කාලීන සංවාද

කාලගුණයාගේ කැරැට්ටුව

Off

කාලගුණයා හා දේශගුණයා යනුවෙන් පොරවල් දෙකකි.මං සූට්ටං කාලේ නං හිතුවේ උන් දෙන්නා නිවුන්නු කියාලාය.පස්සෙන් පහු එකම පියාට දාව ඉපදුනාට මුන් දෙන්නාගේ කිසිම ඇයි හොදයියක් එතරම් නැතිබැව් වැටහුනාය.දේසගුණයා යනු පලාතෙන් පලාතට වෙනස් ගුණ දරන පොරකි.ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම “අංගපුලාවකට නැති” එකෙකි.මේ හදිසියේ මට ඕකාව මතක් උනේ මේකය.මේ දවස්වල පාරට බැස්සොත් ජහමනයා කතා කොරන්නේ ඕකා ගැනය.කතාවට කියන්නේ අම්මාට පසු මේ ලෝකේ වැඩියෙන්ම බැනුම් අහන්නේ “අහස” කියාය.ඔය වටෙන් ගොඩෙන් කිව්වාට ඇත්තටම ඔය චෝදනාව එල්ලවන්නේ කාලගුණයාටය.මංතුමා මේ තකහනියක් කියන්ට යන්නේ ඕකා ගැන නොවේය.කාලගුණයාගේ කැරැට්ටුව හෙවත් “කාලගුණ වාර්තාව” ගැනය.

සීනිබෝල වැඩවලට සීනි අමාත්‍යාංශේ තිබුනා වගේ කාලගුණයා ගැන හොයන්න කාලගුණ අමාත්‍යංශේ..නෑ නෑ දෙපාර්තුමේංතුවා සිටිනවාය.මං දන්නා හැටියට ඕකේ ඔලු ක්වාටස් එක තියෙන්නේ බුඩිස්ට් ලයිට් පාරේය.මංතුමා ඒක දන්නේ අහවල් දෙයක් හින්දා නොව එක එක සංමංත්‍රොන වලට බීඇමයිසීඇච් එකට යද්දී ඕඅක පේන හිංදාය.ඔය දෙපාර්තුමේන්තුවෙන් වෙන්නේ මෙහෙම දෙයක්ය.ඔය කාලගුණයා කාලෙන් කාලෙට කොටු පනින රටාව අදුනාගෙන ඒවා පරීස්සන කොරලා නිරීස්සන කොරලා නිගොමනය කොරලා මද්දිය වලට කියනා එකය.එතකොට රටේ ජහමනයාට තමන්ගේ වැඩ ටික ලස්සනට කොරගත හැක.ඉතිං ඒක රටේ ජහමනයාට පට්ට වැදගත් දෙයක් නිසා රටේ හැම මාද්දියක්ම පාහේ නිව්ස්වල අන්තිම ජුන්ඩට ඕකාගේ කැරැට්ටුව හෙලිකොරනවාය. කාලයක් තිස්සේ ඔය වැඩේ ලස්සනට කෙරීගෙන ගියාය.බට් අන්ෆොර්චුනෙට්ලි…., දෙපාට්ටුමෙට්ටුවට අපල කාලයක් උදාවිය.

එය කෙසේදයත්,කියන කියන මගුල කනපිට ගැසීමය.වහිනවා කිව්වොත් වහින්නේ නැතිවාය.හොදට පායනවා කියන දවසට හෙන ගගහා වහිනවාය.ඒ කියන්නේ අනාවැකි සත්තිය වීමේ ප්‍රතිශතය 100% විය.නමුත් ඒ අනිත් පැත්තටය.ඒ කියන්නේ -100% ය.අන්තිමේ දෙපාර්තුමේන්තුව කුට්ටමේ ජෝකර්ටත් අන්ත පහලට වැටුනාය.වහිනවා යැයි කියන දවසට මිනිස්සු ආතල් එකේ ඇබරැල්ලාවක්වත් නැතිව ගමන් කොරති,ගොයම් කපන්නට යති..මන්ද එදාට ලොවෙත් වහින්නේ නැතිබව දන්නා නිසාය.අන්තිමේදී මේ නවනිග්ගරහයෙන් ගැලවෙන්නට දෙපාර්තුමේංතුවේ උන්ට ගණදෙවි නුවණක් පහල උනාය.එදායින් පසු රිපෝට් එක දුන්නේ මෙසේය.

“හෙට දින දිවයිනේ තැනින් තැනට,උදෑසන හෝ සන්ධ්‍යා කාලයේ,ගිගුරුම් සහිත හෝ රහිත,වැසි ඇදහැලීමට “ඉඩ ඇත”.”

මේක දැක්කවිට රටේ ජහමනයාට ඌරු ජුවල් නැග්ගාය.යකෝ මෙහෙම රෙපෝට් දෙන්න නම් දෙපාර්තුමේන්තුවක් අහවල් රෙද්දකටදැයි මගතොට කතාවන්නට විය.ඉස්සර කාලේ වගේ අහසේ වැහිලිහිණියන් දිහා බැලීමට හා කූඹි දිහා බලං හිටින්ට නිලදාරීං දෙන්නෙක් දැම්මනං සෑහෙන්න නිවැරදි අනාවැකියක් කියන්ට හැකියාව තිබ්බාය.අන්තිමේදී වෙදර් රෙපෝට් එක නිව්ස්වලින් ඉවත්වී ගිය අතර ඒ කාලයේ සුජීගේ සීන් එක එලියට ආවානම් ඌත් “ඔය දෙපාර්තුමේංතුව දීපන් ලමේකුට” කියා කියන්නට ඉඩ තිබුනාය.

නමුත් පසුකාලීනව නැවත ඔය කාලගුණයාගේ කැරැට්ටුව නිව්ස්වල ඉදිරිපත් කරනවා මංතුමා දැක්කේ හිරු ටීවී එකේය.ඒත් එහිදී ඒ සදහා යොදාගත් මූලාශ්‍රය උනේ The weather channel නැමැති වෙබ් අඩවියයි.එහිදී ඉතාමත් නිරවද්‍ය වූ අනාවැකි කීමට ඔවුන්ට හැකිවූ අතර එමගින් කාලගුණයාගෙ කැරැට්ටුව කෙරෙහි නැවතත් අවධානය යොමුවිය.එමෙන්ම ගතවූ වසර කීපය තුලදී කාලගුණ දෙපාර්තුමේන්තුවද “අලු ගසා දමා” නැගිටින සෙයියාවක් පෙන්නුම්කරන අතර මේ දිනවල නැවත නිවැරදි වාර්තා ලබාදී ජහමනයා අතර “විශ්වාසය” දිනාගැනීමේ පිලිවෙතකට අවතීර්ණ වී ඇතිවාය.ඉදින්…මේ දවස්වල විශේෂයෙන් බස්නාහිර පලාතට බලපා ඇති කාලගුණ විපර්යාස ගැන සත්‍ය තොරතුරු ලබාදී නැවතත් මිනිසුන් ආදරය කරන් ආයතනයක් බවට පත්වීමට ලැබේවායි, ෆීනික්ස් කුරුල්ලාට සුබ පතන්නෙමු!

**~නිහතමානී සතුටක් සමග 50වැනි පෝස්ටුව මෙසේ පබ්ලිශ් කල වගයි!~**

http://maliyagesatahana.blogspot.com/2015/10/blog-post.html?m=1

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල