කාලීන සංවාද, විශේෂ

සෝමලතා සුභසිංහ, විකෘතී හා ටියුෂන්. – Somalatha Subasinghe, Vikurthi & Tuition

1
ටියුෂ…..න්, ටියුෂන් //
ටියුෂන් පියෝ…
ටියුෂන් බයෝ…
කෙමෙස්ට්‍රි, ෆිස්ක්ස්,
ජීව විද්‍යා, රසයන විද්‍යා, භෞතික විද්‍යා…
ගණිත මිනිත ක්‍රම ඕන එකක් ඇත..
අහන්න අපගෙන්, මොනවද ඕනෑ..

අමරදාස සෑර්
ඔය සින්දුව තමයි ඒ කාළේ පුංචි මාතලන්ගේ කටේම තියෙන්නේ. ඕක තියෙන්නේ “සෝමලතා සුභසිංහගේ”, “විකෘති” නාට්ටියේ. මතලන්ගේ මතකය ෆුල් කචල් නේ. ඒත් මේ සිද්දිය නම් මට හොඳටම මතකයි. එතකොට මාතලන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ අටේ පන්තියේ. පොඩි පොරක් හෙම නෙමෙයි රෝයල් කොලීජියේ ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඒ කාළේ මාතලන් හෙන බ්‍රයිටා. ක්ලාස් ටීචර්, රෝයල් එකේ ඕන එකෙක් දන්න “අමරදාස සෑර්”. එයා ඇල්පිටියෙද කොහෙද. උන්නැහේගෙන් වේවල් කසායත් හම්බ වෙලා තියෙනවා ඕන තරම්. අපි කොරන රජවරුන්ට නොගැලපෙන නස්කූනි වැඩ වලට, ඒවා වලින් සංග්‍රහ නොලැබුනා නම් තමයි පුදුමේ.
එතකොට ජූනියර් එකේ ලොකු සෑර් මතු බුදු වෙන්න පෙරුම් පුරපු “විජේ වීරසිංහ” සෑර්. අපිට ජූනියර් ඉස්කෝලේ ඉන්න හම්බ උනේ එක අවුරුද්දයි. ඒ අවුරුද්දෙදි තමයි, “නවරඟහල” හෝල් එකේ විකෘති නාට්ටිය පෙන්නුවේ. ඔය නාට්ටිය දකින්න කලින්, මාතලන් ආදරේ කොලේ ඔය නාට්ටියේ පෝස්ටරේට.
එදා, අද වගේ බැසියර් විතරක් ඇඳගෙන ඉන්න නෝනලයි, බෑග් එකකට මරා ගන්න සුද්දියොයි, මහා පතංගර ටෙලිවිසොනුයි හංදියක් හංදියක් ගානේ තිබුනේ නෑ. තාප්පවල හිටියේ, ගීතා, මාලනි, විජේ, ගාමිනි වගේ කස්ටිය. ඉඳලා හිටලා නාට්ටි පෝස්ටර් එකක් තිබුනා. සුභ සහ යස, මනමේ, සිංහභාහූ, කැළණි පාළම, වැනීසියේ වෙළෙන්දා  වගේම, 77 බලයට පත් වෙච්චි ආන්ඩුවෙන් අළුතින් හදාපු ටවර් හෝල් එකේ පරණ නාට්ටිත් පෙන්නුවා.
පස්සේ කාළේක ඔය විකෘති නාට්ටියේ කතා කරපු ටියුෂන් කාරයන්ගේ පෝස්ටර් වලින් තාප්ප වැහිලා ගියා. ඒ කාළේ නම් නමයි පන්ති පැවැත්වෙන මඩුව තියෙන තැනයි තිබුනේ. අද කාලේ නම් ඒ සෑර්ලා අස්ටෝන් ගෙදරක යන ගමන් ගත්ත පොටෝ එකකුත් තියෙනවා. ඒක දැක්කම කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්න නෙමෙයි, සෑර්ව කොහොම හරි සැට් කොර ගන්න. ඇයි ඉතින් අන්තීමට නවතින්නේ දියවන්නාවේ පිස්සන් කොටුවේ පකයලා ඉන්න තැන නේ.
විකෘති නාට්ටියේ පෝස්ටර් එක අනෙක් නාට්ටිවල පෝස්ටරේට වඩා ගොඩක් වෙනස් උනා. ඒකේ අකුරුත් වෙනස්. එතකොට මාතලන් ආදරේ කොරන අකුරු තමයි, “ජනක රත්නායකගේ” චිත්‍රකතාවල නම් වලට තිබුනු අකුරු. ඊට පස්සේ “විනී හෙට්ටිගොඩගේ” අකුරු. කොහොම හරි නාට්ටිය බැලුවයින් පස්සේ, ඔය නාට්ටියට වගේම, නාට්ටියේ උන්නු අක්කලා දෙන්නෙක් එක්ක, මාතලන් ප්‍රේමෙන් බැඳුනා. එක්කෙනෙක් නිල්මිනි සිගේරා. අනික් කෙනා චාන්දනී සෙනෙවිරත්න. ඉතින් ප්‍රිෆෙක්ට්ලත් නිසා, නාට්ටිය ඉවර උන ගමන් නවරඟහල පිටිපස්සට දිව්වේ නිල්මිනි අක්කව බලන්න. අපරාදේ කියන්නේ, ඔය දෙන්නම ඇහුවා මොකෝ මල්ලි කට ඇරගෙන බලාගෙන ඉන්නේ කියලා. මම ගත්ත කටටම කිව්වේ ඔයාලා හරි ලස්සනයි අක්කේ කියලා.

ඊට පස්සේ, මාතලන් ගෙදරට මාර වනයක් උනා ,මේ නාට්ටිය බලන්න එක්ක යන්න කියලා. මට මතක විදියට හතර පස් වතාවක්ම බැලුවා. දැන් නම් ඒ චරිතවලට ඉන්නේ වෙන අය. නිල්මිනී සිගේරා නම් ෂුවර් එකට හෙට අනිද්දම් පිපිරෙනවා. චාන්දනී නම් තාමත් කෙල්ල වගේ ඉන්නවා.

නාට්ටියෙන් කතා කොළේ එවකට අළුතෙන් සමාජයට එක් වෙච්චි ටියුෂන් හා කාළකන්නි අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන්ට තියෙන පීඩනය ගැන. නාට්ටිය අවසානයේ, නිලිමිනි සිගේරට පිස්සු හැදෙනවා. අද මේ සමාජයට සිද්ද වෙලා තියෙන දේ, එදා සෝමලතා නෝනා කලින්ම දැක්කා. නියම කළා කාරයෙක් කියන්නේ ඒකයි. අනාගතය දකින්න පුළුවන් වීමයි.
නිල්මිනි සිගේරා

සෝමලතා එදා කතා කලේ ඒ ලෙවල් (A/L) ගැන. අද ඕ ලැවල් (O/L) විතරක් නෙමෙයි, මොන්ටිසෝරියේ ඉන්න එකාටත් තියෙන්නේ මාර පීඩනයක්. සම හරක් ගොබ්බ දෙමව්පියො වගේ හරක් ඊටත් කලින් ඉඳලා දරුවව මරාගෙන කනවා. ඔක්කෝමලා, දොස්තරලා ඉන්ජිනේරුවෝ කොරන්න දඟලන්නේ. එදා නගරේ තිබුන දේ අද මුළු රටේම වසංගතයක් වගේ පැතිරිලා. එදා නාට්ටියේ පිස්සු හැදුනේ, පීඩනය එල්ල වෙච්චි දරුවන්ට විතරයි. කරුමේ කියන්නේ ඒ නාට්ටිය බලපු උන්ගේ පරම්පරාව, ඊට වඩා පීඩනයක් දරුවන්ට දෙනවා. ඒ නිසා අද සමාජයටම පිස්සු.

උගතෙක් උනත් උන්ගේ සාරධර්ම කියන දේ නෑ. මනුස්සකම කියන දේ නෑ, කලාත්මක වින්දනාත්මක සිතුවිලි නෑ. මැරනකන් මහා මැරතන් රේස් එකක් දුවන පිස්සෝ රැලක්. මහා ලොක්කෙක් කරලා, අපි දිහා බලන්නෙ වත් නෑ කිය කියා, ඊට පස්සේ අඬනවා. ඒ කියන්නේ මුන් මේ පැන්ෂන් ගියාම ආතල් එකේ ඉන්න තමයි, දරුවා බඩෙන් එලියට ආපු දවසෙ ඉඳලම ට්‍රයි කරන්නේ. දෙමව්පියන් එක්ක මාර වෛරයකින් ඉන්න ඒ වගේ උන්, දැණුම් තේරුම් අරගත්ත ගමන් නිදහස සොයා ඉගිලිලා යනවා. අර වධකයන්ගේ සිහිණේ කුඩු වෙලා යනවා. දරුවන්ට සාප කරනවා. එක්කෝ උන් පිට රටවල, එහෙම නැත්නම් ගම් දොර හැර ගිහින්, පිට පලාතක. දරු සෙනෙහස කියන දේ හදවතේ තිබුනා නම් ඒ දේ වෙන්නේ නෑ.
 ලයනල් ප්‍රනාන්දු

අද පොඩි උන්ට ළමා කාළයක් කියලා දෙයක් නෑ. උදේ හතරේ ඉඳන් මහ රෑ නමය වෙනකන් ගෙදරින් එලියේ. සෙනසුරාදා කියලා නෑ, එදාටත් එහෙමයි. ඊළඟට දහම් පාසල්. ආයේත් හවස පන්ති. මේ රටේ පිස්සෝ ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකටද මේ? වෙන මොකටවත් නෙමෙයි සල්ලි හොයන්න. ඉතින් මේ විදියට කර ගන්න බැරි උනාම, වෙන පහසු ක්‍රම හොයනවා. රටේ දූෂණය, හොරකම වංචාව වැඩිවෙන්න තව හේතු ඕන නෑ. මොකෝ බහ තෝරන කාළේ ඉඳන් මනී මේකින් මැෂින් එකක් කරලා ඉවරයි.

ඇත්තටම අපේ රටේ උන්ට වඩා පිටරට සුද්දෝ ළඟ මනුස්ස කම කියන දේ තියෙනවා. මොකෝ උන්ට මිනිසත් කමට ගරු කරන්න උගන්වනවා. මානව හිමිකම් කියන දේ කියා දෙනවා. නීතීයට ගරු කරන්න කියා දෙනවා. නීතියට බිය විය යුතු බව කියා දෙනවා.
එදා බොහොම සුළුවෙන් තිබුන ටියුෂන්, අද වසංගතයක් වෙලා. ඒ මදිවට සෝමලතා මිස් ඒ කාළේ කතාකරපු ටියුෂන් මාස්ටර්ලා, අජ්ජාපනෙත් කාලා, රටත් කාලා, දැන් භාෂාවත් කන ජෝකර්ලා වෙලා. උන් කෙල්ලෝ කොල්ලෝ අල්ලා ගත්තේ පන්තිවල කුණුහබ්බ වපුරලා. ඉස්කෝලේ නැති දේවල් හොයාගෙන කොල්ලෝ කෙල්ලෝ පන්තිවලට ගියා. උන්ගේ ළෝකවල වීරයෝ උනේ පාසල් ගුරුවරු නෙමෙයි. ටියුෂන් මාසටර්ලා.
කෞෂ්‍යල්‍යා සහ අනාගතය

ඒ කාළකන්නි ඊළඟට දේශපාලනේට රිංගුවා. අජ්ජාපන ඇමතිකමුත් කරා. අජ්ජාපනේ ඉතුරු වෙලා තියෙන ටිකත් කෑවා. දැන් භාෂාවත් කනවා. හොරා කන්න විදියක් නැතිව, පිස්සෝ වගේ මේ රටේ බිහිවෙච්ච දූෂිතම පාළකයා පස්සෙ වැටිලා. තව සෙට් එකක් රනිල් එක්ක පෙල ගැහිලා. අපි නම් ඒ කාළේම කිව්වා මුන්ට පිස්සු කියලා. ඒ නිසා උන් අපිට පිස්සු කියලා පන්ති වලින් එලෙව්වා.

එතුමියගේ අනාවැකි තම ජීවිත කාළය තුලම සිද්ද වෙනවා දැක්කාම, ඇය හදවතින් හිනා වෙන්න ඇති. එතුමිය මේ රටට කල සේවයට ඒ නාට්ටියම ඇති. එතුමියගේ මහත්තයත් බොහෝම වැදගත් රාජ්‍ය නිළදාරියෙක් වන ලයනල් ප්‍රනාන්දු. ඒ වගේම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් බිහි කරපු මේ මව තම කුසින් තවත් අග්‍රගන්‍ය කළාකාරිනියක් වන කෞශ්‍යල්‍යා ප්‍රනාන්දුත් තම මව් භූමියට පූජා කලා. දැන් ඒ දියණියට වගකීමක් තියෙනවා අම්මා කළ දෙයට වඩා යමක් මේ රටට කිරීමට.
ඔබ තුමියට සුභ ගමන්….!!!
පුළුවන්නම්, මේ පිස්සෝ ටික බලලා යන්න, ආයේත් පාරක් එන්න.
විශේෂ –
 
මේ වීඩියෝව දැක්කේ ළිපිය ලියලා ඉවර උනයින් පස්සේ. මාතලන් මුළු පෝස්ට් එකෙන්ම කියපු දේ බොහෝම අපූරුවට ඔප්පු වෙන වීඩියෝවක් මේක. පුදුමෙකට වගේ සෝමලතා සුභසිංහ මාතාවත් මේකේ ඉන්නවා. 

 

http://maathalan.blogspot.com/2015/05/somalatha-subasinghe-vikurthi-tution.html

Related Posts

1 Comment

  1. editor May 31, 2015 at 10:03 pm - 

    නියමයි මාතලන්. එංගලන්තේ දැන් ඇවිත් ඉන්න ලංකාවේ , ඉන්දියාවේ චිනේ එවුන් මෙහෙත් කනවා.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල