විශේෂ

ඔන්න කතන්දර මෙන්න කතන්දර

Off

හ්ම්…………හුඟ දවසකින් කතන්දරයක් දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපතිවරණය දවස්වල. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට හමුදා දැණුම ලබාදෙන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතරතුරේ දැකගන්නට ලැබුන කතන්දර කීපයක් මෙලෙස ඔබවෙත ගෙන එනවා.

සාජන්ලා

හමුදාවේ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක්, අහම්බෙන් දක්වන ලද දක්ෂතා නිසා, එකවරම සැරයන් නිළයට උසස් කරනු ලැබුවා. දෙන්නම බුද්ධි මට්ටම අතින් ටිකක් දුර්වලයි. උසස්වීම ලැබූ දා හවස, එක්කෙනක් කිව්වා අනිකාට,

‘අපි යමු හමුදා සාමාජිකයන්ගේ ක්ලබ් එකට’ කියලා.

අනික් එක්කෙනා කිව්වා, ‘අපි සොල්දාදුවො නේද’ කියලා.

අරයා ආපහු කියනවා, ‘ඉතින් මොකද? අපි දැන් සාජන්ලා, පණ්ඩිතකම නැතුව වරෙන් යන්න’ කියලා.

ඔන්න දෙන්නා ගියා ක්ලබ් එකට. ගිහින් සැර බීම වීදුරු දෙකක් ඕඩර් කරලා බලා ඉන්න අතරේදී, ලස්සන ගෑණු කෙනෙක් එතනට ආවා.

එයා කිව්වා, ‘ඔය දෙන්නා මෙහාට අලුත් අය වගේ. මම ඉස්සර ඉඳලම මෙහාට එන අයව සතුටු කරනවා. නමුත් මේ දිනවල මට ගොනෝරියා හැදිලා නිසා කණගාටුයි. නමුත් ඔයාල කැමතිනම් මමත් කැමතියි’ කියලා.

පළමුවැනි සාජන්, (ක්ලබ් යමු කියලා යෝජනා කරපු කෙනා) දෙවෙනියාට කිව්වා, ගොනෝරියා කියන්නේ මොකක්ද කියලා කාගෙන් හරි අහලා, නරක දෙයක් නෙවෙයි නම්, OK සිග්නල් එක දෙන්න කියලා.

දෙවෙනි සාජන්, බාර් එකේ වැඩකරන මිනිහා ලඟට ගිහින්, වචන කීපයක් හුවමාරු කරගත්තා. පළවෙනියා දිහා බලලා ඇහැක් ගහලා, අත මිටමොලවලා, මහපටැඟිල්ල උස්සලා, OK සිග්නල් එක දුන්නා.

පළමුවැනි සාජන්, අර කාන්තාව සමග ක්ලබ් එක ඇතුළට ගියා. ටික දවසකට පස්සේ, පළමුවැනි සාජන්ට ගොනෝරියාව හැදිලා අමාරු වුණා.
එයා දෙවැනි සාජන්ට බැන්නා, ‘ඇයි යකෝ උඹ මට එදා OK සිග්නල් එක දුන්නේ’ කියලා.

දෙවනියා කිව්වා, ‘මම එදා බාර් එකේ වැඩකරන මිනිහගෙන් ඇහුවම කිව්වේ, ඒක සොල්දාදුවන්ට හැදෙන ලෙඩක් කියලා. ඉතින් අපි සොල්දාදුවෝ නෙවෙයි සාජන්ලානේ, ඒකයි මම OK සිග්නල් එක දුන්නේ’ කියලා.

වෙනස

හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරුවා සහ සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා අතර වෙනස කුමක්ද?

හමුදා යාන්ත්‍රික ඉංජිනේරුවා ඉලක්ක විනාශ කරන යන්ත්‍ර නිපදවයි.

සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා ඒ විනාශකාරී යන්ත්‍ර සඳහා ඉලක්ක නිපදවයි.

කාගේ ජීප් එකද

මඩ ගොහොරු පාරක, හමුදා ජීප් රථයක් පදවාගෙන යන කපිතන් වරයකු දැක්කා, කර්නල් වරයකු පදවාගෙන ආ ජීප් රථයක් මඩේ එරී ඇති බව.

කපිතන් ඇහුවා ‘සර්ගේ ජීප් එක එරිලා නේද’ කියලා.

කර්නල් කිව්වා ‘පොඩ්ඩක් මෙහාට එන්ඩකෝ’ කියලා. කපිතන් ලඟට ගියාම කර්නල් කිව්වා,

‘මෙන්න මේ ජීප් එකේ යතුර, කෝ දෙනවා තමුසෙගෙ ජීප් එක මට. ඔන්න දැන් එරිලා තියෙන්නේ තමුසෙගෙ ජීප් එක’ කියලා.

පැරෂුට් පිම්ම

Parachute පැරෂුට් පුහුණුවට අලුතෙන් පැමිණි සොල්දාදුවකුගේ සගයකු දැක්කා, ඒ සොල්දාදුවා අමාරුවෙන් ඇවිදිනවා.

‘මොකද තමුසෙට වෙලා තියෙන්නේ’ කියලා, සගයා අර සොල්දාදුවාගෙන් ඇහුවා.

‘අද අපිව එක්ක ගියා පැරෂුට් එකෙන් පනින අභ්‍යාසයට’ සොල්දාදුවා කිව්වා.

‘ඉතින්’ සගයා ඇහුවා.

‘ඔන්න අපි එක එක්කෙනා ප්ලේන් එකෙන් පනින අවස්ථාව ආවා. බුදු අම්මෝ….. උඩ ඉඳලා බිම බලපු ගමන් මගේ ඇස් නිලංකාර වුණා, ඇඟ හීතල වුණා’.
‘ඉතින්’ සගයා ඇහුවා.

සොල්දාදුවා කියනවා, ‘මම එහෙම ඉන්නකොට අපේ උපදේශක සාජන් මට කිව්වා, ‘යකෝ තෝ පනින්නේ නැත්නම් මම උඹේ ………..වා කියලා’
‘ඉතින්’ සගයා ඇහුවා.

‘ඉතින් මම පනින්නේ නැතුව සාජන් කියපු දේට එකඟ වුණා’ සොල්දාදුවා කිව්වා.

වන්දි ගෙවීම

33 වියට්නාම් යුද්ධයට ගොස් ආබාධිතවූ හමුදා සාමාජිකයන්ට, වන්දි ගෙවීමේ මණ්ඩලය වෙත, සොල්දාදුවන් තිදෙනෙකු ඉදිරිපත් කරනු ලැබුවා. වන්දි ගෙවීමේ මණ්ඩලය සොල්දාදුවන්ට කිව්වා, තමන්ගේ ශරීරයේ එකිනෙකට ඈතින් පිහිටි ස්ථාන දෙකක් නම් කරන ලෙසත්, ඒ ස්ථාන දෙක අතර ඇති පරතරය මැන, එක් අඟලකට, ඩොලර් 10000 බැගින් ගෙවන බවත්.

පළමුවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ හිසේ සිට දෙපතුළට දුර මැන, වන්දි ගෙවන ලෙස. ඒ අනුව ඔහුට විශාල වන්දියක් ලැබුණා.

දෙවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ අත්දෙක පොළොවට සමාන්තරව දෙපසට විහිදවූවිට, එක් අතක කෙළවර සිට, අනෙක් අතේ කෙළවර දක්වා ඇති දුරට, වන්දි ගෙවන ලෙස. ඔහුටත් විශාල වන්දියක් ලැබුණා.

තුන්වැනි සොල්දාදුවා කිව්වා, තම පුරුෂ ලිංගය තිබෙන තැන සිට, වෘෂණ කෝෂ තිබෙන තැන දක්වා ඇති දුර මැන, වන්දි ගෙවන ලෙස.

අපොයි බොහොම සරල ඉල්ලීමක්නේ කියමින්, පුදුමයට පත්වූ වන්දි ගෙවීමේ මණ්ඩලය, ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම් වුණා.

වන්දි ගෙවීමේ මණ්ඩලය අදාළ ස්ථාන අතර පරතරය මනින්නට බලනවිට, පුරුෂ ලිංගය තිබුණත්, වෘෂණ කෝෂ තිබුණේ නැහැ.

‘කෝ ඔබේ වෘෂණ කෝෂ’ කියා මණ්ඩලය ඇසුවා.

‘ඒවා වියට්නාමේ’ අර සොල්දාදුවා උත්තර දුන්නා.

කිඹුහුම

Missile අවි ආයුධ තොගයක් පටවාගෙන ගුවන්ගතවූ හමුදා ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වුණා. යානය බේරා ගන්නට නම් එහි පටවා තිබුණු බඩු ඉවත් කරන්නට වෙනවා.

නියමුවා කිව්වා, වහාම බඩු බිමට හෙලන ලෙස. බිම තිබුණු කැලෑ ප්‍රදේශ වලට බඩු එකින් එක හලමින් ආවා, අන්තිමට නාගරික ප්‍රදේශයකට ආවා.
නියමුවා කෑගනනවා, ‘ඔක්කොම බඩු බිමට දාපල්ලා’ කියලා.

අන්තිමට යානයේ තිබුන අත් බෝම්බත් බිමට දැම්මා, තුවක්කුත් බිමට දැම්මා, බොහොම බයෙන් මිසයිලයකුත් බිමට දැම්මා.

බර අඩුවීම නිසා යානය කඩා නොවැටී බේරගන්න පුළුවන් වුණා.

ගොඩ බැස්ස වහාම, නියමුවා සහ පිරිස, වාහනයක් අරං ආපහු ගියා, බිම දාපු දේවල් හොයන්න.

පොඩි කොල්ලෙක් පාර අයිනේ අඬ අඬා, ඉන්නවා. ‘ඇයි පුතා’ කියලා ඇහුවම කිව්වා, කවුදෝ මට උඩින් එව්වා ගලක් වගේ එකක්, ඒක මගේ පිටේ වැදුනා කියලා. හොඳ වෙලාවට ඒ අත් බෝම්බේ පුපුරලා නැහැ.

තව ටිකක් දුර යනකොට මිනිහෙක් කොන්ද අතගගා කුණුහරප කියමින් ඉන්නවා. මොකද කියලා ඇහුවම, කවුද එකෙක් මට තුවක්කුවකින් දමලා ගැහුවා කිව්වා.

තවත් ඉස්සරහට යනකොට, කොල්ලෙක් හිනාවෙවී පාරේ දුවගෙන එනවා. ‘මොකද පුතා’ කියලා ඇහුවම කොල්ලා කියනවා,

‘මට එකපාරටම කිඹුහුමක් ගියා, එතකොටම මාත් එක්ක තරහ කොල්ලෙක් ඉන්න, අපේ ගෙවල් ළඟ ගෙදර, ගිනි ගුලියක් වෙලා නැතිවෙලා ගියා’ කියලා.

කාන්තාවන්ට සැලකීම

බොහොම කාලයකට පස්සේ, ඇෆ්ඝනිස්ථානයට පැමිණි සමාජ සේවිකාවක් දැක්කා, මහා පුදුමයක්. ඉස්සර ඇෆ්ඝනිස්ථානයේ විවාහක කාන්තාවන්, පාරේ ගමන් කරද්දී, තම සැමියාට වඩා අඩි පහක් විතර පසුපසින් තමයි ගමන් කරන්නේ. දැන් ඇෆ්ඝනිස්ථානු සැමියන්, තම බිරිඳට වඩා අඩි 20ක් විතර පසුපසින් යන්නේ.

අර කාන්තාව පුදුමයට පත්වෙලා, ඇෆ්ඝනිස්ථානයේ දැනට සේවය කරන සමාජ සේවිකාවකගෙන් ඇහුවා, ‘කවුද මේ මහා විප්ලවය කළේ? පුදුමාකාර විදිහට දැන් කාන්තාවන්ට ප්‍රමුඛස්ථානයක් ලැබිලා තියනවා නේද? අපි මේ විප්ලවය කළ කෙනාට උපහාර දැක්විය යුතුයි, ඇත්තටම කවුද මේක කළේ’ කියලා.

අර සමාජ සේවිකාව උත්තර දුන්නා ‘බිම් බෝම්බ’ කියලා.

අදට ඔය මදෑ. තව ගොඩාක් තියනවා. පස්සේ බලමුකෝ.

http://wicharaka.blogspot.co.uk/2015/05/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල