ප්‍රහසන

කේලම් සහ පෙරීම…..

1

දිනක් සොක්‍රටීස් ට මුන ගැසුණු අසල්වැසියෙක් ඔහුට කිව්වලු

 ” ඔබ දන්නවද මං ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. “

 , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරවුනාලු.

” හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් ” සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.

“පෙරනයන් තුනක් .. ” අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.

සොක්‍රටීස් ” ඔව්. පළමු පෙරනය, සත්‍යක් ද ? , ඔබ මගේ මිතුරා ගැන ඔය පැවසීමට සූදානම් වන දෙය සත්‍යක් ම බව ඔබ හොඳින්ම දන්නවාද ? “
“ම්.. ම්.., නෑ, එය මා හට යමෙකු කී දෙයක් පමනයි.” අසල්වැසියා පිළිතුරු දුන්නලු.
” හොඳයි , දෙවන පෙරනය, ඔබ ඔය මගේ මිතුරා ගැන කියන්න හදන දෙය යහපත් දෙයක් ද ? ” සොක්‍රටීස් ඇසුවාලු.
“ම්.. ම්.., නෑ, එය නම් ඔහු ගැන යහපත් පුවතක් නෙමෙයි..” අසල්වැසියා පිළිතුරු දුන්නලු.
සොක්‍රටීස් පැවසුවාලු ” හ්ම්ම්.. ඔබට තවත් එක අවස්ථාවක් තිබෙනව. අවසාන පෙරනය, ඔබ මාගේ මිතුරා ගැන පවසන දෙයින් මා හට යම් ප්‍රයෝජනයක් සිද්ධ වේද ? “
“ම්.. ම්.., නෑ, එය නිකම්ම ඔබගේ මිතුරා ගැන ආරංචියක් පමනයි…” අසල්වැසියා පිළිතුරු දුන්නලු.
සොක්‍රටීස් කිව්වලු. “හොඳයි, ඔබ ඔය පවසන්නට යන දෙය සත්‍යක් ද නොවේ, යහපත් දෙයක් ද නොවේ, මා හට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. ඉතින් මම ඔබේ කතාව අසන්නේ ඇයි. ?? “
උපුටා ගන්නා ලද්දේ පල්ලියෙ කතා බ්ලොග් අඩවියෙනි….

http://rukshila-wettamuni.blogspot.co.uk/2015/06/blog-post.html

Related Posts

1 Comment

  1. Rukshila Wettamuni June 10, 2015 at 1:27 pm - 

    බොහෝම ස්තූතියි..!

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල