පැන්නා කාමරේ මැද්දට
කොස් කොළ ඔටුන්න දාගෙන…
බාල්දියකුයි ලී කෑල්ලකුයි අතේ තියාගෙන….
මාපට ඇඟිල්ල කටේ ගහගෙන ලීය වහළ පැත්තට උස්සල ” පපර පෑං පපර පෑං අපේ අක්කි බලන්න මනමාලයෙක් එනවෝ……ඩුම් ඩුම් ඩුම් අසව් අසව්..
බාල්දියට හයියෙන් ගහන්න පටන් ගත්තෙ තාලෙට
කියමුද සිංදුවක්?
“අවසාන මොහොත මාගේ…”
අප්පෝ ඒක එප්පා මල්ලි අපි කියමු…..
“නුවර එළියෙ ටජ් මහළ හදමු රත්තරන්….”
ඕවා සින්දුද හලෝ මල්ලි පටන් ගත්ත එයාගෙ හොරනෑවයි බෙරෙයි ගහන්න
“මම ගන්නෙමි කර කාර බන්දාල..”ඊඊඊඊඊඊ ඇති අනේ….. මම හිනාවෙවී කිව්ව
ඒක නෙවි මට උදව්වක් ඕනි….මම හඬ බාල කරල දොර දිහා බලන ගමන් කිව්ව..
මල්ලි කෝටුවයි බාල්දියයි ඇඳ උඩම තියල මං ලඟට පැන්නේ අඩියට….
නංගිත් හොර වැඩකට නම් ඕනි වෙලාවක
“අම්මෝ ජම්පින්ග් ගොයින් ද? ඊයේ රෑ නෙ පැනලා යන්න තිබ්බෙ..” නංගි කිව්වේ මගෙ අල්මාරිය දිහත් බලන ගමන්
“මේ කට මෝඩි.. මහ මැට්ටියෙක් මේකි..: මල්ලි කිව්වා.. මොකද්ද අක්කි ප්‍රශ්නේ.. මගදි වාහනේට වැඩක් දෙන්නද?”
මල්ලිට කට ගන්න හම්බුනේ නැහැ
“අපෝ ඔයාට පුළුවන් ඉතින් එහෙම එකක්..හිතුවෙ සෙල්ලම් බඩුවක් කියලාද වාහනේ”නංගි කිව්වා
“අනික ඉතින් ඔයාට පැනලා යන්න ඕනි නැහැනේ.. අපි අම්මට කියමු..”
“අක්කි මේ, මෙච්චර කල් කිව්වේ නැහැනෙ මටවත්?”
“මොනවද? ඉතින් මේ කියන්න නේ යන්නේ” මම කටහඬ තවත් බාල කරල කිව්වා
“මම කියන්නම් ඕකට හොඳ උත්තරයක්…. ඔයා එළියට ගිහින් ඌට කියන්න… මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා… එයාවම තමා මම මැරි කරන්නේ කියල හොඳේ.? නංගි පටන් ගත්තා..
මම ඉතින් සුළැඟිල්ල හපන ගමන් ඇඳේ වාඩිවුණා..
හොඳ හුස්මක් අරන්
“දෙන්නම ටිකක් කට වහගන්නවද ප්ලීස්?”
“අද අර දෙන්න ආවම නංගි ටිකක් කොට සායක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන සාලෙට එන්න..”
ඔව් උන් දෙන්න පයින්ම දුවයි අම්මෝ හොල්මනක් කියලා” මල්ලි පටඣ්න් ගත්ත වදේ ගහන්න
“අය්යෝ ඉන්නකො ටිකක්..” මම ඉක්මනට කිව්වේ නංගි පටන් ගන්න කළින්
බලමු එයා ඔයා දිහා කකුල් දිහා බලයිඩ කියල .. මම කිව්වෙ
“අප්පෝ අක්කි චාර් නෙ?ඌ කොල්ලෙක් නම් බලයි” මල්ලි ආය පටන් ගත්තා
” ංආ ඔයත් බලනවා නේ එහෙනම්” නංගි ඇහුවේ..
“දැන් ඇති සද්දේ… අම්ම කාමරේට ආවෙ බුලත් හෙප්පුව අතින් අරන්..” අපි තුන් දෙනාටම කතා කරන්න අමතක වුනාද කොහෙද?
කොහොම හරි මගෙ හිත නම් නැවතුනා
“ඕකත් ඕනිමද?” මම ඇහුවෙ ඇහෙන නෑහෙන ගානට
” අක්කි ගණන් ගන්න එපා.. මම ගිහින් දෙන්නම් ඕක ටක් ගාලා’ මල්ලි කිව්වේ අපිව හිනස්සන්නද මන්දා.. මට නම් හිනා ගියේ නැහැ..
“මම යනවා එළියට.. පුතත් එන්න.. දුවට මම පස්සේ කතා කරන්නම්” අම්මගෙ අවසාන තීරනය… මල්ලඉ මල්ලඉ මම දිහා බලලා ලස්සනට හිනා වෙලා… නන්ගිට විරිත්තලා කොලර් එක හදන ගමන් අම්මගෙ පස්සෙ ගියා…
අපි දෙන්නම සද්දෙ නැතුං ඇඳේ වාඩිවෙලා හිටියා…
වාහනේ ඇවිත් මිදුලෙ නැවැත්තුවා… කතා බහක් ටික වෙලාවක් .ටී .වී එකේ කොච්චර දැකල තියෙනවද… ඔන්නම් අපිට මෙහෙ ඉඳන් හඬ කවන්නත් පුළුවන් කියල නංගි කිව්වා…
“එන්න දුව” අම්ම ළඟටම ඇවිත් අතිනුත් අල්ලගෙන මගෙ අතට ආය බුලත් තට්ටුව දුන්නා..

මගෙ පය පැකිළුනේ නැතත් හිත නම් පැකිළුනා..
මම බිම බලාගෙනම අම්ම අයින් කරපු දොර රෙද්දෙන් එළියට ආවා..
ඇස් උස්සන්නෙම නැතිව මම මල්ලිගෙ නොවන සපත්තු ජොඩු දෙකක් දැක්කා..
එකක් බෝට්ටු සපත්තු දෙකක්.. ඇලඩින්ගෙ පහන නම් දැක්කෙ නැහැ..
මට ළඟිනම හිටියෙ ඒ සපත්තු දෙක දිහාවට මම හැරෙන කොටම නැගිට්ට එයා පුටුවෙන් දඩස් ගාලා.. මොනවද කුටු කුටු ගෑවත් මට තේරුනෙ නැහැ..
මම ඉතින් ඉලත්තට්ටුව දික් කළාම එයා අරන් මෙසේ උඩින් තිබ්බ (ටීපෝ එක )
හැමෝම හිනාවුනේ මොකටද මන්දා..
“දුව වාඩිවෙන්න” අම්ම කිව්ව…
යන තැනක හොඳම පුටුවේ වාඩිවෙන්න කියල මට කියල දීල තිබ්බත් මම ළඟම තිබ්බ පුටුවේ වාඩි වුනේ…දන්නවා දැන් මම රතු වෙලා ඇති කියලා.. දාඩිය උඩු තොලේ.. පිහිදන්නත් ලැජ්ජයි.. මල්ලි දිහා බලන්න ඕනි උනත් මම බිම බලාගෙනම හිටියා…
“චූටි පුතා යන්න අක්කිට උදව් කරන්න” අම්ම කිව්වේ
අක්කිට ?
එයා ඉතින් තියෙන දෙයක් රහ බල බල ඇති කියල මට හිතුනෙ..
මම හෙමින් මල්ලි දිහා බැලුවා.. එයා ලැජ්ජශීලි හිනාවාක් දාගෙන ගේ ඇතුලට ගියා.. අම්මයි කපු ඇන්ටියි නැගිටලා මිදුල පැත්තට ගියා.. මං එයාල දිහා බලන් හිටියා
අපි ලිප් ගල් තුන් වගේ කට වහගෙන හිටියා..
බුලත් තට්ටුව ගත්ත එක්කෙන නෙවි අනිත් එක්කෙනා බුලත් තට්ටුව අරන් එකෙ තියෙන එනසල් ඇටයක් සුද්ද කරන කටේ දාගත්තා..
“එහෙම හොඳද මන්ද… මගෙ හිත ඇහුවා”
එයාලා අතින් පයින් මොනවද කියා ගන්නවා මට දැනුනා.. මම නෙවෙයි ඔළුව උස්සල ඒ පැත්ත බැලුවේ
“ඉතින් කළින් අපිව දැකල තියෙනවද?”
මම ඔළුව වැනුවා..
“ආ දන්නවද එහෙනම්?” ප්‍රශ්නය ඇල්ඩින් සපත්තු කාරයගෙන්
“නැහැ” මම කිව්වා
පොඩි නිහඬියාවක්
“එහෙනම් දැක්ක කිව්වේ දැන් ඔයා?”ප්‍රශ්නය ඇල්ඩින් සපත්තු කාරයගෙන්
ෆොටෝ එක පෙන්නුවා කපු ඇන්ටි
හීන් හිනාවක් පැන්න අනිත් සපත්තු කාරයගෙන්
මගෙ ඇස් විදුලි වේගයෙන් ඒ දිහාවට ගියා… ලස්සන ලස්සන ඇස් දෙකක්… චුට්ටකට මගෙ ඇස් ඒ ඇස් ළඟ නතර වුනා…
මම ඉතින් කෝකටත් කියලා සාරියේ මල් ගනන් කරන්න වගෙ බිම බලා ගත්තා..
“දන්නවද ඕ ලෙවල් කාලේ ඉඳන් කට්ට කෑවේ..පංසල් ගියෙත් අම්මත් එක්ක නෙ?
අපි ඉතින් පංසල් ඇවිත් ගියා නේද මචං?”
“අපි? ” මගෙ හිත මිමුණුවා.. මෙයාලා හිතයිද දන්නේ මම දවසට කතා කරන්නේ වචන 5යි කියලා.. නිකමට මත් හිතුනා.. පුංචි හිනාවක් ගියා මට
“ඇත්ත නංගි කිව්වේ.. මතකද ඔයාට සුපුනි?”
මම “මොන?” තනි වචනයෙන්ම පිළිතුරු දුන්නා
අර ඔයාගේ සයන්ස් ක්ලාස් ආවේ කොන්ඩෙ කපලා..
මම් චුට්ටක් කල්පනා කරලා , ඔලුව දෙපැත්තට වැනුවා.. මට මතක නැහැ ඉතින්
එයා අතේ තමා කැමතිද කියලා අහල එව්වේ මතකද?මිස්ටර් ඇලඩින් ගෙන්
මම “නැහැ” කිව්ව
“ඔයා කියල එවල තිබ්බ කේන්දරෙත් අරන් අප්පච්චිව හම්බවෙන්න තව අවුරුදු 15 කින් සළකල බලන්නම් ” කියලා
“ංආ ඔව්” මම කිව්වා
‘ඔන්න ඉතින් ආවා”
මම ඉතින් ඔළුව උස්සල මගේ මද හිනාවක් දුන්නා.. කැරට් විසි දෙකේ හිනාව ගැන සළකල බලන බැරියැ පස්සෙ..
ඒක නෙවෙයි අහන්න මුකුත්ම නැත්ද? ආයමත් ඇහුවා මිස්ටර් ඇලඩින්
“නම” මම ඇහුවා
“ආ මම සසිත් මේ යසිරු අය්යා.. මෙයා මගේ මාමගේ පුතා”
“හා” මම තනි වචනයෙන්.. කට කොහෙද මන්දා
ඉතින් මම යසිරු දිහා බැලුවා .. එයා අනිමිස ලොචනේ….
“ඊලඟ ප්‍රශ්නෙත් ගන්නවා..” සසිත් ඇහුවා
අහන්න නම් ප්‍රශ්න ගොඩක් තිබ්බා .. එකක්වත් මතක නැහැ..
“ගස් නගින්න පුලුවන්ද? ” මම ඇහුවා
ඉතින් යසිරු හිනාවෙනව මට දැනුනා..
මම බැලුවෙ සසිත් දිහා…එයා අතින් මොනවද කියනවා අනිත් කෙනාට
“ගස් නගින්න නම් බැරියැ. අය්යේ මම ඉක්මනට ගිහින් එන්නම් මේ ළඟට.. ” කියලා නැගිට්ටා..
දැන් කවුද එතකොට මනමාලයා..?

http://nihandasiththaraawi.blogspot.co.uk/2015/04/blog-post_63.html

Related Posts

1 Comment

  1. priyanthi hansamaali April 22, 2015 at 4:58 am - 

    sthuuthi bohoma+ ithiri kotas idiriyata

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල