සාහිත්‍ය කළා විචාර

අපායේ ඉන්ටර්වල් එක සහ තවත් කතා

Off

ඊයේ නුගේගොඩ පැවති මහින්ද රාජපක්‍ෂවාදීන් ගේ රැස්වීමේ දී කතා කළ විමල් වීරවංශ අද ලංකාවේ තත්වය සමාන කළේ අපායේ ඉන්ටවල් එකකට ය.

ඔහු එයින් අදහස් කළේ කුමක් වුනත් එයින් ගම්‍ය වුණේ, මේ පවතින සාපේක්‍ෂව හොඳ වාතාවරණය තාවකාලික එකක් බවත්, ලඟඳීම පැන්ෂොන් ගිය යමරජු ප්‍රමුඛ අනෙකුත් යමපල්ලන් පිරිස නැවත කැඳවා පෙර තිබූ පරිදි අපායේ වැඩ කටයුතු අරඹන බවයි!

මේ කතාව ඇසූ මට අපාය හා සම්බන්ධ පරණ විහිළු කතාවක් සිහිවිය.

අපායට ගිය දේශපාළුවා

ලංකාවේ විසූ එක් දේශපාළුවෙක් මරණින් පසු පරලොව ගියේ ය. සාමාන්‍යයෙන් පැවසෙන්නේ පරලොවට ඇතුළත් වෙන තැන තුන්මන් හන්දියේ මහා පින්-පව් පොතක් තබා ඇති බවත්, හැම පුද්ගලයෙකුට ම එහි පිටුවක් ඇති බවත්, ඒ පිටුවේ සඳහන් වී ඇති පින්-පව්වල ආනුභාවයෙන් මිය ගිය ඇත්තා එක්කෝ අපායට හෝ නැතිනම් තෝරා යැවෙන බවත් ය.

මෙදින එහි ගිය දේශපාළුවාට අසන්නට ලැබුණේ තරමක වෙනස් කතාවකි.

“කාලෙකට පස්සෙයි ලංකාවේ උඹ තරම් ලොක්කෙක් මෙහේ ආවේ, ඒ නිසා අපි උඹට පොඩි චාන්ස් එකක් දෙනවා, අපායේයි, දිව්‍යලෝකෙයි තත්වය මුලින් ටෙස්ට් කරලා දෙකෙන් කැමති එකක් තෝරාගන්න!” ගේට්ටුවේ ලොක්කා පැවසීය.

අපේ දේශපාළුවාට ඒ යෝජනාවට එක පයින් එකඟ විය.

මුලින්ම අපායට රැගෙන යනු ලැබූ ඔහුට අපායේ මංමාවත් වර්ණවක් කොඩිවලින් සරසා තිබෙනු දක්නට ලැබුණි. තැන තැන ජනයා කමින් බොමින් ගී ගයමින් ප්‍රීතියෙන් සිටියහ. කොටින්ම අපාය කියා හඳුන්වා දුන්නාට දේශපාළුවාට එය දැනුණේ සුරලොවක් ලෙසිනි. ඔහුද පිරිස හා එක්වී සතුටෙන් දවසක් එහි ගත කළේ ය.

පසු දින අපේ දේශපාළුවාව රැගෙන යනු ලැබුවේ දිව්‍යලෝකයටයි. එහිදී ඔහු දුටුවේ සුදුවන් සිල් ඇඳුමෙන් සැරසී බණ භාවනාවෙහි යෙදෙන දෙවි දේවතාවුන් පමණි. තමාට සුපුරුදු සියළු දුසිරිතෙන් මිදී, ඒ පැය විසි හතරක කාලය දේශපාළුවා එහි ගත කළේ මහා කම්මැලිකමකින් බව අමුතුවෙන් කිව යුතු නැත.

අවසානයේ ඔහු යාමට කැමති දෙව්ලොවට ද, අපායට ද යනුවෙන් විමසනු ලදුව අපේ දේශපාළුවා අපාය තෝරා ගත්තේය.

එහෙනෙහිම ඔහුව අපායේ දොර හැර එහි ඇතුලත තල්ලු කර දැමුණි.

ඔහුට දක්නට ලැබුණේ දින දෙකකට පෙර දුටු සුරපුරක් බඳු වූ අපාය නොව ඇත්තටම අපායකි. මිනිසුන් දුක් විඳින කටු ඉඹුල, ලෝදිය හැලිය යනාදී සියළු දේ ක්‍රියාත්මක වෙමින් තිබුණි.

දේශපාළුවා වහාම යම පල්ලෙකුට පැමිණිලි කළේය. “මං දවස් දෙකකට කලින් මෙහේ පැය විසි හතරක ටුවර් එකක් දැම්මා. එතකොට තිබුණු අපාය නොවෙයි නේ මේ තියෙන්නේ! ඇයි මොකද වුණේ?”

“මොකුත් වුණේ නෑ, එදා උඹ මෙහේ ඇවිත් තියෙන්නේ අපේ ඉලෙක්ෂන් කැම්පේන් එක කාලෙයි. ඊයේ තමයි ඡන්දේ තිබුණේ. උඹ අපායට ඡන්දේ දුන්නු හින්දා තමයි මෙහෙට එවලා තියෙන්නේ. වෙල්කම් ටු ද හෙල්!” කියු යමපල්ලා අපේ දේශපාලකයාව ලෝදිය හැලියට තල්ලු කර දැම්මේ ය.

-රසිකොලොජිස්ට්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල