කාලීන සංවාද

අමතක වූ ලොවක ඉඳන්… මතක පොතේ පිටු පෙරලන්නම්! – Parochialism in a global village!

Off

මා යලිත් යනවා අර කලින් සටහනක ප්‍රතිචාරයක අජිත් කියපු කතාවට. එනම්, වැඩ නොකරන මිනිසුන් කොහොමද වැඩ කරන මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියන එක. මේක සිනමා පටයක් හදපු නැති මිනිහෙක් කොහොමද සිනමා විචාරය කරන්නේ කියන එක වගේ නොවේ. එතැනදී දෙදෙනා කරන්නේ වෙනස් දෙයක්. කිසිදා පීනපු නැති මිනිහෙක්, තවකෙකුට පීනන්න කියල දෙනවා වගේ වැඩක් තමා අජිත් කියන්නේ. මේ වගේ මිනිසුන් වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී ඉඳපු හින්ද විතරක් නොවේ, කිසිදා වැඩ නොකර වැඩකරන්නේ කොහොමද කියල උපදෙස් දීම නිසාත්, සමාජයට කරන්නේ අනර්ථයක් මයි.

මේ සටහන ඇට්ටකුණා වෙච්ච මිනිසුන්ට නොවේ. එයිට වඩා වයසින් අඩු මල්ලිලාටයි, නංගිලාටයි. මේ තියෙන්නේ පසුගියදා පැවති ලංකාන්ණ්ඩුවේ රැකියා ලාභී උපාධිධාරීන්ගේ උද්ගෝෂණයක දී කියවුන කරුණු දෙකක්. එකක් තමා ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය නැවත පිහිටුවන්න කියන එක. මොකද ඔවුන්ට සමහර වෙලාවට වෘත්තීය ගරුත්වයක් නොමැති “ලිපිකරුවන්ට, කම්කරුවන්ට, මුදල් අයකැමිවරුන්ට අයත් රාජකාරිවල” නියැලෙන්නට සිදු වන නිසා.

දෙවෙනි කරුණ තමා ඔවුන්ට “උපාධිධාරීන් බඳවා ගැනීමේදී වසර තුනක් ඇතුළත කාර්යක්ෂමතා කඩඉම සමත් නොවන්නේ නම් රැකියාවෙන් ඉවත් කිරීමේ කොන්දේසියක් පනවා ඇති අතර එම කෝදේසිය ඉවත් කළයුතු බව“.

ලංකාවේදී මා කළ අවසාන රැකියාවේදී දිනක් මා පොඩි වැඩමුළුවක් සංවිධානය කෙරුවා. හත් අට දෙනෙකුට. මේකෙදි ටිකක් කම්කරු ශ්‍රමය එනම් කායික මැදිහත් වීම අවශ්‍ය වෙනවා. අපේ ආයතනය හරිම කුඩා එකක්. ඔය තේ හදන්න, කඩේ යන්න වගේ වැඩ වලට හිටියේ කෙසඟ වයසින් වැඩි මනුස්සයෙක්. එයාට ලොකු ශාරීරික ශ්‍රමයක් අවශ්‍ය වන වැඩක් කරන්න බැහැ.

වැඩමුළුව දවසේ අපේ කුඩා ආයතනයේ ලොක්කා තව ආයතන එකතුවක පොඩි සාකච්ඡාවක් යොදාගෙන තිබුණා. මගේ වැඩමුළුවේ සංවිධායක, දේශක හා කම්කරුවා වුණේ මමමයි. මා දාඩිය පෙරාගෙන මොකක් හෝ කරන විට එය ලොක්කට හා ඔහු සමග සිටි අනික් අයටත් පෙනුණා.

පසුවෙනිදා ලොක්කා මට “ආදරයෙන්” මෙහෙම කියුවා. රයිගම්, ඔය වගේ වැඩමුළු වලදී කම්කරු වැඩ වලට ප්‍රතිපාදන තියනවනේ, ඉදිරියේදී ඒ වගේ දේවල් වලට කෙනෙක් හොයා ගන්න කියා.

මා අද ජිවත් වන පරිසරයේ වැඩ කෙරෙන්නේ කොහොමද කියා මා ලියන්නේ නැහැ. නමුත් මුලින් රජයේ රැකියා දියව් කියා උද්ගෝෂණය කර, එසේ කෘතීමව උත්පාදනය කරපු රැකියා ලබා දුන් පසු, කරන්නට තියන රාජකාරි කරන්නේ නැතුව, “වෘත්තියේ ගරුත්වයක්” ඉල්ලීම මට නම් දනවන්නේ විමතියක්. දැන් මේ කියන්නේ අපට නිකම් පුටු රත් කරන්න දෙන්න කියලද?

මට විමතියක් දනවන අනෙක් කරුණ තමා කාර්යක්ෂමතා කඩයිම් විභාගය ඉවත් කරන්න කියා ඉල්ලීම. මේ කියන්නේ කෙනෙක් කොතරම් අකාර්යක්ෂම වුවත්, අඩෝ මාව තියා ගනින් කියන එක නේද?

මට නම් වැඩට ගිය පසු කරන්න වැඩක් තියනවා නම්, එය මට සතුටට කාරණයක්. එකක් තමා වැඩක් නැතිය කියන්නේ මගේ රස්සාව අවදානම් කියන එක. මොකද වැඩක් නැති නම් මොකටද කෙනෙක් මට පඩි ගෙවන්නේ. අනික නිකම් කම්මැලි කමට පුටුවක් රත්කර ගෙදර එන්න මට ආසාවක් නැහැ. වැඩ කිරීම නිසා නිවාඩු ගැනීමේ, සති අන්තය ගත කිරීමේ “විනෝද ජනක අවස්ථාව” මට ලැබෙනවා. හිතා බලන්න සියලු දවස් එක වගේ වුනොත් කොතරම් කම්මැලි ද කියා.

දැන් එමු මා කියන්න හදන දෙයට. තරුණ වයස කියන්නේ කුසලතා ලබා ගන්න විතරක් නොවේ, ඒ සඳහා තමන්ගේ අතින් වියදම් කරන්නත් වෙන කාලයක් නොවේ. හැම විටම එහෙම නැහැ තමා. සමහරවිට බදාම අනන්න, තේ හදන්න හා තවත් දේවල් කරන්න වෙනවා. හැබැයි මේ කාලය පසු කරපුවහම එන අනික් කාල (අනික් කාල ගන්නත් අතේ සල්ලි තියෙන්න ඕනේ) ඔයිට අමාරුයි.

ඕක නොවේ මගේ කතාව. නොමිලයේ ඔබට ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා නම්, එහි උපරිම ප්‍රයෝජනය ගන්න. පාසලේදී ඉංගිරිසි හරියට ඉගැන්වුයේ නැත්නම් තනිවම ඉගෙන ගන්න බලන්න. ඉගෙනීමට තියන වෙනත් අවස්ථා ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම ලංකාව වැනි රටක ඉන්නවා නම්, අපේ ජනගහණය අනුවත්, මේ යන විදිහටත්, උපදින සියලු දෙනාට රැකියා ජනනය බොහෝ අසීරුයි. ඒ නිසා විශ්ව ගම්මානය ගැනත් අවධානය යොමු කරන එක හොඳ දෙයක්. මේ සියල්ලට වඩා කුසලතා විතරක් නොවේ, තමන්ගේ ආකල්ප කියන ඒවාත් වැඩ කිරීමේදී ගොඩක් උදව් වෙන වග නම් අමතක කරන්න එපා.

කලින් මා ලියා ඇති මේ සටහනත්, එහි යටින් ඇති ප්‍රතිචාරත් කියවන්න

මොනාද මල්ලි මේ අහන දේශපාලන සාකච්ඡා? කරකවන්නකෝ ඕක කොමර්ෂල් සර්විස් එකකට!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල