කාලීන සංවාද, විශේෂ

ජිජැක් ගේ කතාවේ විසංයෝජනය

Off

ජිජැක් ලංකාවට ගෙනාවේ X -කණ්ඩායම බවත් ඔබ ඔවුන් ගැන සඳහන් කලේ නැත්නම් ජිජැක් ගැන කිසිවක් ලිවිය නොහැකි බවත් කියා කවුදෝ මට අවවාදයක් දුනි.  ජිජැක් ට සිජැක් කියා ලීවේ කවුරු හරි වලියක් අදීද බලන්නටය. ඇද්ද කෙනෙක් නැත.  මුල් ලිපිය බලන්න මෙතනට යන්න.  මා මුල් උපාධිය කලේ සෝවියට් දේශයේ නිසා ස්ලාවික් නම් මා උච්චාරණය කරන්නේ වෙනස් අයුරිනි. ඇමෙරිකානුවන් ජිජැක් හඳුන්වන්නේ ෂිෂෙක් යනුවෙනි. ස්ලාවික් වරු ඒ නම උච්චාරණය කරන්නේත්  එලෙසම ය.මගේ නමේ ධ අකුර රුසියානුවන්  ලිව්වේ ද යන්න ෂ හා ජ එකට උච්චාරණය වන අකුරක් හැටියටය.   කෙසේ වතුදු ඉහත ලිපිය කියවූ සැවොම හඳ  දෙස නෙත් යොමු කලා මිස ඇඟිල්ල දෙස බැලුම් හෙළුවේ නැත. හෙවත් ජිජැක් ට මොන නමින් කතා කලත් ඔවුන්ට එය වැදගත් වුයේ නැත. 

දැන් අපි අර ජිජැක් ගේ කතාව සාකච්චා  කරමු. 

කෝපි  කඩයට ඇතුළුවූ මිනිසා ඉල්ලන්නේ  කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ය. 


කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා කියන්නේ ඔවුන්  ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර බවයි. ඒ වෙනුවට ඔහු පාරිභෝගිකයාට  සීනි  නැති කෝපි  කෝප්පයක් මිලදී ගන්නට යෝජනා කරයි. 

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.


ඔහු එසේ කියන්නේ ඇයි?  එක්කෝ කෝපි  කඩේ සීනි  සහ ක්‍රීම්  දෙකම නැත.  එසේ නැතිනම් කෝපි කඩේ බැරිස්ටා පාරිභෝගියකයාට වෙනත් නව විසඳුමක් යෝජනා කරයි. එනම් ක්‍රීම් නැති නිසා ඔහුට සිනි නැති කෝපි එකක් යෝජනා කිරීමයි. දැන් අපි සාමාන්‍ය වෙළඳ හලකට ගොඩ වැදී හෙම්බිරිස්සාව හැදී එන නිසා  සමහන් පැකට් එකක් ඉල්ලු විට කඩයේ සමහන් නැතැයි සිතමු. ඒ වෙනුවට කඩ හිමියා  කටුවැල් බටු පැකට් ඇත්නම් එය යෝජනා කරන නොඅනුමානය. එසේ නැත්නම් “අපි ළඟ  හොඳ තේ කොළ පැකට් වගයක් ඇවිත් තියෙනවා”. “ආ මේ අලුත් බිස්කට් පැකට් ජාතියක් (හෝ තව මොනවා හරි)  කඩ හිමියා  හෝ සේවකයා විසින්  යෝජනා කරනු ලබයි. මා  ජිවත් වන එන්ෆිල්ඩ් වලාට් නුදුරු  එඩ්මන්ටන් වල ඇති දෙමල ජාතිකයන් විසින් පවත්වා ගෙන යන වෙළඳ හලට ලංකාවේ කෑම මිලදී ගැනීමට මසකට දෙවතාවක්  පමණ යමි.  සමහර විට රතු හාල් සහ ලංකාවෙන් එවන කිතුල් පැණි  බෝතලයක් රැගෙන ඒමට  යන මම  අන්තිමට එන්නේ , ගෙදර උයන්නේ නැති වුනත් මුකුණුවැන්නා  මිටියක්, ගොටු කොළ මිටියක්, මාළු, කෙහෙල් මුව, දිවුල්  කිරි බෝතලයක්, රොටී සහ තව නොයකුත් දෑ මට නොදැනිම මිලිදී ගෙනය. මින් භාගයක්ම දේවල් යෝජනා කරන්නේ සේවකයා හෝ කඩ හිමියාය. ඔවුන්ගේ ලාභය ඇත්තේ ම අප සොයා ගොස් ගන්නා  එක භාණ්ඩයෙන් නොව තව මොනවා හරි අපට වැඩිපුර විකුණා ගැනීමෙන්ය.  සමහරවිට අදාල භාණ්ඩය නැත්නම් නැහැයි නොකියා තව මොකක් හරි දෙයක් විකිණිය යුතු මය. නැත්නම් පාරිභෝගිකයා වෙනත් ස්ථානයකට යනු ඇත.  ඔවුන් ගේ ලාභය අහිමි වනු ඇත.

අප විශාල සුපර්මාර්කට් එකකට ගිය විට සිදු වන්නේ කුමක්ද?  අද මම කිරි කාට්න් එකක් (බෝතලයක්) ගැනීමට කෑම පැයේදී ගොස් රයිස් පුඩින් එකකුත් , කඩල  ටින් එකකුත්, චොකලට්  බනිස් පැකට් එකකුත් රැගෙන ආවෙමි. අනිත් ජාති තුනම මම ඇලුම් කරන දේ නිසා හදිසි  අවශ්‍යතාවයක් නැති වුවත් මිලදී ගතිමි. අද දවස තුල මම ඒවා නොකෑමට හොඳටම ඉඩ තිබේ.

බොහෝ අයගේ මේ භාණ්ඩ වලට ඇති ඇල්ම මිට වඩා බොහෝ දුර ගොස් තිබේ. භාණ්ඩ නිසා ජිවත් වන තරමට අපි ඒ දේට ඇලුම් කරමු. ඒවායේ ලාභය කාටද ලැබෙන්නේ කියන එක අපට ප්‍රශ්නයක් නොවේ. කාල් මාක්ස් “භාණ්ඩ වලට ඇති ඇලුම” ගැන පවසා ඉන් ලබන ලාභය ධනවාදය රැක ගැනීමේ මුලික පදනම බව පැවසුවේ බොහෝ කලකට පෙරය. නුතන ධනවාදයේ ප්‍රධානම සලකුණක් වන්නේ අපට අවශ්‍ය වුනත් නැතත් ඒ දේ අපට අවශ්‍ය බව ඔත්තු ගැන්විමය. ක්‍රීම්  නැති කෝපි කෝප්පයක් වෙනුවට සිනි නැති කෝපි කෝප්පයක් වුවද ඔබට (පරිභෝගියකයාට) ලබා දීමට අප (වෙළෙන්දා) සුදානම්ය. මේ භාණ්ඩ වලට ඇති ඇල්ම ගැන බොහෝ කලකට පෙර ලියු ලිපියට මේ යොමුවෙන් යන්න. 

දැන් නැවත අර පරණ කතාවට යමු. මෙයට ෆේස්බුක් එකේ පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් පරණ සෝවියට්  විහිළු කතාවක්  සිහි ගන්වයි.

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වැදී ඔවුන් ළඟ මස් විකුනන්නට  තිබේදැයි අසන්නිය. ඔවුන් “නැහැ අපි ළඟ නැහැ ” යනුවෙන් පිළිතුරු දෙන අතර ඇගේ  දෙවන ප්‍රශ්නය එනම් “එහෙනම් කිරි තිබෙනවද ?” යන්නට කියන්නේ  “අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. ”

ඇන්ඩි බෙස්ට් නමැති එංගලන්ත ජාතිකයා සෝවියට්  දේශය ගැන සිතන්නේද එසේමය. ඔවුන්ට කෑම සහ අනිකුත් භාණ්ඩවල දැඩි හිඟයක් ඇති අතර බොහොමයක් සෝවියට් වැසියන් සිට ඇත්තේ බඩගින්නේය. ඒ නිසා ධනවාදී රටවල සමාජවාදය පිහිටුවීමේ තේරුමක් නැත.

මගේ අත්දැකීම ලෙස මා  ලිව්වේ බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක් මවිසින්  කිසිදා නොදුටු බවයි.

තවත් අත්දැකීමක් නම් මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගිය විටදී එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැති බව නිරීක්ෂණය කිරීමයි.  ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසූ  විට පිළිතුර වුයේ කඩේ වැඩ කරන හොඳ ගැහැනියක වන මහත ගාල්යා  කඩේට  මස් මාළු  සහ අලුත් භාණ්ඩ පැමිණි විට හැමෝටම පණිවිඩ එවන බවයි. ඉන්පසු පස්සා දොරින් හොඳම අත්‍යවශ්‍ය භාණ්ඩ විකුනන බවයි.මේ නිසාම ඔවුන්ගේ ගෙවල් වල අග හිඟයක් නැත. මා  කිවේ මේ දුෂිත සමාජවාදය බවයි.

මෙහිදී  මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ? යන ප්‍රශ්නයන් නැගුවෙමි. සෝවියට්  දේශයේ විනිට්සා නගරයේ ඉගෙනීම ලැබූ අපේ සහෘද බ්ලොග් ලියන්නකු වන වෛ ද්‍ය රුවන් එම් ජයතුංග විසින් සෝවියට් මිනිසුන් භාණ්ඩ සපයා ගන්න ආකාරය ගැන හොඳ ලිපියක් ලියා තිබුණි. මැක්සිම් ඉවානවිච්  නම් මේ ලිපිය හැකිනම් නැවත කියවන්න. සෝවියට් පන්නයේ  සමාජවාදී සමාජයේදී “නැති” පැට්‍රොල් සොයා

දෙන තැනැත්තා ගැන කියවන්න.

ලාභය අහෝසි කල විට වෙළඳ ආයතනයේ ළඳුන්ට තම දේවල් පරිභෝගිකයාට විකිනීමට අවශ්‍ය තාවයක් නැත. කඩ හිමියා  සෝවියට් රජය හෝ ප්‍රාදේශීය රජයයි. හෝ නගර සභාවයි. ඉතින් වෙන්නේ හැමෝම තියෙන දේවල් ටික උස්සගෙන යාමයි. කාටවත් විකිනීමට අවශ්‍යතාවයක් නැති මේ  රජයේ දේපල වලින් සොරකම් කිරීම සාමාන්‍යකරණය වීමක් සිදුවී තිබේ. එසේ උදව් කරන අය  හොඳ ගාල්යා සහ කරුණාවන්ත මැක්සිම් ඉවානවිච්ය.  සෝවියට් දේශය බිඳ වැටුනු  විට මේ සුපර්මාකට් සහ අනිකුත් විශාල කර්මාන්ත  ශාලා කුණු කොල්ලයට ඒ භාණ්ඩ පිට දොරින් විකුණු අයටම ලැබුණි. දැන් රුසියාව පාලනය කරන්නේ ඔවුන්ගේ නියෝජිතයාය.
දැන් ජිජක් නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැවසුවේ කුමක්ද?

 

ත්‍රිමාණ පිළිතුරක්:

අජිත් , මෙතන ජිජැක් අවධාරනය කරන්නෙ “ධනවාදය”[capitalism] ගැන නෙවි , ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි. [0/-1] ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ .[capital as a suject]

http://kolambagamaya.blogspot.co.uk/2015/06/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල