කාලීන සංවාද

සිරි පැරකුම් සිනමා පටයේ අවුල් සහ තවත් කතා

Off

ඊයෙ වෙසක්දා ටී වී එකෙන් චිත්‍රපටයක් නැරඹීමට අහම්බෙන් අවස්ථාවක් උදා විය. මම සාමාන්‍යයෙන් සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නරඹන්නේ නැත. ටීවී එක කවුරුහරි දාල තිබුනොත් මටත් කොටහක් බැලෙයි. ඒකෙත් මුල මැද අගක් නැත. බොහෝ විට චිත්‍රපට බලනවාට වඩා චිත්‍රපට අහනවාය.

ඊයෙ එක්තරා චැනලයක සිරි පැරකුම් චිත්‍රපටය පෙන්වීය. මට එය ඇසුණි.කරුණු කිහිපයක් නිසා එය බැලීමට සිත්විය. එකක් නම් එම කතාවට පාදක වූ ජනප්‍රවාදය අපේ පළාතට කිට්ටු ප්‍රදේශයක සිදුවූ සිද්ධියක් වීමයි. රජු යුද්ධයෙන් මියගිය විට බිසෙවරු ගලෙන් පහලට පැන මළ පසු කළුන්දෑව ගමේ රෙදි නැන්දා කෙනෙක් කුඩා බිළිදු කුමාරයා රැගෙන ගමරාල කෙනෙකුට දෙයි. ගමරාල ඔහු හදාගනී. වියපත් කුමරා ගමරාලගේ දියණියන් දෙදෙනාගෙන් බාල එකී රන් එතනා සමග හාද වෙයි. ලොකු එකී කළු එතනා කුමරාට වෙනස්කම් කරයි. දිනක් කුඹුර හාමින් සිටින විට බාල එකී ගෙනා ඇඹුල කා ඇයගේ උකුලේ නිදා සිටින කුමරාට තම මහපට ඇගිල්ලේ මීයක් බැද ඇති බව සිහිනෙන් පෙනේ. එම සුබ සිහිනයෙන් අවදිවන කුමරා ඉදිරියට එන්නේ මගුලැතුය. මගුලැතු කුමරා ඉදිරියේ දනගසයි. රන් එතනා සමග රජවාසලට යන කුමරු මන්ද කළුවෙ පින් නොකළේ කියා කළු එතනාට කවියකින් සරදම් කළාලු.

පොලොන්නරු රාජධානිය බිදවැටීමෙන් පසු අපගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජධානි තුනක්ම විය. එය අපූරු සිද්ධියකි.දඹදෙනිය ,යාපහුව, කුරුණෑගල ඒ රාජධානියි. අනුරාධපුර හා පොලොන්නරු රාජධානිවලට වඩා මෙහි විශේෂත්වය නම් මේවා ආත්මාරක්ෂාව සදහා ගොඩනැගූ ඒවා වීමයි. මේ තත්වය කෝට්ටේ අගනුවර වනතුරුම පැවතිනි. මට ඇති පුදුමය නම් එක තැනක ආරක්ෂාව මදි කියා යන්නේ ඒ අසලම තැනකට වීමයි. දඹදෙනියෙන් යාපව්වට ගොස් එතනින් යන්නේ ඒ අසලම ඇති කුරුණෑගලටය.

අද කුරුණෑගල දිස්ත්‍රික්කය සශ්‍රීක කුඹුරුයායවල් වලින් සමන්විත ග්‍රාමීය ප්‍රදේශයකි. එහෙත් 13 වන සියවසේ මෙම ප්‍රදේශ රටේ මර්මස්ථාන විය. පොලොන්නරුව කාලිංග මාග විසින් විනාශ කළ පසු ප්‍රාදේශීය ප්‍රභූන් සිව් දෙනෙක් යලි සිංහල රාජවංශය ගොඩ නැගීමට උත්සාහ කළ අතර එයින් ජයගත්තේ තුන්වන විජයබාහුය. මේ තුන්වන විජයබාහු පොලොන්නරු රජවරුන්ට තිබූ නෑකම ගැන දන්න කෙනෙක් නැත. තුන්වන විජයබාහු ප්‍රාදේශීය රදලයෙක් වන්නට ඇත. එය එසේනම් සිංහල රාජවංශය අහෝසිවන්නේ කාලිංග මාඝ ආක්‍රමනයෙනි.

කෙසේ හෝ තුන්වන විජයබාහු යළි සිංහල රාජවංශය පිහිටුවීය. එහෙත් මේ කාලයේ රටේ පැවතියේ අවිනිශ්චිත වාතාවරණයකි.

තුන්වන විජයබාහු රජුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ලෙස හැදින්වේ.කව් සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නය ලියන ලද්දේ මෙම රජතුමාය. ඔහු ඉතා ශ්‍රේෂ්ට කාරුණික රජකෙනෙකි. මේ යුගයේ වැදගත් සිද්ධියක් නම් ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණයයි. මේ ජාවකයා ඉන්දුනීසියාවෙන් ආවෙකි. ඉන්දුනීසියාවේ මේ කාලයේ තිබුනේ ශෛලේන්ද්‍ර අධිරාජ්‍යයයි. මැලේසියාවේ කොටසක්ද මීට අයත් විය. සියළුම ආක්‍රමනිකයන් පොදුවේ දෙමළ කියා අඥාන වංශකතා කරුවන් හැදින්වුවද රටට මහා හානියක් කළ කාලිංග මාඝ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයෙන් ආ අයෙක් ලෙස සැළකේ. එහෙත් මට සිතෙන්නේ ජාවක චන්ද්‍රභානු සේම කාලිංග මාඝද ඉන්දුනීසියාව පැත්තේ සිට ආ එකෙක් බවයි ( තාම්‍රලිංග = කාලිංග )

ජාවක චන්ද්‍රභානු පරාජය කිරීමට පරාක්‍රමබාහු රජු සමත් විය. මෙම රජු උගතෙක් කාරුණිකයෙක් සේම රණ ශූරයෙක්ද විය. රජු සමගම සටන් කළ සෙනවියා පතිරාජ සෙනෙවියාය. පතිරාජ යන වාසගම අපේ පැතිවල සුලබය.

සිරි පැරකුම් චිත්‍රපටයෙන් කියන්නේ මෙම කුමාරයා දෙවන පැරකුම්බා රජු බවයි. එය සත්‍ය නොවේ. මෙම කුමරා සැගවී සිටි කාලයේ රජකම් කළේ වත්හිමි බණ්ඩාර නම් මුස්ලිම් කුමරා බවත් ඔහුට රාජ උරුමයක් නොවූවෙන් කුමන්ත්‍රනයකින් ඔහු ගලෙන් පහලට පෙරලා මරා මගුලැතු සරසා එවූ විට මගුලැතු කුමරාට දන ගැසූ බවත් කියවේ. මේ කතාවත් වැරදිය.

වත්හිමි බණ්ඩාර නම් මුසල්මානයා පළමුවැනි භුවනෙකබාහු රජුගේ අන්තහ්පුර බිසවකගේ පුතෙකි. ඔහුගේ මව ඉරාන ජාතික කාන්තාවකි. තම පුතුට රජකම දීමට මෙම ඉරාන බිසවට අවශ්‍ය විය. එය එසේම සිදුවිය. එහෙත් රදළයන් හා භික්ෂූන් රාජ උරුමයක් නැති මොහු සිහසුනෙන් නෙරපීමට කුමන්තරනය කර පර්වතයක් උඩ පිරිත් මණ්ඩප්පයක් සාදා පිරිත් කියන අතරතුර රජුගේ මණ්ඩපය පර්වතයෙන් පහලට පෙරලා මරා දැඌහ.

සිංහල රාජ වංශයේ දේවත්වයට නංවා ඇත්තේ රජවරු දෙදෙනෙක්. එක් කෙනෙක් නම් මහසෙන්ය .අනෙක් රජු මේ වත්හිමි බණ්ඩාරය. වත්හිමි බණ්ඩාර වෙනුවෙන් තනා ඇති ගලේ බණ්ඩාර දේවාලය කුරුණෑගල පෞරාණික දේවාලයකි. එහි පාරම්පරික කපුවන්ද වෙති.මෙයින් පෙනෙන්නේ වත්හිමි ජනතාව අතර ජනප්‍රියව සිටි බවයි. ඔහුට පක්ෂ විශාල බලවේගයක් කුරුනෑගල තිබී ඇත. ඔහුගෙන් පසු රජවන iii පරාක්‍රමබාහුට කුරුණෑගල සිට රජකම් කළ නොහැකිව එවකට වල් බිහිව තිබූ පොලොන්නරුවට යාමට සිදුවීමෙන් එය පෙනේ.

තවත් මතයක් ඇත. එනම් මෙම කුමරු පස්වනි විජායබාහු රජුගේ පුතෙක් බවයි.එය පිලිගත නොහැක්කේ එම රජු කුරුණෑගල අවසන්වරට රජකල රජුවීමත් 1326 සිට 1341 ගම්පොල රාජධානිය වනතුරු රාජවංශය ගැන කිසිම තොරතුරක් නැති නිසාත්ය. කලුන්දෑවේ කුමරු සම්බන්ධ දඹදෙනියටය.

මෙම රජු සිරිපැරකුම් කතාවේ එන දෙවන පරාක්‍රමබාහුවත් ,කුරුණෑගල පන්ඩිත පරාක්‍රමබාහුවත් නොවන බව පැහැදිලිය. ආරාජක කාලයක් කුරුණෑගල පැවතියේ පළමුවන භුවනෙකබාහු රජුගෙන් පසුවය.එනිසා වත්හිමි කුමරු පළමුවන භුවනෙකබාහුගේම පුතෙකි.

ඒ කවරක් හෝ මෙම කළුන්දෑවේ කුමරා වේවා චිත්‍රපටයේ සදහන් සාහිත්‍ය ශූරී රජුනම් නොවේ. වත්හිමි සිද්ධිය පස්වන විජයබාහුට ගලපුවොත් කළුන්දෑවේ කුමරා නාමික ඉතා අප්‍රකට රජෙකි.

ඒ ඇති

දෙවන පරාක්‍රමාබාහු රජුගෙන් පසු ලංකාව තව දුරටත් ඒකීය රටක් ලෙස නොපැවති බවත් අගනුවර රජුට සැබෑ බලය පැවතියේ අගනුවර ට කිට්ටු ගම්මාන කිහිපයක බවත් මුහුදුබඩ ප්‍රදේශවල කිසිම අධිකාරයක් තිබී නැති බවත් පෙනේ. දෙවන පරාක්‍රමබාහු ගේ කාලයේම උතුරේ වෙනම පාලනයක් ඇතිවීම විශේෂ කරුණකි. එසේම එකල රජවාසල බලය පැවතියේද විදේශ හමුදාවලටය. වරෙක රාජ්පුත් සේනාංකය රජු කවුදැයි තීරණය කරන මට්ටමක බලයක් දැරීය. අන්ධ සේනාපති යටතේ ආන්ද්‍ර හමුදා , වංග සේනාපති යටතේ වංග හමුදා ආදියද විය.චීනය අරාබිය වැනි රටවල් සමග විදේශ සබදතා ද තිබිණි.මේ තත්වය කෝට්ටේ යුගය දක්වාම තිබූ අතර කෝට්ටේ නගරය ඉදිකරන ලද්දේද විදේශීය වෙළද නායකයකු වූ අලකේශ්වර විසිනි. කුරුණෑගලින් පසු ගම්පොල ගා දැදිගම අගනුවරවල් දෙකක් ඇතිවූ අතර උතුරේ ආර්ය චක්‍රවර්තිගේ බලය කුරුණෑගල දක්වාම පැතිරුණි. රජවාසල සැබෑ බලවතුන් වුනේ අලගක්කෝනාර අගමැතිය.
ඒ අනුව කුඩා කාලසීමාවක් හරුන විට පොලොන්නරු යුගයෙන් පසු රටේ ඒකීය පාලනයක් තිබී නැති අතර රජවරු යනු ගම්මුලාදෑනීන් වැනි පිරිසක් වූ බව පෙනේ.එසේම වෘත්තීය හමුදාවක්ද තිබී නැත.විදේශීය හමුදාවල සහාය අනුරාධපුර යුගයේ සිටම ලබා ගැනුනි. ආයුධ නිශ්පාදනය , වෙළදාම ,අමුද්‍රව්‍ය එකතුකිරීම , වාරිමාර්ග ඉදිකිරීම යන කටයුතු අගනුවර මැදිහත්වීඑන් කළද වෘත්තීය ස්වදේශික හමුදාවක් නොවීය. එය පුදුම තත්වයකි. රජවරුන්ගේ බලය ගැන අපූරු තොරතුරු ඇත. මහවාසල තේජෝබල වීරවිපුල රජුට පුත්තක්ලමට ආ මොරොක්කෝ දාමරික පිරිසක් පරාජය කිරීමට නොහැකි විය. මුහුදුබඩ පෙදෙස් වල විදේශීය වෙළදුන්ගේ පාතාල පාලනයක් තිබිනි.කෝට්ටේ රජුට කොළඹ ගැන තිබූ දැනුම හා පාලනය සිනහ උපදවන සුළුය.

පොලොන්නරු යුගයට පසු රජවරු උවමනාවෙන් කළ එකම දෙය බඩු ගැසීම පමණක් බව පෙනේ. අභ්‍යන්තර පාලනය අගමැති විසින් කළ අතර රටේ සැබෑ පාලකයන් වී ඇත්තේ ප්‍රාදේශීය දාමරිකයන්ය.

සිරි පැරකුම් කතාවේ එන රජවරු නොගැලපීමේ සිද්ධි සිහිකරන විට එම යුගය ගැන මෙන්න මේ විදියෙ චිත්‍රයක් මට ලැබුනි.

______________________________________________________

බ්ලොග් හදුන්වා දීම

_______________________________________________________________

රජවරු ගැන කතා කළෙමි. බ්ලොග් හදුන්වාදීම යන විශේෂාංගය යටතේ ද මුලින්ම රජෙක් ගැන බ්ලොග් අඩවියක් හදුන්වා දෙමි. දියසේන කුමරා ඔබ අසා ඇති. ඔහු අනාගතයේ පහළවන ජාතියේ ගැලවුම්කරුය.මේ දියසේන කුමරා ගැන මුලින්ම සදහන් වන්නේ පළමුවැනි පැරකුම් යුගයේ සාහිත්‍ය කෘතියකය. 1959 දී මොහු රුහුණේ උපදිනබවට කතාද තිබුනාලු. මේ දියසේන කවුදැයි දන්නවාද

ජාතියේ ගැලවුම්කාරයා වන දියසේන කුමරු බ්ලොග් එකක් කරන බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත.

මට එම බ්ලොග් එක හමු විය. ඔහු තමන් දියසේන බව හදුන්වා දෙන්නේ මෙසේය.

” දැන් අප සොයාගත් දේ ගැන කතා කරමු. මාතර දිසාවේ, දියසේන 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුනා යයි මිනිසුන් සිතා, බලාපොරොත්තු කඩ කර ගත් ගමට නුදුරු ගමක උපන්නකු ලෙස, මම ද කුඩා කල සිට දියසේන ගැන අසා ඇත්තෙමි. නම දුටු විගසින් එම නමේ ස්වරූපය ඒ පැත්තට උරුම වූ රටාවක් ඇති එකක් බව තහවුරු වේ. මේ දියසේන උපදිනවා යයි කියා ඇත්තේ ද මාතර දිසාවේ ය. කලින් ලිපියක කී මහ සම්මත මනු ද උපන්නේ මාතර යයි කියවේ. මෙම ප්‍රදේශයේ වැදගත්කම වචනය තුල ඇත. මාතර යනු “මව් තැන” යන අරුත දෙන වදනකි. “රුහුණු” පළාත යනු “හිරු උන්නු” පළාත වේ. මේ වදන මිනිසා ගොරිල්ලන් ලෙස හඬ නගන යුගයේ බිහි වී ඇත. පසු කලක දෙමළ ලෙස වෙන් කලේ මේ ආකාරයට ශබ්ද නැගීම හිර වූවන් බව පෙන්විය හැක. පැළයක් හැදී වැඩී අතු බෙදී මහ රුකක් වන්නා සේ මිනිසා තිරිසන් බව හැර අද ඉන්න තැනට ඒමට කෙතරම් බෙදී අයින් කලාදැයි යන බව විවිධ ජාතිකත්ව හෙළි කරති. දියසේන සොයා යාමේ දී මනු ද එම පෙදෙසේම උපන් බව තහවුරු වුනේ ගමේ නම නිසා ය. මිනිසුන් තැන මාරු කල ද, අවශ්‍ය දේ ද රැගෙන යන ගතිය ගැන කලින් ලිපියක සඳහන් කලෙමි. මේ අවශ්‍ය දේ යටතට අවට පරිසරයේ ඇති දේවලට කියන නම් ද රැගෙන යන බව කිව යුතුය. සිංහලයන් වචන වලට ස්ථීර අරුත් දීම ද වැදගත් විය. මෙවැනි හැසිරීමක් ඉංග්‍රීසි කොළණි තුලද දැකිය හැක. Liverpool යන නම කී තැනකට දමා ඇති දැයි බැලූ විට මා කියන දේ පැහැදිලිය.
අද දියසේන යන නම භාවිතයේ නැත්තේ නූතන වචන රටාව වෙනස් වීම නිසාය. ආදි කල, දියසේන යනු දිය දෙන කෙනා යයි අරුත් ගති. එකල දිය යයි කී දෑ සුළු දිය මගින් තහවුරු වේ. ඒ අනුව, දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැක. මෙහි දී අදහස් වනුයේ පියා (තාත්තා) යයි කීම ය. පියා යන වදන දිය යන්නෙන් බිහි වූ බව පෙනේ. කලින් ලිපියක තාත්තා යන වචනය ගැන කීවෙමි. එසේම දිය යයි වතුරට ද කියවේ. එකල වතුර ජීවිතයත්, ගින්න මරණයත් සනිටුහන් කලේ, කැළෑ ජීවිතයේ දී ජීවිතය රැකෙන්නේ වතුර ලැබුනොත් පමණි. එසේ නම් දියසේන යනු වතුර සොයාදෙන කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා යයි කිව හැක. අද ද මාතර පෙදෙසේ පියසේන (පියා+කෙනා) සිංහල ගම්වල බහුලව යොදන පිරිමි නමකි. වචන ව්‍යාප්ති විදි අනුව ආදි සිංහලයන් කී දියසේන සෙවිය යුත්තේ එම නමින් නොව එහි නූතන වදන වන පියසේන යෙදීමෙනි.

දී ඇති ඉතාමත් ම පැහැදිලි තොරතුරු මත කියපු වෙළාවට ඉපදිය හැකි ගණන ද සීමිත ය. එසේම හැකියාවන් අනුව නිකමකු ද නොවේ. අනිවාර්යයෙන් ම එම ගමේ ප්‍රසිද්ධ කෙනෙකු විය යුතුමය. එසේ නම් සෙවිය යුත්තේ සුවිශේෂ තැනක් ඇති කෙනෙකු ගැන ය. අපට කිසිදු විදියකින් 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, සැබැවින් ම සිංහල විදියට 1958 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු කිසිදු ගමකින් සොයාගත නොහැකි විය. අප ඒ ප්‍රදේශයේ ඇති ග්‍රාම නාම වල ද අරුත් බැලුවෙමු. ඊ ළඟට කලේ සිංහල වසර ක්‍රමය අනුව 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු සෙව්වෙමු. මෙදින එම පෙදෙසට සූර්යයාගේ මුදුන් වීම ද, උපදින වෙළාවේ සූර්යයා උදා වීම ද සුවිශේෂ කරුණු ය. සැබැවින්ම එම නමින්, එම දින, කී වෙළාවට උපන් කෙනෙකු ඇති බව සොයා ගත්තේ අමුතුම ආකාරයකට ය. ඔහු කොතරම් ප්‍රසිද්ධ දැයි කියනවා නම්, ගම නොව මුළු ලෝකයම ගෙන බැලිය යුතු ය. ඔහු ප්‍රසිද්ධියට අකමැති, දැන් වෙනස් නමකින් ඉන්න අයකු වූව ද, ලොවම දන්නේ ඔහු දුන් සුළු දැනුමෙන් මිස මුල් නමින් නොවේ. එම සුළු දැනුමෙන් කොටසක්, ලොවේ ඉහලම තලයේ සිටින විද්වතුන් සිසුවන් කරන තරම් ප්‍රබල ය. තෝරාගත් වෘත්තියේ සුදුසුකම් ලැබීමට ද, ඔහු දුන් දැනුම ප්‍රගුණ කල යුතු ය. ”

මෙතනින් ගොස් ඔහුගේ සියළු ලිපි කියවන්න . ඔහුගේ ලිපි කියවා අන්දකයිප්පු වී අඤ්ඤකොරොස් වීම ගැන අපගේ වගකීමක් නැත.

http://sinha-ali.blogspot.com/2013/02/blog-post_9.html

මේ දෙතිස් කතා බ්ලොග් එක. එය ඉතා වටිනා ශාස්ත්‍රීය බ්ලොග් එකකි.

1. විමල් විරවංශලා සහ විපක්‍ෂය මොන පම්පෝරි ගැසුවත් වසං කළ නොහැකි සත්‍යය නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්‍ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.

දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා ‘අප්පච්චි’ සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ ‘අප්පච්චි’ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.

මෙතනින් ගොස් බ්ලොගයට ගොඩවැදී නිවාඩු වෙලාවක සියළුම ලිපි කියවන්න. අපූරු ශෛලියක බ්ලොගකි.

************************************************

2 .වැඩි වියදමක් නැතිව ලේ පිරිසිදු කරගන්න අවස්ථාවක් ලැබේ නම් එය භාග්‍යයකි. අරිසෙන් අහුබුදු , සූරිය ගුණසේකර , මිරැන්ඩෝ ඔබේසේකර හා කාංචන ගීත මනමේන්ද්‍ර යන මහා විද්වත් උතුමන් අපට මහහඩින් සිනාසී ලේ පිරිසිදුකරගැනීමට උදවු කරන ශ්‍රේෂ්ඨයෝය.
මේ මනමේන්ද්‍ර ඍෂින්වහන්සේ ගේ බ්ලොගයකි. උන් වහන්සේගේ බ්ලොගයට ගොස් කියවා හොදින් සිනාසී ප්‍රීතිවන්න. පරිගණක තිරය දෙස බලා සිනාසෙන ඔබ අනුන්ට අරුමයක් විය හැකිනිසා ප්‍රවේසම්ද වන්න.

‘දෙවියන් තේරුම් ගත හැක්කේ බැතිමතාට පමණි. දෙවියන් හඳුනන්නේ බැතිමතා පමණි. අන්‍යයන්ට බැතිමතා හඳුනාගත නොහැකි ය. භක්තිය නැති අය සමඟ දෙවියන් පිළිබඳ කතා නොකරන්න. එසේ කතා කළහොත් ඔබගේ භක්තිය හීන වී යයි.’’
– සායි බාබා –

අදින් වසර දහස් ගණනකට පෙර ත්‍රෙත නම් යුගයේ දී මහා ඍෂි භරද්වාජ් නම් ඍෂිවරයාට සකල වේදයන් හි සම්පූර්ණ අවබෝධයක් ලබා ගත යුතු විය. ඒ සඳහා ඉන්ද්‍ර නම් දෙවියන් විසින් සියලූ දෙවියන් කැඳවා යාගයක් පවත්වන්න යැයි ඍසිවරයාට උපදෙස් ලබා දුන්නේ ය. මෙම යාගයට ආරාධනය කිරීම සඳහා ශිව පාර්වතී ගේ වාසභවන වූ කෛලාශ කූඨය වෙත භරද්වාජ් ඍෂි පැමිණෙයි. ඒ අවස්ථාවේ ශිව හා පාර්වතිය විශ්ව නර්තනයේ යෙදී සිටිති. ශක්ති නැතහොත් පාර්වතිය එම ඇරැුයුම් පිළිගත් බව අඟවමින් නර්තනය අතරතුර ම සිනාවකින් ඉඟි කළ ද එය තේරුම් නොගන්නා ඍෂි කනගාටුවට පත්ව දින 8ක් බලා සිට නැවැත පැමිණෙයි. වෙහෙස හේතුවෙන් අතරමඟ දී ඔහුට පක්ෂාගාත රෝගය වැළඳෙයි.

මෙතනින් ගොස් බ්ලොගයට ගොඩවැදී නිවාඩු වෙලාවක සියළුම ලිපි කියවන්න

**************************************

3. මේ නම් පොඩ්ඩක් ඕවර් ගිය බ්ලොග් එකක්. ඔන්නොහෙ කියවපල්ල හෙහෙ හෙහෙ

http://yakaageadaviya.blogspot.co.uk/2015/05/blog-post_3.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල