සංගීතය

නිර්වාන් ප්‍රබෝද් …… Nirwan Prabod ……

Off

ශ්‍රී ලංකාවේ තිබෙන ජංගම දුරකථන සබඳතා සංඛ්‍යාව සැලකීමේදී, එක් අයෙකුට දෙකක් වන්නට ප්‍රමාණයක් මේ වනවිට දුරකථන සේවා සපයන ආයතන විසින් විකුණා හමාර බව ප්‍රවෘත්ති වලින් කියැවේ. එක් පුද්ගලයෙකු මෙම සබඳතා කිහිපයක් තබා ගැනීමට විවිධ හේතු ඇත. මා සතුවද එවැනි සිම්පත් කිහිපයක්ම තිබේ. බොහෝ දෙනෙකු මෙන් මාද, ඒවා තබා ගන්නේ ජාලය තුල අංක වලට කථා කිරීමේදී පවතින අඩු ගාස්තු වලින් ප්‍රයෝජනය ගැනීම සඳහාය. නිසි ලෙස කළමනාකරණය කළහොත් එය සැබවින්ම ඉතිරියක් වනු ඇත.

වසරකට පමණ පෙර සයිබර් අවකාශයේ මිතුරු සබඳතා සඳහා මා වෙනමම ෆේස්බුක් ගිණුමක් අටවා ගන්නේ, එමගින් වැඩි මිතුරු ප්‍රමාණයක් එක්කාසු කර ගැනීමට ඇති හැකියාව, විවිධ වාද විවාද සමහරවිට ලොව පුරා විසිරී සිටින මගේ සමහර මිතුරන්ට අදාළ නොවන ඒවා සේම තේරුම් ගැනීමට ඇති නොහැකියාව (සිංහල භාෂාවෙන් සිදු වන වාද හෝ Status Updates) වැනි විවිධ හේතූන් රාශියක් මුල් කරගෙනය. මෙසේ සයිබර් මිතුරන් සඳහා එසේ අටවා ගත් ෆේස්බුක් ගිණුම වඩාත් ප්‍රයෝජනවත් වුයේ දේශපාලන වාද විවාද සඳහාය. නමුත් මේ හරහාද හොඳ දේ ලැබුණු අවස්ථා ඇත. ඒ අතුරින් කවුරුන් හෝ බෙදාගෙන තිබූ නිර්වාන් ප්‍රබෝද්ගේ ගීත ගායනාවක් මට අසන්නට ලැබුණේ අහම්බයකිනි. එය හඬ වෙනස් කරමින් කරන යුග ගායනයකි.

එවැනි ගායකයන් අනුකරණය කරමින් ගීත ගායනා කිරීම මා මෙන්ම බොහෝ දෙනෙකු අනුමත කරන්නේ නැත. නමුත් මේ තරුණයාගේ හඬ අනුකරණය කිරීමේ හැකියාව නිසාම එම ගීතය දෙවරක් අසන්නට පෙළඹීම වලක්වන්නට නොහැකි කරුණකි. ඉන්පසු මම ඔහුගේ ෆේස්බුක් වෝල් එක දිගේ පහලට ගොස් ඔහු පටිගත කර ඇති ගීත කිහිපයකටම සවන් යොමු කලෙමි. ඉන්පසු ඒවායේ රූප නොපෙන්වා මගේ කාර්යාලීය සගයාට අසන්නට සැලස්සුවෙමි. ඔහු මවිතයට පත් වුයේ එය එකම පුද්ගලයෙකු ගායනා කරන බව දැන ගැනීමෙනි. ඉන්පසු මා කල පළමු කටයුත්ත වුයේ නිර්වාන්ව මගේ ෆේස්බුක් මිතුරුකැලට එකතු කර ගැනීමයි. සුළු මොහොතකින් ඔහුත් සමග චැට් මගින් පිලිසන්දරක් ඇති කර ගතිමි.

ඔහුගේ මේ හැකියාව පෙනුණු විට මගේ සිහියට එකවරම ආවේ ගප්පියාය. මෙය කියවන ඔබ සැම අඩුම තරමේ එක් ගප්පියා වීඩියෝවක් හෝ නරඹා ඇත. ඒ තරමටම සයිබරයේ ගප්පියා ජනප්‍රිය බව නොරහසකි. මා ඔහුගෙන් විමසූයේ යූ ටියුබ් චැනල් එකක් ඇත්ද යන්නයි. නමුත් චැනල් එකක් තබා යූ ටියුබ් වීඩියෝ ගැනවත් නිර්වාන්ට අවුබ්දෝධයක් නොතිබිණි. එවිට මා ඔහුගෙන් ඉල්ලා සිටියේ වහාම යූ ටියුබ් චැනල් එකක් සාදා මේ වීඩියෝ පට එකතු කරන ලෙසයි. එය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැකි බවද අවධාරණය කලෙමි. නමුත් ඒ ගැන වැඩි අවුබෝධයක් ඔහුට නොවිණි. මා කල දැනුවත් කිරීම හරහා ඔහු කල සියළු උත්සාහයන් අසාර්ථක විය. ඒ වනවිටත් ඔහුගේ මිතුරන් යූ ටියුබ් වෙත ඔහුගේ වීඩියෝ කිහිපයක් එකතු කර තිබුණි. නමුත් ඉන් ඔහුට වන සෙතක් නැති බව මට වැටහිණි.

ඔහු මේ වීඩියෝ කරන්නේ සහ ෆේස්බුක් වෙත මුදා හැරීමද සිදු කරන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන් බව සඳහන් කළේය. ඔහු කිහිප විටක්ම ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් යූ ටියුබ් චැනලය නිර්මාණය කර දෙන ලෙසය. ඔහුගේ අරමුණ මුදල් ඉපැයීම නොවන බව සහ මෙහි සැඟවුණු වටිනාකම(Potential) දුටු මා හට එය මග හැර යා නොහැකි විය. මා ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට භාර ගතිමි. නමුත් එහි වූ ප්‍රධාන අභියෝගය වුයේ ෆේස්බුක් වල ඇති වීඩියෝ භාගත කර ගැනීමයි නැතිනම් කෙලින්ම යූ ටියුබ් වෙත අප්ලෝඩ් කිරීමයි. අන්තර්ජාලය පීරා එයට විසඳුම සොයා ගත් වහාම මා කලේ ඔහුගේ සියළු වීඩියෝ භාගට කර ගැනීමයි. ඉන්පසු මා ඔහුත් සමග දුරකථන සංවාදයක යෙදිණි. ඒ සියල්ලට කලින් ඔහුගේ ගීත ගායනයකට සවන් දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.

ඉතිරි ටික බලන්න

http://awidda-paya.blogspot.co.uk/2015/05/nirwan-prabod.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+blogspot/DxLND+(%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+…..

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල