අතීතකාමය

අපි නොදන්න රග්බි… Cant we do better in Rugby..?

Off

මේ ගතවෙන්නෙ ලෝක රග්බි වසන්තය. රග්බි, එහෙම නැත්තන් පුරුදු විදිහට කිව්වොත් රගර් ලෝක කුසලානය ගැන සහ රගර් සම්භන්ද මතක ගැන රාගල් මවි සහ රවුර්ය මාජ් දෙන්නම ලියල තීනවනෙ.

මේ කියන්නෙ ඒ වගේ ලෝක කුසලානය ගැන විශේෂඥ විස්තර විචාරයක් නෙමෙයි, වෙනස් කතාවක්.

මට සාපෙළ පන්තියෙ හොඳට හිටියට සලකල ගෙවල් කිට්ටුව ඉස්කෝලෙට උසස් පෙලට එන්න ලැබුනනෙ. ඉතින් එහෙම අලුත් ඉස්කෝලෙට අව පිනෙන් මමටත් උසස්පෙල විභාගෙටත් කලිම්ම සයින්ටිස්ට් කෙනෙක් වෙන්න ලැබුන.

ඒ කොහොමද කියනවනම්, රෝයල් එකට යන එකා රෝයලිස්ට් වෙනව වගේ සයන්ස් කොලේජ් එකට එන එකා සයන්ටිස්ට් වෙන හින්ද.

මේ සයන්ටිස්ට්ල ලංකාවෙ පාසැල් අතරෙ ජනප්‍රිය වෙලා හිටියෙ එකම එක දේකට, ඒ තමයි රගර් ක්‍රීඩාව.

විද්‍යා විද්‍යාලයෙ, එහෙම නැත්තන් පෙර තිබ්බ සත්ථිස්සර විද්‍යාලයෙ රගර් කණ්ඩායම තමා ලංකාවෙ එකම ජනප්‍රිය නොවන පාසැල, පළමුපෙල රගර් ක්‍රීඩා කරපු.

මේ අයගෙ රගර් දක්ෂතාව ලංකාවෙ අනික් සියලු පාසල් එක්ක කරට කර තිබ්බ. කොටින්ම පහුගිය මයිලෝ පාසල් පළමුපෙල රගර් ශූරතාවය ඉසිපතනෙ පරද්දල දිනා ගත්තෙත් විද්‍යා විද්‍යාලයෙ සයන්ටිස්ට්ල.

ඊට පෙරත් සයන්ටිස්ට්ල රගර් තරඟාවලි ගණනාවක විශිෂ්ඨ ජයග්‍රහණ අත්කරගෙන තියෙනව වගේම, අති දක්ෂ රගර් ක්‍රීඩකයො මහ ගොඩක් ලංකාවෙ රගර් වලට දායාද කරල තියෙනව. කොටිම්ම කැන්ඩි ක්ලබ් එකට අවුරුදු 6ක් තිස්සෙ විශිෂ්ඨම නායකයෙක් වෙච්චි සහ ඉතිහාසෙ එදා මෙදා තුර නවසීලන්ත “ඕල් බැල්ක්ස්” කණ්ඩායමට එරෙහිව ට්‍රයි දිණුමක් වාර්ථා කරපු එකම ශ්‍රීලාංකික ක්‍රීඩය වෙච්චි සංජීව ජයසිංහ බිහි වෙන්නෙත් මේ විද්‍යා විද්‍යාලයෙන්.

මේකෙ උපත ,එහෙම නැතැන්ම සයන්ටිස්ට්ල රගරයිඩ්ල වෙන්න මුල මම දන්නෙ නෑ, ඒත් ඒ අයගෙ හැකියාවෙ මුල රගර් වගේම ගමේ සෙල්ලමක්.

විද්‍යා විද්‍යාලය කියන්නෙ අනූව අග වෙනකල්ම ද්වීතීය විද්‍යාලයක්, ඒකේ ප්‍රාථමිකයක් තිබ්බෙ නෑ.

මේකට වැඩිපුරම ළමයි ආවෙ හේන පාර කණිෂ්ඨ විද්‍යාලය, එහෙම නැත්තන් අද ලළිත් ඇතුළත්මුදලි විද්‍යාලය කියන එකෙන්. මමත් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ ඒකෙන්ම තමා. මේ හේන විද්‍යාල ළමුන්ගෙ ප්‍රධානම සෙල්ලම උනේ කෝටු පාස්.

කෝටු පාස් කියන්නෙ කුරුම්බැට්ටියක් හරි ලෙලි ගහපු පුවක් ගෙඩියක් හරි නැත්තන් පොඩි අඹ ගැටයක් හරි වගේ දෙයක් අතින් අතට පාස් කරන සෙල්ලමක්. මේකෙදි ඒ පාස් කරන ගෙඩියට දෙන නම තමයි “කෝට්ට”.

සෙල්ලම පටන් ගත්ත්දි කෝට්ට උඩ ගහනව. ඉන් පස්සෙ උඩ පැනල, පෙරලල කවුරු හරි එකෙක් මේක ගත්තම මිනිහ දුවනව. විරුද්ධ පිලේ එකෙක් පස්සෙන් ඇවිත් අර කෙඔට්ට හිමි එකාට තට්ටුවක් දාන තුරු ඌට දුවන්න පුලුවන්. තට්ටුවක් දැම්මට පස්සෙ නැවතිල කෝට්ට වෙන කාට හරි දාන්න ඕන.

මේ සෙල්ලම අපි ටැප් රගර් කියල කියන, රගර් ක්‍රීඩාවෙ ළාමක වර්ෂන් එකට හුඟක්ම සමානයි. එකම වෙනස ටැප් රගර් වල වගේ ට්‍රයි තියනව වෙනුවට මේ කෝට්ට පාස් කර කර ඉඳල අන්තිමට විවේක කාලෙ බෙල් එක ගැහුව, කෝටු ගහ නමින් හඳුන්වන තැනට ගිහිල්ල කෝට්ටෙන් තට්ටු කරන ( මේකට කිව්වෙ පුච්චනව ) කණ්ඩායම තමා දිනන්නෙ.

නමුත් තරඟෙ තීන අසීරුකම නිසා එහෙම ලේසියෙන් කෝට්ට පුච්චන්න බෑ. ඒකට ඉතාම හොඳින් ද්වීමේ වගේම වංගු ගහල විරුද්ධ පිලේ උන් ම්ඟ හැර යාමේ හැකියාවත් තීන්න ඕන.

අපි පොඩි කාලෙ අපේ පන්තිවල හිටපු ඉඳුලාල්, සමන්ත වගේ දක්ෂ කෝටු පාස් කාරයො පස්සෙ විද්‍යා විද්‍යාලෙ රගර් කණ්ඩායමේ කැපී පෙනන වින්ත්‍රික්වාටර් ක්‍රීඩකයො උනා.

කොටිම්ම මෙන්න මේ කෝටු පාස් ක්‍රීඩාව විද්‍යා විද්‍යාලයෙන් අති දක්ෂ ලයින් ප්ලේයර්ස්ල ලන්කවෙ රගර් පිලට දායාද කරා.

නසීම් සහ හිෂාම් සහෝදරයො, කෝලිත, සමන්ත, සංජීව ඒ වගේ කෝටුපාස් වලින් බිහිවෙච්චි ජාතික මට්ටමේ ලයින් ප්ලේයර්ස්ල.

මේ අය කවුරුත් විශාල ශරීර ඇත්තො නෙමෙයි. මම කලින් කිව සංජීව උනත් ඉතාම සාමාන්‍ය සිරුරක් හිමි කෙනෙක්. නමුත් උන්ව නවත්තන්න ලේසි පුතෙකුට බෑ.

මම මේ විස්තරය කිව්වෙ, රාජ් සහ රවි දෙන්නම කියල තිබ්බ ලංකාවට රගර් වලින් යන්න පුලුවන් ඉහලම තැන ආසියාවෙ දෙක විතර, හේතුව ඇඟ කියල.

ලංකාවෙ හැටියට සද්ධන්ත ශරීර වලින් පිරිච්චි, අලි පත රාජකීය, ඉසිපතන වගේ මුල්පෙලේ රගර් කණ්ඩයම් වලට කරට කර තරඟ කරන විද්‍යා විද්යාලෙ කොල්ලො ඉතිහාසෙ ඉඳන්න්ම ශරීරෙන් කුඩයි. නමුත් ඒක ඒ අයගෙ ජයග්‍රහණ වලට බලපෑවෙ නෑ.

රගර් වලදි පැක් එකේ බර විතරක් නෙමේ, ලයින් එකේ හැකියාවෙනුත් දිනන්න පුලුවන් කියන එක ඒ අය ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්නල තීයෙනව.

අනික් පැත්තෙන් ලංකාවෙ පළමු පෙළ සෙල්ලං කරන පැක් එකේ ඉන්න ක්‍රීඩකයො පොඩිම නැහැ. ඉතින් ඒ නිසා නිසි තාක්ෂ්නය එක්ක හරි ක්‍රීඩකයොන්ට අවස්ථාවක් දුන්නොත් හොඳ ලයින් එකක් එක්ක අපිට රග්බිවල මීට වඩා තැනකට එන්න පුලුවන් බව, ලංකාවෙ රගර් වලට ජනප්‍රිය පාසැලක දෙවන පෙළ කණ්ඩයමේ ෆුල්බැක් ප්ලේයර් කෙනෙක් වෙලා උන්නු මම බොහොම තදින් විශ්වාස කරනව.

ඒත් එකම අවුල, අපේ රටේ ඔහොම සුද්දුස්සට සුදුසු තැන සහ මඟ පෙන්වීම ලැබෙනවනම්, දිනන්න රගර් වලට වඩා තව කොච්චර දේවල් නැද්ද.

පාසැල් රගර් රසකතා ඊලඟ නිවාඩු දාට.

http://upashantha.blogspot.com/2015/10/cant-we-do-better-in-rugby.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල