කාලීන සංවාද

ඩැමස්කස් සිට බැග්ඩෑඩ් දක්වා සවාරියක්

Off
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිරියාවේ පැල්මයිරා නගරය හා ඉරාකයේ රමාඩි නගරය අල්ලා ගත්තේය. මෙය ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. ඊට හේතුව සිරියාවේ පැල්මයිරා යනු උපාය මාර්ගිකව ඉතාමත් වැදගත් ස්ථානයක් වීමයි. මෙම ලිපිය සකසන විට ඩමස්කස් මාර්ගයේ පිහිටා ඇති පොස්පේට් නිධිද  අයි එස් අයි එස් කල්ලිය අතට පත්වී ඇත.පැල්මයිරා ඩමස්කස් අධිවේගී මාර්ගය අල්ලා ගැනීම යනු සිරියනු යුද්ධය ජයගැනීමක් වැන්න. එක් පසෙකින් අයි එස් ලා පහර දෙන විට තව පසෙකින් අල් නුස් රා කල්ලිය රෙජීමයට පහර දෙයි.  
 
අසාද් රෙජීමයට තිබෙන ප්‍රධානම වාසි දෙක නම් ඉරාන සහාය සහ ගුවන් ප්‍රහාරයි. එහෙත් ගොඩබිමෙන් විදේශීය සහාය ලබා ගැනීම එන්න එන්නම දුෂ්කර වී ඇත්තේ ඉරාක බෝඩරයේ වැදගත් ස්ථාන විපක්ෂ කණ්ඩායම් අතට පත්වීම නිසාය.
 
සිරියාව යනු පසුගිය දශකවල මැද පෙරදිග වැදගත් භූමිකාවක් රඟපෑ රාජ්‍යයකි. ඊශ්‍රායලයට එරෙහි අරාබි ලෝකයේ පෙරමුනේ යෝධයා වූවේ සිරියාවයි.ලෙබනනයේ ආණ්ඩුව මෙහෙයවූවේ සිරියාවයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සිරියාවේ සහාය මත ක්‍රියාත්මක වන්නකි. 
 
සිරියාවේ අලවයිට් ගෝත්‍රිකස් අසාද් පවුල ඊශ්‍රායල් විරෝධී ආස්ථානයක පසුවිය. අලවයිට් ගෝත්‍රය සිරියාවේ සුළුතරයක් වුවත් බහුතර සුන්නින් පාලනය කරයි. මෙවැණි අසාමාන්‍ය ස්ථාන කිහිපයක්ම මැදපෙරදිග වෙයි. බහරේනයේ සුන්නි රජපවුල බහුතර ශියා ජනතාව පාලනය කරයි. ඉරාකයේ බහුතරය ශියා වුනත් සදාම් හුසේන් යටතේ සුළුතර සුන්නි පාලනයක් පැවතුනි.
 
 සදාම් සහ ඉරානයේ කොමෙයිනි අතර අවුරුදු හතක් පමන දිග්ගැසුන ඉරාන ඉරාක යුද්ධය සමයේ සමාජවාදී අරාබි රටවල සහාය ලැබුනේ ඉරානයටය. රාජණ්ඩු සහාය දුන්නේ ඉරාකයටය. සදාම් කුවේටය ආක්‍රමණය කිරීමත් සමගම අරාබි ලෝකයට සදාම්ට එරෙහි විය. එහි අවසාන ප්‍රතිඵලය ඉරාකයේ සදාම්ගේ පාලනය අහෝසි වීමයි.
 
එතැන් පටන් ඉරාකයේ පැවතියේ අවිනිශ්චිත වාතාවරණයකි. සුන්නි ප්‍රදේශවල කාර් බෝම්බ පුපුරා ගියේ මහා විනාශයන් සිදු කරමිනි. සුන්නින්ගේ සහායට විදේශික සුන්නින් ද පැමිණෛයහ. අල් සර්කාවි එවැන්නෙකි. ජෝදාන් සම්භවයක් සහිත අල් සර්කාවි ප්‍රථම වරට පුද්ගලයන් පැහැරගෙන ගොස් හිස ගසා මාර්න සැටි වීඩියෝ කර ලොව ත්‍රස්ත කළේය. සර්කාවිගේ සංවිධානය ඉස්ලාමීය රාජ්‍ය ලෙස වර්ධනය වුනේ සිරියාවේ රෙජීමය දුර්වල වූ පසුය. අරාබි වසන්තය යටතේ සිරියාවේ අසාද් පාලනයට එරෙහිව මහජන නැගිටීම් වර්ධනය වූ අතර විප්ලවයේ තිඹිරි ගෙය වුනේ හෝම්ස් නගරයයි.අසාද්ගේ ඥාති ගෝත්‍රිකයන් සිටිනුයේ ලටාකියා ප්‍රදේශයේය.හෝම්ස් නගරයේ දැන් එතරම් කලබලයක් නැතත් ඉරාක බෝඩරයේ අසාද්ගේ බලය හීනවීමත් ඓතිහාසික අලෙප්පෝ නගරයේ වැඩි කොටසක් විපක්ෂයට හිමිවීමත් දැණ් පැල්මයිරාවද අහිමිවීමත් සැළැකූ විට අසාද්ට එකම පිළිසරණ ලෙබනන දේශ සීමාව බව පෙනේ. ඇත්තෙන්ම සිරියනු හමුදාවටත් වඩා අසාද්ට හිතෛශී වී ඇත්තේ ලෙබනනයේ ශියා හිස්බුල්ලා වරුය.කලක් අසාද් ඔවුන්ගේ ගැලවුම් කරුවූවා සේ දැන් අසාද්ගේ ගැලවුම්කරු වන් වී ඇත්තේ හිස්බුල්ලාවරුය.
 
අයි එස් කල්ලිය ඉරාකයේ රමාඩි නගරය අල්ලා ගත්තා කියන්නේ ඔවුන් ට බැග්ඩෑඩයටත් ප්‍රවේශ වීමේ අවස්ථාව වැඩි බවය.ඩැමස්කස් හා බැග්ඩෑඩ් නගර අල්ලාගෙන මධ්‍යධරණී මුහුදේ සිට පර්සියන් බොක්ක දක්වා විශාල රාජ්‍යයක් පිහිටවීමට ඉස්ලාමීය රාජ්‍ය සමත්  වුනොත් ඊලඟට කුමක් සිදුවේද

මැදපෙරදිග දේශපාලනයේ ප්‍රධාන බල කදවුරු දෙකකි. ඊශ්‍රායලය තුර්කිය හා සවුදි අරාබිය එක් පසෙකත් ඉරානය ඉරාකය හා සිරියාව තව පසෙකත් ලෙස කදවුරු බැද ඇත. ඉරාකයේ ශියා රජයක් පත්වීමත් සමගම මැදපෙරදිග ශියාබලය වර්ධනය වුනත් සිරියාව හා ඉරාකය සුන්නි ඉස්ලාමීය රාජ්‍යට යටවීමෙන් බල තුලනය වෙනස් වේ.ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ලෙබනනයේ හිස්බුල්ලාවරු නැගී සිටිනු ඇත. ඉස්ලාමීය රාජ්‍යය ලෙබනනය හා ජෝර්දානයද ආක්‍රමනය කිරීමට ඉඩ ඇත. 

ඉස්ලාමීය රාජ්‍යැය සම්ප්‍රදායික සුන්නි නගර ඉක්මවා ඩකුණු ඉරාකයේ බස්‍රා ප්‍රදේශයට ආවොත් අනිවාර්යයෙන්ම ඉරානය යුද්ධයට ඍජුව මැදිහත් වනු ඇත. ඉරානය යේමනයේ ශියා කැරළිකරුවන්ට සහාය දෙන අතර ශියා කැරළිකරුවෝ සනා අගනුවර බලයද අල්ලා ගත්හ. එහි ප්‍රතිඵලය වුනේ සවුදිය යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමයි.

එහෙත් දකුණු ඉරාකයේ බස්‍රා කර්බාලා ප්‍රදේශවලට ඉස්ලාමීය රාජ්‍ය ඇතුළු වුනොත් තත්වය මීට වඩා තතවය දරුණු විය හැක. ශියාවරුන්ගේ පරම පූජනීය ප්‍රදේශ ඇත්තේ මෙහිය. ඉරානය යුද්ධයට සම්බන්ධ වුනොත් ඍජුවම සවුදි අරාබියද යුද්ධයට සම්බන්ධ වනු ඇත. එවිටම සවුදියේ රජ පවුලට එරෙහි මහජන පීඩනාය්ද එළියට පනිනු ඇත.

මැද පෙර්දිග ඇත්තේ ගිණිකන්දකි. එහි මුදුනේ සැවොම කෙළිසෙල්ලම් කරති. මැද පෙරදිග ඇතිවන යුද්ධයකට ලොව බලවත් රටවල් සම්බන්ධ වීමෙන් එය දිගට ඇදෙන යුද්ධාය්ක් වීමේ සම්බහාවිතාව වැඩිය.
http://yakaageadaviya.blogspot.com/2015/05/blog-post_60.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල