කාලීන සංවාද, විශේෂ

සතපහකින් කළ හැකි දේ…

Off

උඩ රූපයේ ඇත්තේ ඇමරිකාවේ භාවිතා වෙන සතපහේ කාසියක දෙපැත්තයි. එය ව්‍යක්ත ව්‍යවහාරයේදීද සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ‘නිකල්’ යනුවෙනි. රටක කාසි එය නිපදවා ඇති ලෝහය අනුව හඳුන්වනු ලැබීම ජනප්‍රිය භාවිතාවකි. කෙසේවුවද, ඇමරිකන් සතපහේ කාසිය නිමවා ඇත්තේ තනිකරම නිකල් වලින් නොවේ. එහි සංයුතියෙන් හතරෙන් තුනක් තඹ වන අතර ඉතිරි හතරෙන් එක නිකල්ය. රිදී පැහැයක් ගන්නා මේ මිශ්‍ර ලෝහය (alloy) කුප්‍රෝනිකල් (cupro-nickel) ලෙස හැඳින්වේ. ඇතැම් විට චීන රිදී හා ජර්මන් රිදී ලෙසද මේ මිශ්‍ර ලෝහය හැඳින්වේ.

ඇමරිකාව තුළදී ව්‍යක්ත ව්‍යවහාරයේදී නිකල් (Nickel) යන වචනයෙන් අදාල ලෝහය හෝ සතපහේ කාසිය හැඳින්වුනද, අව්‍යක්ත ව්‍යවහාරයේදී (slang) මේ වචනයට තවත් තේරුම් තිබේ. ඇතැම් විට මේ වචනයෙන් අදහස් වන්නේ අඩුම මිලකට ලබා ගතහැකි නීති විරෝධී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයකි. තවත් විටක මේ වචනයෙන් වසර පහක සිර දඬුවමක් අදහස් කෙරේ.

ඩොලර් පනස්පන්දහස ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් ඇති ඇමරිකාවේ වැසියෙකුට නිකල් එකක් ලොකු මුදලක් නොවේ. එහෙත්, ඇමරිකාව තුළදී නිකල් එකකට පමණක් නොව සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘පෙනී’ ලෙස හඳුන්වන සතයේ කාසියකට වුවද වටිනාකමක් තිබේ. ඇමරිකාව තුළදී ඩොලර් දහයක නෝට්ට්ටුක් දී ඩොලර් 9.99ක් වටිනා භාණ්ඩයක් මිලදී ගතහොත් ඉතිරි සතය කිසිවිටක නොලැබී නොයයි. එමෙන්ම මේ සතය ඉල්ලා සිටි විට ඇතැම් රටවල වෙනවාක් මෙන් කඩේ මුදලාලි විසින් පාරිභෝගිකයාට දෙකක් ඇණ එළියට ඇද දැමීමනම් කිසිවිටක සිදු නොවේ. ඇත්තටම එය ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් වුවද කිසිවිටෙක ඇති නොවේ. මෙය වෙනත් බටහිර රටවලටද පොදු දෙයකි.

සතෙන් සතය හෝ සතපහෙන් සතපහ එකතු කර ඩොලරයක් හදනවාට අමතරව ඇමරිකන් සතපහකින් ගතහැකි වැඩක් තිබේද? ඇත්තටම තිබේ.

තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් කාර්යක්‍ෂමතාව ඉහළ නංවන ඇමරිකන් ආර්ථික ක්‍රමයත්, තාක්ෂණයේ දියුණුවත් හේතුවෙන් සතපහකට ඉතා හොඳ තත්ත්වයේ ඇති, භාවිතා කළ පොත් පහක් එකක් සතය බැගින් ඇමසන් වෙබ් අඩවියෙන් මිලදී ගැනීමට පුළුවන. කෙසේ වුවද, තැපැල් ගාස්තුව ලෙස ඩොලර් 3.99ක් ගෙවීමට සිදුවන බැවින් මේ පොතක් නිවසට ගෙන්වා ගැනීමට යන මුළුවියදම ඩොලර් හතරක් වෙයි. පහතින් ඇත්තේ පසුගිය දෙසතිය තුළ එසේ ඇමසන් වෙබ් අඩවියෙන් සතය බැගින් ගෙවා මිලදී ගත හැකිව තිබුණු පොත් පහකි. තැපැල් ගාස්තු හැර, පොත් පහටම ගෙවිය යුත්තේ සතපහකි.

1. . Rich Dad Poor Dad – Robert Kiyosaki

2. Wave – Sonali Deraniyagala
3.Sofie’s World – Jostein Gaarder
4. Kon-Tiki: Across the Pacific in a RaftHeyerdahl, Thor
5. The Winds of Sinhala – De Silva, Colin
තෙල් මිල ඉතා අඩු මට්ටමක පවතින මේ දින වල ඇමරිකාව තුළ පෙට්‍රල් ගැලුමක් මිලදී ගැනීමට වැය වන්නේ ඩොලර් දෙකකට වඩා අඩු මුදලකි. පෙට්‍රල් ගැලුමකින් වාහනයක් කිලෝමීටර හතළිහක් පමණ ධාවනය කිරීම අසීරු කරුණක් නොවේ. මේ අනුව, මේ දිනවල සතපහක පැට්‍රල් වලින් කිලෝමීටරයක පමණ දුරක් මෝටර් රථයක් ධාවනය කරවිය හැකිය.

දැනට ඇමරිකන් ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 146ක් පමණ වේ. මේ අනුව, ඇමරිකන් සතපහක් රුපියල් 7.30ක් පමණ වේ. ලංකාවේදී රුපියල් 7.30කින් කළ හැක්කේ කුමක්ද?

මේ තියෙන්නේ ලංකාවේ සතපහේ කාසියකි. ලංකාවේ සතපහේ කාසියකින්නම් දැන් සතපහක වැඩක් නැත. ඒ වුණත්, මේ සතපහටත් කලකට පෙර ලොකු දේවල් කරන්නට පුළුවන් විය. සතපහ සතපහට වැටුණේ අපේ ආර්ථික ප්‍රතිපත්ති වලට පින් සිදුවන්නටය.

මේ තියෙන්නේ මෙසේ උජාරුවට සිට දැන් සතපහටම වැටී සිටින අපේ සතපහේ කතාවයි.

සතපහක උපත

http://economatta.blogspot.co.uk/2016/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල