සඳැස් / නිසඳැස්

තාත්ත යන මිහිරි වදන

Off

තාත්ත යන මිහිරි වදන
චීනයෙ මහ පවුර වැනි ය
ලොවේ කොතැන මා සිටිය ද
එය හිත වටකර නැගේ ය
තාත්ත යන මිහිරි වදන
සීගිරි ගල මෙන් නැගේ ය
මා පසු පස නිබද සරණ
සෙවනැල්ලක් මෙන් හැගේ ය
තාත්ත යන මිහිරි වදන
හැඩ රුවකට අසු නොවේ ය
මහ මෙර වැනි නිහඩ පෙමක්
ඒ තුළ ගැබ් වී තිබේ ය
තාත්ත යන මිහිරි වදන
මහා ග්‍රන්ථයක් වගේ ය
එය තේරුම් ගන්නට මට
කල්ප කාලයක් ගෙවේ ය
තාත්ත යන මිහිරි වදන
ඔහු නමට ම උරුම වේ ය
එබදු තවත් කෙනෙකු මෙලොව
කිසි තැනතදි හමු නොවී ය
පාලිත සේනාරත්න ගේ
‘ තනි මම ගැහැනිය’ කාව්‍ය සංග්‍රහයේ
එන කවි සියයෙන් එකකි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල