කාලීන සංවාද

නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල

2

කලමණාකරණයේදී අප ඉගෙන ගත් මූලීක පාඩම නම් 1+1 = 2 නොව 1+1>2 කියාය. එහි මූලික අදහස මිනිසුන් දෙදෙනෙකු එකතු වූ කල, දෙදෙනාගේ ශක්තිය වෙන් වෙන්ව ඔවුන් දෙදෙනාට කල හැකි  කාර්‍යට වඩා විශාල බවය. ඒ අර්ථයෙන් ගත් කල සංවිධානාත්මක වීම විද්‍යාත්මකව ප්‍රශ්නයක් නැත.

එහෙත් සංවිධානත්මක වීමත් සමගම උරුම වන තවත් ප්‍රශ්ණ බොහෝ ගණනාවක් ඇත.කලමණාකරණ විද්‍යාවේ ඉගැන්වෙන එවන් කරුනු පසෙක තබා ලිපියේ ප්‍රස්තූතය වූ බ්ලොග් ලිවිල්ල ගැන කථා කිරීම මනාය.

බ්ලොග් ලිවීම යනු පුරවැසි මාධ්‍යකරනයකි.බ්ලොග් ලිවිල්ලට කිනම් අර්ථකථන ලබා දුන්නද එය ජනතාව විසින් ජනතාව උදෙසාම වාරණයකින් තොරව නැතිනම් අඩුම වාරනයකින් යුතුව කෙරෙන සංනිවේදනයකි.
මෙවන් ස්වරූපයකින් යුතු මාධ්‍යකරණයක් නිසා ඇනෙන දැනෙන අංශ කීපයකි.

කෛරාටික හොරුන් දෙදෙනෙකුගේ බහට ‍රැවටී සීතාම්බර සළුව දවටා හෙළුවෙන් නුවර සක්මනෙහි යෙදුනු රජතුමා,  හෙළුවෙන් යන බව මුලින්ම කීවේ පාර අයිනේ කඩල ගොට්ටක් විකමින් සිටි නිකංම නිකං කොළු පැංචෙකි. ඒ අතීත කථාවක්ය. අතීතය සේම වර්ථමානයේදී බ්ලෝග් ලිවිල්ල නැමැති මාධ්‍යකරනයද ඒ කඩල ගෝට්ට සපමින් සිටි නිකංම නිකං කෝළු පැංචාය.ඒ කොලු පැංචාට මහ ලොකු සදාචාරයක් හෝ මහ ලොකු වගකීමක් කරට අරං වග කිව යුත්තක් නැත.  ඒහෙත් රජතුමාගේ පුරෝහිත මණ්ඩලයේ සිටි මහා ලොකු වියතුන්නට , පඬිවරුනට කිව  නොහැකි වූ සත්‍ය,  අමු අමුවේ එලියට දැම්මේ ඒ නිකංම නිකං  කොලු පැංචාය. තාන්න මාන්න අහිමි වේ යැයි හෝ රාජ උදහසට ලක් වේයැයි බියක් පඬිවරුනට තිබ්බාට කොලු පැංචාට ඒවන් හැඟීමක් නැත.ඒ නිසාම කිවයූත්ත කිවීමට සතර වරං බැලිල්ලක්ද කොළු ගැටයාට නැත.

කොළු ගැටවුන්ගේ නොසන්ඩාල කථා නිසා සිහින මාලිගා බිදගත් රජ පරපුරේ ඇත්තනට නම් කෝළු ගැටවු යනු අම්බාන් කල යුතුම රස්තියාදූකාරයන් රොත්තකි. මහ ලොකු මාධ්‍ය පකීර්ලාට හෙවත් නූතන රාජ පුරෝහිතයන්ට අනුව නම් බ්ලෝග් ලිවිල්ල මෝය කටින් ගිය පොල් ලෙල්ලක් තරම් නොවන්නකි.

කෙසේ වෙතත් මෙවන් රස්තියාදුකාරයන් හැසිරවීමට ද ක්‍රම කීපයකි. ඒවාද කලමණකාරන තියරිය.

අතීතයේදී වරෙක අප පාසලේ සිටි රගර් කන්ඩායම අම්බ මෑරෑටි  රෑලකි. ශිෂ්‍යනායකයන් තියා ගුරුවරුන්වත් මායිම් නොකල ඔවුන්ගේ තක්කඩි කම් පාසලට ගෙන ආවේ අපකීර්තියකි ( විදුහල් පති උතුමාට සාපේක්ශවය). කෙසේ නමුත් ඊලඟ වාරයේදී සිදු වුයේ අමුතුම සිදූවීමකි. අර හම්බ මෑ‍රැටි ‍රැලේ හොදම මෑ‍රැටියන් තුන් හතර දෙනෙකුට ශිෂ්‍ය නායකකම් ලැබී, උදෑසන ප්‍රධාන ගේට්‍ටුව අසල ‍රැවුල් කොන්ඩ ෆන්ක් කට් ඇල්ලීමට  ඔවුන් යොදවා සිටිනු දැකිය හැකිවිය.දු‍ටු දු‍ටුවන්ගේ ඇස් උඩ ගිය නමුත් අවසාන උත්තරයේදී මැ‍රැටි ‍රැල මැරෑටි කම් පැත්තක දමා විනය තැකීමට මෑ‍රැටි රෑලම යොදා ගැනීමට විදුහල්පති උතුමාට හැකිවිය.ඒ විදුහල්පති තුමා සොයා ගත අමුතුම තියරියක් නොව,කලමණාකරණයේදීම කියවෙන 80-20 පැරෙටෝ තියරියමය.

කොළු පැංචන් තමන්ම සංවිධානය වී තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියා බජව් පාටි අර උත්සව මේ උත්සව පවත්වනවා අප දැක ඇත. අප මේ කතා කරන්නේ ඒ ගැනම නොවේය.

මේ කථා කරන්නේ රජ පරපුරේ ඇත්තන්, මාධ්‍ය ඔස්තාද්ලා කොල්ලෝ කුරුට්ටෝ එකතු කර, කොලු කුරුට්ටනේගේ අහිවූර්දිය උදෙසා බලෙන්ම දෙන පාටි ගැනය. ගොනා හැරෙන්නේ පොල් පැලේට බව පැලේට නොතේරෙනාට, සයිබරය නැමැති ගෙන්දගම් පොලෝවෙ කරකුට්ටන් වෙන කොල්ලෝ කුරුට්ටන්ට ඒ බව නොතේරී යන්නට හේතුවක් නැත.

බ්ලොග් කලාවේ ශක්තිය ඇත්තේ මහපොලෝවේ සංවිධානය වීමට වඩා සයිබර් අවකාශයේ වෙන සංවිධානයෙන් බව අපගේ මතයය. සයිබරයේ ගොඩ නැගුනු බ්ලොගය සයිබරයේ ශක්තිමත් වී ඒ ඒ සමාජ සංස්ථාවලට අහියෝගයක් වෙනු මිස එය මහපොලොවට ගෙනැවිත් මහපොලෝවේ දියකර දියකර යාමට ඉඩ දිය යුතුද යන්න අප ඔබ හමුවේ තබන විවෘත ප්‍රශ්ණය ය.බ්ලොග් කලාවේ දියුණුව අභිවෘද්ධිය පතන මහාමාත්‍ය පුරෝහිතයන්ට කල හැකි ලොකුම උදව්වනම් සයිබරයේ තොරතුරු ගලා යෑමේ නිදහස හා සයිබර් අවකාශය පුළුල් කිරීම බව අපගේ අවංක හැඟීමය.

-http://maiyyagelokaya.blogspot.co.uk/2015/04/blog-post.html

*************************************************

-මුලින්ම මෙහෙම පෝස්ට් එකක් ලියපු එකට ස්තූතිය. මමත් ඔය වැඩේට මුලින් කැමති උනේ නෑ. සම්මාන උළෙලට යන්න හිතුවෙත් නෑ. ඒත් මම සිංහළ බ්ලොග් වලට ආදරෙයි. ඒ නිසා කීප දෙනෙක් අනතුරු අඟවද්දිත්. මම එලිදරව් වෙන්න කැමති උනා. මෙතන හුගක් අය දකින් වැරදි දෙයක් තමයි නෙළුම් යාය සම්මාන උළෙල මේ ආන්ඩුවෙන් කරපු එකක්ය කියන වැරදි අවබෝධය. නෙළුම් යාය සම්මාන් ප්‍රකාෂයට පත් කළේ ජනවාරි 3 න් වෙනිදා. එතකොට ජනවාරි 8 ආන්ඩු පෙරලියන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

සිංහළ බ්ලොග් වල ඉතිහාසය ගැන අයිතිවාසිකම් ගැන මහා ළොකුවට කතා කලාට අවුරුදු දහයක් ගිහිනුත් මේක ඉස්ස්සරහට යනවට වඩා පස්සට යන එකකුයි වෙලා තියෙන්නේ. ළ්ඛිපි දහයක් පහළොවක් ලියනවා එතනින් ඉවරයි. හිට්ස් කොමෙන්ට්ස් බලාගෙන අපිත් බ්ලොග් ලිව්වා නම් අපිට වෙන්නෙත් ඒ ටිකමයි. ඒත් මේ කිසි දෙයක් බලාපොරොත්තු නැති. හැමදාමත් සුපිරි දේ ලියන අයත් ඉන්නවා.

නෙළුම් යාය මූලික උනාට මේ සංවිධානයට උන්ගේ කිසිම සම්බන්ධ්යාක් නෑ. නිළධාරින් සියල්ලම බ්ලොග් කාරයෝ. නෙළුම් යාය වෙනම කතාවක්. බ්ලොග් සංසදය වෙනම කතාවක්. එකම දේ මේක යෝජනා කළේ නෙළුම් යායේ උන් වීම. ලංකා නිව්ස් වෙබ් එකේ ළිපි පළවෙන්න පටන් ගත්ත දවසෙ ඉඳලා මගේ හිට්ස් නම් ඩබල් උනා. අනෙක් උන්ගේ අත් දැකීමත් ඒකයි.

අපි අභිමානයක් තියා ගත්තට කමක් නෑ. ඒ අධිමානයක් තියා ගන්න නරකයි. අනෙකුත් මාධ්‍යන්ගේ සහයක් නැතිව අපිට මේ ගමන යන්න අමාරුයි. අපි උනත් හිතින් කෙතරම් සතුටු වෙනවද අපේ ළිපියක් පුවත් පතක ගියොත්, වෙබ් අඩවියක ගියොත්. ඇත්ත කතාව ඒක. ඒ වගේම අපි කවුරුවත් කියන විදියට ලියන්න කියන්න ඕන නෑ. තමන්ගේ ස්වාධීනත්වය තියා ගත්තාම හරි.

මාව ඔය සංගමයේ සභාපති හැටියට බලෙන්ම දාපු එකත් සමහර අයට වනයක් වෙලා ඇති. මොකෝ ගොඩක් යෝජනා වලදි බ්ලොග් කාරයෝ වැඩි පිරිසක් ඉන්නේ උඹ කියන මතයේ.

අනික මේක පටන් ගත්තය කියලා අනන‍යතාවය එලිවෙන්නේවත්, මක්කත් වෙන්නේ නෑ.. කැමති නැත්නම් ඉල්ලා අස් උනා. ඕන නම් සාමාජික මුදලත් අරගෙන. මොකෝ මේක ආවා කියලා සියළු දේ ලැබෙන්නෙවත්. සියල්ල නැති වෙන්නෙ වත් නෑ.. ඒත් මම හිතනවා බ්ලොග් ලියන උන් අතරේ හරි එකමුතුවක් තියෙන එක හොඳයි කියලා..

මාතලන්

********************************************************

//කොළු ගැටවුන්ගේ නොසන්ඩාල කථා නිසා සිහින මාලිගා බිදගත් රජ පරපුරේ ඇත්තනට නම් කෝළු ගැටවු යනු අම්බාන් කල යුතුම රස්තියාදූකාරයන් රොත්තකි. මහ ලොකු මාධ්‍ය පකීර්ලාට හෙවත් නූතන රාජ පුරෝහිතයන්ට අනුව නම් බ්ලෝග් ලිවිල්ල මෝය කටින් ගිය පොල් ලෙල්ලක් තරම් නොවන්නකි.// මම තමා නෙළුම යායේ සංස්කාරක. සම්මාන දෙන්න ලංකාවට ආපු වෙලේ එක නීතිඥයෙක් කිව්වා ඔය බ්ලොග් කියන්නේ කුණුහරුප. ඒවා ලියන උන් කුණුහරුප කාරයෝ කියල. මම පොරව සත පහකට ගණන් ගත්තේ නැහැ. පස්සසේ එයත් එදා ආවා. බ්ලොගය සංවිධානය වෙන්නේ සයිබරයේ කියා නොපෙනීම පුදුමයකි. නෙලුම් යාය මෙන්ම බ්ලොග්පවර් අඩවියද ඇත්තේ සයිබරයේය. ඒවා ලියන උන් සිතෙන්නේ මහා පොලොවේය. ඔබ වැඩ සිටින්නේ අහසේය. ඔබට බය සමහරවිට මා වන්නෙකු වෙබ් ගෝඩ් ෆාදර් වන්නෙකු හෝ බ්ලොග් ෆාදර් කෙනෙකු වේ යයි සිතා නම් ඔබට පැමිණ මතාගේ තැන ගෙන (මාතා එතනට බලෙන් දැමු නිසා ) සයිබර් අවකාශයේම රදා ගත හැකිය. ප්‍රශ්නය ඔයාත් වර්චුවල් ද?

-සංස්කාරක

Related Posts

2 Comments

  1. Mayya May 2, 2015 at 1:23 am - 

    Mayya30 April 2015 at 10:54
    මචං මාතලන්,
    සයිබර් වෙබ් ගෝඩ්ෆාදර් ඉන්නවයි කියන යුගයේ බ්ලොග්වලටත් කවුරුහරි පාටියක් ගෝඩ්ෆාදර් කෙනෙක් වෙන්න හිතුවෝත් ඒකට ආණ්ඩු බලයක් අවශ්‍ය වෙන්නේ නේ..ඉස්සර ජෙවීපි දැන් පෙර‍ටුගාමින් අන්තරේ හරහා කැම්පස් කොල්ලො කෙල්ලො පාරට බස්සන්නේ ආන්ඩු බලයක් තියන්න් නෙවෙයි.

    ඊලග කාරනේ නෙලුම්යාය හොදවැඩක්…ඒක ගැන කථා දෙකක් නෑ..ඉදල හිටල ශිශිර තාරක නින්දෙන් ඇහිරිලා ලියන මේ බ්ලොගයටත් වැඩිම් හිට්ස් එන්නේ ලංකා නිව්ස් වෙබ් එකෙන්…ඊටත් එහා ගියාම කරුණාරත්න පරණවිතාන මේ බ්ලොගයේ රසිකයෙක් වගේම මමත් ඔහුගේ බ්ලොගයේ රසිකයේක්…..ඒ නිසාම තමයි මම ‘සයිබරයේ ගොඩ නැගුනු බ්ලොග් සයිබරයේම සංවිදානය් වී ශක්තිමත්’ වීමක් ගැන කථා කරන්නේ…..

    අනිත් කාරනා ගැන නම් කියන්න තියෙන්නේ අපේ හිටපු රගර් ටීම් එකේ හොදම මදාවියා ප්‍රිෆෙක්ට් වෙලා ගෙට්‍ටුව ගාවදි ෆන්කි කට් එකක් ඇල්ලුවම දෙන් ටෝක්ස් මතක් උනා කියලා විතරයි….නො ඔෆ්ෆෙන්ස්

    සයිබරයේ තියෙන දේවල් මහපොලොවට බැස්සුවම ඕවා ඔහොම වෙනවා…..මොක්ද අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු…

  2. Mayya May 2, 2015 at 1:23 am - 

    පලමුව කිවයුත්තේ මේ බ්ලොග්සටහන කිසිම පුද්ගලයකු පෞද්ගලිකව එක එල්ලේ හෝ අනියමින් ඉලක්ක කර ලියා නොමැති බවය. මෙහි සාකච්චාට ගැනෙන්නේ සිදුවීම හා අදාලා කාරනා පමනකි….

    ඊලඟ කාරනය නෙලුම්යාය හා ලංකා නිව්ස් වෙබ් වැනි දේ මාගේ ප්‍රශංසාවට ලක් වෙන බවය. මන්ද එවා බ්ලොග් අවකාශයේ සිමා වලුළු පුළුල් කෙරෙන බැවිනි…මා බ්ලොග් සයිබරයේ සංවිධානය වීම ලෙස දකින්නේ එවන් දේය.

    මූලික වශයෙන් කිව යුත්තේ මේ ලිපියෙන් ප්‍රශ්ණ කෙරෙන්නේ සයිබරය මහපොලුවට බැසීම නිසා සිදුවන හානිය ගැනය. බ්ලොගයේ ශක්තිය පවතින්නේ එය සයිබරයේ පැවතෙනතාක් කල් පමණි..එය මහපොලොවට බට දා සිටන් එය තවත් මහපොලොවේ පවතින සිවිල් සංවිධානයක් හැඩය ගන්නවා පමනක් නොව සයිබරයට එම බලපෑම දැනීමට ගැනෙනු ඇත. මෙතෙක් කල් බ්ලොග් අදහ්ස වලට අභියෝග කිරීමට සයිබරයෙන්ම ආ යුතුව තිබිනි. බ්ලොග් අදහස් වල මුද්‍රිත මාධ්‍යයේ නැති විවිධාකාර ඉතා ‍රැඩිකල් අදහස් පවතින්නේ එසේ කී බෝඩ් වීරයන් සේ ලිවීමාට හැකි වීම තුලමය. එය එහි ශක්තියය් ය. එහෙත් එය මහපොලොවට පය තැබූ විගසින් බ්ලොග් සටහන් වලට අභියෝග කිරීමට මහපොලොවේ තියෙන නූල් සූත්තර උප්පරවැට්ටි සියල්ල යොදා ගැනීමට හැකි වනු ඇත. මෙහෙදී සංවිධානය වී සීටීම එය තවත් පහසු කෙරෙන නිසාය..තීරණාත්ම අවස්ථාවකදී කල යුතුව ඇත්තේ , එසේ සංවිධානය වී සිටින පිරිසේ තීරක බලය හිමි සුළු කොටස ඇල්ලීම පමනකි. පඩු, බඩු, නඩු වලට නොනැමෙන කොන්දක් ලංකාවේ තියා ලෝකයේවත් ඇත. ප්‍රශණයක් ඇත්නම් පඩුරු වල විශලත්වය පමනකි. බ්ලොග් කරුවන් එක රොත්තට අහුවෙන පරිදි මහපොලොවේ සංවිධානය වී සිටීම එය තවත් පහසු කරනු ඇත.

    ප.ළි. ඔබ බ්ලොග් ෆාදර් කෙනෙක් වීම ගැනක් මා කථා කර නැත.එසේගෝඩ ෆාදර් වෙන කෙනා ඔබ මෙන් නිරාවරනය වේ යැයි බලාපොරොත්තුවක්ද මා තුල නැත. එහෙත් යම් පුද්ගලය සමූහයක් දිනා ගැනීමට යෙදවීමට එම සමූහයේම විශ්වාසය දිනා ගත හැලි මිත්‍රශීලී පුද්ගලයෙකු යොදවා ගැනීම , අදටත් අන්තරය වැනි දේ විශ්ව විද්‍යාල තුල කරයි. පසුව ඒ විශ්වාසය දිනා ගත් තැනැත්තාට තෙල දී කෙලින්ම ඔහුව හැසිරවීම හෝ තවදුරටත් ඔහුව නිද්හසේ තබා ඔහුගේ සමීප කණ්ඩායම හරහා මෙහෙයවීම විශ්ච චිද්‍යාල තුල අන්තරය දැනටත් යොදා ගන්නා ක්‍රම හා විදිය.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල