කාලීන සංවාද, විශේෂ

ජිනීවා ඔක්කොම බොරු….

Off

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කළ යුතු බව කීවේ අන්තර්ජාතික ප්‍රජාව එසේ කළ යුතු බවට එල්ල කළ බලපෑමත් එක්ක.


විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාවිල්ආරු සිදුවීමෙන් පසුව වියරුවෙන් මෙන් උතුරේ කැලිකරුවන් මර්ධනය කිරීමේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සිද්ධ වෙලා තියෙන බවට පැහැදිළි සාක්ෂි තියෙන නිසා. යුද්ධයේදී මානව හිමිකම් කඩනොවුණු බවට කෙරෙන තර්ක හුදු විශ්වාසයන් පමණයි. මැදිහත්ව තර්ක කරන ඕනෑම කෙනෙක්ට පැහැදිළි කරගන්න පුළුවන් යුද්ධයේදී අපරාධ සිදුවී ඇති බව.

උතුරේ කැරලිකරුවන් අවි ආයුධ අතට ගත්තේ ඔවුන්ට තිබුණු මානසික් රෝගයක් සුවපත් කරගන්න නෙවෙයි. ඔවුන් වෙනම රටක් ඉල්ලුවේ නිකන් ඉන්න බැරි අමාරුවකට නෙවෙයි. සිංහල බහුතරය විසින් දෙමළ ජනතාව පාලනය කිරීම දරන්න බැරි සීමාවකට ආපු නිසා.

එ් කියන්නේ ලංකාව සිංහල සහ දෙමළ මිනිසුන් එකට ශ්‍රී ලාංකික ජාතියක් වදයට ජීවත් වෙන රටක් කියන අදහස වෙනුවට සිංහල ආණ්ඩුවක්, සිංහල ජාතියක් ඉන්න රටක දෙමළ මිනිසුන් කුලීකාරයන් විදියට ඉන්නවා කියන අදහස සීමාව ඉක්මවමින් මතුවුණ නිසා.


කවුද කැමති කුලීකාරයන් විදියට ජීවත්වෙන්න? ගුටිකන්න? දෙමළ වීම නිසා සමූලඝාතනයට ලක්වෙන්න? වැඩකාරයෝ වගේ, අඩුකුලේ වගේ ජීවත්වෙන්න?

ඒ නිසා ඇති වෙච්ච කැරැල්ලක් මේක, ඒ කැරැල්ල නිසා ඇතිවෙච්ච යුද්ධයක් ඒක. සාමාන්‍ය දෙමළ මිනිස්සු තොග ගණන් මරා දැමුණු බව පෙනෙන්න තියෙන්නේ ඒ යුද්ධයේදී, බිස්කට් එකක් අතේ තියන් හිටපු පුංචි ළමයා අතුරුදන්වෙන්නේ (මරා දැමෙන්නේ), සියුමැලි රූපවාහිනී නිවේදිකාව නිරුවත් කොට මරා දැමෙන්නේ ඒ යුද්ධයේදී.
දැන් පරීක්ෂණ කරන්න කියන්නේ ඒ යුද්ධය පිළිබඳව. යුද්ධයේදී අපරාධ කළායැයි පෙනෙන්නේ ආණ්ඩුව පැත්තෙන්. එහෙම නැත්නම් සිංහල බහුතරය පැත්තෙන්.

ඉතින් සිංහල බහුතරය නියෝජනය කරන ආණ්ඩුවක් ඇත්තටම සිදුවෙච්ච දේවල් ගැන මධ්‍යස්ථව සොයා බලාවිද? යුද්ධයේදී අපරාධ විශාල වශයෙන් කළායැයි කියැවෙන වාර්තාවක් ආවොත් සිංහල බහුතරය ආණ්ඩුවට මොනවා නොකරයිද? ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න සූදානම්ද? නැත්නම් එහෙම ප්‍රශ්ණයක් නොඑන තැනට පරීක්ෂණ වාර්තාවක් සැකසේවිද?


මට හිතෙන්න ඒකේ නිකන් මිනීමැරුමක ප්‍රධාන සැකකාරයාට මිනීමැරුම කළේ කවුද කියලා හොයලා වාර්තාවක් දෙන්න කියනවා වගේ. ආණ්ඩුවේ නියෝජිතයන් දෙන මාධ්‍ය සාකච්ඡා බලන්න. හමුදා සෙබළුන් තාමත් රණවිරුවන්. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කියන්නේත් සිංහල බහුතරයේ කතාව.
තත්වෙ එහෙමනම් ඇමරිකාව මොකද සද්දෙ නැත්තේ? බටහිර රටවල් මොකද සද්දෙ නැත්තේ? එයාලා ඇයි ලංකාවට එන්න කියන්නේ තමන්ගේ යෝජනාවට අනුග්‍රාහකයෙක් විදියට?

ඇත්තටම ලෝකයේ බලවත් රටවල් (ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව) තවත් පුංචි රටක ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්නේ ඒ රටේ මිනිස්සු වෙනුවෙන් පුදුමාකාර ආදරයක් එක්කද? ලංකාවට කෙළවන්න පැය විසිහතරෙම බලන් ඉන්න බටහිර රටවල් ගැන අමරසේකරගේ ඉඳන් කුමාරචාපා වෙනකන් සිංහල ජාතිවාදීන් ගේන කෙස් පැලෙන තර්ක ගැන නෙවෙයි මං කියන්නේ.

අනික ඒ වගේ ප්‍රශ්ණයක් නම් ඇයි දෙමළ ජාතික සන්ධානය සද්ද නැතිව ඉන්නේ? දෙමළ මිනිස්සු වෙනුවෙන් කතා නොකර?
දෙමළ ජාතික සන්ධානය උතුරේ ධීවරයන්ගේ ප්‍රශ්ණය ගැන කතා නොකර, අවතැන් කඳවුරු වල ඉන්න මිනිසුන්ගේ ජීවන තත්වය ගැන කතා නොකර, හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ ජීවන ප්‍රශ්ණය ගැන කතා නොකර, යාපනයේ වතුර ප්‍රශ්ණය ගැන කතා නොකර කරන ජාතිකවාදී දේශපාලනය තමයි ඒක. (දකුණේ දේශපාලනය වගේමයි) ඒකට විකල්ප මතයක් හදන්න උතුරේ විකල්ප දේශපාලනය ශක්තිමත් නෑ. වාලම්පුරී, උදයන් වලින් සංවිධානය වෙන උතුරේ දේශපාලන මතයට විකල්ප අදහසක් ඇති කරන්න දකුණේ වගේ විකල්ප පුවත්පත් වත් එහේ නැහැ.

මේවා විකාර

මම මේක ලිව්වේ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලන්න නෙවෙයි. හිතන්නේ කොහොමද ජාත්‍යන්තර පරීක්ෂණෙත් මේකට විසඳුමක් වේවි කියලා.


විකාර…

මේ දේශපාලනය නෙවෙයි… මේක බොරුවක්…. දැන් දේශපාලනයේ සිද්ධවෙන නොයෙකුත් සංවාද අනිවාර්යයෙන් අවශ්‍යයයි තමයි. (ව්‍යවස්ථා වෙනස්කම්, සංහිඳියාව, සත්‍ය සෙවීම වගේ ඒවා) ඒත් ලංකාවේ ඒ අත්‍යාවශ්‍ය සංවාද වෙනුවට ඇත්තටම සිද්ධ වෙන්නේ බොරුවක් කියලයි පෙනෙන්නේ…
මිනිසුනි!! මේ බොරුව ඇතුළේ අප කළ යුත්තේ කුමක්ද?

http://uduwaage.blogspot.co.uk/2015/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල