කාලීන සංවාද, විශේෂ

ප්‍රගීත් එක්නැළිගොඩ නැවත ඝාතනය නොකරනු ! – Don’t Kill Prageeth Twice !

1

“සූරියකන්ද” කියන්නේ මොන ජාතියේ කන්දක්ද කියා, අද ඉන්නා උන් නොදන්නවා වෙන්න ඇතිය. “ඇඹිලිපිටිය සමූහ ඝාතනය” කියන්නේ මොකක්ද කියා අද ඉන්නා උන් දන්නේ නැතිය. එවා, හෝල් සේල් එකේ විකුණා බලයට ඇවිත් චුත වෙලා ගිය කාළකන්නීන්ටද, ඒවා මතක නැතිව ඇතිය. සූරියකන්දේදී නිරපරාදේ ඝාතනය කොට මරා දැමූ අහිංසකයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීමටද බොහෝ කළෙක් ගත වීය.

උන් වෙනුවෙන් දියවන්නාවේ පාර්ලිමේන්තුව අසල ඉඳිවුනු “ආරාමයද” අද නැත. අරාමයද, සහාසික ඝාතනයකට ලක්වූ අතර, අද එයි ඇත්තේ අද එහි ඇත්තේ ආතල් ගැනීමට තනා ඇති, “දියත උයනයි”. එය වෙනත් ස්ථානයක ඉඳිකරනවා කියා වූ පොරොන්දුව අමතකව ගියේ, එවන් සොහොන් රාශියක් මුළු රට පුරාම ඉඳිකරන්න වෙන නිසා වෙන්නත් පුළුවන්ය.

77 ආන්ඩු පිහිටුවපු උන් බලයට ආවේ, හත් අවුරුදු සාපය, සාගින්න, මෙන්ම අඩු නැතුව, “ප්‍රේමවති මනම්පේරිද” විකුණලාය. 77 බලයට පත් වෙච්චි උන් 94 එලවා දැම්මේ, සූරියකන්දේ ඇටකටු ටික විකුණලාය. ඒ කාළකන්නින් මේ ඊයේ පෙරේද බලයෙන් පහ කරන තෙක්, සූරීයකන්දේ ගේම දුන් එකා එක්ක පට්ට ආතල් එකක් ගත්තේය.

ඒ ඉතරක් නොව, ඒ මිනීමරු කල්ලියේ නායකයා, උන්ගේම එකෙකුටත් ගේම දුන්නේය. ඒ නාලන්ද එල්ලාවලටය. නාලන්ද එල්ලාවල කියලා එකෙක් උන්නාද් කියලා වත් වගේ වගක් නැති, ඒ යකාගේ අතිජාත මිත්තරයා වෙච්චි ඩිලාන් පෙරේරාටත්, කිසිම විලි ලැජ්ජාවක් නැතුව මිනීමරුවන් එක්ක අවුරුදු 20 ක් විතර පුල් මාවලස් එකේම ඉන්න පුළුවන් උනේය.

දැන් මුන් ඔක්කෝම එකය. එක වල්ලේ පොල්ය, එක මල්ලේ ඇට දෙක වාගේය. යහපාලනය කියා කර ගෙන යන්නේද, කලින් ගිය සිස්ටොන් එකමය. පක්ෂ විපක්ෂ හැම එකාම, උන් උන්නේ දරු මුණුබුරෝ කසාඳ බැඳගෙන, මැති ඇමතිවරු මන්තිරිවරු නඩේම නෑදෑයෝය. තාත්තා හරි අම්මා හරි විසිවෙන කොට, දුව හෝ පුතා එනවාය. එහෙම නැත්නම් බෑනා එනවාය. අලුතෙන් එකෙකුට එන්න ඉඩක් නැතිය. කොටින්ම හඳුන්නෙත්තිලාගෙ සහෝදර සමාගමෙත් එහෙමමය. මැරෙනකන්ම හඳුන්නෙත්ති විල මැද බංගලාවේ ඉන්නම ඕනාය. වෙන එකෙක් ඇවිත් හරි යන්නේ නැතිය.

සූරිය කන්ද විකුණලා, දරුවන් නැති වෙච්චි අම්මලා විකුණලා බලේට ආපු උනුත් ඒවා නැවැත්තුවේ නැතිය. සටන පත්තරේ මහ එකා වන, “රෝහණ කුමාර” නිවන් යන්නේ ඒ කාළයේමය. රෝහණ ඉල්ලාගෙන් කෑවේ එයැයිම, විහාර මහා දේවී කියා පුම්බපු නෝනාගෙන්මය. රූකාන්ත එළෝ යන්නේ නැතිව නූලෙන් බේරෙන්නේත්, චන්ද්‍රලේඛා හෙයාර් කට් එකකින් බේරෙන්නේත් උන්ගේ පෙර පිනක් තිබිලා මිස සැටලියිට් නෝනාගේ යහගුණයක් නිසා නොවේමය..

ඔය මක්කා මතක නැති උනත් අද දවසේ ඉන්නා උන්නතරේ, සුදු වෑන් කියන්නේ මක්කාද, ප්‍රගීත් එක්නැළිගොඩ කියන්නේ කව්ද, ලසන්ත වික්‍රමතුංග කියන්නේ කව්ද කියා නොදන්නා එකෙක් ඉන්නට බැරිය. ලසන්ත වික්‍රමතුංගටත් වඩා, ප්‍රගීත් ගැන කතාකරන්නේ, ප්‍රගීත්ගේ හාමිනා නිසාය.

ඒකි යකඩ ගෑණියක්ය. ඒකි, මහසෝනා, රීරීයකා තියා, ඝෝඨාටවත්, මහින්දටවත් බය උනේ නැතිය. අදටත් ඉන්නේ ගේමේය. ඒ නිසා යහපාලන කාළකන්නින්ටද ගලේ පැහැරූ බළලුන් මෙන්, කිච වෙන්නට සිඳු වෙලාය. ඇත්තටම ප්‍රගීත් කියන්නේ, මාද්දියවේදියෙක් කියා, සාමාන්නිය ජනයා දැන ගන්නේ ප්‍රගීත් ඝාතනය කිරීමෙන් පසුය. පොරක් නොවන එකා පොරක් කලේ, මහින්දගේ ගොන් ආන්ඩුවටය. ප්‍රගීත් මරපු උන් අල්ලනවාට වඩා වටින්නේ, ප්‍රගීත් වැනිෂ් කරන්න ඕන වෙලා තිබුනේ කාටදැයි කියනා එක හොයන එකය.

සම හරක් විට, අම්මගේ රෙද්දේ යහපාලනය තුල, එහෙම එකෙක් හොයා ගන්නට බැරි වෙන්න බොහෝ ඉඩ තියෙනවාය. ප්‍රදීප් මරා අවසානය. එහෙත් දැන් උන් මරන්නේ සන්ධ්‍යා එක්නැළිගොඩ නම් අභීත කාන්තාවය.

එක වරක් අගවිනිසොරා ජිනීවා ගොස් කීවේ, ප්‍රගීත් යහතින් ඉන්නා බවය. තව වරක් අමු ගොබ්බ පුත්තලම් බූරුවෙක් කිව්වේ, ඌ ප්‍රංශ රටේ පැරිස් නුවරදී, එක්නැළිගොඩ දැක්ක බවය. මහින්දගේ කක්කා කන්න උනත් ලෑස්ති වී උන් මේ පඩත්තලයින්, ප්‍රගීත් එක්නැළිගොඩ කියා වෙන එකෙක් පෙන්නුවේ නැති එක විතරක් නම් පුදුම සහගතය. ඕන නම් උන්ට ඒකත් කොරන්නට තිබුනේය.

අංගවිකල යහපාලනය යටතේ, නැවත් වරක් ප්‍රගීත් මෙන්ම සන්ධ්‍යාද, අහිංසක දරු දෙදෙනාද ඝාතනය කරමින් සිටි. ඔක්කෝම රහස් එලියට දමා වමාරණ, බුද්ධි අංශ, මොන මළහත්තිල්ලව්ව කීවද. ඒවා නැවත වැමැරිය යුත්තේ ජනමාද්දිය වේදීන්ය. ප්‍රගීත් කොටියෙක් කියා ලියනා කියනා එකෙක් වේද ඌ මාද්දියවේදියෙක් නොව අම්මෙක් අප්පෙක් නැති පජාතම ජඩ මාද්දිය වේදියෙක්මය. එක්කෝ ඌ ගැන මක්කත් නොලියා ඉන්නා එක එයිට වඩා වටිනවාය.

ප්‍රගීත් වැනිෂ් කළ උන් මාට්ටුවී අවසානය. දැන් ඇත්තේ ඕඩර් එක දීපු එකා අල්ලන එකය. බුද්ධි අංශවලට ප්‍රගීත් කොටියෙක් වෙලා තියෙන්නේ දැන්ය. බස්නායක නම් කාළකන්නි ලේඛම්වරයා බේරා ගන්න තැත් කරන්නේ මොකාද කියා, වෙනම ඉන්වැස්ටිගේසොන් එකක් තියනා එක බොහෝම හොඳය.

මෙතුවක් කල් කොටි එක්ක නැටුවේ ගොබ්බවංශයා හා මහින්ද ප්‍රමුඛ ගොන් බයියෝය. යහපාලන කාළකන්නීන් මෙන්ම, මුදලට ඕන එකක් ලියනා පඩත්තල ජඩමාද්දියවේදින්ටද, දැන් කොටි පුල්ලි මතුවීමේ රෝගයක වැළඳි ඇත. බුද්ධි අංශ තුල වෙනම කොටි සංවිධානයක් කියන එක, බුද්ධි අංශ උන්ට රහසක් උනාට, ළෝකයට නම් රහසක් නෙමේය. 88-89 කාළය තුල , ජෙප්පන් සුනු විසුනු කලේද එසේමය. කරුමය කියන්නේ, මහින්දගේ කාළයේ කොටියකු නොවුන ප්‍රගීත්, මෛත්‍රී පාලනයක් යටතේ කොටියකු වීමය.

යහපාලනය තුලද ප්‍රගීත්ට යුක්තිය ඉටුවීමට බොහෝ දුරට ඉඩ නැත්තේය. සිඳු වෙමින් පවතින සිද්දි දාමයන් තුල ඒ බව බොහෝ පැහැදිලිය. ගෝඨාගේ පාස්පොට් එක නැවත් ලැබෙන්නේ ඒ අනුවය. ඒ අනුව එතුමා පූස් පාට් එකේ, කොහේ හෝ පැනගෙන, යහපාලන ටොයියන්ය පුක පෙන්නුවොත් පුදුම වෙන්නට දෙයක් නැතිය. යහපාලනයේ මාරපනයාට මෙන්ම රාජපක්ෂයාටද ඇවන් ගාඩ්ලාගෙන් ජරාව ගත්තා කියා චෝදනා එල්ල උනේය. මේවායින් පෙනෙන්නේ ඒ කතාවල ඇත්තක් නැත්තේම නෑ කියාය.

දැන් දෙපැත්තේ තියෙන නඩු එක එකා ඉල්ලා අස් කොර ගන්නවාය. ඇෆ් සී අයි ඩී යද (FCID) හෙට අනිද්දා වසා දමා, ඒ තුල මෙගා පොලිස් එකක් හෝ සපත්තු පොලිෂ් ඔපීස් එකක් දැම්මත් කවුරුවත් කළබල වෙන්න ඕනා නැතිය. අපට ආන්ඩුවට කියන්න තියෙන්නේ අඩුම තරමේ ඝාතනය කොට නිදා ගත්ත උන්ට නිවී සැනසිල්ලේ නිදා ගන්නට දීපල්ලා කියලාය. එහෙම නැතිව උන්ව නැවත නැවත ඝාතනය නොකරනා ලෙසය. අඩුම තරමේ උන්ගේ පාඩුවේ උන්ට දෙනවා මෙන්ම. රෙද්දේ යහපාලනය තුල තව ජෝර්නලිස්ට්ලා සෙට් එකක් අතුරුදහන් කොට, ඊළඟට එන උන්ට ටොපික්ස් දෙන්නේ නැත්නම්, ප්‍රගීත් මරපු උන් සොයා නොගත්තත් අවුලක් නැතිය.

sandya_2

එක්නැළිගොඩ
වරෙන් ගොඩ
එල්ලා දැමුමට
පාලකයින් ජඩ
-x-

http://maathalan.blogspot.com/2015/08/dont-kill-prageeth-twice.html

Related Posts

1 Comment

  1. Upasena Hewage August 31, 2015 at 1:19 pm - 

    This is true. All these are deals and tele dramas. We just watching.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල