සඳැස් / නිසඳැස්

මං මුලාව

Off

මාල බැන්ද ගෙල හැඩ කර
සොයාගෙන පැසුනු මී අඹ
උණ,ඹ ගැට ඇහිඳ ඇයි ඔබ
මාල ගිරවියේ……………

කැදැල්ලක රසය ගුණ විඳ
උදුල සඳමඩල සේ හිඳ
සුළි සුලං වවුලෙකුට හද පිදු
මාල ගිරවියේ……………..

ගයා පෙම් ගීත මනහර
ලොවෙන් නෙතු වැසුන මොහොතක
ගැලෙවුවද නුඹේ අත්තටු
ස්වර්ණ හංසියේ……………….

දියෙන් කිරි ගන්න බැරුවම
පියාපත් සවිය නැතිවම
කැකුළු මල් තුඩින් බිඳ දැමු
හංස රැජිනියේ………………..

කැඩුනු තටු තදින් පිරිමැද
සනසන්න වරම් නැතිවම
මගේ කඳුළු කවි ඇසුනද
බිහිරි කෙවිලියේ…………

පස් මහා බැළුම් බලමින්
මතු භවේ සොයා එන්නම්
එතෙක් දරාගෙන ඉනු මැන
කඳුළු සමනලී………..

අසා මගේ රණ ගී
වෙන් කරන් දියෙන් කිරි බිඳු
පරවියෙක් එවනවද මට

පවන් රැල් අතේ………..

http://wkwijeratna.blogspot.co.uk/2015/07/blog-post_12.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල