“සේරා , තව එක රවුමයි , අපි රෑ වෙන්න ඉස්සර වෙලා කොටේජ් එකට යන්න ඕනේ“
“ඕකේ …ඩැඩී ….මෙ රවුමයි තව එකායි “ තාත්ත ගාවින් විදුලියක් වගේ වේගෙන් ලිස්සලා ගිය සේරා පස්සෙන් ඇගේ මල්ලි බ්‍රයන් ටිකක් දුර ගියත් , වෙනද වගේ නෙවි අද ටිකක් කම්මැලි හන්ද ආයෙත් ආව තාත්ත ගාවට ,
“ඩැඩී , මේ අර ඈත තියෙන කන්ද මුදුනේ ෆෝටෝ එකක් අරන් දෙන්නකෝ , අර අර වලාකුලෙන් වැහෙන්න හදන්නේ , ම් ම් .. පෝඩ්ඩක් ඉන්ට , අපි වලාකුලෙන් බාගයක් කන්ද වහගත්තම ගමු , මගේ ස්කූල් ප්‍රොජෙක්ට් එකට කියාපු පිංතූරෙ “
කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේ විඳිමින් තාත්ත , ස්ටීවන් මහත්මයා වටපිටාවෙ ලස්සන කැමරාවට ඇතුළු/ කරගන්නවා , ස්ටීවන් මහත්මිය පොඩි කෙල්ල කාළෙ ආසාවෙන් කරපු “ෆිගර් ස්කේටින්“ ආයෙත් කරන්න පටන් අරගෙන.
“ඩැඩී …මේ ලාස්ට් එක ……“
අඳුරත් එක්ක මීදුමින් වැහීගෙන එන කඳුබෑවුම දිගේ හිම මතින් ලිස්සා යන සේරා මහ හඬින් කෑගහනවා .
උත්තර දෙන්න තියා , ඇහි පිය ගහන මොහොතක් ගියා පමණයි …
“දඩාස් ….“
ලොකු හඬක් !
“බ්‍රයන් ! , මොකක්ද උනේ ?“ කැමරාවට ඇහැ තියාගෙන හිටපු ස්ටීවන් මහත්තයා කළබලෙන් ,
“ස්ටීවන් ! මොකක්ද ඒ ? , කෝ සැලී ….කෝ සැළී “ ඈත හිටපු ස්ටීවන් මහත්මියත් …
“ඩැඩී , මට හිතෙන්නෙ අක්ක ලිස්සල ගියා , අනේ …ඉක්මනට ..යං “ බ්‍රයන් වගේම කවුරුත් කළබල වෙලා …
අම්මත් , තාත්තත් , පුතත් ඇඟේ එල්ලගෙන හිටි කඳ මළු විසි කරලා සීතල හිම තට්ටුව මතින්ම ලිස්සල ගියා ඉදිරියට ,
කිසිවෙක් පේන්න නැහැ , ඇත්තටම අඳුරත් එක්ක පෙන්නෙත් නැහැ ….
වේගය , සතුට , සීතල ….?????? (පිංතූරය www.si.com)
“ඩැඩී ..අර අර … අක්ක නේද අර කන්ද පල්ලමේ ගස් දෙකක් අතරේ හිර වෙලා ?‘‘ බ්‍රයන් කෑගැහුවා ..
“අනේ ස්ටීව් , ඔව් ඒ දුව , අනේ ඉක්මණට “
ස්කියිං කළ කඳු බෑවුමින් වම් පැත්තට වන්නට ඇති ප්‍රපාතයේ අඩි සීයක් විතර පල්ලෙහා ගස් දෙකක් අතරේ සුදු පාට හිම මත මොකක්දෝ සෙළවෙනවා , පෙනුනත් , මිදූමත් එක්ක කිසිම දෙයක් පැහැදිලි නැහැ
“ඩැඩී , ඒ අක්ක තමයි මේ අක්කගේ ස්කි හෙල්මට් එක අර අත්තේ පටලැවිලා , අනේ ඉක්මණට “
ස්ටීවන් මහත්තයාට කරන්න පුළුවන් එකම දේ 911 කතා කරල උදව් ගන්න එක විතරයි , තිබෙන තත්ත්වය එක්ක පහලට බසින්න , උදව් කරන්න කිසිම හැකියාවක් නැහැ , අම්ම , පුතාව තුරුළු කරගෙන හඬත්දි ස්ටීවන් මහත්තයා 911 කෝල් කළා .
——————————————————————————————–
“බයවෙන්න එපා අම්මේ , ඔයාට මුකුත් වෙන්නේ නෑ , අපේ තාත්ත ඔයාව කොහොම හරි සනීප කරල දේවි “ අද දවසේ වෛද්‍ය පරික්ෂණයට ගිහින් ඇවිත් , පුංචි පැටවු ටික බදාගෙන හඬන මේ අම්මව සනසන්න පවුලේ හැමෝම උත්සාහ කරනවා ,
හදවත මියෙන ඇය (පිංතුරය enfieldmail.co.uk)
“ඒ වුනාට පුතේ , මම තව සති දෙක තුනකට වඩා ඉන්න එකක් නැහැ කියල තමයි අද ඩොක්ටර් කිවේ , මම දන්නව තාත්ත පුළුවන් හැම දේම කළා , ඒත් මගේ හාර්ට් එක දැන් හුඟක් දුර්වලයි පුතේ “ අම්මගේ ඇස් දෙකෙන් බේරෙන කඳුළු ඇඟිල්ලෙන් පිහිදාන පුංචි පුතාගෙ ඔළුව අත ගාන ඇය නමින් ස්ටෙලා , වයස අවුරුදු තිස් දෙකක් විතර , දෙවැනි දරුව ලැබෙන්නට සිටි කාළෙ හදවතේ සිදුවනු වෙනසක් නිසා අද ඇය “හදවත් අකරණියකටHeart failure “ ලක් වෙලා , වෛද්‍යවරුන් කියන විදයට තවත් ජීවත් වන්නට ඉඩ ඇත්තේ සති කිහිපයක්ම පමණයි .
පැටවු ටික එක්ක තුරුළු වෙලා හඬපු ටිකම ඇති ඇයට හරි වෙහෙසයි , පැටවු ටිකත් තුරුල්ලෙම තියාගෙන ඇය නින්දට ගියා .
ස්ටෙලා ගේ සැමියා දුරකථය සහ අන්තර්ජාලය පුරා “හදවතක් “ සොයනවා ඇයට , ඇයට ගැලපෙන හදවතක් ලැබුනොත් මේ සති දෙක ඇතුලත “ඇයට ආයෙත් ජීවත් වන්නට “ වරම් හිමිවීමට ගොඩක් ඉඩ තිබෙනවා. දිවා රෑ නොබලා ඔහු මේ වෙහෙසෙන්නේ ඒ ගැලපෙන හදවත සොයාගන්නට තම ආදරවන්තිය රැක ගන්නට .
————————————————————————————–
“ඩොක්ටර් , කොහොමද මගේ කෙල්ලට , …අනේක ඉක්මණට කියන්න ඩොක්ටර් “ ශල්‍යාගාරය දොර මෑත් කරගෙන එන කොළ පාට ඇදුමක් ඇඟලා ගෙන දොස්තර මහත්තයා ආව ස්ටීවන් පවුල ළඟටම ..
“මම ෆර්නෑන්ඩස් , මම තමයි ඔබේ දුවගේ අස්ථි වලට වෙලා තිබෙන අනතුරු වලට අදාල ශල්‍යකර්මය කළේ , හිසෙ ඇට, උරහිස් ඇට , කකුලේ අස්ථී කොන්දේ අස්ථි ගණනාවකට හුඟාක් බරපතල මට්ටමේ තුවාල වෙලා , ඉන් බොහොමයක් අප නිවැරදි කළා“
“ඒ කියන්නේ මගේ දුවට ලොකු කරදරයක් නැහැ නේ ? ….“ ස්ටීවන් මහත්තයා කතාව ඉවර කරන්නත් ඉස්සර මැදට පැන්නෙ මූනේ පුංචි හිනාවකුත් එක්ක …
“උරහිස් ඇට කැඩල නං කාළයක් යනකං එයාට ආයෙ වොලිබෝල් ගහන්න බැරි වේවි නේ? එයාගේ ජීවිතේ වගේ තමා වොලිබෝල්‘‘ ස්ටීවන් මහත්මියත් පොඩි සතුටක් එක්ක කළබලෙන් කියවනවා .
‘‘නැහැ මට තවම ඒගැන කියන්න බැහැ , මොකද මේ වෙනකොටත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා බොහොම සංකීර්ණ ශල්‍යකර්මයක් කරනවා , ඒ මත තමා සියල්ල රැඳෙන්නෙ , නමුත් ඔබට යම් පීඩාකාරි පණිවිඩයක් වුනත් ලැබෙන්නට ඉඩ තිබෙනවා , සූදානම්ව ඉන්න එය බාරගන්න , තවත් යමක් දැන ගන්නට ඕන වුනෙත් 14C කාමරේ මම ඉන්නේ “ අස්ථි බිඳුම් සම්බන්ධව කටයුතු කළ ශල්‍ය වෛද්‍යවරයා ස්ටීවන් පවුලට “යම්කිසි අවදානමක ඉඟියක්“ දීල යන්නට ගියා.
විනාඩි , පැය වලට පෙරළුනා , පුතත් අම්මත් තාත්තත් ශල්‍යගාරය ඉස්සරහම තියෙන පුටුවල ඇඟේ බර දීල හිතේ මහ බරක් දරාගෙන බලා උන්නා,
————————————————————————————
දින ගණනක් ගෙවිලා ගියා , දවසේ වැඩි වෙලාවක්ම නින්දේ ඉන්න ස්ටෙලාට වගේම දරුව පැටවුන්ටත් කෑම බීම හදලා දීලා ඔහු තවමත් “හදවතක්“ සොයන මෙහෙයුමේ .
ටිං ටිං ටිං …. තවත් ඊමේල් එකක් , දවස පුරාම සංවේගය පළ කරලා , උදව් දෙන්නට කැමැත්ත පළකරලා එන ඊමේල් කියවල ඔහුට ඇති වෙලා , කමක් නෑ මෙකත් බලමු ඔහු අළුතෙන්ම ආපු විද්‍යුත් පණිවිඩය විවෘත කළා .
ගැලපෙන හදවතක්
මොනවා , ඇයට ගැලපෙන හදවතක් තිබෙනවා , ඔවු “ඔයාට ගැලපෙන හදවතක් තියෙන්වා ස්ටෙලා “ ඔහුට කෑගැහුනා .
“අනේ , මට ගැලපෙන හදවතක් ?“ ඇය වෙහෙසබරව සිටියත් අළුත් පණකින් ඇහුව ..
“ඔව් අවුරුද දහතුනක දුවෙක් , එයා ස්කියිං කරත්දි අනතුරක් වෙලා , මොළය මිය ගිහින් , දැන් වෙන්ටිලේටර් එකට හයි කරල ඉන්නෙ , ඒ දරුවගේ අම්ම තාත්ත කැමතියිලු දරුවගේ අවයව අවශ්‍ය අයෙකුට දෙන්න , “ ඊමේල් පණිවිඩේ උඩින් පල්ලෙන් වගේ කියවනු ඔහුගේ මුහුණේ සතුට පිරිලා ඉතිරිලා , මේ අපට ඒ අම්ම තාත්ත එක්ක කතා කරන්න පුළුවන් , ඔයා ඔහොමම , ඉන්න මම කතා කරල ඔයාට දෙන්නම් “
———————————————————————————-
“ස්ටීවන් , මේ දැං කතා කළේ අර ෆැමිලි එක , අපේ දුවගේ හදවත බද්ධ කරන්න පුළුවන් කියන , ස්ටෙලා කියන නර්ස් නෝනගේ මහත්තයා , එයාට පොඩි දරුවොත් ඉන්නව , මට ඇහුනා ෆෝන් එකෙන් ඒ පැටවුන්ගේ සන්තෝසේ , මගේ හිතට පුංචි සැහැල්ලුවක් දැනෙනවා ස්ටීව් , “ , ස්ටීවන් මහත්මිය දුරකථනව පැත්තකින් තියන ගමන් .
“ඒක හොඳයි , අපේ දුවට ඕන උනෙත් හැමදාම කාට හරි උදව් කරන්න , දැන් එයා තවත් කෙනෙක්ගේ ජීවිතයට , අළුත් ජීවිතයක් දෙන්න වාසනාවන්ත වෙලා , එයා අපි ගාව නොරඳවා දෙවියන් ළඟට ගත්තත් තවත් කීදෙනෙකුට අළුත් ජීවිතයක් දුන්නද ? “
——————————————————————————-
සතියක් ඇතුලත අවශ්‍ය සියළු පරික්ෂණ කෙරැණා, සියල්ල සාර්ථකයි සේරාගේ හදවත , ස්ටෙලාට බද්ධ කරන දවස .
“එහෙම නම් මිස්ටර් ස්ටීවන් , අපි අද සේරාගේ හදවත , ස්ටෙලාට බද්ධකරන්න හදන්නෙ , මම දන්නවා මේක කෙනෙකුට දරන්න පුළුවන් උපරිම වේදනාවක් කියලා , ඒත් හිතන්න මොළය මිය ගිය ඔබේ දරුව නිසා තවත් දරුවන් ඉන්න අම්ම කෙනෙක් අද “ආයෙත් උපදිනවා“ ඒ ගැන හිතුවොත් සේරා වෙනුවෙන් සතුටක් හිතට ගන්න පුළුවන් නේද?“ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ස්ටීවන් මහත්තයගේ අත අල්ලගෙනම කියනවා
——————————————————————————-
සති මාස වලට පෙරළුනා , දැන් ගිම්හානය , හරිම උණුසුම් ..
“ස්ටීවන් , මට දුව බලන්න යන්න ඕන ස්ටීව් , “ සටිවන් මහත්මිය උදේ තේ කෝප්පය බොන ගමන් .
“දුව ! “ ස්ටීවන් මහත්තයගේ ඇස් ලොකු වුනා ,
“ඔව් ස්ටෙලාගේ හදවත , මගේ දුවගේ , මට එයා බලන්න ඕන“ කඳුළු පුරවගෙන ඈත බලාගෙන කියවන අම්ම දිහා බලාගෙන හිටි බ්‍රයන් , “තවම ස්ටෙලා රෙස්ට් කරනව නේද මමී , මං හිතන්නේ ලබන සතියෙන් පස්සෙ අපි ගියා නම් තමා හොඳ “ .
“කමක් නැහැ පුතේ , අම්ම කියන කතාව ඇත්ත , අපි යමු අද“
පැය හතරක ගමනට සූදානම් වුනා හැමෝම , ගිම්හානයේ උණුසුමින් පණ ගැණුනු , කොළ පාට තුරු වදුළු අතරින් අධිවේගයට ගොඩවුනා තිදෙනා රැගත් රථය ..
——————————————————————————
ටිං ටිං …ටිං ටිං ….
“ස්ටෙලා , පුතාට කියන්න දොර අරින්න කියලා මං හිතන්නේ ස්ටීවන් මහත්තයලා වෙන්න ඕන , මම විනාඩියෙන් එන්නම් මේ ඔම්ලට් එක දාල“ ජිම් , ඒ කිව්වෙ ස්ටෙලාගේ මහත්තයා කුස්සියෙ ඉඳන්ම මොර දෙනවා ,
පුංචි පුතා දොර ඇරියා ,
“හායි ස්වීටි කොහොමද ඔයාට “ වයසින් අවුරුද්දක් විතර පුංචි කොළු පැටියා බදා ගත්ත ස්ටීවන් නෝනාට සේරා පුංචි කාළෙ මතක් වුනා , ඇහැට කඳුළක් ආවත් ඒ එක්කම මොකක්දෝ සතුටකුත් හිතට ඇතුළු වුනා . ගත වුනා තත්තපර විනාඩි , හැමෝම වගේ සතුටින්
ස්ටීවන් පවුලයි , ස්ටෙලාගේ පවුලේ උදවියයි සතුටු සාමීචියේ , උණුසුම් කොපි කොප්ප කිහිපයක් දුම් දමමින් ,ඒ අතරේ බ්‍රයන් , පොඩි මල්ලියි නංගියි එක්ක සෙල්ලම .
ස්ටෙලා මොහොතකට නැගිටලා ගියා සාමීචියෙන් , හැමෝම ලොකු කතාබහක ,
මොහොතකින් ඇය එනවා ඇගේ රාජකාරි ස්ටෙතස්කෝප් (වෙද නලාව) එකත් අරගෙන ,
“මෙ මගේ ස්ටෙත් එක , මෙන්න මෙහෙම ඔයාගේ කණට මේ ඉයර් පීස් එක ඇතුළු කරන්නකෝ “ ස්ටෙලා , ස්ටීවන් මහත්මියට වෙද නලාවේ කණට සම්බන්ධ වන කොටස යොමු කළා .
“දැන් හොඳට අහගෙන ඉන්න , ……“ ස්ටෙලා , වෙද නලාවේ අනෙක් කෙළවර ඇඟේ පපුවට උඩින් තිබ්බ .
“මේ …දැං …ඔයාට ඇහෙනවද සේරා ගේ හඬ ස්ටීවන් නෝනා “ ස්ටෙලා කඳුළු පුරවගෙන ..
“ඔය ඇහෙන හදවතේ හඬ ඔයාගේ දුවගේ හදවත , වයස අවුරදු දහතුනක් වුනු ඔයාගේ දුවගේ ශක්තිමත් හදවතේ හඬතමා ඔය ඇහෙන්නේ, ඇය මා ඇතුලේ තාමත් ජීවත් වෙනවා ස්ටෙලා නෝනා “ ස්ටෙලාට ඉකිබිඳුනා , ඒ ඉකිබිඳුම පවුල් දෙකේ හැමෝගෙම තිබුණු දුක් සතුට මුසුවුනු අමුතුම හැඟීමක් වෙලා දෝරේ ගලා ගියේ , දෙව්ලොව ඉඳන් එදෙස බලා සිටි සේරා ගේ හිතට පුංචි සැහැල්ලුවක් එක් කරමින් .
————————————————————————
මේ කතාව ඔස්සේ අද මට ඔබ වෙතට ගෙනඑන්නට අදහස් කළේ , අවයව දන්දීම , එහෙම නැත්නම් Oragan Donation කියන කරුණේ ඇති වැදගත්කම. මිය ගියාට පස්සේ ලොකු වියදමක් කරල වලකට දාන එකහරි , ඊටත් වියදමක් කරල පුච්චල විනාස කරල දාන අපේ සිරුරෙ තිබෙන බොහෝ පටක අවයව දන්දෙන්නට පුළුවන් ,ඇස් , වකුගඩු , සම , පෙනහළු , අස්ථි …… තවත් සෑහෙන පටක ප්‍රමාණයක් දන්දෙන්නට පුළුවන් . එහෙම පරිත්‍යාග කරන අවයව , එවන් අවයව දුර්වල වීම නිසා මරණයේ අපේක්ෂවෙන් බලා ඉන්න තවත් කෙනෙක්ට “අළුත් ජීවිතයක් “ දෙන්නට සමත් මිල කළ නොහැකි වස්තුවක් .
හිතල බලන්න මේ කතාවේ , සේරා ගේ මොළය මිය ගියාට පස්සෙ ඇගේ හදවත , ස්ටෙලාට පරිත්‍යාග කරන්න අකමැති වුනා නම් මොකද වෙන්නෙ ? එහෙම නම් දින කිහිපයකට පස්සෙ සේරා , කෘතිම පෙනහළු යන්ත්‍රෙයන් (වෙන්ටිලේටර්) ඉවත් කරාවි , ඊළඟ දවසේ ඇය තවත් මෘත ශරීරයක් විදියට පස් යට වැලලේවි , ඒ අතරේම ගැලපෙන හදවතක් නොමැති කමින් ස්ටෙලාටත් ජීවිතය හැර යන්නට වේවි , ඇගේ දරුවන් “අම්මා නැති “ සොවින් මුළු ජීවිතයේද විඳවාවි .
ඔබටත් පුළුවන් ඔබේ අවයව දන්දෙන්නට , ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා අක්ෂීදාන සංගමය ඔස්සේ මේ කටයුත්ත කරගන්නට පුළුවන් , එසේත් නැත්නම් බත්තරමුල්ලේ පිහිටි Kidney Transplant Support Foundation ඔස්සෙත් එය කරගන්නට පුළුවන් , නැත්නම් ඔබෙ රෝහලේ බාහිර රෝගී අංශයෙන් විමසුවත් බොහොම පහසුවෙන් එම සත්කාරයට දායක වන්නට පුළුවන් . හිතන්න , මැරණට පස්සෙ කුණූ වෙලා යන මේ සිරුරින් තවත් අයෙක් ජීවත් කරන්නට පුළුවන් නම් ? …
මේ මගේ “රතු සතුට“
ලංකාවේ ඉන්න දවස් වල ශ්‍රි ලංකා අක්ෂීදාන සංගමය ඔස්සේ මේ පරිත්‍යාගය කරන්නට එක් වෙලා හිටියත් , මේ රටට ආවට පස්සේ එම බැඳීම වෙනස් කරගන්නට වුනා . නමුත් මෙ රටවල රියදුරු බලපත එන ලියුම් කවරෙම Organ Donation Form එකත් තිබෙන නිසා හරිම ලේසියි , ඒ විදියට “පරිත්‍යාගය කරන්නට කැමැත්ත පළකළාම“ , Health card එක මත අලවල රතුපාට පුංචි ස්ටිකරයකින් “මම අවයව පරිත්යාගට කැමැත්තෙක්“ බව පෙන්වනවා , ඒ “රතුපාට සළකුණ “ මා මිය ගියාට පසුව වුවත් නාස්ති නොවන බවට විශ්වාසයක් මට ඇති කරනවා . එය සතුටක් ! මිල නොකළ හැකි සතුටක් !
ඔබේ අවයව දන් දෙන්නට කැමැත්තක් ඇත්නම් පහත තිබෙන ලිංක් ඔබට ප්රායෝජනවත් වේවි ,
ශ්‍රී ලංකා අක්ෂීදාන සංගමය
http://www.eyedonation.slt.lk/index.html
Kidney Transplant Support Foundation ඔස්සේ එය කරනවා නම් එම පෝරමය පහත ලිංක් එකෙන් එය ගන්නට පුළුවන් ,
https://www.facebook.com/idonatelifesrilanka/photos/a.795079057245435.1073741829.795028163917191/795079523912055/?type=3&theater
ඔබේ මුළු දේහයම වෛද්‍ය විද්‍යාය වෙත පරිත්‍යාග කරනවා නම් ඒ පිළීබඳ තොරතුරු (මෙම පරිත්‍යාගය වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් භාවිත කරයි)
http://infolanka.com/org/anatomy/donate.html
තවත් මේ ආශ්‍රිතව දැන ගත යුතු බෙදා ගත යුතු යමක් ඇත්නම් සටහන් තබන්නට ඔබට ආරාධනා කරමින් සමුගනිමි , තවත් ලිපියකින් හමුවන අපේක්ෂාවෙන් .
මේ කතාවේ නම් ගම් වෙනස් වුනත් , ඒ සිදුවීමේ සත්‍ය කතාවේ වීඩියෝව මේ නරඹන්න , (වීඩියෝව සොයා ගත්තෙ abc news ඔස්සේ)
Related Posts
-
October 28, 2019 -
August 23, 2019 මන්ත්‍රීවරුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද ?
-
August 22, 2019 කේෂාප් ගෝඨා සහ අපේ නිවටකම්
-
August 21, 2019 අතීතයෙන් අනාගතයට
-
August 21, 2019 ජවිපේ අරමුණ කුමක්ද…? එය ඉටුවේද…?
-
July 25, 2019 ලී ක්වාන් යූ මිථ්‍යාව
Categories
- ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල (21)
- අතීතකාමය (154)
- අධ්‍යාපනික (142)
- ඉතිහාසය (83)
- ක්‍රීඩා (1)
- කාලීන සංවාද (787)
- කෙටි කථා (156)
- දේශපාලන (109)
- නව ව්‍යවස්ථාව (12)
- පරිවර්තන (9)
- ප්‍රහසන (80)
- බ්ලොග් නවකතා (8)
- විචාර (90)
- විද්‍යා ප්‍රබන්ධ (20)
- විද්‍යා හා තාක්ෂණ (63)
- විවිධාංග (120)
- විශේෂ (313)
- සංගීතය (61)
- සංචාරක හා ඡායාරුප (47)
- සඳැස් / නිසඳැස් (341)
- සාහිත්‍ය කළා විචාර (317)
- හයිකු හා කෙටි කවි (51)
Video wall
‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල
සින්ඩි
Archives
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- January 2018
- December 2017
- November 2017
- October 2017
- September 2017
- August 2017
- July 2017
- June 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016
- June 2016
- May 2016
- April 2016
- March 2016
- February 2016
- January 2016
- December 2015
- November 2015
- October 2015
- September 2015
- August 2015
- July 2015
- June 2015
- May 2015
- April 2015
- March 2015
- February 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- August 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- March 2013
- November 2011
- December 201
News Papers
News Sites
- 3mana
- Aadaderana
- Asian Tribune
- DBS
- Ground Views
- Hiru News
- Human Rights Asia
- JDS Lanka
- Kathika
- Pathula
- Lanka Truth
- Lankapuvath
- Meepura
- Neth FM
- News First
- Randora
- Sandeshaya
- Sannasa
- Sri Lanka Brief
- Sri Lanka Campaign
- Sri Lanka Guardian
- Sri Lanka Mirror
- Tamil Guardian
- Vikalpa
- Vimasuma
- Defence.lk
- Lanka Web
- LankaPage
- LankatNews
- Asian Tribune
- Lanka Standard
- Lanka Business
- News.lk
- Colombo Gazette
- Lanka Herald
- Tamil World Today
- ELankanews
- Colombo Mirror
- Thathu
- News of Colombo
- The Radio ceylon
- Tamil Diplomat
- Samakalam