සාහිත්‍ය කළා විචාර

යහපාලනේ නම් නුගේගොඩ මහා රැලියක් තිබිය හැකිද?

Off

පාරේ යන මනුස්සයෝ ගැන කිසිදු තැකීමක් නැතුව සාමාන්‍ය මහජනයාට හිරිහැර ඇතිවන ආකාරයට මැතිවරණ රැස්වීම් පැවැත්වීම ලංකාවේ අතිශය සාමාන්‍ය දෙයකි. පාරේදි උස් මහල්වලද සිටි මිනිස් ඔලුගෙඩි ගාන ගනන් කිරීම මුහුනුපොතේ සරු ව්‍යාපාරයක්ව තිබුනි. ඒ රැස්වීමට විමල් වීරවංශ කියන පරිදි ලක්ෂ 5ක් සහභාගි වී ඇත. ෆේස්බුක් හි ගණිත මිණිත දක්ෂයින් කියන පරිදි සියලු සෙනග පනස්දාහක් මිස වැඩිවිය නොහැක.
සත්‍ය වශයෙන්ම පලාත් පාලන ආයතනයක් මෙවැනි රැස්වීමකට අවසර ලබා දෙන්නේ නගරයේ මැද ඉතාම පටු භූමි භාගයක් නම් එය ගැටළු සහගත තත්වයකි. නගර පාලනය කරන ඇත්තෝ නගරය හරහා යන ජනතාව ගැනද සිතිය යුතුය. එවැනි ඉල්ලීමක් ඇත්නම් එය පොලීසිය නගර සභිකයින් සහ වෙනත් නගර බලධාරින් එක්ව සාකච්චා කොට වෙනත් ස්ථානයක් ලබා දීම කාගේ හෝ වගකීමකි.
රනිල් වික්‍රමසිංහ උන්නැහේ සිය පක්ෂයේ සියලුම සාමාජිකයින් රැස්කර කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ මහ දවල් කාර්යාල දිනක රැස්වීමක් පැවැත්වීමට අදහස් කලා යැයි සිතමු. නියම යහපාලනයක් තිබේ නම් එතැන හුන්ඩුවක් වැනි තැනකට ලක්ෂයක දෙකක පිරිසක් පිටින් ගෙනත් දැමුවහොත් ඇතිවිය හැකි අනර්ථකාරී තදබදය සලකා බලා අවසර නොදිය යුත්තේය. අනවසරයෙන් පවත්වන්නට රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නෙ ්නම් එය හමුදාව හෝ කැරලි මර්ධන ඒකක දමා මර්ධනය කල යුතුය.

කොළඹ හෝ නගරාශ්‍රිතව වැඩිපුරම ජනතාව ගැවසෙන ස්ථානවල කවර ආකාරයේ හෝ මහජනයා ගැවසෙන පැමිණෙන රැස්වීම් රැලි පැවැත්වීමට අවකාශ දීම ප්‍රොජාතන්ත්‍රවාදය යැයි ඇතැමෙක් සලකති. සැබැවින්ම මහජනයාට සිය විරෝධතාවයන් පෙන්වීමේ අවකාශයක් තිබිය යුතුය. නමුත් එය අනෙක් විශාල ජනතාවකට මහත් වූ හිරිහැරයක් වන්නේ නම් එය වරදකි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු පැරණි ග්‍රීසියේ මෙන් සියලු දෙනා රැස්ව තීරණ ගන්නා තැනක් නොවේ. ගැටලු තිබේ නම් රැස්ව ඒවා නියෝජිතයින්ට දැනුම් දිය යුතුය. ඉන් පසු ඒ ගැන කිසිදු තැකිමක් නැතිනම් මාද්‍ය හරහා සිය ගැටළු ඉදිරිපත් කල යුතුය. එයින්ද කිසිදු ප්‍රථිපලයක් නැතිනම් අදාල සියලුම බළධාරින් දැනුවත් කල යුතුය. අවසානයේ ගැටළුව බලපවත්නා පිරිස ඒකරාශී වී එය විසදාගන්නට වීදි සටන් යොදාගත යුතුය.
පක්ෂයක අගමැති අපේක්ෂකයෙක් තේරීම වැනි පක්ෂයක අභ්‍යන්තර ගැටළුවක් වෙනුවෙන් දහස් ගනන් මිනිස්සුන්ගේ දෛනික ජීවිතය අවහිර වන පරිදි රැස්වීම් තබන්නට ඉඩ හසර ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඔවුන්ට එවැනි රැස්වීමක් කොළඹ පවත්වන්නට අවශ්‍යම නම් ඒ සදහ ාවිශාල ක්‍රීඩාංගනයක් ලබා දෙන්නට තිබුනි.
හෙට දවසේ ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් දේශපාලනික සංවිධානයක් මෙසේ මග අවහිර කර ජවුසන් නටන්නේ නම් එය අනුමත කල නොහැකි දෙයකි.
සියල්ලෝ රටට ආදරේය, සියල්ලෝ සාධාරනයට යුක්තියට කැමැතිය. එසේනම් ඒ ආදරය යුක්තියට ඇති කැමැත්ත ආදිය අනුන්ට බාදා නොවන පරිදි පවත්වා ගන්නට පිරිස උත්සාහ ගත යුත්තේය.
කොළඹ මධ්‍ය ස්ථානය සැබැවින්ම නුගේගොඩ බස් නැවතුම්පොල නොවේ. පාර්ලිමේන්තුව අසල පාර්ලිමෙන්තු ක්‍රීඩාංගනය, නිදහස් චතුරෂ්‍රය අසල පිට්ටනිය, ගාලු මුවදොර පිටිය වැනි විශාල සහ කේන්ද්‍රිය වටිනාකමක් ඇති ස්ථානයක් මෙවැනි මහා දේශපාලන බයිලා වෙනුවෙන් භාවිත කරන්නට ලබා දෙන්නේ නම් එය මනාය. මෙවැනි මහා බයිලා ලෑස්ති කරන අයද සැබැවින්ම කතා කරන්නේ මහජනයා හෝ රට ගැනනම් රටේ මිනිසුන්ගේ සාමාන්‍ය ජිවිතය විරුද්ධමත දරන්නන්ගේ නිදහස ආදිය ගැන තැකිය යුත්තේය.
කලකට පෙර රටේ සෑම දේශපාලන ගැටළුවකදීම ඒ වෙනුවෙන් හඩනගන්නට ගාළු මුවදොර පිටිය වැදගත් ස්ථානයක් ලෙස ක්‍රියා කලේ යැයි පොත්වල පත්තර වල සදහන් වෙයි. පොඩි පහේ අවස්ථාවක් නම් කොටුව දුම්රිය ස්ථානය වැනි ස්ථානයක්ද, කියන පරිදි ලක්ෂ ගනන් සෙනග පැමිනෙන ස්ථානයක් නම් ඒ සෙනගට අඩුතරමේ හුලන් ඩිංගක් වදින්නට වත් විශාල ක්‍රිඩාංගනයක් වත් ලබාදීම බලධාරින්ගේ යුතුකමකි.
පැමිනෙනවා යැයි කියන මහා ජනතාව කුමක් හෝ හේතුවක් නිසා සත්‍ය වශයෙන්ම පාරට ආපු දවසක තෙරපීම් හේතුවෙන් කිහිප දෙනෙකු මිය පරලොව ගොස් සැලකිය යුතු පිරිසක් තුවාල ලබනු ඇත. ආන්න එදාට කස්ටියට ප්‍රොජාතන්ත්‍රවාදයට ඉඩදීමට වඩා මනුස්ස ජීවිත වල වටිනකම සුට්ටක් වැඩියෙන් වටින බවට තේරුම් යනු ඇත.

-අමිල චතුරංග

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල