සාහිත්‍ය කළා විචාර

පාර්ලිමේන්තුවට ලෙමන් පෆ් සපයනු! මහින්ද ගැන විමර්ශනය ඉදිරියට ගෙන යනු

Off

dumiya

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂගේ බත්බැලයන් හා අන්තේවාසිකයන් කයිවාරු ගැසුවේ මහින්ද කළ බව කියන හොරකම් පුළුවන් නම් අල්ලපියව් කියමින් ය.

දැන් හොරකම් ගැන විමර්ශන සිදු වෙමින් තිබේ. විමර්ශන සඳහා හිටපු ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් තවත් අයත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවා තිබේ.

තවත් බොහෝ දේශපාලනඥයන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවන ලද අතර ඔවුන් එහි ගොස් කටඋත්තර දුන් හ.

මහින්ද රාජපක්ෂ යනු අල්ලස්, දූෂණ, අක්‍රමිකතා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තාවල වැඩියෙන් ම නම සඳහන් වූ පුද්ගලයා ය. මහින්ද රාජපක්ෂ මහතා මෙලස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණය සමයේදී එජාප ලේකම් තිස්ස අත්තනායකට අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. මෙය බැලූ බැල්මට ම දේශපාලන අල්ලසකි.

තමන් නිදොස් නම් කටඋත්තරයක් දෙන්නට බය ඇයි?

තමන්ගේ ගෝලබාලයන් ඉදිරියට දමා විමර්ශනයෙන් වහං වෙන්නට හදන්නේ ඇයි?

පාර්ලිමේන්තුව යනු නීති හදන තැනයි. බලවතුන්ට රිංගන්නට නීතියේ සිදුරු බලහත්කාරී අවනීතියෙන් නිර්මානය කරන තැන නො‍වේ.

මහින්ද රාජපක්ෂගෙන් කටඋත්තරයක් ගන්නවාට විරුද්ධ වෙමින් පාර්ලිමේන්තුවේ ලැගගෙන සිටින

මන්ත්‍රීවරුන්ට ඇති තරම් ලෙමන් පෆ් සපයා එහි ඉන්නට හැරිය යුතු ය.

ඔවුන් තම නායකයා බේරා ගන්නට උපවාස කරන්නට තෝරාගෙන ඇත්තේ මරු තැනකි.

ජනතාවනි, මේ අවනීතියට අපි තවත් ඉඩ දෙනවා ද? නීතියේ පාලනය ඉල්ලා වීදියට බසින්නට මේ කාලය නො වේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

http://www.w3lanka.com/2015/04/blog-post_67.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල