කාලීන සංවාද, විශේෂ

ගබ්සාව – අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට නන්දිකඩාල් විසඳුමක්

Off

පසුගිය සති අන්තයේ දවසක මම බ්ලොග් කිහිපයක් එකින් එක කියවමින් ඉන්න අතරේ දැක්කා සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු කියන නමින් පවත්වාගෙන ගිය බ්ලොග් අඩවියක්. මේක කරන්නේ කවුද කියලා එහි කිසිම සඳහනක් තිබුනේ නැහැ. කවුරුන් නමුත් ඒ පිටුපස සිටින පුද්ගලයාගේ හෝ පුද්ගලයන් කණ්ඩායමේ අරමුණ “ගබ්සා අයිතිවාසිකම් ගැන අන්තර්ජාතික ප්‍රමිතීන් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීම” බවත් එහිම කියා තිබුනා.

අැත්තටම අැයි මිනිස්සු ගබ්සාව විසඳුමක් විදියට දකින්නේ? ඒක අැත්තටම විසඳුමක් ද? සෞඛ්‍යාරක්ෂිත ලෙස කලලයක් ගබ්සාකිරීම සඳහා නීතියෙන් ඉඩ තිබිය යුතුයි කියලා තර්ක කරන බොහෝ දෙනෙක් කියන්නේ කාන්තාවන්ට එ් හරහා අනපේක්ෂිත ගැබ්ගැනීම්වලින් නිදහස් වීමේ අවස්ථාව ලැබෙන බව.
ඒ වගේම දරුවෙකු බිහිකිරීමේ සමස්ත බර කන්දරාවම දරණ කාන්තාවට අැයගේ සිරුර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් තිබෙන බවත් කියැවෙනවා. මම ඒ අයිතිය කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් දරුවෙකු බිහිකරනවාද නැද්ද යන්න තීරණය කිරීමට කාන්තාවට අැති අයිතිය අැය ක්‍රියාත්මක කළ යුත්තේ ගබ්සාව හරහාද? ජීවිතයක් බවට පත්වීමේ හැකියාව සහිත කලලයක් විනාශකිරීමෙන්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවන්ට අනුව වසරකට ලෝකය පුරා කාන්තාවන් මිලියන 20 ක් ගැබ්ගැනීම්වලට ලක් වෙනවා. මෙයින් 80 ක් පමණ – ඒ කියන්නේ දළ වශයෙන් 40% ක් පමණ අනපේක්ෂිත ගැබ්ගැනීම් (Unplanned pregnancies). මේ අනපේක්ෂිත ගැබ්ගැනීම්වලින් මිලියන 20 ක් පමණ ගබ්සාව හරහා අවසන් වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා තිබෙනවා. මේ ගබ්සා මිලියන 20 ක පමණ ප්‍රමාණයෙන් අවම වශයෙන් මිලියන 10.5 ක් (මෙතැනදි නිල වශයෙන් වාර්තා නොවනු ගබ්සාවන් සංඛ්‍යාවත් එක්ක මේ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකියි.) සිදුවන්නේ අාසියාවේ.

The Point: අනාරක්ෂිත ගබ්සාවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය දැනුම සහ අයිතිවාසිකම් ප්‍රචලිත නොමැති, විධිමත් අධ්‍යාපනය තුළ එම දැනුම හිඟ සහ එවැනි කාරණා දැනගතහැකි බාහිර මාර්ග නොමැති අාසියාවේ.

ඉතිරි ටික බලන්න

http://insightsandknowledge.blogspot.co.uk/2015/05/blog-post_12.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල