සංගීතය

“පරවියා වගේ හිස් ටින් එකක් ලියපු සිරිල් ඒ. සීලවිමල දැන්වත් මතක් කරමු”

Off
සිරිල් ඒ. සීලවිමලයන් පිළිබඳ මෑතකදී වඩාත් කතාබහට ලක්වුණේ ඔහු විසින් රචනා කරන ලද ‘හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී’  සහ “රාජ මාළිගේ පරවියා වගේ” යන ගීතවලට  මෑතකදී ලැබෙන අති විශාල ජන ආකර්ෂණයත් සමඟය. හැත්තෑව දශකයේ මුල් භාගයේ “දැන් මතකද” චිත්‍රපටයට ඔහු ලියූ එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග් යන ජනකාන්ත ගායකයන් තිදෙනා ගායනා කළ හිස් ටින් ගීතයට වැඩිම ඉල්ලුමක් ඇත්තේ එදාටත් වඩා අද දවසේය. නමුත් මේ ගී ලිව්වේ කවුද ගායනා කළේ කවුද කියලා වර්ථමානයේ ගායනා කරන ශිල්පීන් නිකමටවත් කියන්නේ නෑ. තමන්ගේ වගේ කියනවා.නවකයන් මේ ගීත ගයනා කල යුතුයි .අපි හැමෝටම අමතක වෙලා තියන මේවැනි පැරණි නිර්මාණ නැවත ජනප්‍රිය කරන්නේ ඔවුන්ය .එත් මුල් නිර්මාණ වල නිර්මාණ කරුවන් ගැන සඳහන් කිරීම පවා හිතා මතා අමතක කිරීම නම් නවකයන්ගේ කුහකත්වය මනාව පෙන්වීමකි .
අංශ කිහිපයක් ඔස්සේම විශිෂ්ට කුසලතා දක්වමින් කීර්තිමත් සෞන්දර්යවේදියෙක්ව සිටි ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් වූ සිරිල් ඒ. සීලවිමල සූරීන් වර්ෂ 1930 ඔක්තෝබර් මස 29 වැනි දින පන්නල සඳලංකාවේ  ඉරබඩගම දී උපත ලැබිය.කදන්ගමුව මහා විද්‍යාලයෙන් අධ්‍යයන වපසරිය ආරම්භ කළ ඔහු සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් පශ්චාත් අධ්‍යාපනය ලැබිය.මියයන විට 80 වැනි වියේ පසුවූ සිව්දරු පියකු වන සිරිල් ඒ. සීලවිමල මහතා අනුලා අබේනායක මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූවාය.
1960 දශකයේ මැද භාගයේ දී පමණ ලංකා චලන චිත්‍රයට ද දායක විය . ඔහු ලබාගත් ප්‍රබුද්ධ කලා සම්බන්ධතා තුළින් චිත්‍රපට ක්‍ෂේත්‍රයට ද පිවිසීමේ වාසනාව උදාකර ගත්තේය. ඔහු අතින් ලියැවුණු ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකි. එකල ජනප්‍රිය ගායක ගායිකාවෝ රාශියක්ම සීලවිමලයින් අතින් ලැයිවුණු ගීත ගායනා කළහ.චිත්‍රපට දෙබස් රචනයට මෙන්ම තිරකතා රචනයට ද ඔහු දායක විය.”සුදෝ ‍පොඩ්ඩක් අඬන්න, මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්, මෝහෙන් මුළාවෙලා, මෙත් මල් පිබිදේවා, සිනාවයි ඉනාවයි, ළිඳෙන් වතුර බිලා, උපන් දිනය ළඟ එන හින්දා, ජන්ම භූමි වන්දනා,දෝතින් දෝතයි, දිලිදිලි දිලිසෙන එළියක්”වැනි ඔහු ලියූ ජනප්‍රිය චිත්‍රපට හා සරල ගී ගණනාවක්ම වත්මනෙහි පවා ජන විඥානයෙහි රැඳී පවතී. එක යුගය දී ඔහු දවස හා රිවිරැස යන පුවත්පත් දෙකෙහිම ප්‍රධාන කර්තෘත්වය දරමින් මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළේය.එකල ඔහුගෙන් අත් පොත්  තැබූ අංකුර පුවත්පත් කලාවේදීන් හා කලාවේදිනියෝ අද පුවත්පත් ලෝකයේ දැවැන්තයින්ව සිටිනු දැකිය හැකිය. ඔහු සතු නිරහංකාර හා නිහතමානී ගුණය තුළින් පෙරට ආ බොහෝ දෙනෙක් වූහ.පණ්ඩිත් විමල් අභයසුන්දර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස් වැනි සමකාලීනයින් සමග සීලවිමලයින් ද ගුවන්විදුලි මහගෙදර තුළ දැක්වූ පෙළහර අදටත් අප සිත්හි රැඳී පවති.

(අන්තර් ජාලයෙන් විස්තර ටික හොයා ගත්තේ )
මෙතුමා ගැන වැඩි විස්තර දන්නා අය ඒ ගැන මෙහි පල කරන්නෝ

“සින්දු ටික මෙතැනින් ගන්නෝ”

——————————————————————————————————-

ප.ලි

“රාජ මාලිගේ” සින්දුව නිසා මෙතුමාගේ ගීත නැවත මතක් වුනේ .ඒ නිසා හදිසියේ මේ පොස්ට් එක ලියන්න හිතුවේ.ගීත බොහෝ ගණනකින් ගීත කීපයක් විතරයි මෙතන තියෙන්නේ.වැරදි අඩුපාඩු ඇති .පෙන්වා දෙන්න.මේ දවස් වල බොග පාලුවට යනවා.මෙහෙම හරි ලියන්න හිතුවේ එකයි.හැමෝගෙම බ්ලොග් වල කොමෙන්ට් එකක් කොටාගන්න වෙලාවක් නැ.ඒ ගැන සමාවෙයල්ලා …පුළුවන් හැම වෙලේම ඇවිත් යන්නම් .
———————————————————————————————————

01.හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ… තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
ඇත්ත නේන්නම්…

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

ගායනය – එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය – පී.එල්.ඒ. සෝමපාල
පද රචනය : සිරිල් ඒ. සීලවිමල

02.හොඳ සිරියාවයි ආකාසේ

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ //
අපෙ ආදරේ… ආදරේ… අපෙ ආදරේ… //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ… ආදරේ… අපෙ ආදරේ… //

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ… ආදරේ… අපෙ ආදරේ… ///

ගායනය – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
සංගීතය – පී.එල්.ඒ. සෝමපාල

03.ළිදෙන් වතුර බීලා

ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..

ගහේ වැල එතීලා යාවී හැදී..
පසුව මිලින වීලා සාරේ අදී..
කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
කාපු තැනද වනසා මිනිසා දුවයි..

ඉණිමන් තබාලා නැගීලා බලයි..
එයට පහර දීලා කඩාලා දමයි..
අතීතේ නසාලා දිනුවා සිතයි..
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

ළිදෙන් වතුර බීලා…

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන

04.ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

ආනන්ද මේ රෑ හරි හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

මාගේ සෙනේහේ
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ
ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ.

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

කියන්න වාගේ
අහන්න හැකි දේ
කියාවි දෙනෙතින්
ඔයාගෙ මිහිරේ
ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ
ආලෝකෙ නගරේ ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

ගායනය – හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක
සංගීතය – පී. එල්. ඒ. සෝමපාල
ගී පද – සිරිල් ඒ. සීලවිමල

05.සන්සුන් රුවන් හද මන්දිරයේ

සන්සුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
රන්වන් එරන් වන් යෞවනියේ
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ

ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ
සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි

හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා

පද රචනය – සිරිල් ඒ. සීලවිමල
සංගීතය – ප්‍රේමදාස අතුකෝරල
ගායනය – ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟ ශ්‍රීමතී තිලකරත්න

06.මමයි මොට්ටපාල

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…//

වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා
එදා පටන් මමත් මගේ කොන්ඩය වැව්වා..
මාගෙ ගජමිතුරා.. හො..මාගෙ ගජමිතුරා
රාළහාමි මං පැරදෙව්වා

සව් දොදොලුයි මිරිස්මාලු දවසක් කැව්වා..
හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි
මම පලවෙනියට පැන්නේ….
හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි පැන්නේ….
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හූ හූ පාසලෙන්..හා හා පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…//

කොයි වැඩටත් ලැබෙන හින්දා රවුමට ලොකුවෙන් ..
බින්දුවටයි වැඩිය ආස ඉලක්කම් වලින්
අල්ප දයන්නටයි.. හො.. අල්ප දයන්නටයි
මං ආස අකුරු හෝඩියෙන්
කොන්ද වකුටු අපෙ ටීචර් සිහි වෙයි ඒකෙන්
එකොළහ මට එකෙන් බෙදන්නට පුලුවන් කජු කන්නා වාගෙයි….
එකොළහ මම එකෙන් බෙදනවා කජු වාගේ..
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…///

පද රචනය – සිරිල් ඒ. සීලවිමල
ගායනය -ෆ්‍රෙඩ් සිල්වා

07.මෝහෙන් මුලා වෙලා

මෝහෙන් මුලා වෙලා……
මානෙන් උදම් වෙලා…
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ….
මිනිහා කොහේද මේ….

රත්තරන් කෙණ්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ…
එය රැකීම අප උරුමේ..වේ…

කේලම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්……..
උඩින් මිතුරු වී යටින් කතුරු වී..
උගුල් අදින්නා යයි දියවී…
බොරුවෙන් රට පිරිහේවී…………..

මා හරි උගතා..මා හරි ජගතා..
සිතනා මිනිහා මෝඩයෙකී….
අනුන් හෙළන්නට වලක් කපන්නා..
ඒ තුළ වැටිලා මිය යන්නා..
කළ දේ පල දේ එලෙසේ…

පද රචනය : සිරිල් ඒ. සීලවිමල
ගායනය : වික්ටර් රත්නායක
තනුව : ආර්. ඒ. චන්ද්‍රසේන

08.පරවියා වගේ රාජ මාළිඟේ

පරවියා වගේ රාජ මාළිඟේ ..
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ..
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..//

මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි..
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි..
මේ සුරතල් සත්තු මාගේ – මට රන්මුතු මැණික් වාගේ
උන්ගෙ බරට රන් දුන්නත් – මම විකුණන් නෑ..//

පරවියා වගේ රාජ මාළිඟේ ..

මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ..

පරවියා වගේ රාජ මාළිඟේ ..

ගී පද රචනය – සිරිල් ඒ. සීලවිමල
ගායනය – ප්‍රෙඩී සිල්වා
ද්‍රවිඩ ගී තනුවකි

http://sinduano.blogspot.co.uk/2015/05/blog-post_8.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල