කාලීන සංවාද

පරිභෝජනයේ සදාචාරය 1: නතාෂා ගේ සාරිය සහ පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාව

Off

නතාෂා ගේ සාරිය ගැන හනේ හපොයි ඕකෙන් කන්න බොන්න නැති එවුන්ට කී වේලක් දෙන්න තිබ්බද කියන එවුන් පින්වත් අප ස්වාමීන්ගේ පලතුරු පූජාවට සාදු සාදු කියති. නතාෂාගේ සල්ලි කොහොම කලාම තොපිට මොකද කියන එවුන් අර සෝමාවතියේ නාස්තිවෙන පලතුරු කන්න නැති කෙනෙකුට දුන්නේ නැති හැටි කියා විස්සෝප වෙති. නතාෂා සහ පින්වත් අප ස්වාමීන් මෙන්ම මේ දෙපිට කාට්ටු මත දක්වන්නන් සියල්ලන්ගෙන්ම ස්වායත්ත සරල සත්‍යයක් පවතියි.

සීමිත සම්පත් ඇති තැනෙක ද්‍රව්‍යයක වටිනාකම එහි මිළ ගෙවීමෙන් සපුරා හිමි නොවේ. සීමිත සම්පතක් කෙනෙකු අපහරණය කරන්නේනම් වෙනත් කෙනෙකුට සමාන දෙයක් අහිමි වේ. සෝමාවතියේ පලතුරු ලෙස හෝ නතාෂාගේ සාරිය ලෙස මිනිසුන්ට ඇති සම්පත් “නිරපරාදේ” නාස්ති වන්නේ නම් එහි මිළ ඔවුන් ගෙව්වද සාමාජිය ලෙස ඇති වගකීමක් ඔවුන් පැහැර හරිති. අවාසනාවකට අප ජීවත්වන ආර්ථික මොඩලය මේ “සම්පත් වලට මිළ ගෙවා කරන අවභාවිතාව” ගැන ලොකු කතිකාවක් කරන්නේ නැත.

අධිභාවිතයට නහුතෙට බිල ගහද්දීත් “විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්න” කියා කීමට සිදුව ඇත්තේ එබැවිනි.

පරිභෝජනයේ සදාචාරය මම මේ දැන් හැදු වචනයකි. එහෙම එකක් ඉස්සර පටන් තිබ්බා නම් ඊට වඩා වටියි.

ප.ලි.

මාධ්‍යවල  ඉන්ටරැක්ටිව් ගතිය  නිසා  බ්ලොග්  සටහන්  වෙනස්  කරන්න  වෙනවා.  මේ  සම්බන්ධයෙන්  මුහුණු  පොතේ  වූ  සංවාදයේ  සාතන්ගේ  අඩවිය  නගපු  ප්‍රශ්න  මගේ අදහස තවත්  ඉස්මතු  කරන්න  දායක  වුන  නිසා,  මෙතන  පටන්  දාන්නේ  ඒ  ටික.

  •  මේකත්  ධනපති   පන්තිය  හා නිර්ධන  පන්තිය  ගැන  තියෙන  ප්‍රකට  සංවාදයේ  දිගුවක්ද?

නැහැ. සම්පත් අවභාවිතාව පන්තිභේදයකින් තොරව සිදුවන්නක්.

පන්ති  භේදය  ගැන  කිව්වොත් මම ඔය රිජිඩ් ධනපති හා නිර්ධන පන්ති දෙකක පැවැත්ම සලකන්නේ මීට සියවසකට පමණ පෙර ලෝක තත්වයක් ලෙස. හැබැයි ලෝකයේ ඇති නැති පරතරය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ඒ වගේම විශාල ධනස්කන්ධයක් පුංචි තැන් කීපෙකට සංකේන්ද්‍ර වෙනවා. එපමණක් දක්වා නිරීක්ෂණය කල හැකියි. පැහැදිලිවම  ඒ  අසීමිත  ධන  සංචිත  ඇතැම්  නාස්තිවලට  හේතුවක්

  •  මේ  සංකල්පය  ප්‍රයෝගික  ද?

ප්‍රායෝගික වෙන්න ඉස්සෙල්ලා අපට දැනිලා තියෙන්න ඕනේ නේද අවශ්‍යතාවය. අවශ්‍යතාවය දැනෙන්නපටන් ගෙන තියෙන්නේ කොහොමත්.

උදාහරණයක් දෙන්නම්, අඟහරු මත මිනිස්සු ජනාවාසයක් හදනවා. එහි සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්නේ. එහෙ ඉන්න මිනිසුන්ට කෑම්ප් ෆයර් එකක් දාන්න නිදහස ලැබේවිද? කොච්චර සල්ලි තිබ්බත්. මහා පොලොව අසීමිතව දැනුනේ අපි “පුංචි පවුලක්” කාලේ. දැන් අපි ලොකු පවුලක්

එතනදිත් නූගත්කම දිළිඳුකම හා දේශපාලනික වාරණ තුලින් අපේ ලොකුම ජනගහන මධ්‍යස්ථාන දෙක වන ඉන්දියාව හා චීනය [ලෝකයෙන් 2/5 ක්] අඩු පරිභෝජන රටවල් කරලා තිබ්බ. එකපාරට උන් ඕපන් වුණා. පහුගිය දිගටම ලෝක වෙළඳපොලේ ලෝහ හා ඉන්ධන මිල තීන්දු කලේ චීනයෙන් ආපු ඉල්ලුම අනුව. මහා ලොකු ආර්ථික විද්‍යාවක් නොවේ, අපි ගෙයක් හදන්න පටන් ගද්දි එක්තරා ගානට තිබ්බ කොන්ක්‍රීට් කම්බියක් මාසෙකින් එකහමාරකින් ගණන් ගියා චීනේ ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා. බයිසිකල් පැද්ද චීන්නු ටික කාර් පදින එකම හිතන්නකෝ. දැන් මහපොළොවේ සීමා දැනෙන ගානට ඇවිත්. එතැනදී මේ සංකල්පය අවශ්‍යයි.

  •  අනිකාට  වඩා  ඉස්සරහින්  ඉන්න  ඇති  වුවමනාව  මිනිසා  ගල් යුගයෙන් මෙතෙන්ට  ගෙනාපු  දෙයක්.  මේ  කතාව  ඒ  මානවීය  හැසිරීම  එක්ක  ගැටෙනවද?

ජීව විද්‍යාත්මක මිනිස් ස්වභාවය කොහොමත් සිද්ධ වෙනවා. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඔය “හැමෝම සමාන කිරීම” අසාර්ථක වුනේ මේ මිනිස් ස්වභාවය නිසා. හැබැයි මේ  කතා  කරන්නේ  ආන්තික  හැසිරීම්  ගැන.

අනික ආන්තික හැසිරීම් වලට සීමා දැමීම ගැනම නොවේ මම කියන්නේ. ඒවා සාමජිය කතිකාවකින් බ්ලැක් මාක් කිරීම වරදක් නැහැ. ඊ ගාව නතාෂා මේ නතාෂාගේ සාරියටත් වඩා ලොකු එකක් හදන්න හෝ, ඊ ගාව “පින්වත් අප ස්වාමින්” මෙයා “ඩම්ප් කර  වදාළ” පලතුරු ලෝඩ් එකත් ඉක්මවා යන්න හිතද්දි සාමාජිය මතයකින් එයාලගේ හිතට ආවොත් “ශිහ් මේක මහා නාස්තියක්. අපි මේක නොකර ඉම්මු” කියලා නීති ඕනෙම නැහැ නේද?

ඒ සංවාදය නතර කරන්නේ “එයාගේ සල්ලිනේ ඕන දෙයක්” කියන මතය නිසා. මම ඉලක්ක කරන්නේ ඒ මතය. සල්ලි එයාගේ වුනාට නාස්තිය අඩු කරන සමාජ වගකීමත් එයාට හිමියි

සාතන්  ඔබට බෙහෙවින්ම  ස්තූතියි  දෙයක්  මේකට  එකතු  කළාට

http://free-unbound.blogspot.co.uk/2015/05/1_30.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල