කාලීන සංවාද

වාසු ,විත්‍යා සහ බ්ලොග් ලියන අපි – බලාගෙනයි සමනල තටු බිදෙයි දෙමළ සිත් රිදෙයි

Off

පසුගිය දින වල සයිබරයේ ආන්දෝලනයක් ඇතිකළේ වාසුදේව මහතා රනිල් මහතාට අපහාසාත්මක ලෙස කතා කිරීමත් යාපනයේ විත්‍යා ( විද්‍යා ? ) නම් පාසල් සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර මරා දැමීමත්ය.

මේ ගැන බ්ලොග් කිහිපයක පළවූ පෝස්ට් කිහිපයක් කියවීමි.
වාසුදේව මහතා මතුනොව කිසිම කෙනෙක් තව කෙනෙකුට අපහාස කිරීම මම හෙළා දකිමි.තව කෙනෙකුට නින්දා අපහාස කිරීම අතිශයින්ම පිළිකුල් කටයුතුය. රනිල් මහතා මතුනොව කිසිම කෙනෙකු නින්දාවට ලක් විය යුතු නැත. එහෙත් රනිල් මහතාට කිසියම් කෙනෙක් අපහාස කරන්නේනම් මම එය විශේෂයෙන් හෙලා දකිමි. ඊට හේතුව ඔහු මේ රටේ අග්‍රාමාත්‍යවරයා නිසාය. ඊටත් වඩා ඔහු දකුණු ආසියාවේම වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයා නිසාය. තවද ඔහු කුෂාග්‍ර බුද්ධිමතෙකි.
 
වාසු සමහරවිට ඉතාම මුග්ධ පාක්ශිකයන් ඉලක්ක කර ගත්තා විය හැක. එහෙත් මා ඇසුරු කරන උගත් මධ්‍යම පාන්තිකයන් නම් බහුතරය නොව සියළුම දෙනා පාහේ මහින්ද විරෝධීන් වී ඇත්තේ මෙවැනි ගොන් පාට් නිසාය. මේ වැඩවලින් පාවෙන ඡන්ද තවත් ඈත් වේ.
 
කිසි දිනක කිසිම කෙනෙකුට අපහාස කර නැති නිකැලැල් බ්ලොග්කරුවන් මෙය අසා කලබල වීම ස්වාභාවිකය. පලමු ගල ගැසිය යුත්තේ ශුද්ධවන්තයන්  බැවින් ශුද්ධවන්ත බ්ලොග් කරුවෝ සිය වගකීම අවබෝධ කරගෙන කලබල වීම සදහා ඉදිරිපත් වූහ. එය සතුටකි.
 
ඒ කතාව ඇති. 
අනෙක් සිද්ධිය නම් විත්‍යා නම් සිසුවියක් සමූහ දූෂනයකට ලක්වී මරා දැමීමයි. මෙය ඉන්දියාවේ සමූහ දූෂන සිදුවීම් වලට සමානය. ඉන්දියානු මනස පාලනය වන්නේ සිනමාව හා සෝප් ඔපෙරා මගිනි. නළුවන් වෙනුවෙන් සිරුරට ගිනිතබා ගැනීම සාමාන්‍ය දෙයකි. ඉන්දියානු චිත්‍රපට වල අපරාධ සිදුකරන ආකාරය අකුරෙන් අකුර කියාදෙයි.ඉන්පසු වීරයා ලවා දැඩි ප්‍රචන්ඩත්වයක් දුෂ්ටයාට මුදා හැරේ. ඉන්දියානු සිනමාවෙන් ඉලක්ක කෙරෙන්නේ මිනිස් සන්තානයේ ඇති තිරිසන් සහජාශයන්ය. මේවාට වහවැටී සිටින්නේ ඉතා දිළිදු ඉතා නූගත් මුඩුක්කුවාසීන් වැනි අයය.
 
එක් උදාහරනයක් දෙන්නම්. එක් අවස්ථාවක දෙමළ චිත්‍රපටයක පෙම්වතුන් කනේරු ඇට කා මිය යනවා. ඉන් පසු දෙමළ පෙම්වතුන් අතර කනේරු රැල්ලක් යනවා. මේක පටන් ගන්නෙ මඩකලපුවෙන්. ඊට පස්සෙ පොලොන්නරුව හරහ සිංහල සමාජයටත් එනවා.
 
 මේ චිත්‍රපටවලින් ස්ත්‍රී දූෂන පමනක් නෙවි ඊට පස්සෙ නීතිය අතට අරන් කරන ප්‍රචන්ඩත්වයත් අනුමත කරනවා. ඒවට ජනතාව පොළඹවනවා. ප්‍රචන්ඩත්වයට කරන මේ පෙළඹවීම් නවත්වන්න ඕන.
මේව බලන ප්‍රාථමික අය ආදර්ශයට ගන්නෙ මුල් කොටස.
නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. ඔය නීතිය අතට ගන්නෙත් ආව්ස්ථාවාදීන්. උන්ට ඕන ආතල් එකක්.
ඔය සිද්ධියෙනම් පොලිස් වෙඩිල්ලක් අපේක්ෂාවෙනුත් කට්ටියක් ඉන්න ඇති. ඒ මිනිය මාකට් කරන්න බලාගෙන.ඊට පස්සෙ සිංහල පොලීසිය පිට වෙයව් කියල ප්‍රොටෙස්ට් කරන්න.
 
යම් සිද්ධියක් සිදුවී අපරාධකරුවන් අත් අඩංගුවට ගත් පසුපවා රජයේ දේපළ විනාශ කරමින් යකා නටන සම්ප්‍රදායක් ඉන්දියාවේ ඇත. සමහරු සිරුරට ගිනි තබා ගනිති. දකුණු ඉන්දියානු සංස්කෘතියේ ආභාෂයට ලක්වන යාපන සමාජයේ මෙවැනි ප්‍රවනතා ඇතිවීම කණගාටුවට කරුණකි.
 
මේවා ලියන්නත් බයය. දෙමළ ජනයාගේ ලේ නෑයෝ සයිබරයේ සිටිති. කොහෙද බොල දෙමළ සමාජයෙ නූගත් දුප්පත් අය ඉන්නෙ කියා සරම් කරට ගන්නත් බැරි නැත. දෙමළාටත් වඩා දෙමළ වීම උසස් ගතියක් ලෙස ඔවුහු විශ්වාස කරති. පසුගිය කාලයේ රාජ්‍ය නොවන සංවිධානවල නෝනලා තමන් ජාතිවාදී නැතිබව පෙන්වීමට දෙමළ ක්‍රමයට සාරිය ඇද නලලේ පොට්ටුත් තැබුවාලු.
 
දෙමළ ජනයාගෙන් 52 % ක් සිටින්නේ සිංහලයන් අතරය. එසේම සිංහල සමාජයේ දෙමළ ජනයා ව්‍යාපාරික ආධිපත්‍යයක් දරති.ඔවුහු රැකියා කරමින් කිසි කරදරයක් නැතිව වෙසෙති. දලදා මාලිගයට බෝම්බ ගසන විට පවා දෙමළ කඩයකට ගලක් වත් ගැසුවේ නැත. 1983 සිදුවීම්  වෙනම සංදර්භයක සිදුවූවකි. පසුගිය කාලයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකළ සංවිධානාත්මක මුස්ලිම් විරෝධය ට සමාන දෙයකි.
 
ආනන්දභවන් එකෙන් වඩේ කා දෙමළ  අයට පරය කියා බනින බව එක්තරා ගායකයෙකු කියයි. එහෙත් මම නම්  එවැනි නොසළකාහැරීමක් හෝ වෙනස්කර සැළකීමක් දැක නැත. අපේ ප්‍රදේශයේ දෙමළ දොස්තරවරු දෙමළ ව්‍යාපාරිකයන් සිටිති. සිංහල ජනයා මේ අයට නැති තැන කතා කරන්නේද නම අගට මහත්තයා කියාය. නමුත් වතු දෙමළ ජනයාටනම් පහත් කර කතා කරති. ඔවුන්ට ඔවුන්ගේ දෙමල සමාජයෙන් ලැබෙන්නේ ඊටත් වඩා නරක තැනකි. ඒ අනුව ඔවුන් පහත් කර සැළකීම ජාතිවාදයක් නොව කුලවාදයකි. වෙනත් ජාතියක අඩුකුලයේ අය වැනි හැඟීමකි. එය නරක  දෙයක් බව ඇත්තය.ජාතිවාදයක් නම් පොදු විරෝධයක් තිබිය යුතුය.
 
අපි සමූහ දූෂණයත් හෙළා දකිමු .පශ්චාත් ප්‍රචන්ඩත්වයත් හෙළා දකිමු.
අපි පුන්කුඩුතිව් කෙල්ලො ගැන විතරක් කදුළු සලන්නන් නොවෙමු. ජාති ආගම් භේදයකින් තොරව ඕනම කාන්තාවකට වෙන අපරාධයකට එරෙහිව නැගී සිටිමු.

පසුව ලියමි

මෙම සිද්ධිය ගැන සටහන් තැබූ බ්ලොග් සොයා යාමේදී තවත් දෙකක් හමුවිය. එහි එක් කොමෙන්ටුවක තිබුනේ පොලිස් නිළධාරියෙකු වයසක අම්මා කෙනෙකුට බනින ආකාරය ගැනයි. පොලීසිය ගැන දන්නා මම මේ මොකක්දැයි බැලීමි. එහි කොමෙන්ට් කර තිබූ සමහරුන් තමන් සිංහලයන් වීම ගැන ලැජ්ජා වන බවත් තිස් අවුරුදු යුද්ධයක් තිබුනේ මෙවැනි පොලිස් නිළධාරීන් නිසා බවත් කියා මහත් ආවේගයෙන් අදහස් දක්වා තිබිණි. එහෙත් එම නිළධාරියා හැකි උපරිම කරුණාවෙන් එම කාන්තාවට කරුණු පැහැදිලිකර තිබිණි.  මෙය දකුනේ සිදුවුනානම් මෙම නිළධරා වුනත් මෙසේ නො හැසිරෙන බව මම සිතමි. පොලීසියට අවශ්‍ය මේ මොබ් එක විසුරුවාහැරීමයි. එය ඔවුන්ගේ රාජකාරියයි. එහිදී ඔවුන් සීමාව ඉක්මවා ඉවසීමෙන් ක්‍රියා කර ඇත.

මේවාට ආවේගයෙන් කොමෙන්ට් දම්මන්නන්ගේ දෙමළ ආලය විශ්මය ජනකය.

මෙන්න කොමෙන්ට් සමහරක්

දෙමළ මුස්ලිම් වැඩිපුර ඉන්න පලාත්වල මේ විදිහේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුව මේකයි… තමන්ට ස්ව පාලනයක් ඉල්ලුවෙත් මේ නිසයි… දෙමළ බහුතරයක් යුද්ධයට උදවු කලෙත් මේකයි… අඩු තරමේ මේ පොලිස් නිලධාරියා මේත් මිනිසුන් කොටසක් ලෙස සලකා ගෞරවයෙන් ආමන්ත්‍රනය කලා නම්…. හරි හෝ වැරදි ශිශ්ඨ ලෙස කිව්වා නම් මෙලෙස වෙන එකක් නෑ… ඒ මිනිස්සුන්ට මහ ජාතිය පිලිබන්ද වයිරයක් ඇතිවෙන එක පුදුමයක් ද ? මේ මිනිස්සු ඉල්ලුවේ නීතියේ සාධාරනත්වය….. ඒක ලබුනා නම්, අඩු තරමේ ලැබෙන බවට විශ්වාසයක් වත් තිබුනා නම් උද්ඝෝශනය කරන එකක් නෑ
කාගෙ මිනිස්සුද? ” ඒ කියන්නේ සිංහල අපි නෙවෙයි දෙමල උබලගේ මිනිස්සු ! මේවගේ මෝඩ බලු පොලිසිය , රජෙයේ නිලදාරීන් හින්ද නිසා තමයි මෙරටේ මේ ප්‍රශ්නේ දුරදිග යන්නේ ! දෙමල මිනිස්සු වෙනමම රටක් ඉල්ලන්නේ , උන්ගේම කියල පොලිසියක් ඉල්ලන්නේ ! ඇයි මේ නිලදරියට අනුව මේ පිට මිනිස්සු , උ
ගේ මිනිස්සු නෙවෙයි ! යකෝ උබල ඇතිකරන මේ බෙදීමට පව් ගෙවන්න ඕනේ අහිංසක සිංහල අපි !
සිංහල ජාතියට දාව ඉපදුනාට ජීවිතයේ ප්‍රථම වතාවට අද මම ඉතාමත් ලජ්ජාවට පත් වූ දවසකි. මහ ලොකුවට ලෝකෙට කියන්නේ සිහල ජාතිය තමා ලෝකෙන්ම ඉන්න උතුන්ම ජාතිය කියලා. අහිංසක කෙල්ලෙකුව 9 දෙනෙක් දුෂණය කරලා මරලා දාපූ උන්ට දඩුවම් දෙන්න කියලා එදිරියට ආපු මේ වයසක අම්මට කතා කරන මේ පරයා මුළු සිංහල ජාතියම අවමානයට ලක් කලා නොවේද? මුගේ දුවට ඒ වගේ අපරාදයක් උනානම් මූ කෙසේ හැසිරේද? මේ වගේ නපුංසකයෝ පොලිස් නිළ ඇදුම ඇදගෙන හරියට නිතිය ක්‍රියාත්මක නොකරනවට අමතරව මේ වගේ අවමන් විදියට හැසිරුනට රජ කාලේ දඩුවම් දිය යුතු නොවේද? මේවට දෙමළ මිනිස්සු කලබල නොවී හිටියොත් තමා පුදුම !!! ඊට අමතරව මේ සිදුවීම සහ මීට පසු ඇතිවූ කලබය දේශපාලනික වශයෙන් විවිඩ පක්ෂ කුමන ආකාරයෙන් හෝ වාසී ලබා ගැනීමට උත්සහ දැරීම මුළු මහත් සිංහල ජාතියේම අභාග්‍ය නොවේද? මේකද මහ ලොකුවට පුරසාරම් දොඩන සිංහල කම?
 
සමහර කොමෙන්ට් කරුවෝ ස්වයංපාලනය දෙන්නටද යෝජනා කරති.උන්  ඇන්දිල තියන තරම.
ඊට එරෙහිව දැමූ කොමෙන්ටුවක්.


මේ සිද්ධියේ දෙපැත්තම තියෙනවා..
එක පැත්තකින් පොලිස් නිලධාරීන් නිවැරැදියි.
ඒ වගේම තව පැත්තකින් අඩු පාඩුවකුත් තියෙනවා…
මේ දේවල් දෙමළ අයට මෙන්ම සිංහල අයටත් සිදුවෙනවා…
මේ වැරදි කරුවන් හඳුනා ගන්න අමාරු උනානම්.. ඔය අම්මලාම ඇවිත් කියන්නේ හරි හමුදාවෙ කොල්ලා තමයි මේක කලේ කියලා..
එතකොට ඔය පොලිසියට බණින අය.. හමුදාවටම තාම බණින්නේ..
කොහොම උනත් මේ පොලිස් නිලධාරියා ඒ අම්මගෙ කටින්ම පිළිතුර ගත්තා.. ” මේ අපරාධය කලේ #දෙමළ පිරිමි# කියලා “…..
අනික හමුදාව නොකළ දේවල් වලට මේ මොනවත් නොතේරෙන මිනිස්සු ලව්වා උද්ගෝෂන කරවනවද ?
ඒ වට කතා කරන්න කොම්මෙන්ටු දාන්න මේ පොලිසිය ට බණින අය කවුරුත් නැහැ..
එතකොට දෙමළ අය උසාවියට ගල් ගහපු එක හොඳයි…
රිෂාඩ් කැලේකපන්නා මන්නාරම් උසාවිය ගල් ගහපු එක හොඳයි .
මේ කොමෙන්ට්කරුවන් බිය වී ඇති තරම.
මෙම පොලිස් නිළධරයා කවුද මේක කළේ කියා අසන්නේ මේ උද්ඝෝෂකයන් නීතිය අතට ගත්තේ මේ දූෂනය ආරක්ෂක අංශ විසින් කළ පරිද්දෙනි.
කවුදැයි මුලින්ම ඇසුවේ එනිසාය.
පොලීසියේ කාර්යභාරය සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒම මිස ළැමයි හැදීම නොවේ.
මේ සිද්ධිය දකුණෙ වුනත් මේ දෙබස වෙන්නෙ මේ ලෙසටමය.
දෙමළ සිත් රිදෙයි කියා සමහරු ඉන්නෙ මාර බයකිනි. දෙමළ ජනයාගේ සිත් ඔය විදියට රිදෙන්නට ඔවුන් පොඩි බබාල නොවේ.

සියල්ලන්ම කියවිය යුතු කියවීමෙන් නොනැවතී බෙල්ලේ එල්ලා ගත යුතු නිවසේ දොරකඩ සැමටම පේන්න රාමුකර ගසා ගත යුතු උන්මන්තකගේ පෝස්ටුව. උන්මන්තක හීන් සැරේ බලලාගේ කරේ සීනුව එල්ලයි.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල