කාලීන සංවාද

මහා පාවාදීමක්ද…? ඉස්තරන් ඇන්දීමක්ද…? – Live Or Die Game…

Off

අද ලාංකීය දේශපාළණයේ තීරණාත්මක දිනයක් වනු ඇත. සියළු යහපාළණ ටොයියන්ගේ අප්‍රසාදය මැද, මහ බයියා සමඟ පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබඳව මෛත්‍රී මහින්ද සාකච්ඡා පැවැත්වෙන්නේ අදයි. මීටීම සඳහා අට දෙනෙක් ඉදිරිපත් වෙයි. ඒ හිටපු හා වත්මන් ජනපතිවරු හා, ඔවුන්ගේ සඟයෝ 6 දෙනෙකි. මෛත්‍රී පිලට, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශණ හා සුසිල් ප්‍රේමජයන්ත ඇතුලත් වෙයි. මින් ප්‍රේමජයන්ත ප්‍රභල මහින්දවාදියෙකි. මහින්දගේ පිලේ ඩලස්, බන්දුල හා වෙල්ගම ඇතුලත් වෙයි.

සම හරක් විට මෙය අට දෙනෙකුට සීම කොට ඇත්තේ, ඊට වඩා වැඩි පිරිසක් ඇඳුම් නැතිව සාක්ච්ඡා කලහොත්, ගීනස් පොතේ නම් ගම් පවා ලියවීමට ඉඩ ඇති නිසා වෙන්නත් පුළුවන්ය.

බැලූ බැල්මට පෙනී යන කරුණ නම්, ජනවාරි 8 වැනිදා ලද ජයග්‍රහණය අමු අමුවේ පාවාදීමකට සැරසෙන බවයි. මන්ද මින් වත්මන් ජනපති හැර, අනික් සියල්ලම සිටියේ සිරිසේන අඩි අටක් යටට යවනා පිලේය. ඉතින් උන් හා කුමන සාකච්ඡාද.? අඩුම ගනනේ ජීවීත පරදුවට තබා, එකට නිවන් යෑම සඳහා එලියට බැස්ස, රාජිත හා ගුණවර්ධනවත් උන්නේ නම්, මෙය කුමන්ත්‍රණයක් නොවනා බව ජය මනයාට වැටහීමේ ඉඩක් තිබිනි.

කෙසේ හෝ සාකච්ඡාව ආරම්බ වන්නේම, මහින්ද මහත්තයා පොර වෙමින්ය. කොන්දේසි දමන්නේ පොරය. පළවෙනි කොන්දේසිය ජාතික ආන්ඩු බෑ කියලාය. දෙවන එක සංධාන ආන්ඩුවක් පිහිටුවීමය. යහපාලන පොරොන්දු අනුව දෙකම ඉටු කළ නොහැක. සිරිසේන ලොක්කා කිව්වේ අඩුම ගනනේ අවුරුදු දෙකකටවත් ජාතික ආන්ඩුවක් ගෙන යා යුතුය. එසේ නම් සාකච්ඡා ආරම්බ වන්නේ සිරිසේන ලොක්කා මේ කොන්දේසි දෙකට එකඟවූ නිසාද.? එයාව කාටවත් නටවන්න බැරිය කිව්වට, මහින්ද මහත්තයා, එයාව, මීටිම පටන් ගන්නත් කලින් නටවලා අහවරය.

යහපාලන ආන්ඩුව බලයට පත් වූ දා සිට කරන්නේම ජනතාව ගොනාට ඇන්දීමය. වෙපන් නැව් පිටින් හම්බ උනද, අද වන තෙක් එකෙකුට ගේමක් නැත. සජින් වාස් අද ගන්නවා හෙට ගන්නවා කීවද, සජින්ට අතවත් තිබ්බේ නැත. ඉල්ලගෙන කෑවේ අලි පාටියේ උන්ය. ඉස්සෙල්ලාම ගියේ තිස්සය. ඌ යූ ඇන් පී කාරයාය. බැසිලුත් එහෙමය. ඒ තියා ජොනියාත් එහෙමය. ජොනී නම් අදම ගෙදර යනු ඇත. මේවා 19 වගේම සෙප්පඩ විජ්ජාය.

දුමින්ද හිරේ යවනවා කියු හිරුනිකා, ඩාන්සින් කොම්පැටිසන් වල ජජ් බෝඩ් එකේ පිස්සු කෙලිනවාය. වෙලේ සුදා පොලිස් මූලස්ථානයේ, “කේ පී” වගේ, ආතල් එකේ ඉන්නවාය. ස්විස් බැංකුවල සල්ලි තියෙනවාය කියන්නේත්, සුද්දන්ගේ සලි වගයක් වෙන්න ඕනාය. ජනතාව ගොනාට ඇන්දීම අතින් නම්, සිරිසේන ලොක්කා මහින්දටත් එහා ගොස්, මෙළෝ දෙයක් දන් දෙන්නේත් නැතිව, නිකන්ම වෙස්සන්තර මහ සජ්ජුරුවෝ වෙලාය.

MS-MR-2

එයා මහා ළොකුවට කියනා රැජිණ ග්ලව්ස් දාන්නේ නැතිව අත දුන්න එකයි, මෝදි ලංකාවට එන ඒවයි, කෙරි ඇවිත්, හලෝ හව් ඩූ ගුඩු ගුඩු දාන ඒවයි, ඔක්කෝම හම්බ වෙන්නේ එයාටය කියා හිතනවා නම්, අපට කියන්න තියෙන්නේ, මුතුහෙට්ටිගම ලොක්කාගෙන් අසා, එයාගේ දොස්තරට ඇපොයිමන්ට් එකක් දමා, මොළේ පෝඩ්ඩක් චැක් කොර ගන්න කියලාය. මේ සියල්ල සින්දු වන්නේ, එකාධිපති පාලකයෙක්, කිසිම විපලවයක් සිඳු නොවී, ගෙදර යවපු නිසාය.

මේ දත කන්නේ එහෙම යවපු උන්නැහේ එක්ක සහ සංවාසයේ යෙදෙන්නය. මේවා ගැන මුළු ළෝකයාම ඇහ ගහගෙන ඉන්නවාය. කොහොමත් හදිසියේ හෝ මහින්ද මහත්තයා දින්නොත් එයා ආයෙත් වතාවක් ටැම්පල් ට්‍රීස් වටේ දුවන්න එනවාය. එයා එතනින් නවතිනවා කියා කවුරුන්හෝ හිතනවා නම්, එයාලාටත් කියන්න තියෙන්නේ, කරුණාකර මුතුහෙට්ටිගම මහත්තයාගේ ඩොක්ටර් හම්බ වෙලා, ඉස්කෑන් එකක් කොර ගත්තා නම් බොහොම හොඳයි කියලාය.

ඒ වගේම කලින් කීවක් මෙන්, බලයට පත් වී මෙතුවක් කල් සියල්ලන් ඇන්දුවා සේ, උපාසක බලළා මෙන් සිට, මහින්ද මහත්තයා අන්දනවා වෙන්නත් පුළුවන්ය. මොකෝ අන්දන වැඩේට නම්, ෆේම්ස් හැරිස්ටත් වඩා, දැන් ලොක්කා, සමත්කං දක්වන් හින්දාමය.

<< ජනාධිපති මාධ්‍ය අංශයේ මංඤං නිවේදනය.. >>

http://maathalan.blogspot.co.uk/2015/05/live-or-die-game.html?spref=tw

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල